Classroom of the Elite Season 03 Sinhala Subtitles තව නොබෝ දිනකින් නිකුත් වෙන, හරියටම කිව්වොත් 2026 අප්‍රේල් 1 වෙනිදා හතරවන කතා සමය ආරම්භ වෙන්න කලින්, කතාව මුල ඉඳන්ම අරන් එන්න ඕනියි කියන සිතුවිල්ලට අනුව Classroom of the Elite ඇනිමෙ කතා මාලාවේ තුන්වෙනි කතා සමය අරගෙනයි මේ එන්නෙ. පෙර කතා මාලා දෙක වගේ…

Classroom of the Elite Season 03 Sinhala Subtitles
තව නොබෝ දිනකින් නිකුත් වෙන, හරියටම කිව්වොත් 2026 අප්‍රේල් 1 වෙනිදා හතරවන කතා සමය ආරම්භ වෙන්න කලින්, කතාව මුල ඉඳන්ම අරන් එන්න ඕනියි කියන සිතුවිල්ලට අනුව Classroom of the Elite ඇනිමෙ කතා මාලාවේ තුන්වෙනි කතා සමය අරගෙනයි මේ එන්නෙ. පෙර කතා මාලා දෙක වගේම මේ උපසිරැසි මාලාවත් මම නිර්මාණය කරල කාලයක් වෙනවා. මේ වෙද්දි කතාව නරඹපු කෙනෙක් නම් මේ කතාව මොන විදිහෙ එකක්ද කියන්න දන්නවා. High School එකක අනිත් ශිෂ්‍යයින්වත් ඉත්තො ගානට දාගෙන, එක්තරා Manipulator කෙනෙක් පරික්ෂණ අභියෝග එක්ක තමන්ගේ ගමන යන විදිහ තමයි අපිට කතාවේ මුල ඉඳන්ම බලාගන්න ලැබුනෙ. අන්න ඒ විදිහක High School Psychological ඇනිමෙ සීරීස් එකක තුන් වෙනි කතා සමය මේ විදිහට ඇරඹෙනවා.

2024 වසරේදී තුන්වෙනි කතා මාලාව විකාශය වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් Classroom of the Elite ඇනිමෙ සීරීස් එක Syougo Kinugasa ගේ Classroom of the Elite Light Novel එක ආශ්‍රයෙන්, Animation production එක කරන්නෙ සුපුරුදු පරිදි Lerch Studio එක විසිනුයි. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙන මේ ඇනිමෙ එක Season 3 ට අදාළව මිනිත්තු 23 බැගින් වුනු කොටස 13 කින් සමන්විත වෙනවා. Season 3 හි Theme එක වෙන “Minor Piece” ගීතය ZAQ විසින් ගායනා කරනවා. පසුගිය සීසන් දෙකේදිම themes ගායනා කළේ ZAQ ම තමයි. පසුගිය සීසන් දෙකේදිම themes ගායනා කළේ ZAQ ම තමයි. ඒ වගේම මේ Season 3 තවත් Ending Themes කිහිපයකින්ම හැඩ ගැන්වෙනවා.

මුලින්ම ඔයා Classroom of the Elite Season 1 ,2 නරඹපු නැති කෙනෙක් නම් ඒ සීසන් දෙකම නැරඹීම අනිවාර්යයි. මොකද ඒවායේ අවසානයන් එක්ක පිළිවෙළින් තමයි මේ Season 3 යෙදෙන්නේ. Classroom of the Elite Season 2 හි අවසානයෙදි අයනකෝජි කියොතකාගේ උපක්‍රම නිසා D පන්තිය C පන්තිය තෙක් උසස් කෙරුනා. ඇත්තටම බැලුවොත් පරික්ෂණ නීතිවල තිබුනු යම් යම් හිඩැස් අතරින් යොදපු උපක්‍රම නිසා මේ උසස් වීම මුළු පන්තියටම ලැබුනේ කියන එක අපිට තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම පන්තියේ හිටපු කෙල්ලෙක්ගේ දුර්වල ස්ථානය ප්‍රයෝජනයට ගනිමින් ඒ කෙල්ලව තමන්ගේ ඉත්තෙක් කරගෙන හැම වැඩක්ම පාහේ අයනොකෝජි කරගන්න විදිහ අපිට දකින්න ලැබුනා. ඒ වගේම වැදගත්ම සිදුවීම තමයි C පන්තියේ ඒකාධිපති නායකයා වුනු රියුඑන් සහ අයනොකෝජි අතර වුනු සටන. මේ සටනින් රියුඑන් දරුණු විදිහට ගුටි බැට හමුවේ පරාජයට පත්වුනා. සියලු උපක්‍රම හමුවේ D පන්තිය C පන්තිය තෙක් ඉහළට අරන් ආපු අයනොකෝජිට අවසානයෙදී අලුත් අභියෝගකරුවෙක් අභියෝග කරනවා.
මේ Season 3 ඇරඹෙන්නේ තවත් විශේෂ පරික්ෂණයක ආරම්භයක් එක්කයි. මුල ඉඳන්ම හිටපු හැම චරිතයක්ම අපිට නැවතත් අලුත් අභියෝග උපක්‍රම එක්ක හමු වෙනවා. මේ ආරම්භක කොටස් ගැන මම වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. සුපුරුදු විදිහටම කතාව පුරා එන එකමුතුකම, සහයෝගය, ආත්මාර්ථකාමීත්වය, ද්‍රෝහිවීම, කැපකිරීම් වගේ දේවල් අඩුවක් නෑ. මුල් සීසන් දෙකම නරඹපු නැති කෙනෙක් නම් ඒ දෙකත් සිංහල උපසිරැසි එක්කම නැරඹීමේ අවස්ථාව තියෙනවා. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය.
මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e (2024) (Season 3) [1080p] (Classroom of the Elite III) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Classroom of the Elite Season 03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
263 downloadsDownload Classroom-of-the-Elite-S03-E01-E02-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Classroom of the Elite [S03 : E01 & E02] Sinhala Subtitles | නව පරික්ෂණයක්, නව අභියෝගකරුවෙක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/COTE_S3_Banner_02.jpg)

