මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි… බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟා…

මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟ තර්ජනය එල්ල කරනුයේ බෙක්-ජන්ග් නැමැති හිටපු දරුණු බොක්සිං ශුරයකු විසිනුයි…
බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟාවලියක් (IKFC) පවත්වාගෙන යන පාතාල නායකයෙක්.. කාලයක් දකුණු කොරියාවේ හොදම බොක්සිං තරුව බවට පත්වූ බෙක්-ජන්ග් තමන්ගේ නොමනා හැසිරීම් නිසා තමන්ගේ දෑතින්ම මිනිසුන් මරා දමන දරුණු සටන්කරුවෙක් බවට පරිවර්තනය වෙනවා.. ගන්-වූ ලෝක සුපර් මිඩ්ල්වේට් ශූරතාව දිනා ගැනීමත් සමඟ බෙක්-ජන්ග්ගේ ඉලක්කයක් බවට පත්වෙනවා.. බෙක්-ජන්ග් විසින් ගන්-වූ වෙත තම IKFC ලීග් තරඟාවලියට පැමිණෙන ලෙස ආරාධනා කරත් ගන්-වූ විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග බෙක්-ජන්ග්, ගන්-වූගෙන් පළිගැනීමට අදිටන් කරගන්නවා…
පසුගිය කොටසෙන්,
අද ඔයාලට බලන්න පුලුවන් මන්-බේ විසින් බෙක්-ජන්ග්ව රටින් පිටමං කිරීමට ගහන සැලසුම.. ඒ වගේම ඔයාලට මතක ඇතිනෙ යුන්-ටේ ගොම්ට කෝල් එකක් එනවා එයාගෙ දුව ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් එකට එන්න කියලා. මෙතනදි යුන්-ටේ ගොම්ව පොලිසියට හසුවෙනවා. ගන්ග්-යොන්ග්, යුන්-ටේ ගොම්ගෙන් ප්‍රශ්න කරලා ඔහුව පොලිසිය පැත්තට හරව ගන්නවා. ඔහුගෙන් බෙක්-ජන්ග් ගේ සැලසුම් සියල්ල පිළිබදව අහලා දැනගන්නවා.. මේ අතරෙදි තමයි ගන්ග්-යොන්ග් දැනගන්නෙ බෙක්-ජන්ග් වැඩක් කරගන්න පශු වෛද්‍යවරයව හම්බවෙන්න එනවා කියලා. ඉතින් කට්ටිය එකතුවෙලා ලොකු සැලැස්මක් හදනවා, මේ අවස්ථාවෙදි බෙක්-ජන්ග්ව අල්ලගන්න. සැලැස්ම තිතටම ක්‍රියාත්මක වෙලා බෙක්-ජන්ග්ව අල්ලගත්තත් මන්-බේ තමන්ගෙ ගෲප් එකේ මැරයො එකතු කරගෙන බෙක්-ජන්ග්ව බේරලා දෙන කෙනෙක්ට ලොකු තෑග්ගක් ලැබෙනවා කියලා ප්‍රචාරයක් යවනවා. මෙතනදි තමයි අපේ හිටපු වීරයෙක් වන ඩූ-යොන්ග්වත් පෙන්නන්නෙ. මන්-බේගෙ සැලැස්ම හරියනවා. බෙක්-ජන්ග් බේරිලා පැනගන්නවා. එහිදි වන සටනෙන් ගන්ග්-යොන්ග් හා ග්වන්ග්-මූ දැඩි තුවාල ලබනවා. යුන්-ටේ ගොම් මිය යනවා. මේ අතර කන්ග්-ඉන් බොම් ඇතුලු පිරිසක් වූ-ජින් හා ගන්-වූගෙ මව සිටින කාමරයට ගොස් දැඩි ප්‍රහාරයක් එල්ල කර ගන්-වූගෙ මව පැහැරගෙන යනවා. මෙතනින් තමා කතාව ඉවර වෙන්නෙ..
අද කොටසෙන්,
අද කොටස ගැන ලොකු විස්තරයක් කරන්න බලාපොරොත්තුවක් නෑ.. අද කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් ගන්-වූ හා බෙක්-ජන්ග් අතර සිදුවන අවසන් සටන.. ඉතින් තම මව බේරාගැනීම වෙනුවෙන් අවසන් සටනට පැමිනෙන ගන්-වූ මේ සටන ජයග්‍රහන කරයිද ? අවසානය සතුටු හිතෙන අවසානයක් වෙයිද ? පේන විදිහට නම් තුන්වෙනි කතා මාලවකුත් එනවා වගේ. එහෙනම් මේ සුපිරි කොටසත් බලන්න ඔයාට ආරාධනා කරන ගමන් මා සමුගන්නවා. සුභ දවසක්..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
699 downloadsDownload Bloodhounds-S02E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
1 comment
Sandaru Nimsara
Advertisement




Thanks