පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා…

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ විවිධ රටවල් වල ඉතිහාසය ගැන සහ විවිධ මාතෘකා ගැනයි. ඒ වගේම මේ කතා මාලාව ආරම්භ වුනු 2009 මාර්තු 8 වෙනිදා සිට මේ දක්වාම කතාසමයන් 17 ක් සහ කොටස් 200 කින් සමන්විත වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.මේ කතා මාලාව පාදක වී තිබෙන්නේ Erich von Däniken සහ Zecharia Sitchin වැනි ප්‍රධාන ගත්කතුවරු කීප දෙනෙක්ගේ ලියවිලි පාදක කරගෙනයි.ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ නිෂ්පාදකයා විදිහට Giorgio Tsoukalos කටයුතු කරනවා වගේම විධායක නිෂ්පාදකයා Kevin Burns විදිහට කටයුතු කරනවා.නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති සමාගම ලෙස සැලකෙන්නේ Prometheus Entertainment ආයතනය වෙන අතර බෙදාහැරිම සිදු කරන්නේ A&E Network ආයතනයයි.ඒ වගේම ලේඛකයෙක් වෙන David Childress ඇතුළු බොහෝ පිරිසක් මේ වැඩසටහන් මාලාව පුරාවටම ගවේෂණ සහ පර්යේෂණ සිදුකරමින් අතීතයේ අපේ මුතුන්මිත්තන් අතරට පිටසක්වලයන් පැමිණෙමින් ඔවුන්ට දැනුම ලබාදුන් බවත් මානව ශිෂ්ටාචාරය පිහිටුවා ගැනීම සඳහා උපකාර කෙරූ බවට තම මතවාදයන් ඉදිරිපත් කරනවා.කතා මාලාවේ පසුබිම් කථිකයා විදිහට Robert Clotworthy කටයුතු කරන අතර කතා මාලාව සඳහා ලැබී ඇති IMDb අගය 7.2/10ක් ලෙස පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙවර 10 වෙනි කතාමාලාව තුල කොටස් 10 ක් අඩංගු වෙනවා.
2014 අගෝස්තු මාසයේදී, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි රුසියානු ගගනගාමීන් ජනේලවල බාහිර කොටස් වලින් අනපේක්‍ෂිත ඇදහිය නොහැකි මට්ටමේ දෙයක් වුනු සජීවී මුහුදු ප්ලවාංග සොයාගත්තා. මුහුදු ජීවීන්ට අභ්‍යවකාශයේදී වාසය කරමින් නොනැසී පවතින්නට හැකි නම් මේ දේම ප්‍රතිවිරුද්ධ ආකාරයටත් සිදුවෙන්න පුලුවන්ද?ඒ වගේම ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයෙක් වෙන චන්ද්‍රා වික්‍රමසිංහ පවසන්නේ මේ සාක්ෂිය පැන්ස්පර්මියා මතවාදය තහවුරු කරන සාක්‍ෂියක් කියලයි. මෙයින් ඉදිරිපත් කරන අදහස වෙන්නේ විශ්වය පුරාම ජීවය පවතින බවත් වල්ගාතරු සහ ග්‍රාහක මගින් මේවා පැතිරෙන බවයි. ඒ වගේම 1875 මාර්තු මසදී hms චැලෙන්ජර් නැවේ කාර්යමණ්ඩලය වසර දෙකක මුහුදු සවාරියකින් පසුව අපූරු සොයාගැනීමක් සිදුකරා. අඩි 1800 ක් තරම් සාගර ජලය යටින් ඔවුන් විවිධ අද්භූත මුහුදු ජීවින් සිය නැව් තට්ටුවට ඇද ගනිමින් පර්යේෂණ කරමින් නවතම මුහුදු ජීවින් සොයාගත්තා වගේම පිටු 30000 ක විශාල පොතක්ද රචනා කිරීමට සමත් වුනා. ඒ කාලයට අනුව ඒක විශාල විප්ලවකාරී සොයාගැනීමක් වුනා.ඒ වගේම ඉතිහාසය මුලුලේම මුහුදු ජලය තුල සිටින විවිධ අද්භූත ජීවින් ගැන වාර්තා වී තිබෙනවා. ඒ වගේම සමහර මුහුදු සත්වයින් පිලිබඳ කතන්දර මිත්‍යාවන් ලෙස සැලකුවත් තවමත් සාගරය තුල 700,000 සිට මිලියනය දක්වා සත්ව ප්‍රමානයක් සිටින බව ගණන් බලා තිබෙනවා. ඒ වගේම මේ සත්ව විශේෂ වලින් තුනෙන් දෙකක් පමණ තවමත් හඳුනාගෙන නෑ.සමහර මුදුදු ජීවීන්ට අභ්‍යවකාශයේදී පවා නොනැසී සිටින්න පුළුවන් බව මෑත කාලින සොයාගැනීම් වලින් ඔප්පු වී තිබෙනවා. ඒ වගේම ක්‍රැකන් සහ ලොක්නෙස් මෘගයා වැනි යෝධ ජීවීන්ගේ කතා පිටසක්වල ජීවින් මුහුදේ යටින් රැකවරණය පතා සිටින බවට සාක්ෂි වෙන්න පුලුවන්ද? ඒ වගේම මේ ජීවින් තාරකා දොරටු හරහා පෘථිවියට පැමිණෙනවා වෙන්න පුලුවන්ද? තාරකා දොරටු සාගර පතුලේත් පවතින්නට ඉඩ තිබෙනවාද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
1,079 downloadsDownload Ancient-Aliens-S10-E07.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
4 comments
Amil Gamage
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nirosha Nirosha
ගෝඩාක් ස්තූතියි,දිගටම මෙ සීරිස් එකට සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Thanks for the sub