උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ඔන්න යාළුවනේ, අලුත්ම අභිරහස් සහ කුතුහලය දනවන කතා මාලාවක් වන Yaga' පළමු කොටසේ වෙච්ච දේවල් ගැන අද අපි බලමු.
කතාව ආරම්භ වෙන්නේම අපූරු විදිහට. බාබා යගා කියන ජනප්‍රවාදගත චරිතය තමන්ගේ කතාව කියනවා. නරක ළමයින්ව කන හැටි, තමන් කොතරම් අවලස්සනද සහ කවුරුවත් තමන්ට ආදරය කරන්නේ නැහැ කියන දේවල් මේ කාන්තාව පවසන අතරතුර, කැලෑවක මනුස්සයෙක් පිලිස්සී යන දර්ශනයකින් කතාව දිග හැරෙනවා.
කතාව දිග හැරෙන්නේ 'විට්ටොක්' කියන පුංචි වෙරළබඩ නගරයේ. මෙහෙ සර්ජන්ට් කාර්සන් කියන පොලිස් නිලධාරිනිය තමන්ට ලැබෙන්න නියමිත අලුත්ම රාජකාරිය එනකම් පොතක් කියවමින් කාලය ගත කරනවා. ඒ අතරේ ස්ටාෆ් සර්ජන්ට් එකර්ට් සහ අලුත් කොස්තාපල් බිලි දෙන්නා කෙල්ලට විහිළු කරනවා. හරියටම මේ වෙලාවට තමයි චාලි රැප් කියන පෞද්ගලික රහස් පරීක්ෂකයා නගරයට එන්නේ. මිනිහව නගරයේ බලවත් පාර්ක් පවුල විසින් කුලියට අරගෙන තියෙන්නේ, අතුරුදහන් වුණ මෙයාලගේ පුතා වෙන හෙන්රිව හොයාගන්න. හෙන්රිව අන්තිමට දකලා තියෙන්නේ දවස් තුනකට කලින්, එයාගේ කාමර සගයා වෙන ලෝගන්
කාර්සන්ට සිද්ධ වෙනවා රැප්ට මේ පරීක්ෂණයට උදව් කරන්න. හැබැයි කෙල්ලට නම් මේක කරන්න පුදුම අකමැත්තක් තියෙන්නේ, මොකද කෙල්ල හිතන්නේ හෙන්රි කියන්නේ යුරෝපයට පැනලා ගිය සල්ලි කාර කොල්ලෙක් විතරයි කියලා. පුදුමයකට වගේ, රැප් හෙන්රිව දන්නා අතරේ කාර්සන් ලෝගන්ව හොඳින් දන්නවා. ලෝගන් කියන්නේ ශිෂ්‍යත්වයකින් ආපු, හරියටම හෙන්රි වගේම පෙනුමක් තියෙන, හෙන්රිගේ පොඩ්කාස්ට් සහ මිත්‍යා කතා පාටිවලට උදව් කරන කොල්ලෙක්.
රැප් හෙන්රිගේ ගෙදරට ගිහින් විහිළු කරලා කතා කරලා ලෝගන්ගේ සැක දුරු කරන්න උත්සාහ කළත්, කාර්සන්ට නම් මේ ක්‍රමය ටිකක් මෝඩයි වගේ තමයි පේන්නේ. ගෙදර තියෙන පෝලොට්‍රොයිඩ් ෆොටෝ අතරේ 'ට්‍රිස්කෙලියන්' (Triskelion - ත්‍රිත්ව දඟර) ටැටූ එකක් රැප්ට හම්බවෙනවා. මුලදී කතාබහ කරපු ලෝගන්, හෙන්රි පැම්ගෙන් වෙන් වුණාද, මත්ද්‍රව්‍ය පාවිච්චි කළාද, නැත්නම් හෙන්රිගේ ඔරලෝසුවක් ඉස්සුවාද වගේ ප්‍රශ්න අහද්දී එකපාරටම කේන්ති ගිහින් මෙයාලාව එළියට දානවා.
ඊටපස්සේ දෙන්නා රෑ කෑමකට යනවා. රැප් ගීනාගේ පුංචි දුව ලීලි එක්ක යාළු වෙලා, මිත්‍රත්වයේ වළලු පවා මිලදී ගන්නවා. හැබැයි හෙන්රි ගැන අහනකොට කෙල්ල බයට පත් වෙනවා. ඊට පස්සේ හෙන්රිගේ හිටපු කෙල්ල පැම් එක්ක කතා කරන්න යනවා. පැම් හෙන්රිටයි ලෝගන්ටයි වෛර කරන බව පේනවා සහ කෙල්ල කියන විදිහට තමන් හෙන්රි එක්ක විවෘත සම්බන්ධතාවයක ඉඳලා තියෙනවා. හෙන්රි අන්තිමට තමන්ගේ පොඩ්කාස්ට් එකකට සම්මුඛ සාකච්ඡාවක් කරපු ප්‍රොෆෙසර් කෙනෙක් ගැන ලොවෙත් නැතිවෙන්න පිස්සු වැටිලා ඉඳලා තියෙනවා කියලා කෙල්ල එළි කරනවා.
මේ අතරේ රණ්ඩු කරමින් කැලෑ පාරේ යනකොට, මෙයාලගේ කාර් එකට අහම්බෙන් කුකුළෙක් හැප්පෙනවා! මේකෙන් දුකට පත්වෙන කාර්සන් තුවක්කුව පාවිච්චි කරලා කුකුළගේ වේදනාව නැති කරන්න බය වෙනකොට, රැප් ඒ කුකුළාගේ බෙල්ල කඩා දාලා උගේ වේදනාව නැති කරලා දානවා. මේ සිදුවීමෙන් දෙන්නම ටිකක් බයට පත් වුණත්, රැප් කාර්සන්ට මිත්‍රත්වයේ දෑත් දික් කරලා පාර්ක් පවුල හොඳ අය බව පෙන්වන්න උත්සාහ කරනවා :)
ඊටපස්සේ රැප්ගේ හෝටලයට යනකොට, මිනිහා රිසෙප්ෂනිස්ට් වන ඒන්ජල්ට ටෝක් කරනවා. ඒ අස්සේ රැප්ට අර මැරුණු කුකුළාව දකින මායාවකුත් පේනවා. පස්සේ බාර් එකකට ගිහින් බොන ගමන්, කාර්සන් පරීක්ෂණයට උදව් කරන්න කැමැති වෙනවා. ඒ අතරතුර එකර්ට්ගෙන් කෝල් එකක් එනකොට, රැප්ට බාර් එකේ අනිත් පැත්තේ ඉන්න සුන්දර වයසක ගැහැණු කෙනෙක්, කැතරින් මුණගැහෙනවා. මේ ගෑනු කෙනා රැප්ගේ චාටු බස්වලට අහුවෙන්නේ නැති එක පුදුමයක් වෙනවා. අන්තිමට මේ ගෑනු කෙනා මිනිස් අස්ථි ගැන පර්යේෂණ කරන බව කියමින් රැප්ව තමන් දෙසට ආකර්ෂණය කරගන්නවා.
කාර්සන් කෝල් එක කට් කරලා බලනකොට රැප් කැතරින් එක්ක ඉන්නවා දැකලා කලකිරී එතනින් යනවා. ඒත් එක්කම රැප් දකිනවා කැතරින් පැළඳගෙන ඉන්නේ හරියටම හෙන්රිගේ ඔරලෝසුවමයි කියලා! ඒක තෑග්ගක් කියලා කෙල්ල කියනවා. හරියටම ඒ වෙලාවෙම කාර්සනුයි ඒන්ජලුයි දෙන්නම රැප්ට මැසේජ් කරන නිසා කැතරින් මිනිහව ගණන් නොගෙන යන්න යනවා.
රැප් ඒන්ජල් එක්ක ඉන්න අතරතුර දකිනවා ඒන්ජල්ගේ ඇඟෙත් අර 'ට්‍රිස්කෙලියන්' ටැටූ එකම තියෙනවා කියලා! ඒ වෙලාවෙම කවුරු හරි මිනිහගේ කාමරේ ළඟ කුකුළෙක් පිලිස්සීමේ අබිරහස් සිදුවීමක් වෙනවා. රැප් එළියට දුවලා බැලුවත් එතන කිසිම කෙනෙක් නෑ.
අවසානයේදී බාබා යගාගේ හඬින් කියවෙන්නේ මිනිස්සු හැමෝම ඒ කාන්තාව ගැන ඕපාදූප කියවන බවත්, දැන් මිනිස්සුන්ට මේ කාන්තාවට සවන් දෙන්න කාලය පැමිණ ඇති බවයි. හරියටම ඒ මොහොතේ, හෙන්රිගෙන් රැප්ට මැසේජ් එකක් එනවා: "මාව හොයන එක නවත්වන්න" කියලා!
ඊළඟ කොටසින් මොනවා වෙයිද? බයිස්කෝප් එකත් එක්කම රැඳී සිටින්න ;)
- Ratings
- Reviews
- 0
- Subtitles
- 20
- Downloads
- 18.8K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stuart Fails to Save the Universe S01 Sinhala Subtitles
- #Stuart Fails to Save the Universe Season 1 Sinhala Sub
- #Stuart Fails to Save the Universe Season 1 Sinhala Subtitles
- #Stuart Fails to Save the Universe Sinhala Sub
- #Sub
- #The Madison S01 Sinhala Sub
- #The Madison S01 Sinhala Subtitles
- #The Madison Sinhala Sub
- #The Madison Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru

Thanks