උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන්, ඔන්න අද Avatar: Seven Havens කතාමාලාවෙ අවසන් කොටස් හතර නිකුත් වුණ දවසෙම මෙහෙම්ම එක පිටම දහවෙනි කතාංගයටත් උපසිරැසි අරගෙන එන්න හිතුවා ලැබුන කාල වෙලාවත් සමඟ.
කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද කොටස බලමු,
අටවෙනි කතාංගයෙදි වුනේ හාත්පසින්ම වෙනස් සිද්ධාන්තයක්. මුහුණු නැත්තන්ගෙ හරිම රැජින මෙතුවක් එලෝරාවල කෝකිවරිය විදිහට හිටපු අගම් කියලා සමුළුව ඉදිරියේදි කාටත් දැනගන්න ලැබෙන්නෙ ඇය වෙස්මුහුණ ගැලෙව්වයින් පසුව. ඊටපස්සෙ ඇය විසින් අනිත් ධාතු පාලකයන්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා කාගෙවත් වහලෙක් නොවී ස්වාධීනව ජීවත්වෙන්න කැමති අය තමන් එක්කලා එක්කාසු වෙන ලෙසට. ඒ මොහොතේම එලෝරාවෙ භට කණ්ඩායමෙ ඉන්නා ධාතු පාලකයන් කිහිප දෙනෙක්ම අගම් ට එකතු වෙනවා. ඉදිරියට පැමිණ අභියෝගය භාරගන්න සියල්ලන්ම වගෙ පසුබට වෙද්දි නිෂා තමන්ගෙ අනන්‍යතාවය හෙළි කරන්නෙ නොකර බැරි තැනමයි. ඉතිං ඒ මොහොතේ සමුළුවෙ ඉන්නා හැමෝටම දැනගන්න ලැබෙනවා මේ ඉන්නෙ ඇවටාර් බවත් සියල්ලන්ම ඇයට විරුද්ධවත් කටයුතු කරද්දී එතනට කාර්තික් ඇතුළු ධවල නෙළුමේ ආරක්ෂාව සැපයූවත්, කාර්තික් නිෂාව ආරක්ෂිතව පිටත් කර හරින්නෙ තමන් සහ තමන්ගෙ අනිත් සඟයන් සමඟ අත්අඩංගුවට පත් වෙමින්. කාර්තික්ව අත්අඩංගුවට ගන්න පවා දෙවරක් නොසිත ඉදිරිපත් වෙන්නෙ ජේ විසින්. කාර්තික් විසින් ජේ හට සංවිධානයට ද්‍රෝහී වීමට හඩ නගද්දී ජේ ඒත් කාර්තික් සහ අනිකුත් ද්‍රෝහි වූවන්ව චෑන්ස්ලර් ගෙ අණ පරිදි අත්අඩංගුවට ගන්නවා. චෑන්ස්ලර් විසින් මීලඟ කමාන්ඩර් විදිහට ජේ ව පත් කරද්දි, එලෝරාවෙ ගේට්ටු වැසෙන්නට පෙර නිෂා එලෝරාවෙන් පැනගන්නවා.
ඉතිං ඔන්න ඔය විදිහට තමා නවවෙනි කතාංගයට අවසානය ලැබුනේ. මේ වෙද්දි මේ සීරිස් එකෙ අවසානය සනිටුහන් කරන කතාංගයන් හතරත් මේ වෙද්දි නිකුත් වී තියෙද්දි ඔන්න අද දවසෙම දහවෙනි කතාංගයටත් උණු උණුවෙම උපසිරැසි අරගෙන ආවා. එහෙනම් ඊලග කොටස් වලින් හමුවෙමු. බලමු ප්‍රමාද වෙනකොට බනින අය වේලපහම උපසිරැසි ගෙනාවම ඒකට කමෙන්ට් එකක් දාවිද කියලා.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 132
- Downloads
- 544K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Avatar: Seven Havens S01 Sinhala Sub
- #Avatar: Seven Havens S01 Sinhala Subtitles
- #Avatar: Seven Havens Sinhala Sub
- #Avatar: Seven Havens Sinhala Subtitles
5 comments
Ishan Kavinda
![Avatar: Seven Havens [S01 : E10] Sinhala Subtitles | හොල්මන් සහ ආත්ම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-cb84bfb4a279063f96c84294.webp)
Thans අයියේ ඉකමනින්ම සබ් එක ගෙනාවට♥️💥English හැකියාව වැඩි වෙලා මෙ වගේ තව තවත් උපසිරැසි ගෙන්න හැකියාව ලැබෙන්න ඔනි♥️බොහොම ස්තුතියි💥