උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
හලෝ හැමෝටම මේ අරන් එන්නෙ බෙන් 10 ඒලියන් ෆෝර්ස් සීරීස් එකේ එපි 9 ටයි 10 ටයි සබ් එක හැමදාම කියනවා වගේ මීට කලින් ඒවා බලලා ඇති කියලා හිතනවා මේක ගොඩක් කල් ඉදන් ඉල්ලපු සීරීස් එකක් නිසා ගොඩක් ආසවෙන් බලනවා වගේම ඊලග එක දානකන් නොඉවසිල්ලෙන් ඉන්නෙ කියලත් හිතනවා.

ඉතින් සුපුරුදු පරිදි අපි මේකෙදි බෙන්ගෙ බල ඔරලෝසුවෙ ඉන්න ජීවියෙක් ගැන කතා කරමු අද අපි කතා කරන්න යන්නෙ Goop නැත්තන් අපි හැමෝම දන්න චිලී ගැන චිලී කියන්නෙ බෙන් බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන ජීවියෙක් ඇයිද කිව්වොත් චිලී සම්පූර්ණයෙන්ම පාවිච්චි වෙන්නෙ එයාගෙ ඔලුව උඩ තියෙන ප්රති ගුරුත්වාකර්ශන ඩ්රෝන් එකෙන් ඒක වෙන කෙනෙක් ගත්තොත් චිලීට මොකවත් කරගන්න හම්බෙන්නෙ නෑ බෙන් මෙයාගෙන් ගන්න වැඩ කිඩ ඉස්සරහ එපි වලින් බලාගන්න පුළුවන් ඒවගේම චිලී ජීවත් වෙන ග්රහලෝකෙ මෙයාට ප්රති ගුරුත්වාකර්ශන ඩ්රෝන් එකක් තියෙනවද කියලා ඇහුවොත් නෑ එහෙම එකක් ඕනි නෑ එයා ජීවත් වෙන්නෙ ගුරුත්වාකර්ශන නැතිතරම් වෙන ලෝකෙක එයාට ඒහෙදි ජීවත් වෙන්න මොනම උපකාරයක්වත් ඕනි නෑ අපි දැන් බලමු චිලීගෙ ගෑන එයා Polymorph කියන වර්ඟයේ ජීවියෙක් ඒවගේම එයාගෙ ග්රහලෝකෙ Viscosia කියන ග්රහලෝකෙ එයාගෙ හැකියාවන් හැකියාවන් ගෑන කිව්වොත් එයා ඉන්නෙ ලික්විඩ් ෆෝම් එකේ හින්ද එයාට ඕනිම හැඩයකට හැරෙන්න පුළුවන් තව හැකියාවක් ගත්තොත් එයා නිකන් ඇසිඩ් වගේ ඒ කියන්නෙ සමහරවෙලාවට එයාට ඇසිඩ් එකක් වෙලා ඕනිම දෙයක් දිය කරලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා තව දෙයක් කිව්වොත් උණ්ඩ,බ්ලේඩ් වගේ දේවල් වලින් මෙයාට හානියක් කරන්න බෑ හැකියාවන් වගේම දුර්වලතා කිව්වොත් මෙයාගෙ ලොකුම දුර්වලතාව තමයි උඩදි කිව්ව ඩ්රෝන් එක කැඩුනොත් මෙයාට මොකුත් කරගන්න බෑ අනිත් එක තමයි මෙයාට එනර්ජි ඇටෑක් වලින් හානියක් කරන්න පුළුවන් මේ ජීවියාට හැකියාවන් වගේම ඒ ගානටම දුර්වලතාත් තියන හින්ද (නිකන් 50/50 වගේ) මෙයා පාවිච්චි කරන කොට ගොඩක් පරිස්සන් වෙන්න බෙන් බලාගන්නවා.

බෙන්ගෙ ජීවීන් වගේම අපි වෙනසකටත් එක්ක ගුවේන්ගෙ වර්ගෙ නැත්තන් ඇනඩයිට් වර්ගෙ ගැන කතා කරමු ඇනඩයිට්ලා කියන්නෙ ශක්තියෙන් හැදිලා ඉන්න තැනක් එයාලා ඉන්න තැනට කියන්නෙ Ledgerdomain කියලා ඒක ග්රහලෝකයක් වගේ නෙමෙයි සම්පූර්ණයෙන්ම ශක්තියෙන් හැදිලා තියෙන තැනක් ඒ වගේම මෙයාලගෙ බලය තියෙන හින්ද ගුවේන් විශේශ වෙන හේතුවකුත් තියෙනවා. ඒ හේතුව තමයි බෙන්ට ඇනඩයිට් ජීවියෙක් වෙන්න බැරි එක. ඇයි බැරි කියලා ඇහුවොත් බෙන්ගෙ ඔරලෝසුවේ ජීවීන් ඇතුලත් කරලා තියෙන්නෙ එයාලගෙ DNA වලින් ඒත් ඈනඩයිට්ල හැදිලා තියෙන්නෙ ශක්තියෙන් නිසා බෙන්ට අඩුම ගානෙ එයාලා ස්කෑන් කරලවත් ඇනඩයිට් කෙනෙක් වෙන්න බෑ ඉතින් බෙන්ගෙ ටීම් එකේ ගුවේන් වගේ කෙනෙක් ඉන්න එක එයාගෙ ටීම් එකට ලොකු හයියක් මෙයාලගෙ හැකියාවන් ගැන කියනවනම් මෙයාලට පුළුවන් ඕනම ඕනම තැනකින් ශක්තිය උරා ගන්න ඒකට කියන්නෙ Mana Manipulation (Magic) කියලා ඒවගේම එයාලට වෙනත් ඕනම ජීවියෙක් වගේ වෙස්වලා ගන්නත් පුළුවන් ඒවගේම එයාලගෙ දුර්වලතා කියන්න හැදුවොත් ඒවනම් නැති තරම් ඒ කියන්නෙ එයාලගෙ මැජික් ශක්තිය එයාලා හෝදට පුහුණු වෙලා තමා වැඩි දියුණු කරගන්න ඕනි අත්දැකීමත් එක්ක එතකොට අත්දැකීම් වැඩි අයට ශක්තිය වැඩි නිසා ඒක දුර්වලතාවක් වගේම එයාලගෙ හැකියා ඝනයටත් දාන්න පුළුවන්.

ඒත් එක්කම ගුවේන්ගෙ ඇනඩයිට් ෆෝම් එක අපිට ඔම්නිවර්ස් එකේදි අර්ධ ඇනඩයිට් ෆෝම් එක විදිහට බලාගන්න පුළුවන් එයා තමන්ගෙ මනුස්ස ස්වරූපයත් තියාගෙන ඇනඩයිට් ස්වරූපයත් තියාගන්න තමන්ගෙ හැකියාව වැඩි දියුණු කරගත්තු එකක් තමයි ඒ. එහෙනම් අදට ඇති ඊළඟ එපි වෙනකන් ජය වේවා.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 25
- Downloads
- 25.2K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Ben 10 Sinhala Sub
- #Ben 10: Alien Force S01 Sinhala Sub
- #Ben 10: Alien Force S01 Sinhala Subtitles
- #Ben 10: Alien Force Season 1 Sinhala Sub
- #Ben 10: Alien Force Season 1 Sinhala Subtitles
- #Ben 10: Alien Force Sinhala Sub
0 comments
No comments yet. Yours will be the first.
