ආයුබෝවන් හැමෝටම….. ඔන්න ලංකන් weebs සෙට් එකෙන් ඔයාලට තවත් සුපිරි anime කතාමාලාවක සිංහල උපසිරැසි අරගෙන ආවා. ටිකක් Dark anime බලන්න ආස අයට සුපිරිම anime එකක උපසිරැසි තමා ගෙන්ල්ලා තියෙන්නෙ. මේ කතාමාලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්නෙ ගඟුල් කාව්‍ය සහෝදරයා. Anime එකේ වටපිටාව ගැන කතා කලොත් මේ dorohedoro…

ආයුබෝවන් හැමෝටම….. ඔන්න ලංකන් weebs සෙට් එකෙන් ඔයාලට තවත් සුපිරි anime කතාමාලාවක සිංහල උපසිරැසි අරගෙන ආවා. ටිකක් Dark anime බලන්න ආස අයට සුපිරිම anime එකක උපසිරැසි තමා ගෙන්ල්ලා තියෙන්නෙ. මේ කතාමාලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්නෙ ගඟුල් කාව්‍ය සහෝදරයා.

Anime එකේ වටපිටාව ගැන කතා කලොත් මේ dorohedoro Anime එක ප්‍රදර්ශණය වුනේ 2022 වර්ශයේ. දැනට මේ Anime එක IMDB හි 8.1 අගයක් ලබාගෙන තියනවා වගේම MAL හි 8.06 දැවැන්ත ප්‍රතිචාරයකට හිමිකම් කියනවා Action, Comedy, Fantasy, Horror කියන Genre වලට අයත් වෙන සුපිරිම කතාවක් කියලා කියන්න පුලුවන් මේකෙ එක Episode එකක් විනාඩි 23 විතර දිගහැරෙනවා. මේකෙ source එක විදිහට Q Hayashida ගෙ Dorohedoro manga එක යොදාගෙන තියනවා. මේක ඔයාලා කවුරුත් දන්න MAPPA Studios වල තවත් සුපිරි වැඩක්. මේක crunchyroll anime awards ගොඩකට තේරිලා තියනවා.

දැන් අපි යමු කතාව පැත්තට….

හෝල් කියන්නෙ අදුරු ජරාජීරණ නඟරයක්. මේකෙ ජීවත් වෙන්නෙ බල රහිත සාමාන්‍ය මිනිස්සු මේක මායාකාරයන්ට පරීක්ශණ භූමියක් ඒ කියන්නෙ මායාකාරයො මේකෙ ඉන්න මිනිස්සුන්ට තමන්ගෙ මායාවන් වලින් එක එක අත්හදා බැලීම් කරනවා. එතකොට ඒ මිනිස්සු විකෘති වෙනවා, නැත්තන් තුවාල වෙනවා, එක්කො මැරෙනවා. කොහොමහරි මුලු හෝල් එකම මේ මයාකාරයොන්ට බයයි. මේ මායාකාරයොන්ට තමන්ගෙ බලය පාවිච්චි කරලා හෝල් වලට එන්නත් පුලුවන් ඒකෙන් යන්නත් පුලුවන් ද්වාරයක් නිර්මාණය කරන්න පුලුවන්. ඉතින් මේ හෝල් වල ඉන්න කයිමන් සහ නිකයිඩෝ කියන්නෙ මේ මායාකාරයො දඩයම් කරන දෙන්නෙක් ඒත් කයිමන්ට මායාකාරයෙක්ගෙ සාපයක් වැදිලා තියෙන්නෙ. ඒකෙන් එයාගෙ ශරීරය වෙනස් වෙලා තියෙන්නෙ.

කයිමන් සහ නිකයිඩෝ එකතු වෙලා හෝල් ආරක්ශ කරන ගමන් කයිමන්ට මේ ශරීරෙන් ගැලවෙන්න සාප කරපු කෙනාව හොයනවා.ඉතින් කයිමන්ට සාප කරපු මායාකාරයා හමුවේවිද ? මේ ප්‍රශ්ණෙට උත්තරේ ඔයාලා කතාව බලලම දැනගන්න. ඉතින් ආරාධනා කරනවා මේ උපසිරැසි එක්ක කතාව රස විදින්න කියලා.

තවත් දෙයක් මේකෙ උපසිරැසි හදලා තියෙන්නෙ ජපන් හඩකැවීමට අනූව. කොහොමත් anime වල japanese dub එකයි english dubඑකයි දෙකක් තියනවා. මේක හදලා තියෙන්නෙ japanese dub එකට අනූව . ඔයාලා english dub එකෙන් බලද්දි සමහර තැන් වල dub එකෙයි උපසිර්සියෙයි පොඩි පොඩි පරස් පර තියෙන්න පුලුවන්. කොහොමත් ඉතින් කතාව නියමෙට රස විඳින්න නම් japanese dub එකෙන් බලන්න. කොහොමත් ඒක ඔයාලගෙ කැමැත්ත. මේ උපසිරැසිය හදලා තියෙන්නෙ 720/1080p 10bit x265 වීඩියෝ ෆයිල් වලට.

අවසාන වශයෙන් මේ කතාමාලාවෙ උපසිරැසි ඔයාලට අරගෙන එන්න Weeb team එකේ හසරංග නදීශ අයියා මාර සපෝට් එකක් දුන්නා මුල ඉදලම වැඩේ වෙන්න ඕන තැන ඉදලා ඉවර වෙනකම්ම පුදුම සපෝට් එකක් දුන්නෙ. එයාට ගොඩක් ස්තූතියි කියන ගමන් මම නවතිනවා.

ඊළඟ කොටසින් හමුවෙනකම්.
see ya !!

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

1,239 downloadsDownload Dorohedoro-S01E01-E02.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

1,239 downloadsDownload Subtitles22 KB

13 comments

  1. Pavith Wijesooriya

    සබට බොහොම ස්තූතියි සහෝ...
    නියම වැඩක්. දිගටම සබ් දෙමු. ❤️

    1. ලංකන් weebs

      අදහස් වලට ස්තූතියි

  2. Dasun

    Ehenam mekath balillak thiyenne... me wage supiriyakata sub eka dunnata thank you brother....

    1. ලංකන් weebs

      your welcome සගෝ

  3. Hasaranga Nadeesha

    නියමයි.ඉඳල හිටල හරි වෙනස් සීරීස් එකකුත් බලන්න එපැයි.

    1. ලංකන් weebs

      අනිවාරෙන්ම

  4. Sineth

    Meke link ekak dannko baiscope download eke venam download krnn baluva hri ynne na

    Ela ela digatham oni sub

    1. ලංකන් weebs

      baiscope downloads වෙබ් සයිට් එකෙන් අප්ඩේට් කරාවි

  5. Anonymous

    niyami bro. meka nan supiri anime ekak

    1. ලංකන් weebs

      බැලිල්ලක් තමා එහෙනම් ✌️❤️

  6. podda

    thanks bokka.
    animation nam lankan weebs thamai

    1. ලංකන් weebs

      ✌️❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.