ඉතිං යාළුවනේ මේ කතා සමයෙ මමත් උපසිරසි කීපයක් අරගෙන ආවා. මුල් කොටස් හතර කරපු හිරාන් මල්ලිනම් ඉක්මනින්ම ඒවා අවසන් කලා. මම තමයි හිමීට වැඩේ කලේ. ඒ වෙනුවෙන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන. ඒවගේම හිරාන් එරන්ද මල්ලිටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේකට මටත් ආරාධනා කිරීම වෙනුවෙන්. ඉතිං ඔයාලා හැමෝම දන්නවා ඇති…

ඉතිං යාළුවනේ මේ කතා සමයෙ මමත් උපසිරසි කීපයක් අරගෙන ආවා. මුල් කොටස් හතර කරපු හිරාන් මල්ලිනම් ඉක්මනින්ම ඒවා අවසන් කලා. මම තමයි හිමීට වැඩේ කලේ. ඒ වෙනුවෙන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන. ඒවගේම හිරාන් එරන්ද මල්ලිටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේකට මටත් ආරාධනා කිරීම වෙනුවෙන්. ඉතිං ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ මේක තමයි අවසන් කතා සමය යනවග. මේ තමයි අවසන් කොටස් කිහිපය.

එහෙනම් අපි කලින් කොටස් දෙක ගැන ටිකක් මතක් කරගමු. තුන්වන කොටසෙදි අපි දැක්කනෙ අයිසැක් එයාගෙ මෘගයන් ලවා මිනී භූමදානය කරනවත්, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන එකත්. එයා විශ්වාස කරනවා මේ සත්තුන්ටත් වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒවගේම අනාගතය ගැනත් ගොඩක් හිතනවා. ඔය අතරෙදි ලන්ඩනයෙ වානි කැඩපත හරහා අයිසෙක්ට කියනවා ඩ්‍රැක්‍යුලාව ආපහු ගෙන්වන එකට උදව් කරන්න කියල. හැබැයි ඒකට අයිසැක් ඒතරම් උනන්දු නෑ වගේ නේද? මේ අතරෙදිම යුධබිමේ ඉන්න ස්ට්‍රීගටයි මොරානටයි එයාලගෙ වැම්පයර් සෙබළුන්ටයි ගමක ඉන්න සාමාන්‍ය මිනිස්සු කට්ටියක් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරය සාර්ථකව මැඩපැවත්තුවත් යම් කළකිරීමකට පත්වෙනවා මිනිස්සුන්ගෙ එයාලට තියෙන බය අඩුවෙලා තිබීම ගැන.

සයිෆා සහ බෙල්මොන්ට් දෙන්නා මේ වෙද්දි ඉන්නෙ ටාගොවිෂ්ටා වල. එයාලා සම්ෆීර් ගෙන් ඉල්ලා සිටිනවා ඒ අයගෙ ප්‍රධානියො ජීවත් වෙන භූගත මන්දිරය පෙන්වන්න කියල. ඒත් සම්ෆීර් කියනවා මෙයාලා ගැන තව විශ්වාසය ගොඩනැගෙන්න ඕනෙ කියල. ඔය අතරෙදි ඩනෙස්ටි කියන ගමට එල්ලවෙන රාත්‍රී මෘග ප්‍රහාරය අලුකාඩ් ඇවිත් මැඩපවත්වනවා. එහෙදි එයාට ග්‍රේටා කියන ගමේ ප්‍රධානියා උන කාන්තාවයි ශාන්ත ජර්මේන්වයි මුණගැහෙනවා. ජර්මේන් කියා සිටිනවා ගම්මුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් අලුකාඩ්ගෙ මාලිගයට එක්ක යන්න කියල. ඒවගේම ජර්මේන්ගෙ අතීත කතාවත් කියනවා. ඒවගේම එයා අනන්ත කොරිඩෝවෙන් එලියට ආව විදියත්. මේ සිදුවීම් අතරෙදි වානි ජර්මේන්ගෙනුත් ඉල්ලනවා ඩ්‍රැක්‍යුලා නැවත ගෙන්වීමේ වැඩේට සහය දෙන ලෙසට. තම ප්‍රියාවිය නැවත ලබාගැනීමේ අරමුනෙන් ඔහු එයට කැමති වෙනවා.

අද කොටස් වලදි අලුකාඩ් ගම්මුන්ව එයාගෙ මාලිගයට එක්කගෙන යනවා. ඒ ගමනෙදි එයාලට ගොඩක් ප්‍රහාර එල්ලවෙනවා. ඒවගේම හෙක්ටරුත් වැඩ පටන් අරන්, රාත්‍රී මෘගයන්ව නිර්මාණය කරමින් ඉන්නවා. වැදගත්ම දේ තමයි අයිසැක් එයාගෙ සේනාවත් අරගෙන ස්ටීරියාවට එනවා. එතනදි සමහරුන්ගෙ ඉරණම් විසඳීමට නියමිතයි. ඒ කාගෙද කියලා ඔයාලම බලන්නකො.

එහෙනම් ගිහින් අනිත් කොටස් ටිකත් අරගෙන ඉක්මනින්ම එන්නම්. පරිස්සමෙන් ඉන්න.

ඔබට ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,267 downloadsDownload Castlevania-S04-E05-E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,267 downloadsDownload Subtitles25 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Nishan S. Ariyarathna

    බොහොම ස්තූතී සහො...

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. prasanga

    thanks..

  5. Pavith Wijesooriya

    මේ එපි දෙකටත් උපසිරැසි ලබා දුන්නට ගොඩාක් ස්තූතියි.❤️

  6. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.