උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
කොහොමද හැමෝටම,
මේ සැරේ මම අරගෙන කොරියන් මිනි සීරිස් එකකට සිංහල උපසිරසියි, මේක ගැන හරියටම කිව්වොත්, 2005 - 2006 කාලයේ අතිශයින් ජනප්‍රිය වූ සම්භාව්‍ය MBC sitcom එකක් වන “Hello Franceska” නිර්මාණයේ අලුත්ම Spin-off එකක් (නව අනුවාදයක්) විදිහට තමයි එළිදැක්වෙන්නේ.
ඒත් මෙවර අධ්‍යක්ෂක Park Sang-woo සහ තිර රචක Lee Myung-hoon මේ මුල් වැම්පයර් විශ්වය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින්, එය උසස් පාසල් පසුබිමක් වෙත රැගෙන ඒමට සමත්ව තිබෙනවා.
කතාවේ ඇතුළේ මොකද වෙන්නේ?
රුමේනියාවේ සිට දකුණු කොරියාවට පැමිණෙන Pi Na-Young කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න හීන දකින තරුණ වැම්පයර් කෙල්ලෙක්. මේ අමුතු වැම්පයර් තරුණිය 'දුයිල් උසස් පාසලට' ඇතුළත් වීමත් සමඟම කතාවේ සැබෑ කුතුහලය ඇරඹෙනවා. ඇය තමන්ගේ අමනුෂ්‍ය ස්වභාවය සහ වැම්පයර් රහස් ලෝකය සමාජයෙන් සඟවාගෙන, සාමාන්‍ය මනුෂ්‍ය සිසුවෙක් වන Jang Woo-Joo සමඟ ළඟින් ඇසුරු කරමින් පාසල් ජීවිතය ගෙන යාමට උත්සාහ කරන ආකාරය අතිශයින් හාස්‍යජනක මෙන්ම ආදරණීය අයුරින් මේ කතා මාලාවේ නිරූපණය වනවා.
රංගනයෙන් දායක වන නළු නිළියන්
ප්‍රධාන චරිතය වන Pi Na-Young ලෙස Han Su-a රංගනයෙන් දායක වන අතර,
ඇයගේ පංතියේ මනුෂ්‍ය මිතුරා වන Jang Woo-Joo ලෙස Kim Hyun-jin සහ Lee Seung-gyu ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිත පණගන්වනවා.
විශේෂයෙන්ම මුල් 'Hello Franceska' කතාවේ ප්‍රධාන චරිත රඟපෑ Shim Hye-Jin සහ Park Hee-Jin මෙහි විශේෂ රංගනයන්ගෙන් (Cameo) දායක වෙනවා.
"Hello Franceska" කොරියන් සිට් කොම් එකේ Spin-off එකක් විදියට මේ කතා මාලාව ආවට කතා මාලාව නැරබීම සදහා මුල් කතා මාලාව නරබා තිබීම අවශ්‍ය වන්නේ නෑ,
කොටස් හතරකින් සමන්විත, එක හුස්මට නරඹා අවසන් කළ හැකි මේ අපූරු ෆැන්ටසි කතාව සිංහල උපසිරසි සමඟ නරඹන්න කියලා ආරාධනා කරනවා.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 289
- Downloads
- 123.2K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Francesca Next Door S01 Sinhala Subtitles
- #Francesca Next Door Season 1 Sinhala Subtitles
- #Francesca Next Door Sinhala Sub
- #Francesca Next Door Sinhala Subtitles
- #Jaz Sinclair
- #Kiernan Shipka
- #Lucy Davis
- #MaxxA
- #Michelle Gomez
- #Netflix
- #Offbeat
- #Ross Lynch
- #sinhala
- #Sinhala Subtitle
- #Yul Vazquez
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
0 comments
No comments yet. Yours will be the first.
