Watch Trailer

Crash Zone (TV Series 1999–2001) [S01 : E06] Sinhala Subtitles | බෙක්ගේ අභිරහස් පෙම්වතා [සිංහල උපසිරැසි සමග]

හරි, ඔයාලට කලින් කොටස මතකයිනේ. බෙක්ගේ පරිගණකයේ පැතිරෙමින් තිබුන වෛරස් එක අන්තිමේදි වර්ජල් හොයාගෙන විනාස කරලා දැම්මා. මුලදි නම් මිනිහා බයේ හිටියේ මේ වෛරස් එකට. වෛරස් කියන නම ඇහුනාමත් පොර හුඟක් බයේ වෙව්ලන්න ගත්තා. කොහොමහරි බෙක්, මයික්, පායි, ‍රැම්, මචලෝ, ඇලෙක්ස් යන මෙයාලගේ දිරි ගැන්වීම නිසා වර්ජල් වෛ…

හරි, ඔයාලට කලින් කොටස මතකයිනේ. බෙක්ගේ පරිගණකයේ පැතිරෙමින් තිබුන වෛරස් එක අන්තිමේදි වර්ජල් හොයාගෙන විනාස කරලා දැම්මා. මුලදි නම් මිනිහා බයේ හිටියේ මේ වෛරස් එකට. වෛරස් කියන නම ඇහුනාමත් පොර හුඟක් බයේ වෙව්ලන්න ගත්තා. කොහොමහරි බෙක්, මයික්, පායි, ‍රැම්, මචලෝ, ඇලෙක්ස් යන මෙයාලගේ දිරි ගැන්වීම නිසා වර්ජල් වෛරස් එක තියන තැනට බය නැතුව ගිහින් ප්‍රශ්නේ විසඳුවා. වර්ජල් එදා කැට්ලස්ට් සමාගම බේරගත්තා වෙන්න ගිය ලොකු විනාසයකින්. ඒ වගේම ඇලෙක්ස්ගේ ට්‍රිලන් පරිගණක ක්‍රීඩාවත්. මේ නිසා ඇලෙක්ස්ට පුළුවන් වුනා එයාගේ පරිගණක ක්‍රීඩාව දෝෂයන් රහිතව විකුණගන්න. හැබැයි මේවට වර්ජල්ට විතරක් තනියම ලකුණු දෙන්න බෑ. අපේ පරිගණක දඟයෝ පස් දෙනා තමයි මේ වෛරස් එක මොකක්ද කියලා එයාලට තියන පරිගණක දැනුමෙන් හොයා ගත්තේ. ඒ වගේම මේකට කරන්න තියන විසඳුමත්, මේක වෙනත් පරිගණක වලටත් ආසාදනය වෙනවා කියන එකත් හොයා ගත්තේ මෙයාලා තමයි. මේ වෛරස් එක ක්‍රියාත්මක වෙන්නේ පරිගණකයේ තියෙන වෙලාව අනූව. බෙක්ගේ පරිගණකයේ වෙලාව හරි දිනේ වැරදියට තමයි ක්‍රියාත්මක වුනේ. මේ නිසා මේ පරිගණකයේ හැමදේම දවසක් කලින් වුනේ. රැම් හිතුවේ මිනිහා තමයි මේකට වැරදිකාරයා කියලා, අර බොත්තම් වගයක් ඔබලා මොකක්ද කරපු හින්දා. පොඩි එකා හොඳටම බය වුනා ඒ වෙලේ මොනිටර් එකේ හැම තැනින්ම කළු පාට තිත් තිත් එන්න පටන් ගත්ත වෙලාවේ. ”ඇලෙක්ස් මාව මරයි” කියලා තමයි මිනිහා ඒ වෙලේ හිතුවේ. දන්නේ නැති පණ්ඩිත වැඩ කරන්න යනවට ඕකාට හොඳ වැඩේ. ඔයාලා දැක්කද මිනිහා හැංඟිලා හිටියේ අල්මාරියක් අස්සේ. කට්ටිය යනකන්. පුදුම ගේමක් නේද මිනිහා දෙන්නේ කැට්ලස්ට් එකට රිංගන්න. හැබැයි තවත් නම් ‍රැම්ට හොරෙන් කැට්ලස්ට් එකට රිංගන්න ඕනේ වෙන්නේ නෑ. මේ වෛරස් එක හොයා ගන්න මුල්ම වුන ‍රැම්ට ඇලෙක්ස් කැට්ලස්ට් එකේ රස්සාවක් දෙනවා. මොකද ඒ ‍රැම් අර බොත්තම් ඔබලා කරපු ජිල්මාට් එක කරේ නැත්තම් ට්‍රිලන්ගෙන් මේ වෛරස් එක මුළු ලෝකේ වටේම පැතිරෙන්න තිබුන නිසා. ‍රැම් ඒ කරේ ඇලෙක්ස්ට ගොඩක් ලොකු උදව්වක්. ඒකයි මිනිහට ඇලෙක්ස් රස්සාවක් දෙන්න තීරණය කරේ.

එතකොට මුලදිම වුන බෙක්ගේ සිද්දිය, මයික්ගේ එක නැහැදිච්ච යාළුවෙක් මයික් ඉන්න තැනම බෙක්ට එක එක කැත වචන කිය… කිය… බෙක්ව ලැජ්ජාවට පත් කරනවා. එතනදි මයික් මුකුත්ම කරන්නේ නැතුව නිකන් බලාන් ඉන්නවා. මේකට බෙක්ට හොඳටම කේන්ති ගිහින් මයික් එක්ක තරහා වෙනවා. පස්සේ මේ ගැන මචලෝ, පායි, ‍රැම්, වර්ජල් දැනගන්නවා. මේ වුන දේට ඒ හැමෝම මයික්ට තමයි දොස් කිව්වේ. මොකද ඒ වෙලාවේ මුකුත්ම නොකර නිකන් බලාන් හිටිය නිසා. අන්තිමේදි මයික් තමන්ගේ ඒ යාළුවොත් එක්ක තියන සම්බන්ධය නැවත්තුවා කියලා බෙක්ට කිව්වට පස්සේ බෙක් මයික්ට සමාව දීලා දෙන්නා ආපහු යාළු වෙනවා. ඇත්තටම මයික්ගේ ඒ යාළුවා බෙක්ට එහෙම කැත වචන කියන වෙලාවේ මයික් හිටපු තැන ඔයාලා හිටියා නම් මොකද කරන්නේ ? ?

හරි, අපි බලමු අද තියන කොටස ගැන ටිකක්. ඔන්න ආයෙමත් අපි බෙක් ගැන කතා කරන්න තමයි යන්නේ. අද කතාවේ වැඩි කොටසක් වෙන් වෙන්නේ බෙක්ට. අද බෙක්ට අභිරහස් නිර්නාමික ආදරවන්තයෙක්ව හම්බවෙනවා පරිගණකයෙන්. මේ සම්බන්ධය පටන් ගන්නේ බෙක්ට එන එක ඉ-මේල් පණිවිඩයකින්. බෙක් නම් මිනිහට සිරාම කරනවා. හැබයි මේ වැඩේට මයික්, මචලෝ, ‍රැම් තදින්ම විරුද්ධ වෙනවා. විශේෂයෙන්ම මයික් සහ මචලෝ. මේ නිසා බෙක්ට මෙයාලව හිසරදයක් වෙනවා, දිගින් දිගටම තමන්ගේ වැඩ වලට බාධා කර… කර… තමන්ගේ පෙම්වතාට දෝෂාරෝපනය කරන නිසා, මිනිහා නරක වංචනික පුද්ගලයක් කියලා. හැබැයි මෙයාලා මෙහෙම කියන්නේ බෙක්ගෙම හොඳට, තමන්ගේ යාළුවෙක් නිසා. ඒ වුනාට බෙක් හිතන්නේ මෙයාලා මෙහෙම කියන්නේ ඊරිසියාවට කියලා. ඒ වගේම අද වර්ජල් අන්තිම සවුත්තු, මන්ද බුද්ධික වැඩක් කරනවා. ඒකට බලාන් ඉන්න අපිටත් හිනා යනවා, දුකකුත් ඇතිවෙනවා වර්ජල් ගැන. හිනා තමයි හැබැයි ගොඩක් යන්නේ. ඒ වගේම අද තව පායි ගැන ඇලෙක්ස්ගේ හිතේ සැකයක් ඇතිවෙන්න පටන් ගන්නවා.

බෙක්ගේ මේ අභිරහස් ආදරවන්තයා බෙක්ට ආදරය කරන්නේ ඇත්තටමද ? මේ කවුද ? භයානක විකෘති පුද්ගලයෙක්ද ? බෙක්ගේ මේ සම්බන්ධයට මොකක් වෙයිද ? බෙක්ට මොකක් වෙයිද ? මොකක්ද ඒ පායි ගැන ඇලෙක්ස්ට ඇතිවෙන සැකය ? වර්ජල් මොකක්ද ඒ කරන මන්ද බුද්ධික වැඩේ ? මේවාට උත්තර දැනගන්න අද කොටස බලන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.

 

1,503 downloadsDownload Crash.Zone_.S01.E06.Baiscopelk.com_.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

1,503 downloadsDownload Subtitles20 KB

15 comments

  1. Kanchana

    Thanx sahoooo

  2. janaka195

    එල මචන්.. දිගටම දෙමු හොඳේ..!

  3. Chalana

    thanks bro

  4. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් . හැකිනම් හල්ක් ට්වි සීරියස් එකටත් සබ් කරන්න.

  5. Udara Damith Dissanayaka

    niyamayi e;la

  6. Kulanjana Maduranga

    subata thanks.....

  7. thanujamilandi

    Thank you sub ekata...

  8. Lasantharathnasirirox

    Tnx broo

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. TharakaWAS

    thanks bro..!!!

  11. Lahiru Lakshan

    thanks again....

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  14. ks7116356

    Puluwannam rounds this twise, legand of william tell, mewaye sub sub ekath apita denna

  15. Gayan_wije

    Season 1 Ep6 walin passe sub na.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.