Watch Trailer

The Innocent (2021) [S01 : E04] Sinhala Subtitles | හැමදෙයක්ම බොරු! [සිංහල උපසිරැසි] [18+]

හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් මං අද ආවේ මයුර සුරාජ් සොයුරාගේ ආරාධනය මත එක්කාසු වුන The Innocent කතාමාලාවේ සිව්වැනි කොටසේ උපසිරැසිය අරගෙන. පහලින් තියෙන මේ ලිපියත් මයුරගෙන්මයි. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා කතාව නරඹන්න. ස්තූතියි මයුර ආරාධනයටත් ලිපියටත්. ලිපිය – මයුර සුරාජ් නෙට්ෆ්ලික්ස් වෙතින්…

හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් මං අද ආවේ මයුර සුරාජ් සොයුරාගේ ආරාධනය මත එක්කාසු වුන The Innocent කතාමාලාවේ සිව්වැනි කොටසේ උපසිරැසිය අරගෙන. පහලින් තියෙන මේ ලිපියත් මයුරගෙන්මයි. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා කතාව නරඹන්න. ස්තූතියි මයුර ආරාධනයටත් ලිපියටත්.

ලිපිය – මයුර සුරාජ්

නෙට්ෆ්ලික්ස් වෙතින් නිකුත් කරපු අළුත්ම ස්පාඥ කතාමාලාව තමා බයිස්කෝප් අපි මේ දවස් වල අරගෙන එන්නේ. ඉතින් කොටස් 8කින් සමන්විත මේ කතාමාලාවේ කොටස් 3ක් මේ වෙද්දීත් රස විඳපු කට්ටිය දන්නවා මේකේ හැටි. මනාප 11,000කට අධික ප්‍රමාණයක් ලබාගෙන ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8ක අගයක් ගන්න තරම් මේ කතාවට අති විශාල ජනප්‍රසාදයක් ලැබිලා තියෙනවා. එහෙනම් ඉවසිල්ලක් නැතුවනේ ඇත්තේ ඊළඟ කොටස බලන්න. ඊට කලින් 3වෙනි කොටස ටිකක් මතක් කරගමු.

කන්‍යා සොහොයුරියගේ මරණයේ අබිරහස ගැන ලෝරේන් විමර්ශනය කරන බව දැන් කවුරුත් හොඳාකාරවම දන්නවා. ඒත් පහුගිය කොටස බලද්දී දැක්කනේ විශේෂ අපරාධ ඒකකයත් මේකට වැඩි අවධානයක් පෙන්නන බව. සිස්ටර් මරියාගේ මිනියත් එයාලගේ භාරයට ගත්තා. ඔය අතරේ ලෝරේන් අර අමුතු දුරකථන අංකය ඔස්සේ හෝඩුවාවක් හොයාගෙන ගිය බව කට්ටියට මතක ඇති. අපි කවුරුත් දන්න කියන කෙනෙක්ගේ ගෙදරින් තමා ලොරේන්ගේ දුරකථන අංක ප්‍රශ්නය නම් ඉවර වුණේ. ඒ වගේම, මැට්ගේ කතාන්දරය ගැන ටිකක් බැලුවොත් මිනිහා සෝයි එක්ක එයාගේ අතුරුදහන් වෙච්ච නෝනා, ඔලීවියාව හොයන ගමන්. සෝයිගේ සොයාගැනීම් එක්ක ඔලීවියා කියන චරිතය ගැන ප්‍රශ්නාර්ථයක් මතුවුණත් මැට් තමන්ගේ හෙවිල්ල නම් නතර කරන පාටක් නැහැ.

සිස්ටර් මරියාගේ අනන්‍යතාවය හොයාගෙන යන ගමනෙදි ලෝරේන් මැට්ගේ ඉතිහාසය ගැනත් හොයන්න පටන් ගත්තා. ඒ ඔස්සේ එලිවෙච්ච දේවල් බලපු අය දන්නවා. ඔය අතරේ මැට් අතින් මරණයට පත්වුණු ඩැනීගේ තාත්ත දිවිනහගන්න යන බවත් දැක්කනේ. මැට් සහ සෝයිගේ ඔලීවියා හොයාගෙන යන මෙහෙයුමේ ඊළඟ ගමනාන්තය වුණේ ඔලීවියා ඉන්නවයි කියපු හෝටල් කාමරය. සෝයිව පල්ලෙහායින් තියලා මැට් ඒ හෝටලයේ කාමරයට ගියා මතකයිනේ. ඒත් පස්සේ මැට්ගෙන් කිසි සද්දයක් නැති තැන සෝයි හෝටලයට ගිහින් කාමරයට කඩාවැදුනේ ලොකු ගාලගෝට්ටියකුත් එක්ක. කාමරේ ඇතුළෙදි සෝයි දැක්කේ හරි පුදුම හිතෙන දෙයක්. ඒ මොකක්ද කියලා මේ කොටසින් දැනගන්න පුළුවන්. ඔය අතරේ ලෝරේන්ට තව මිනීමැරුමක් ගැන ආරංචි වෙනවා.

අද කොටස. එහෙම නැත්තම් 4වෙනි කොටසත් ආරම්භ වෙන්නේ සුපුරුදු කුතුහලයත් එක්කමයි. හෝටල් කාමරේදී සෝයි දැක්කේ මොකක්ද? වාහනේ ඇතුලේ මරලා දාලා හිටියේ කවුද? මැට්ට මොකද වුණේ? මේ හැමදේම බලාගන්න පුළුවන්. හැමදේම බලාගෙනත් අද කොටසත් ඉවර වෙන්නේ සුපුරුදු කුතුහලය දීගෙනමයි කියලත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ කොටස අරන් අචින්ත සහෝදරයා ඒවි. ගිහින් එන්නම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,511 downloadsDownload The-Innocent-S01-E04.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,511 downloadsDownload Subtitles28 KB

21 comments

  1. Chathu

    Thanks bro. Ikmanatama ithuru tikath balaporoththu wenawa.

  2. Prabodha

    Good sthuthi saho

  3. Anonymous

    Ela ela bro

  4. Anonymous

    Ithuruwath ikmnta demu,ntnm kuthuhale wadi kmata monwa karawida dnne na

  5. Jeewantha

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  6. මනීෂා දේහධාරි

    අම්මෝ ඉවසගන්න බෑ දැන් නම්. පුලුවන් ඉක්මනට දාන්න අනිත් ටිකත්

  7. චතුරංග බුද්ධික

    මරු... ඊළග කොටස කවදාද? කීයටද?

  8. Anonymous

    THANKS BRO

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  10. Ashvin

    Thanks machanlaaa... පොඩි ඉල්ලීමක් තියෙනවා ජනප්‍රිය රූපවාහිණී කතා මාලාවකට උපසිරැසි ලැබුණෙ නෑ මාස ගානකින්.. පුලුවන්නම් මේ ඇඳිරිනීති කාලෙ ගෙදරට වෙලා බලන්න සුපිරි tv series එකක් අරන් එමුද ඉස්සර වගේ සෙට් එකම එකතු වෙලා..
    The expans, Grimm, Friends, Sons of anarchy, Seal Team, Riverdale, Salem,Europhia,American Horror story, The Unit, Roman Empire, The mist, X hunters වගේ එකක් හරි කමක් නෑ..

  11. මයිකි

    මෙ කතාව මරු. ඉතුරු කොටස් ටික ඉක්මනට දෙන්න

  12. Pramukmili

    Thanx bro...........

  13. Dewadithya

    Thanks for sub!

  14. T

    Thx

  15. Anonymous

    Thnx for sub ...❤️

  16. Thilanka

    Thank youu

  17. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  20. viraj

    thanks..........

  21. Akila Dilhara

    Thanks Brother...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.