Watch Trailer

Avatar: The Last Airbender [S01 : E01 & E02] Sinhala Subtitles | ලෝකය බේරා ගැනීමේ සටන [සිංහල උපසිරැසි සමඟ]

ළමයින් වෙනුවෙන් මෑත කාලයේ බිහිවෙච්ච, පොඩිහිටි වැඩිහිටි කොයිකවුරුත් අතරත් නොමඳවම ප්‍රසාදය දිනපු, නිර්මාණයක මුල් කතා මාලාවේ; පළමු කතා සමය සිංහල උපසි‍රැසි සහිතව ලබා දෙන්නටයි මේ අපේ සූදානම. මේ නිර්මාණය හා බැඳුණු දෙවන කතා මාලාව අපේ විබපළ හරහා ඔබ වෙනුවෙන්ම සිංහල ගෙනෙන්නට අපගේ හෘදයංගම හවුල්කරුවෙකු වන වා.…

ළමයින් වෙනුවෙන් මෑත කාලයේ බිහිවෙච්ච, පොඩිහිටි වැඩිහිටි කොයිකවුරුත් අතරත් නොමඳවම ප්‍රසාදය දිනපු, නිර්මාණයක මුල් කතා මාලාවේ; පළමු කතා සමය සිංහල උපසි‍රැසි සහිතව ලබා දෙන්නටයි මේ අපේ සූදානම. මේ නිර්මාණය හා බැඳුණු දෙවන කතා මාලාව අපේ විබපළ හරහා ඔබ වෙනුවෙන්ම සිංහල ගෙනෙන්නට අපගේ හෘදයංගම හවුල්කරුවෙකු වන වා. මු. නිලන්ත පියසිරි සහෝ බොහොම වෙහෙසක් ගත්තා ඔබට අමතක වෙන්නට තරම් කාලයක් වුණේ නෑ. Avatar – The Legend of Korra නම් වූ එම දෙවන කතා මාලාවේ; පළමු කතා සමය සාර්ථක ලෙස අවසන් කරන්නට ඔහුට හැකි වුණා. එය ලබා දෙන අතරතුර ඔබ බොහෝ දෙනෙක් කරපු ඉල්ලීම වුණේ මෙහි මුල් කතා මාලාවේ අඩංගු කතා සමයන් තුනත් සිංහල සමග ලබා දෙන්නයි කියන එකයි. ඉතිං පරණ කෙනාම නොවුණත් ඒ ඉල්ලීම ඔබ වෙනුවෙන්ම ඉ‍ටු කරන්න කෙනෙක් වැඩේ භාර ගත්තා.

ඔහු මේ වෙනුවෙන් කෙතරම්නම් වෙහෙසක් ගන්නවාද කියන දේ ඔබට හංගන්නට වුවමනා නෑ. Avatar – The Last Airbender කතා මාලාවේ පළමු කතා සමය සම්පූර්ණ කර, දෙවැන්නත් කරමින් සිටියදී වූ අකරතැබ්බයක් නිසා සම්පූර්ණ කළ උපසි‍රැසි ගොනු අඩකට වඩා විනාශ වුණා. නමුත් ඔබ වෙනුවෙන් මෙය ලබා දෙන්නට ඔහු ගත් අදිටන කෙතරම්නම් ප්‍රබලදැයි කිව්වොත් යළි ඒ ටික සම්පූර්ණ කරන්නට ඔහු කටයුතු කළා. දැනටමත් ඒ කටයුත්ත නිමා වන්නට ආසන්නයි. ඒ නිසා තවත් ප්‍රමාද නොකර මෙය ඔබ වෙත ලබා දෙන්නට යුහුසුළු වීම සුදුසු බව අපි තීරණය කළා. හිතාගන්නට අපහසු නැහැනේ අර අකරතැබ්බය නිසා ඇති වූ පමාව.

එහෙමනම් මිතුරනේ, අපි ටිකක් කතාව ගැන අදහසක් අරගෙන ඉමු නේද? අග්නි, ජල, භූමි, වායු යන සිව් මහා භූතයින් දමනය කිරීමේ හැකියාවෙන් යුතු ජාතීන් හතරක්. ඒ ජාතීන් අතර පවතින අවබෝධාත්මක එකඟතාවය අනුව පාලනය වන ලොවක්. ඒ තමා මේ කතාව දිව යන පසුබිම. මේ එක් එක් ජාතීන් තමන් අයත් ජාතියට අනුකූල වන දමනක හැකියාවන්ගෙන් යුක්තයි. එනමුත් ඉන් එහා යා හැකි කිසිවෙකුත් නෑ. ඒ වරම හිමි ලොව ඇති සියලූම ජාතීන් අතරින් එකම එක මිනිසෙකුට පමණයි. ඒ තමා අවතාර් (ඇවටාර්). ඔහුට මේ සිව් හැකියාවම පිහිටලා තිබෙන්නේ මේ ලෝකයේ සාමය පවත්වා ගෙන යාමේ මහා භාරදූර කර්තව්‍යය ඔහු මත පැවරී ඇති නිසාවෙන්. මේ ජාතීන් හතරේම නායකයින් සමග ගනුදෙනු කරනා ගමන්ම අධ්‍යාත්මික ලෝකය සමගත් ගනුදෙනු කරමින් ඒ කාර්යය ඉ‍ටු කිරීමට අවශ්‍ය නිසා ඔහුට ඒ වරප්‍රසාදය ලැබී තිබෙනවා. මේ ශුද්ධ වූ චරිතය එකිනෙක අනුපිළිවෙළින් රටාවකට අනුව වරින් වර මේ ජාතීන් හතරෙහිම උපත ලබමින් අනාදිමත් කලක් පුරා පැවත එනවා.

නමුත් අග්නි ජාතිය ලොව නතු කරගැනීමට මහා සංග්‍රාමයක් අරඹන මොහොතේම මේ අවතාර් ලෝකයෙන් සැඟව යනවා. ඉන් පසු ඔහු ඉපදිය යුතු වන්නේ වායු ජාතියේ. නමුත් යුද්ධය ඇරඹී ශතවසරක් ගෙවී ගියත් ඔහු නැවත ලෝකය හමුවට එන්නේ නෑ. මුළු අග්නි ජාතියම ලෝකය පුරා පීරුවත් ඔහු ගැන කිසිදු හෝඩුවාවක් නැහැ. මේ අතරේ දකුණු ධ්‍රැවයේ ජල ගෝත්‍රික අයිය-නගෝ දෙදෙනෙක් හරි අරුම පුදුම අත්දැකීමකට මුහුණ දෙනවා. ඔවුන්ට හමුවන්නේ කවුද? ඒ ලෝකයට එදාටත් වැඩියෙන් අවශ්‍යව සිටින පුද්ගලයා. මෙතැන් සිට කුමක් සිදු වේවිද? ඔහු යළි ලෝකයට පිළිගැනේවිද? ඔව්, නමුත් අග්නි ජාතිය හැර. ඔහු අතරමග ඇණහිටි ලෝකය බේරා ගැනීමේ සටන යළි අරඹාවිද? ඔව්, හැකි උපරිමයෙන්. ඒ සඳහා ඔහුගේ හැකියාව ප්‍රමාණවත් වේවිද? නෑ, කිසිසේත් නෑ. ඒ සඳහා අවශ්‍ය හැකියාව ඔහුට නෑ. එහෙමනම් ඔහු කොහොමද යුද වේගයෙන් බැට කන සෙසු ලෝකයේ වීරයා වෙන්නේ? ඒක ලෙහෙසි ගමනක් නොවෙයි. කැපවීම, වේදනාව, ධෛර්යය, විශ්වාසය මැදින් කෙරෙන නොපසුබට ගමනක ඇරඹුම මෙයයි. ඔහු තම මෙහෙය ඉ‍ටු කිරීමේ ඒකායන අරමුණින් යන ගමනට උර දෙන්නේ අර කිව් අයියා-නගෝ දෙන්නා තමයි. එහෙමනම් අයිස් කුට්ටියක් ඇතුළෙන් හමු වූ ළමයාගේ කතාව මෙතැන් සිට නරඹමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

18,521 downloadsDownload Avatar.The_.Last_.Airbender-S01.E01..E02.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

All BT1Next BT1

Subtitles

18,521 downloadsDownload Subtitles22 KB

60 comments

  1. dineth

    pattama wadak nosalee yamu idiriyatama

  2. lasidu

    නියමයි මචෝ ඔය නම් නියමයි ඔයා දුන්න පැසිෆික් ටිකත් නියමෙට සබ් දාලා තිබ්බා..ඇත්තටම අපි වෙනුවෙන් කරන මෙහෙයට සදා ණයගැතියි

  3. ccnp

    Thanks

  4. tharanga

    2 පාරක් කරනවා කියන්නේ එකම කතාව එපා වෙන සීන් එකක් නේ සහෝ..කොහොම උනත් ඔයා ඇත්තටම සිරා වැඩක් කරලා තියෙන්නේ ආයේ අපි ගැන හිතලා සබ් දුන්න එක ගැන..ඉක්මනටම මේ කතා මාලාවත් ඉවර කරන්න ලැබේවා! කියලා පතනවා

  5. mudiya / මුදියා

    මෙච්චර කාලෙකට බලපු ලස්සනම කාටුන් එක මේක තමයි.ඒක දිගට සති 2 3 කින් මුළු කතා මාලා තුනම බැලුව.මේකට සබ් දෙන්න පටන් ගත්තු එක නම් ගොඩාක් අගය කරනව.හැබැයි සතියකට කොටස් ගොඩක් දෙන්න වෙයි.මොකද මේකෙ එක කොටසක් බැලුවට පස්සෙ අනිත් එක බලනකං ඉන්නව කියන්නෙ පුදුම අමාරු වැඩක්.ලිපියෙ කියල තියෙන විදිහට ගොඩාක් ලොකු මහන්සියක් කරල පුබුදු ඇතුළු අපේ බයිස්කෝප් සිංහලෙන් සෙට් එක මේක දුන්න එකට අපේ උපහාරය.සබ් ටික ඔක්කොම බානව.අනිව ආයෙත් බලනව.දිගටම වැඩේ කරන්න හදවතින්ම සුභ පතනව.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  6. mudiya / මුදියා

    කොමාවක් අඩු වෙලා "එක දිගට සති 2, 3 කින්".සොරි හොඳේ.

  7. mihin ලංකා

    බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න ඔයාල නොසැලී බාධක හමුවේ කරන දේ හදවතින්ම අගය කරනවා.ලාබ ප්‍රයෝජන නොලබා කරන සමාජ මෙහෙවර කොතෙක්ද

    සුභ පතනවා අලුත් වැඩේට පැසිෆික් එක වගේම මේකත් ඉක්මනට දේවි කියලා බලාපොරොත්තු වෙනවා

  8. was

    කැපවීම අගය කරනවා පුබුදු සහෝ හදවතින්ම ඔහොම උනාම සේරම අහක දාලා ඉන්නේ වෙන කෙනක් උනා නම් ඔයා ආයේ මේකට පන දීලා ගත්ත එකයි වටින්නේ.
    ජයම වේවා!!!

  9. “චූටී මල්ලි”

    ela ela digatama dhenna

  10. thusitha

    loweth na machan pattaama apattatatatata

  11. jeewantha

    thnxz

  12. f_live

    පට්ට මචං දිගටම දෙමු මේ කතාව පට්ට

  13. kalinga

    අනිවා මේක පට්ට දිගටම දෙන්න ආයේ ලොවෙත් බලනවා

  14. wow

    wow.maru :)

  15. කේ.යු.ජී.උදාර

    නියමයි සුපුන්....
    ඔයාගේ කැපවීම උපරිමයෙන් අගය කරනවා.
    ඉතිරි ටිකත් ඉක්මනට ම දෙමු.

  16. pubudu

    tHNKZ

  17. ganidu

    ලොවෙත් නෑ ඔයා නම් නියමයි මේක දිගටම දෙන්න ඔන්න කලින් ඒවා වගේ

  18. වා.මු.නිලන්ත පියසිරි

    පුබුදු සුපුන් මල්ලී. නියමෙට ම කරලා තියෙනවා. ඇත්තටම සතුටුයි. ඔබ ගේ වදන් හැසිරවීම හරිම අපූරුයි. මේ සඳහා මොන තරම් වෙහෙසක් දැරුවේ ද කියා මා දන්නවා. එබැවින් ඔබගේ වෙහෙස මහන්සියට මෙය උපහාරයක් වේවා. මෙවන් අපූරු කාරියන් තව තවත් කෙරුමට ඔබට දිරිය විරිය සවිය සහ කාලය ලැබේවා. ජයෙන් ජය.

  19. chamath cafe

    පට්ටම තමා සහෝ ඔන්න අපි අනිත් ඒවාත් දෙනකම් බලාගෙන ඉන්නේ...කොහොම හරි කලින් ටොරෙන්ට් එක ගන්න එපාය
    ජය වේවා

  20. අසංක

    සුපිරි කට්ටක් කාලා දෙන සබ් එකක් නේ
    ජයම වේවා සේරම ඉක්මනටම ඉවර කරරන්නට ලැබේවා!

  21. නලින්

    නියමයි පුබුදු සහෝ.

    ජය වේවා.

  22. das07

    (y) (y) (y) (y) (y)

  23. h[A]s

    පට්ටම කතාවක් මේක කොරා අනිත් එකත් බැලුවා පට්ට දිගටම දෙන්න ඔන්න

  24. කැළුම්

    නොපසුබට උත්සාහය අගය කරන ගමන් කතා සෙට් එකම ඉක්මනට ලබා දෙන්න හැකිවේවා කියලා පතනවා

  25. Pasan

    Thanks Friend........

  26. dilan

    මෙන්න දෙය්යනේ මෙකත් දාලා.මෙකෙ ඔක්කොම කොටස් ටික මාලග තියෙනව ඒ දවස් වල පිස්සුවෙන් වගේ බෑලුවෙ

  27. darshana saman

    aththatama hodha wadak neisa mama puthgalikawa sathutu wanawa malliyo

  28. Uraj Deemantha

    කාටූන් නේ....... :(

  29. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  30. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. දිගටම දෙන්න හොඳේ. :P :P

  31. Harsha Lahiru

    ජයවේවා සහෝ

  32. Sach

    බොහොම ස්තුතියි සහෝදරයා ....ජය වේවා !

  33. pradeep nilanga

    thanxxxxxx

  34. NCJD

    ඔන්න කොටස් 61ම බාගෙන බලල ඉවර වුනාට පස්සේ තමයි මේ කමෙන්ට් එක දාන්නේ. සමාවෙන්න ඕන එක එක කොටසට වෙනවෙනම කමෙන්ට් දාන්න නොහැකි වීම ගැන. කතාව නම් නියමයි කියල කවුරුත් දන්නවනේ. ඒවගේම තමයි සිංහල උපසිරැසත් නියමෙටම කරලා තිබුණා. සෑහෙන ප්‍රමාදයකින් පස්සේ වුනත් ලෝකේ හොඳම කාටුන් එකක් සිංහල උපසිරසිත් එක්කම බලන්න ලැබුණු එක සතුටක්. ඒ වෙනුවෙන් අවස්තාව ලබාදීම ගැන බොහොම ස්තුතියි.

  35. Yuresh

    Ithamath hodai

  36. Yuresh

    ඔයාට ගොඩක් ස්තුති.

  37. සපු

    නියමයි සහෝ...බොහොම ස්තුතියි...

  38. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  39. isuru

    ane meka subtitle kotas 2 vitarane tiyanne. anet tikat ganna vidhiya kiyannko

  40. isuru

    thnx mcn

  41. heshan

    niyamai

  42. Anushka Kuruppu

    පට්ට මචං කතාවායි සබ් එකයි දෙකම වැදුනා ...වැදුනා කියන්නේ ඇබ්බැහිම උනා මේකට.....සබ් වලට තැන්ක්ස් මචං

    1. Tharusha

      Cartoon ek kohend gththe link ekk dnn puluwnd me no ekt w.app 0781796050

  43. damith

    meka downlod karaganna bene mata.help meeee

  44. Ishan Madusha

    මුලින්ම කියන්න ඕන සහෝ කරලා තිබෙන්නෙ සුපිරිම වැඩක්.animated series නම් ඉතින් සුපිරි තමයි
    පුලුවන්නම් ලොව ඉතාමත් ජනප්‍රිය Cowboy Bebop,Death Note,Attack on Titan,
    Fullmetal Alchemist: Brotherhood මේ japanese anime series එකකට හරි උපසිරැසි කරනවනම්
    බොහෝම පින්.ජය..

  45. Sisila Prasad

    නියමයි සහෝ.

  46. Sisila Prasad

    එළ

  47. Sisila Prasad

    ස්තුතියි

  48. Sisila Prasad

    ලොවෙත් නැහැ

  49. chamithn

    ayye meke season collection ekak hadannako

  50. Hashan Madhuwantha

    Pattai... :lol:

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.