උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
පහුගිය කොටස පටන් ගත්තේ විල් ගහෙන් පහළට බැස්සට පස්සේ, කට්ටියම රාත්‍රියට මුහුණ දීමට සූදානම් වන අවස්ථාවෙන්. රාත්‍රී කාලයේදී දඩයමේ යන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න නම් අනිවාර්යයෙන්ම ගින්දර අවශ්‍ය බව වෛද්‍ය ඇලෙක්ස් කෙනඩි (දොස්තර) හැමදෙනාටම කියනවා. ගින්දරක් දල්වා ගන්න වියළි දේවල් ඕනේ නිසා, හැමෝගෙන්ම සල්ලි, කඩදාසි වගේ දේවල් එකතු කරන දොස්තර මහත්තයා, ජිමී ළඟ තියන ගිනිපෙට්ටිය ගන්න ගිහිල්ලා පොඩි රණ්ඩුවකුත් ඇති කරගන්නවා. අවට පරිසරය සහ දර දැඩි ලෙස තෙත් වෙලා තියන නිසා මෙයාලට ගින්දර දල්වා ගන්න බැරිවෙනවා.
ගින්දර නැතුව කළුවරේ ඉන්න මෙයාලට බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. පියාගේ උරහිසේ ලොකු මකුළුවෙක් ඉන්නවා, කෙල්ල පණ යන්න බයවෙලා කෑගහනවා. තව ජගුවාර් සතෙක් මෙයාලා ඉන්න තැනට එනවා, මෙතනදි කණ්ඩායමේ හැමදෙනාම එකතු වෙලා මහා හයියෙන් කෑගහලයි සිංදු කියලයි මේ සතාව බය කරලා පන්නලා දානවා. මේ කලබලය අතරේ විල් ඈතින් ගිනිගොඩක් දකිනවා. මෙයාලා හැමෝම ගිනිගොඩ හොයාගෙන කැලේ මැදින් දුවගෙන යනකොට, අතරමඟදී කැලෑ ඌරන් රංචුවකටද මුහුණ දෙන්න සිද්ද වෙනවා සහ ගඟකින්ද එගොඩ වෙන්න මෙයාලට සිද්ද වෙනවා.
ගිනිගොඩ ළඟටම යන මෙයාලට යානයේ හිටපු තවත් නැතිවුණ මගියෙකු වන මාර්සෙල්ව හම්බවෙනවා. මෙතනදී කණ්ඩායමේ සියලු දෙනාම තම තමන්ව හඳුන්වා දෙනවා: පියා (ගායිකාවක්), මාර්සෙල් (මහාචාර්යවරයෙක්/ජීව විද්‍යාඥයෙක්), දොස්තර ඇලෙක්ස් (හෘද රෝග විශේෂඥයෙක්), ඇන්ඩෘ (ජීව විද්‍යා ගුරුවරයෙක්), කෙරන් (ගුවන් සේවිකාවක්), ජිම් (කාර්මිකයෙක්) සහ විල් (පාසල් සිසුවෙක්). තමන් දැනට සිටින්නේ ඇමසන් වනාන්තරයේ හරි මැද, කිසිම නගරයකට ළඟා වීමට නොහැකි "MOTFA" නම් ප්‍රදේශයක බව මාර්සෙල් මෙයාලට පැහැදිලි කරනවා. කැලෑවේ පණ බේරගෙන ජීවත් වෙලා ඉන්න නම් මාර්සෙල් මෙයාලට නීති මාලාවක් හඳුන්වා දෙනවා,
ඒ තමයි...
1. දරුණු ආදිවාසී ගෝත්‍රිකයන්ගෙන් ඈත්වෙලා ඉන්න එක.
2. ගමන් කරනකොට ගංගා වලට ආසන්නව ගමන් කරන එක.
3. රාත්‍රියට වඩා හැම දෙයක්ම දවල් කාලේ භයානක වෙන්න පුළුවන් නිසා මේ කාලයේදී ඉතා පරිස්සමින් ගමන් කරන එක.
4. නොදන්නා කිසිම දෙයක් කෑමට නොගෙන ඉන්න එක.
5. කැලෑව ගැන දන්න තමන් එක්කම ඉන්න ඕනේ එක.
ගලවාගැනීමේ කණ්ඩායම් යානයේ කළු පෙට්ටිය විතරක් අරගෙන ගිහිල්ලා තියන නිසා මෙයාලා ආයේ එයිද කියලා දොස්තර ඇලෙක්ස් සැක කරනවා. මේ අතරේ දර හොයන්න යන මාර්සෙල්ට "බන්ඩඩ් කරයිට්" හෙවත් වදුලේ මාරයා නමින් හඳුන්වන ඉතා දරුණු විෂ සහිත සර්පයෙක් දෂ්ට කරනවා. මේ සර්පයාගේ විෂ ස්නායු පද්ධතිය අඩපණ කරලා දානවා කියලා දොස්තර ඇලෙක්ස් කියනවා, විෂ ලේ වලට එකතු වෙන එක වළක්වන්න රත් කරපු පිහියකින් දෂ්ට කරපු තැන කපන්න උත්සාහ කළත්, හරි හමන් උපකරණ නැතුව මේක කරන්න දොස්තර මහත්තයට බැරිවෙනවා. මෙතනදි විල් ඇවිල්ලා කියනවා තමන් කළුවරේදී "ජගුවාර් මිනිහෙක්" (මිනිස් සහ ජගුවාර් පෙනුම ඇති කෙනෙකුව) දැක්කා කියලා. දැඩි වේදනාවෙන් මියයමින් ඉන්න මාර්සෙල්ව කණ්ඩායමේ අය සනසවන ආකාරයත්, උදේ වෙනකන්ම ගලවාගැනීමේ කණ්ඩායමක් ආවේ නැත්තම් අවදානම අරගෙන තනියම කැලෙන් පිටවෙලා යන්න දොස්තර ඇලෙක්ස් තීරණය කරනවත් එක්කම මේ කොටස ඉවරවෙනවා.

- Ratings
- Reviews
- 0
- Subtitles
- 234
- Downloads
- 454.7K
- Readers' rating
- No reviews yet
Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Subtitles
- #David Oyelowo
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Rashida Jones
- #Rebecca Ferguson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #UD Shehan
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
