ඉතිං යාළුවනේ නොහිතපු විදියට මේ කොටස් කරන්න හිටිය අපේ හිරාන් මල්ලි අසනීප උන හින්දා මමම අරගෙන ආවා. මේ සමයෙන් මුළු කතාවම අවසන් වෙන නිසා හැමදෙයක්ම නිරවුල් වේගෙනයි එන්නෙ. ඉතිං මේක බලන්න කලින් අපි හිරාන් මල්ලිට ඉක්මන්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි පෙර කොටස් ගැන ටිකක් මතක් කරගමු. මතකනෙ කලි…

ඉතිං යාළුවනේ නොහිතපු විදියට මේ කොටස් කරන්න හිටිය අපේ හිරාන් මල්ලි අසනීප උන හින්දා මමම අරගෙන ආවා. මේ සමයෙන් මුළු කතාවම අවසන් වෙන නිසා හැමදෙයක්ම නිරවුල් වේගෙනයි එන්නෙ. ඉතිං මේක බලන්න කලින් අපි හිරාන් මල්ලිට ඉක්මන්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

එහෙනම් අපි පෙර කොටස් ගැන ටිකක් මතක් කරගමු. මතකනෙ කලින් කතා සමය අවසානයෙදි බෙල්මොන්ට් සහ සයිෆා කතා කරගත්ත විදියට බෙල්මොන්ට්ගෙ ආකාරයේ ජීවිතයක් ගතකරන්න යනවා. ඉතිං එයාලා ඒ විදියට මාස කීපයක් ඉන්නවා, විවිධ මෘගයන්වයි මායාකාරයන්වයි වැම්පයර්ලවයි දඩයම් කර කර. ඒ තැන් වලදි එයාලට දැකගන්න ලැබෙනවා යම් පිරිස් මළගිය කෙනෙක්ව අපායෙන් ආපහු ගෙන්වාගන්න කරන යාතුකර්ම සහ මායාවන් පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒවයින් දැක්වෙන්නෙ ඒ ඩ්‍රැක්‍යුලාව බව. නමුත් ඒ එකක්වත් සාර්ථක කරගන්න ඔවුන් ඉඩදෙන්නෙ නෑ. කොහොමහරි අන්තිමේදි එයාලා ඇවිත් නතරවෙන්නෙ ඩ්‍රැක්‍යුලාගෙ බිරිඳව ගිනිතියලා මරපු ටාගොවිෂ්ටා නගරයෙ. මේ අතරෙදි තමයි අලුකාඩ්ගෙ මන්දිරයට මැරුනු මනුස්සයෙක් පිටේ තියාගත්ත අශ්වයෙක් පැමිනෙන්නෙ. ඔහුගෙ අතේ ලියුමක් තියෙනවා අලුකාඩ්ගෙන් උදව් ඉල්ලලා ලියපු.

මේ වෙනකොට හෙක්ටර්ට කර්මිලාගෙ මාලිගය පුරාම නිදහසක් හම්බවෙලා තියෙනවා, ලෙනෝර්ගෙ ඉල්ලීමට අනුව. ඔහු පණපෙවීමට අවශ්‍ය ආයුධයක් හදාගන්න උත්සාහ කරනවා. දැන් හෙක්ටර් සහ ලෙනෝර් දෙන්නා ගොඩක් ලෙංගතු වෙලා ඉන්නෙ. කොහොමහරි මාලිගයෙදි ලෙනෝර්ට දැනගන්න ලැබෙනවා කර්මිලාගෙ සැලැස්ම මුළු ලෝකයම යටත් කරන එක බව. ඇයනම් ඒකට වැඩියෙ කැමැත්තක් පෙන්වන්නෙ නෑ. අන්තිමේදි හෙක්ටර්ට හැකියාව ලැබෙනවා ඔහුට අවශ්‍ය ආයුධය තනාගන්න. මේ වෙලාවෙ ටාගොවිෂ්ටා වල ඉන්න බෙල්මොන්ට් සයිෆා දෙන්නට වානි සහ රැට්කෝ කියන වැම්පයර්ලා විසින් මෙහෙයවන මෘගයන් පිරිසක් විසින් දරුණු ප්‍රහාරයක් කරනවා. එයින් එයාලව සම්ෆීර් කියලා කෙනෙක් ඇවිත් බේරගන්නවා. එයා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ගෙ නගරය බේරගන්න උදව් කරන්න කියලා. ඒවගේම කියනවා ඔවුන්ගෙ නගරය යටින් රහසිගත මන්දිරක් පිහිටලා තිබෙන බවත් වැම්පයර්ලා පහරදෙන්නේ එය සොයාගැනීමට බවත්.

එහෙමනම් එතන ඉඳලා බලන්නකො. එහෙනම් ගිහින් තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනින්ම ආපහු එන්නම්. එතෙක් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව ඉන්න කියලා ඉල්ලනවා.

ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,042 downloadsDownload Castlevania-S04-E03-E04.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,042 downloadsDownload Subtitles31 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Nishan S. Ariyarathna

    Thank you so much

  3. Anonymous

    Get well soon Buddy

  4. Nishan S. Ariyarathna

    Get Well Soon Buddy

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  6. Janith

    Machan sub akata thanks bn..
    Ane bro dota dragons blood akatath aub eka dennako...
    Respect ❤️

  7. Janith

    Anfd hiran bro get well soon

  8. Pavith Wijesooriya

    සිංහල උපසිරසි වලට ගොඩක් ස්තූතියි අයියේ.නියමෙටම සබ් එක තියෙනවා.කතාව දැන් නම් සුපිරී වේගෙන එන්නේ.ඉදිරියටත් මේ වගේ සුපිරී කතාවලට සබ් ලබා දෙන්න.ජය වේවා!

  9. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.