උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන් හැමෝටම, ඉතිං ඔන්න කොහොමෙන් කොහොම හරිම, අටවෙනි කතාංගයටත් උපසිරැසි අරගෙන ආවා. මෙදාපාර ලිපියේ නම තියෙන්නෙ විදිහෙන් හිතාගන්න පුළුවන් නෙ මොකක්ද වෙන්න යන දේ කියන එක ගැන පොඩියට අදහසක්. ඔව් මේ පලවෙනි කොටස කියල නම් කෙරෙනවා කියන්නෙම ඊලග කොටස දෙවැන්න කියලා තේරෙනවනෙ.
කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද කොටස බලමු,
පවී සහ නිෂා කියන්නෙ තවමත් අවුරුදු දහයක පමණ කුඩා දැරියන් නිසා කොයි වෙලෙත් බලන්නෙ, දඟ කරන්න සෙල්ලම් කරන්න කියන එක අරුමයක් නෙවෙයිනෙ. ඉතිං ඔන්න මෙදාපාර පවී සහ නිෂා ඉන්නෙ ජේ එක්ක පුහුණු වෙමින්. ජේ මොවුන්ට භාවනාව ප්‍රගුණ කරන්න උගවමින් ඉන්නැද්දි නිෂාට ඕන වෙනවා පවීවත් එක්කාසු කරගෙන වෙන දෙයක් අත්හදා බැලීමට. ඉතිං පවීට ඕන කරන්නෙ විෂමතාව මාර්ගයෙන් නැවත තමන්ගෙ දෙමාපියන් ගැන මතකයන් ආයෙත් ආවර්ජනය කරගන්න පුලුවන් දැයි බලන්න. ඉතිං ඇය නිෂාවත් එකතු කරගෙන යන්නෙ, විෂමතාවෙ බලපෑමෙන් පොළොවෙ සිට ඉහලට වැඩෙන පළිඟු ගාවට. පවී පළිඟු ස්පර්ශ කරද්දිම පළිඟු ටික පළුදු වෙලා විශාල සිදුරක් පොළොව යටට හැදෙනවා. ඉතිං මේ උමං මාර්ගෙ යන්නෙ කොහෙටද කියලා දැනගන්න, පවී සහ නිෂා ජේත් සමඟම ඒ උමඟට ඇතුල් වෙනවා. උමග දිගේ දිගටම යන මොවුන්ට පුරාණ ලෝකයෙ ඇවටාර් කෝරාගෙ දර්ශන පෙළක් දැකගන්න ලැබෙනවා වගේම, ජේට තවත් පැතිකඩක ඉන්නා මුහුණු නැත්තන්ගෙ කල්ලිය දකිනවා. මෙහිදි ඔහුට ඔහුගෙ මිතුරිය වන පැහැරගෙන ගිය යුකීවත් හමුවනවා. ඒත් මෙතනදි යුකී කියන්නෙත් මුහුණු නැත්තන්ගෙ කෙනෙක් බව ජේට දැනගන්න ලැබෙනවා. අන්තිමට කොහොමහරි ජේ, පවී සහ නිෂා සමඟ එතනින් පැනගන්නෙ මුහුණු නැත්තන්ගෙ රැජිනවත් අල්ලාගෙනමයි.
ඉතිං ඒ කොටසෙ සිදුවීම් පෙළ සිද්ධ වුනේ අන්න ඒ විදිහට. අද කොටස අවසානයේ සිද්ධ වෙන්නෙ හාත්පසින්ම නොහිතන දෙයක්. ඒක මං කියන්න යන්නෙ නෑ. එහෙනම් මේ කොටසත් බලන්න ඔයාලට ආරාධනා කරලා මං මෙතනින් නවතිනවා.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 132
- Downloads
- 544K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Avatar: Seven Havens S01 Sinhala Sub
- #Avatar: Seven Havens S01 Sinhala Subtitles
- #Avatar: Seven Havens Sinhala Sub
- #Avatar: Seven Havens Sinhala Subtitles
3 comments
Ishan Kavinda
![Avatar: Seven Havens [S01 : E08] Sinhala Subtitles | දූතයො - පලවෙනි කොටස [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-cb84bfb4a279063f96c84294.webp)
තැන්ස් මචන් සබ් එකට♥️අද final episode 4 Realese වෙනවා.එක නිසා 9 එපියටත් පුලුවන් නම් සබ් ගෙන්න♥️