මගේ නම ඔලිවර් ක්වින්. මාස හයක් අපායක හිටියට පස්සේ, මම හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවේ, එක ඉලක්කයක් ඇතුව.. මගේ නගරේ බේරගන්න. හැබැයි දේවල් වෙනස් වෙලා. නීතියෙන් බාහිරව වැඩ කරනවා වෙනුවට, මම දැන් පොලිසිය එක්ක එකතුවෙලා වැඩ කරනවා. ඇරෝ හත්වැනි කතාමාලාවේ ආරම්භය ගැන පොඩි සමාලෝචනයක් කළොත් ඔබට මතක ඇති හයවැනි කතාමා…

මගේ නම ඔලිවර් ක්වින්.
මාස හයක් අපායක හිටියට පස්සේ,
මම හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවේ,
එක ඉලක්කයක් ඇතුව.. මගේ නගරේ බේරගන්න.
හැබැයි දේවල් වෙනස් වෙලා.
නීතියෙන් බාහිරව වැඩ කරනවා වෙනුවට,
මම දැන් පොලිසිය එක්ක එකතුවෙලා වැඩ කරනවා.
ඇරෝ හත්වැනි කතාමාලාවේ ආරම්භය ගැන පොඩි සමාලෝචනයක් කළොත් ඔබට මතක ඇති හයවැනි කතාමාලාව අවසානයේ රිකාඩෝ ඩියැස්ගෙන් නගරය බේරගන්න FBI සමග ගිවිසුම්ගත උන ඔලිවර් ක්වින් හිරේට ගියා කියලා. හිරගෙදර ජිවිතේ ඔලිවර්ට ඉතාමත් කටුක එකක් උනා. නමුත් ඒ සියලු බාධක මැඩලමින් නීතියේ සහය ඇතුව නීත්‍යානුකූල ලෙස හිරෙන් නිදහස් වෙන්නත් රිකාඩෝ ඩියැස්ව හිරගත කරන්නත් ඔලිවර්ට හැකියාව ලැබුනා මතක ඇති. නමුත් හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ ඔලිවර්ට ගත කරන්න උනේ වෙනස්ම ජිවිතයක්. ඔලිවර් කියන්නෙ ග්‍රීන් ඇරෝ කියලා හැමෝම දන්නවා, මේ හේතුව නිසා ඇතැමුන් ඔලිවර්ට ප්‍රිය කරද්දි බොහෝ පිරිසක් ඔහුට වෛර කළා මතක ඇති.
ඉතින් ඒ දේවල් වෙනස් කරන්න ඔලිවර්ට සිද්ද වුනා වෙනස්ම ආකාරයකට කටයුතු කරන්න. ඒ තමයි තනිව වැඩ කරනවා වෙනුවට පොලිසියට සහය වෙමින් ඔවුන් සමගින් වැඩ කරන එක. කොහොමහරි ඔලිවර් ඒ කටයුත්තත් ඉතාමත් සාර්ථකව කරගෙන ගියා. ගියවර කතාමාලාවේ ප්‍රධාන දුෂ්ටයා වූ රිකාඩෝ ඩියැස් මෙවරත් ඔලිවර්ගේ ජිවිතයට කරදරයක් කරාවිදැයි සිතුණත් ඩියැස්ගෙ ජීවිතය හමාර වීමත් එක්ක ඒ තර්ජනය නැතුව ගියා. නමුත් මෙවර ඔලිවර්ගෙ ජීවිතේට ආවේ ඊටත් වඩා ලොකු කරදරයක්, එසේම තර්ජනයක්. ඒ තමයි ඔහුගේ සුළු සහෝදරිය වෙච්ච එමිකෝ. ඉතින් එමිකෝගෙ ඒකායන අරමුණ වෙලා තියෙන්නෙ ඔලිවර්ගෙන් පලිගන්න එක. ඔලිවර්ගෙන් පලිගැනීමක් විදිහට මීට පෙර ආව හැම දුෂ්ටයෙක්ම කළා වගේ මේ එමිකෝත් කරන්න යන්නෙ ස්ටාර් නගරය විනාශ කරන එක. ඉතින් අපි දැක්කා ඇයව නතර කරන්න බොහෝ අවස්ථාවන්වල ඔලිවර් සහ කණ්ඩායම උත්සහ කළත් ඒ සියලු ප්‍රයත්නයන්
ව්‍යර්ථ වෙලා ගියා. ඉතින් අද බලාගන්න පුළුවන් වෙයි එමිකෝව නතර කිරීමේ ග්‍රීන් ඇරෝගෙ අවසන් ප්‍රයත්නය. පෙර කතාමාලාවන්වලදී අපිට ඔලිවර්ගෙ අතීතය ගැන තමයි එළිදරව් කළේ. නමුත් මෙවර කතාමාලාවෙන් අපිට දැකගන්න පුළුවන් වුනා ඔලිවර්ගෙ දරුවන්ගේ අනාගතය, හැබැයි මේ අනාගතයේදී ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ ඔවුන් එක්ක නෑ. කට්ටියට මතක ඇතිනේ විලියම් ලියෑන් යූවලට යනවා කෙනෙක්ව හොයාගෙන, මම හිතුවෙනම් එහෙ ඇරෝ ඉදියි කියලා නමුත් ඇත්තටම හිටියේ රෝයි හාපර් හෙවත් ආර්සනල්. ඊට පස්සේ මේ දෙන්නත් එක්කම ආයේ ස්ටාර් සිටිවලට එනවා ෆෙලිසිටිව හොයාගෙන. ඒ ආවහම දැනගන්න ලැබෙනවා ෆෙලිසිටි මැරිලා කියලා, ඉතින් ෆෙලිසිටි මැරුණේ කොහොමද කියලා හොයාගෙන යද්දි බ්ලැක්ස්ටාර් කියලා කෙල්ලෙක් වෙතට යොමු වුනා මතක ඇති. අන්තිමේ බලද්දී ඒ හිටියේ ඔලිවර්ගෙයි ෆෙලිසිටිගෙයි දුව. ඉතින් අනාගත සිදුවීම්වලදිත් ස්ටාර් නගරය විනාෂ වෙලා ගිහින්. ඒකෙන් පේන්නේ එමිකෝගෙ සැලැස්ම හරිගිහින් කියලද? ඒ වගේම අනාගතයෙදිත් සමාජ ආරක්ෂකයන්ව නීතියෙන් තහනම්. ඔවුන්ව දඩයම් වෙනවා. හැබැයි ස්ටාර් සිටි විනාශ වෙලා තියෙද්දී ග්ලේඩ්ස් දියුණු වෙලා. ඒ වගේම එහෙ ඉන්න අය තමා හැමදේම තීරණය කරන්නෙ කියලා මතක ඇතිනේ.
ඉතින් අද වෙන දේවල් ගැන මම මොකුත්ම කියන්න යන්නෙ නෑ. අවසාන කොටස කුතුහලයෙන් යුතුව බලන්න එපැයි. ඒ වගේම කියන්න ඕන මේ හත්වැනි කතාසමයේ අවසාන කොටස. හැබැයි බයවෙන්න එපා දැනටම දැනුම් දීලා තියෙන විදිහට අටවැනි වගේම අවසාන කතාසමය ඉදිරි ඔක්තෝම්බරයෙදි නිකුත් වීමට නියමිතයි. හැබැයි ආරංචි විදිහටනම් ඒකෙ කොටස් දහයයි තියෙන්නෙ ඔන්න. ඉතින් මටනම් ඒකට උපසිරසි ගේන්න බැරිවෙයි. කොහොමත් බයවෙන්න එපා මට බැරි උනත් බයිස්කෝප් අඩවියෙන් ඒකට අනිවාර්‍යයෙන්ම උපසිරසි ලැබේවි. ඉතින් කාටහරී අදහසක් දක්වන්න තියෙනවනම් අද තමා අන්තිම දවස ඈ.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,058 downloadsDownload Arrow-S07-E22.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
106 comments
sashan
dinusha666
thank saho.
CSJayakodi
aiye..godaak thanks... 8 weni ekath karamu jaya wewa....
Shadow125
Tnx :)
chamath2
tnx
Sampath sandaruwan
Thanks
Sampath sandaruwan
Thanks
Dinesh_madhu_sanka
Thanq machan
Akalanka weerasinghe
Tnx kollo
Irfdeen
Thanx mcn ❤
yasith udayanga
sub ekata thnax bokka...
Riveen
Thanx bro.arrow hamadama balanawa.anthima season akath Denna.
LUC1F3R
Ep23k nh da season 7n eke
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!
hash99
Thank you broo...❤️
Chamodsathsara
21,22 sib ikmnt dipu ekata nam kalinsub denna parrku unama tibba taraha okkoma nati una ...thnks bokka.....sub tika genwata
sanjeewamadhu
masa ganak purawata sub eka dunna ekata thnxx... gdk thnx me sub eka ikmnta dunata..
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Honor
Thanks saho
denizshulz
Thanks to sub.
ravishan lakshitha
Thanks
Suranjan
Thanks machan.....jayawewa.....!
Iroshan Kumar
Thanks brother.....
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Manoj
sub 1ta ikmanatama dila :D :D thanks bro...
Madushanka
Thanks very much bro
Deshani
thank you
Lahiru Kekulandara
sub walata thanks hode.
yomalravindu
Thanks......
Sumal Niduka Chandrasiri
Thanks.
parindyabopage
elama aye thanks
Thrishala95
thanks...
NisalaRandeniya
aiye arrow katha wala digatama aiya sub dunna eke anthima ekatath aiyama karanna. mechchara dawaswala kathawa downlord karan sub enakan balan hitiya kathawa balanna. puluwan ikmanta welawath kapa karagena sub dunnata godak isthuthi...
issaaa
sub nathi unaa nam arrow season ekakin wath wadak naa
kiyanna wachana naaaaa
thnzzzz brooooooooooooooooooooooooooooooissaaa
sub nathi unaa nam arrow series ekakin wath wadak naa
kiyanna wachana naaaaa
thnzzzz brooooooooooooooooooooooooooooooKanchana
Thanx saho
Sonta123max
Elama machio tanx
Doom patrol e13 sub ekt dendoo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udaya Tharanga
thanks a lott
Nadeesha rox alahakoon
Tnx bro subt.
Nadeesha rox alahakoon
Tnx bro sub walata season ekema.
Damru Ravihara
Thanks bro sub walata.
Akesh
tnx bro
තරිදු ප්‍රබෝධ
මෙච්චර දවස් මේ සුපිරි කතා මාලාව අපිට ගෙනාවට ගොඩක් ස්තූතියි සහෝ..........
Sandaru Dilshan Maduhansa
Thanks Sahoo...
Jaya Wewa...Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..ඊගාව සීසන් එකට සබ් දෙන්න වෙන්නෙත් උඹටම තමා,..
බලහන්කෝ නැද්ද කියලා..සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..සෑහෙන්න බැනුම් එහෙම අහගෙන මේකට උපසිරස කලාට වෙනම සම්මානයක් දෙන්න ඕනි..ඊලග කතා සමයෙන් හමුවෙමු..බුදුසරණයි...ජය වේවා!!!
Sanath Indika
THX BROOO
Gayan_madushanka_
Thanks bro
sahanga
ගොඩක් ස්තූතියි සහෝ
අපි වෙනුවෙන් මාර කට්ටක් කාගෙන සබ් ටික දුන්නට
ඒවගේම ARROW series එකට සබ් ගේන්න උදව් කරපු හැමෝටම සහ BAISCOPELK හැමෝටම ස්තූතියි
ඊලඟ SEASON එකටත් baiscope වෙබ් අඩවියෙන්ම සබ් දෙයි කියල හිතනව
ගොඩක් ස්තූතියි හැමෝටම මේ කරන කැපකිරීමට
බුදු සරණයි !
Advertisement



Thanks bro