ඊයේ අපේ තරිදු සහෝ අරගෙන ආව විශිෂ්ඨ Money Heist බලන්න ඇති කියලා හිතනවා. මේ සූදානම මේ වසරේ විකාශය ආරම්භ වුන තවත් කතාවක් ඔබ වෙත ගෙන එන්නට අධිතාලම දාන්න. නමින් කාසල් රොක් වෙන මේ කතා මාලාව විකාශය ආරම්භ වුනේ ජූලි 25 වැනිදා, ඒ Hulu තුලින්… ටික දවසක් බලා හිටියා කිසිම කෙනෙක් කරන පාටකුත් නැහැ මමත් නොකරනවා […]

ඊයේ අපේ තරිදු සහෝ අරගෙන ආව විශිෂ්ඨ Money Heist බලන්න ඇති කියලා හිතනවා. මේ සූදානම මේ වසරේ විකාශය ආරම්භ වුන තවත් කතාවක් ඔබ වෙත ගෙන එන්නට අධිතාලම දාන්න. නමින් කාසල් රොක් වෙන මේ කතා මාලාව විකාශය ආරම්භ වුනේ ජූලි 25 වැනිදා, ඒ Hulu තුලින්… ටික දවසක් බලා හිටියා කිසිම කෙනෙක් කරන පාටකුත් නැහැ මමත් නොකරනවා කියා හිතාගෙන ඉන්නකොට තමයි ඉතින් කට්ටිය කරන්න කැමති බව ප්‍රකාශ කලේ බොහොම ඉක්මනින් කට්ටිය සුදානම් වුන එකේ වැඩේ තවත් පරක්කු නොකර පටන් ගන්න හිතුවා.
ඉතින් කාසල් රොක්, මේ නම අහලා පුදුරු ද? සමහර දෙනෙකුට නම් ඔව් සැබවින්ම අහලා පුරුදු ඇති, නමුත් තවත් සමහරක් උදවිය මේ වට පිටාවේ කතා අහලා ඇති බලලා ඇති. මොකද මේ කාසල් රොක් සැබෑ නගරයක් නම් නෙමෙයි… මුලින්ම අපි කාසල් රොක් ගැන අහන්නේ 1979 වගේ ඈත කාලෙක… හැබෑටම කොහෙද මේ ? අහලා තියනවද Stephen King කියලා කෙනෙක් ගැන. ඔහු ගැන නම් අහලා නැති බයිස්කෝප් ප්‍රේක්ෂකයෙක් ඉන්න හැටියක් නැහැ සිකුරුයි. මොකද භයානක කතා ලෝකයේ රජ කරන එතුමාගේ අතින් නිර්මාණය වුන ග්‍රන්ථ අනුසාරයෙන් නිර්මාණය වුන චිත්‍රපට ටෙලි කතා මලා අපි කොතෙකුත් ඔබ වෙත ගෙනත් ඇති….. මතකද බලන්න,
- The Green Mile (1996)
- The Dark Tower (2017)
- Cujo (1982)
- It (2017)
- The Shining (1980)
- The Shawshank Redemption (1994)
- The MIst (2007)
- Misery (1990)
- 1922 (2017)
- Gerald’s Game (2017)
- Stand by Me (1986)
- Carrie (1976) / (2013)
ඒ වගේම, ඔහුගේ අතින් නිර්මාණය වුන කතා පාදක කරගෙන නිර්මිත ටෙලි කතා මලා වුන,
- Under the Dome
- Haven
- 11.22.63
- The Mist
- Mr. Mercedes
කියන්න ගියොත් නම් තව බොහොම තියනවා ඔය ලැයිස්තුවේ නමුත් ඉතින් ඔය ටිකම ප්‍රමාණවත් ඇති නෙව ඔහුගේ වැඩ ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න, ඉතින් එහෙව් ඔහු අතින් 1979 වසරේ දී එළිදැක්වුණ The Dead Zone නව කතාව වෙනුවෙන් නිර්මාණය වුන මේන් ප්‍රාන්තයේ පිහිටි ඉන් පසු ඔහුගේ කතා කිහිපයකම නැවත නැවත පාදක කරගත් නගරය සහ ඔහුගේ චරිත පාදක කරගෙන තමයි අද ඔබ වෙත මේ ගෙන එන නිර්මාණය හැඩවෙලා තියෙන්නේ.
කොටස් 10 කින් යුක්ත වුන පළමු කතා සාමය විකාශය ආරම්භ වෙලා දැනට කොටස් 4 ක් නිකුත් වෙලා, ඒ ජූලි 25 වැනිදා කොටස් 3 සහ අගෝස්තු 1 වැනිදා සිව්වැනි කොටස හැටියට. ඉතින් මේ සියල්ල ඉක්මනින් ඔබ වෙත ලැබෙයි… මේ වෙනකොට කාසල් රොක් IMDB දර්ශකයේ 8.8 ක් වගේ විශාල අගයක් ලබාගෙන ඉහලින් වැජඹෙන අතරේ රෝටන් ටෝමාටෝ මීටරයේ 79 % වගේ අගයකුත් ලබාගන්නට සමත් වෙලා තියනවා.
Sam Shaw, Dustin Thomason නිර්මාපකයන් හැටියට කටයුතු කරන මේ කතා මාලාවේ Melanie Lynskey, André Holland, Bill Skarsgård (මින් පෙර IT සලරුවේ පෙනිවයිස් ලෙස එක්කාසු වුනෙත් ඔහුම තමයි), Jane Levy, Sissy Spacek (මුල්ම කැරී), Ann Cusack, Scott Glenn, Caleel Harris, Chosen Jacobs, සහ තවත් විශාල පිරිසක් දකින්නට හැකි වේවි.
කතාව ගැන කියනවා නම් මෙහෙමයි…. අපේ කතාවට මුලික වෙන කාසල් රොක් ආසන්නයේ තියනවා බන්ධනාගාරයක්, මේ බන්ධනාගාර නමින් ශෝශෑන්ක්…. මෙතෙක් ප්‍රාන්තය සතුව තිබ්බ මේ බන්ධනාගාර දැන් පුද්ගලික අංශය වෙත පැවරිලා, මෙතෙක් බන්ධනාගාර නියාමක හැටියට හිටිය ලේසී මහත්මයා තමුන්ගේ රාජකාරියේ කටයුතු කරන අවසාන දවසෙන් තමයි අපි කතාව ආරම්භ කරන්නේ, නමුත් ඒ ඔහුගේ අවසාන දවස වෙන්නට වැඩි වෙලාවක් නම් යන්නේ නැහැ… ඉතින් පාලනය වෙනස් වීමත් එක්ක එන නව පාලිකාව බන්ධනාගාරයේ ඉඩමදී කම ගැන කතා කරනකොට තමයි වසර 30 තිස්සේ වසා ඇති F කොටස ගැන දැනගන්නට ලැබෙන්නේ… පුද්ගලික අංශයේ ඉතින් කිසිම දෙයක් නිකන් තියෙන්න දෙන්නේ නැහැ නෙව, ඉතින් ඇය වහමා යවනවා මේ කොටස පරික්ෂා කරන්න සේවකයන් දෙන්නෙක් ඔවුන්ට හීනෙකින්වත් නොසිතු දෙයක් තමයි හොයාගන්නට ලැබෙන්නේ…
බන්ධනාගාර තුල කතාව එහෙම වනකොට කාසල් රොක් ඉතිහාසයේ කළු පැල්ලමක් එකතු කරපු අතීතයක් උරුම හෙන්රි ඩිවර් එක්ක අපේ අනික් කතාවත් ආරම්භ වෙනවා දැන් ඔහු නැති වෙලා දවස් 11 ක් නැති වෙලා කිව්වට මැරිලා එහෙම නැහැ අතුරුදහන් වෙලා ඉතින් ඔහු හොයා යන ප්‍රදේශයේ ෂෙරිෆ්වරයා ඇලන් ඔහුව හොයා ගන්නවා… දවස් 11 ක් රාත්‍රී කාලයේ සෘණ 40 උෂ්ණත්වය එක්ක වුනත් හෙන්රි තවමත් යහතින් හැබැයි ඔහුට වුන කිසිම දෙයක් නම් මතක නැහැ…. දැන් අපි ආපහු එනවා වර්තමානයට…
අතීතය එක්ක රහස් තියාගෙන, වර්තමානය එක්ක රහස් නිර්මාණය වෙන මේ කතාව බොහොම පැටලිලා සහගත එකක් වේවි ආරම්භයේ ඉදලම ඒ පැටලිලි ලෙහෙන හැටි නම් බොහොම අපූරුයි ඉතින් ඔබත් අවස්තාවක් දෙනවා නම් මේ Drama | Fantasy | Horror | Mystery | Thriller කාණ්ඩ නියෝජනය කරනා අපූරු කතාවට සැකයක් නැහැ ඔබත් ඊලග කොටස එනතුරු ඇගිලි ගණිනා කෙනෙක් වේවි, මේ කතාව ඒ තරම්ම කුතුහලය අවුස්සන කතාවක්…
ඉතින් එහෙනම් ඔබ රහස් හෙළි කරගන්න, අදහසක් දක්වා යන්න…. ඊලග කොටසත් එක්ක හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
51 comments
sachintha
madusanka
බොහොම ස්තුතියි සහෝ දිගටම කරගෙන යන්න ජයවේවා ...***!
Bandaramudiyansi
1080p කොහෙන්ද හොයාගන්නෙ 720 ම්දි මන්.ටිවි එකේ බලන හින්ද
S.K. Ruchiranga
Rapidmoviez,,,,, psarips.com
Kanchana
Thanx saho9o
Piumi ann
ane aththatama niyamai mama asai me wage katha walata , oya niyama therimak karala mama meyage movies okkoma balala thiyanawa ewanam kiyala wadak ne mekath oyage lipiya kiyawapuwama nobalama be thanksss aniwa ikmanata ilaga ekath denna
pupi
bohoma sthuthi sameera sahoo... mamahithuwe ne mekata me tharam ikmanata sub dei kiyala. niyamai wede.. "condor" series ekatath sub denta puluwanda?#
AsithaDilruwan
Ela saho thanks
dsdkavishka
Thenks aiya, fatta
Sachindu thakshila
Elama
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි සබ් එකට.. ජය වේවා මචං..
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි ට්වි සීරියස් එකක් වගේ .
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!S.K. Ruchiranga
Thz sub ekata
npmuweerasinghe
supiri,thinks
Aluth T V epiyak balamu hondada kiyala ,.... thanks samira
Subhash13
සුපිරිම සිරිස් එකක්.සබ් දෙනකන් හිටියේ
Ishan Madusha
නියමයි.ස්තූතියි සහෝ
Chokzi
Thnkz........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
kd sandaka
patta brooo
kd sandaka
machan web copy walatama sub diyan bro
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!chiro
thnx for sub
Udara Damith Dissanayaka
Under the Dome
the mist
කරපු කෙනනම් ayi මේක නියමටම ඇති
ඒ දෙකෙනුත් අපි හොල්මන් කරනේ බලනකොටRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක ආපු දවසෙම download කරේ..
සබ් දෙයි කියල හිතුවේ නැ...
සුපිරි වැඩක්...ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...franticfox
machanla pls download karaddi login wenna kiyala illanna epa. log wenna onema nam aye log unata passe sub eka thiyana page ekatama link karanna. home ekata danna epa. sub ekata ty
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Nirosh C
ස්තුතියි සමීර සහෝ.ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks bro......jayawewa....!
Praveent
thanx bro.mekata sub denakan balagena htye.
yasith udayanga
good job bro
Lakshan
Thanks Bro.
NUWAN24
thanx..............!
Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata. Ada start kare balanna. Jaya wewa...!
oshanmp
ස්තුතියි මචං උපසිරැසියට!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dula95
thanks bro
suranuwan
thanks........
raharitha98
Thank you for casal rock sinhala sub
Eranda Malith 2.0
Thanks mcn subtitle ekata
Rasitha Illangasinghe
Thanks sub ekata..
prageeth chamalka
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..ජය !!!
Dushan Tharuka
Thanks...Jaya wewa !!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!melinda
thanks
MAALnath
Thanks ...............good luck ..................
Ruwan Tharaka
Castle tv series eke sinhala sub ekath puluwannam daannako.
Achintha
sub eka download krnna ba download not allowed this type of file kyla watenwa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය