Watch Trailer

The Gifted [S02 : E15] Sinhala Subtitles | යලි එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් 15 වෙනි කොටස අරගෙන සති දෙක්කට පස්සෙ ආයෙත් ආවා. වැඩ වැඩි වෙලා මේක කරගන්න බැරිවුන වෙලේ උදව්වට ආවා උදයංගට වගේම චාමරටත් ස්තූතියි කියන ගමන් අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. හැමෝම දනවනෙ දැන් රීවා සහා බෙනඩික්ට් රයන් අතර අපි නොදැන හිටිය සම්බන්ධයක් තිබුන විත්තිය. පහුගිය කොටසෙන් තේරුම…

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් 15 වෙනි කොටස අරගෙන සති දෙක්කට පස්සෙ ආයෙත් ආවා. වැඩ වැඩි වෙලා මේක කරගන්න බැරිවුන වෙලේ උදව්වට ආවා උදයංගට වගේම චාමරටත් ස්තූතියි කියන ගමන් අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.

හැමෝම දනවනෙ දැන් රීවා සහා බෙනඩික්ට් රයන් අතර අපි නොදැන හිටිය සම්බන්ධයක් තිබුන විත්තිය. පහුගිය කොටසෙන් තේරුම් ගිය විදිහට බෙනඩික්ට්ගෙ පියුරිෆර්ලා ලව්වා තමයි රීවා තමන්ගෙ කුණු වැඩ ටික සේරම කරගන්නෙ. මතක ඇති පියුරිෆර්ස්ලා මෝලොක්ලට පහර දෙන්න ගියා. මේකත් රීවගෙ සැලසුමේ කොටසක්. මෙහෙම පහර දිමක් වෙනවා කියලා දැන ගත්ත මොලොක්ලා පහර දීමෙන් බේරෙන්න සැලසුම කරනවා. හැබයි ඒවා හරියන්නේ නම් නෑ. මේ ප්‍රහාරයෙදි මෝලොක්ලගෙ කිහිප දෙනෙක් වගේම පියුරිෆයර්ලගෙ කිහිප දෙනෙකුත් මැරෙනවා.

ඕකත් එක්කම තමයි ක්ලැරිස් මාකෝස්ට කතා කරලා උදව් ඉල්ලන්නෙ මෝලොක්ලව උමං වලින් ඉවත් කරන්න. ඒ සැනින්ම ජෝන්, මාකෝස් ඇතුලු පිරිසම ක්ලැරිස්ගෙ උදව්වට යනවා. ක්ලැරිස් අන්තිම මෝලොක් දක්වා බේරගන්න ගිහින් අන්තිමේ වෙඩි කනවා. ආයෙ ඉතිං මේක ජෝන්ට බලපාන විදිහ මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කොහොම නමුත් විපරීත කදවුරේ තවත් ප්‍රබල සාමාජිකයෙක් අහිමි වෙනවා.

ඒත් මොකක්ද මේ රීවා මෝලොක්ලට පහර දීලා කරන්නෙ හදන්නෙ? ඒක අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. මම ගිහින් එන්නම්.

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,439 downloadsDownload The-Gifted-S02-E15.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

3,439 downloadsDownload Subtitles30 KB

12 comments

  1. Ruwan55

    Season 2 eka digata giyata dan thamai hodama hariya yanne
    sub ekata thanks bn

  2. Kulanjana Maduranga

    subata thanks

  3. KanishakaRanasinghe

    ස්තුතියි සහෝ. ඉලග කොටසින් හමුවෙමු.

  4. adMark

    Thanks

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..............!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  10. Vishma vsr

    Gifted s2 e15 download link ekak dapnko bn hoyaganna be

  11. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  12. MAALnath

    Thanks ..................good luck ...................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.