පරිගණක යන්ත්‍රය ගෘහ උපකරණයක් බවට පත් කළේ කවුරුන්ද? පරිගණක යන්ත්‍රයට ලස්සන අකුරු සහ මෝස්තර මැවීමේ හැකියාව ලබා දුන්නේ කවුරුන්ද? පරිගණකය මහා පරිමාණ කම්හලවල පටන් එදිනෙදා වැඩ රාජකාරි සියගණනකට නැතුවම බැරි පරම යන්ත්‍රය බවට පත් කළේ කවුරුන්ද? හුදු පරිගණකයෙන් පමණක් චිත්‍රපටි සහ නිර්මාණ කළ හැකි බව පෙන්වා දුන්…
පරිගණක යන්ත්‍රය ගෘහ උපකරණයක් බවට පත් කළේ කවුරුන්ද? පරිගණක යන්ත්‍රයට ලස්සන අකුරු සහ මෝස්තර මැවීමේ හැකියාව ලබා දුන්නේ කවුරුන්ද? පරිගණකය මහා පරිමාණ කම්හලවල පටන් එදිනෙදා වැඩ රාජකාරි සියගණනකට නැතුවම බැරි පරම යන්ත්‍රය බවට පත් කළේ කවුරුන්ද? හුදු පරිගණකයෙන් පමණක් චිත්‍රපටි සහ නිර්මාණ කළ හැකි බව පෙන්වා දුන්නේ කවුරුන්ද? අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් සහ මෘදෞපාංග ගනුදෙනු කිරීමේ හැකියාව ඇති කළේ කවුරුන්ද? මේ සියල්ලම ලෝකයට දායාද කරන්නට වෙහෙසුණු මිනිසුන් ගණන අති විශාලයි. ඒ වුවත් මේ සියල්ලම පසුපස හිඳ එකක් නෑරම සාර්ථකත්වය කරා මෙහෙය වූ අසහාය බලවේගයක් හිටියා. ඔහුව හැඳින්වීමට “ඓතිහාසික”, “අනාගතවාදී”, “දෘෂ්ටිවාදී” වගේ විශේෂණ පද නිතර භාවිතා වෙනවා. ඒ වගේම ඔහුව විස්තර කිරීමේදී “අංකිත විප්ලවයේ පියා”, “නවනිර්මාණකරණයේ අධිපති”, “අංකිත යුගයේ ව්යාප්තිකයා”, “පරිපූර්ණ සැලසුම් ශිල්පියා” වැනි යෙදුම් වරදින්නේ නෑ. ඒ අතරට “අපේ කාලයේ එඩිසන්” ලෙසින් ඔහුව හැඳින්වීම කිසිසේත්ම අතිශයෝක්තියක් නෙමෙයි. ඔහු එතරම්ම ලෝකය වෙනස් කළ කෙනෙක්. ලෝකය එක යායක් කරන්නට ඔහුගේ මගපෙන්වීම තරම් දායක වූ වෙනත් යමක් ඇතොත් ඒ බොහොම ස්වල්පයයි. ඔහු නමින් “ස්ටීවන් පෝල් ජොබ්ස්” කවුරුත් දන්න විදිහට කිව්වොත් “ස්ටීව් ජොබ්ස්”.
තමන්ගෙ යාළුවෙකුත් එක්ක තමන්ගෙ ගෙදර ගරාජයේ පොඩියට පටන් ගත්ත පුද්ගලික පරිගණක නිර්මාණය කිරීමේ කටයුත්ත ඔහුව ධනකුවේරයක් වෙනකල් රැගෙන ගියා. අලුත් අදහස්වලින් පිරුණු මනුස්සයෙක් හැටියට ඔහුට තමන්ගේ අදහස් අත්හදා නොබලා සිටින්නට බැරි වුණා. එකිනෙක අදහස් ඔස්සේ ඔහු ගිය දුරට වඩා, ඔහු ලෝකය රැගෙන ගිය දුර අති විශාලයි. ඔහු නොවෙන්නට ඔබ මා අප කාගෙත් නිවසේ පරිගණකයක් නොතිබෙනවා සිකුරුයි! අප කාගෙත් අතේ අනගිකථනයක් (SmartPhone) නොතිබෙනවාට සිකුරුයි! කොටිම්ම ලෝකය මෙතරම් වෙනස් නොවනවාට සිකුරුයි!
ස්ටීව් ජොබ්ස් කියන්නෙ හදාගත් දරුවෙක්. ඔහුගේ ජීව පියා සහ මව ජොබ්ස්ලා නෙමෙයි. ඒ ඔහුව හදාවඩා ගත් මව්පියන්. මේ බව දැනගත්තම ඔහු දැඩි මානසික අර්බුදයකට පත් වෙනවා. ඒ කැළඹුණු හිත හදාගන්න ඔහු හිතේ සැනසීම සොයාගෙන ඔහු පෙරදිගට එනවා. එහෙම ඇවිදින් ඔහුගේ හිතට සහනයක් දුන් බුදුදගම තම ආගම ලෙස පිළිගන්නවා. ඔහු සෙන් බෞද්ධ දර්ශනය ජීවිතයට බද්ධ කරගත් ආගමිකයෙක්. ඉස්කෝලෙ හමාර කරල ජොබ්ස් රීඩ් උසස් පාස්ලට ඇතුළෙ වෙනවා. නමුත් පස්සෙ ඔහු තමන් තෝරාගත් විෂය පථය මාස 6කින් අතහැරලා ලේඛන විද්‍යාව සම්බන්ධ දේශනවලට සහභාගී වෙනවා. ලෝකයේ වාසනාවට කොනන් ඩොයිල්’ට ලෙඩ්ඩු හිටියෙ නෑ වගේම, ලෝකයේ වාසනාවට ජොබ්ස්ට අක්ෂර විද්‍යාවට හිතගියා. එහෙම නොවෙන්නට අද අපේ පරිගණක වල තිබෙන නොයෙක් හැඩ ගැන්වූ අකුරු මෝස්තර ඔය තරම් හැඩකාර නොවන්නට ඉඩ තිබුණා. කොහොමහරි මේ කාලය තුළ ජොබ්ස් ගෙව්වෙ යාළුවෙකුගෙ නේවාසික කාමරයෙ බිම නිදාගනිමින්, හිස් කෝක් බෝතල් එකතු කරලා කෑමට යමක් ලබාගෙන සහ හරේ ක්‍රිෂ්ණා ආශ්රමයෙන් නොමිලේ බෙදාදෙන කෑම වේල් ආහාරයට ගනිමින්. ඔහු පසු කාලයේ අර විදිහට පෙරදිගට යන්නටත් මේ හේතුව බලපෑවා වෙන්නටත් ඇති.
ඒ වගේම ඔහු ඖෂධ නිද්රාවන්හි නියැළුණු අයෙක්. එමගින් ඔහුගේ හිතට සහනයක් ලැබුණා. ජීවිත කාලය තුළ වඩාත්ම ඉස්තරම් කටයුතු දෙක තුනෙන් එකක් එය බව ඔහු පවසා තිබෙනවා. අනික් ඉස්තරම්ම කටයුත්ත තමයි, ඔහු විසින්ම පටන්ගනිපු නිපැයුම්හලෙන් දිට්ට දැමුවායින් පස්සෙ; ඔහු අරඹපු නිෂ්පාදනායතන බංකොලොත් වෙද්දී වසර දෙක තුනක් කරකියාගත හැකි යමක් නොමැතිව පවුලේ උදවිය හා නිවසේම රැඳී සිටීම. ඔහුව දොට්ට දාපු අධ්‍යක්ෂක මඬුල්ලට අපගේ විශේෂ ස්තුතියක් හිමි විය යුත්තේ මොකවත් නිසා නෙමෙයි. ඔවුන් එදා ඒ කළේ ලෝකයට අලුත් කලාවක් බිහිකිරීමේ අඩිතාලම දැමීම නිසා. ඒ තමයි සජීවීකරන හෙවත් ඇනිමේෂන්. ජොබ්ස් ගේ බංකොලොත් වුණු කොම්පැණියේ එකම නොවිකුණූ අංශය වුණේ ලූකාස් ෆිල්ම්ස් වෙති මිලදී ගැණුනු මෙන්න මේ ප්රයත්නය දැරූ අංශය පමණයි. අවසානයේ එය ඩිස්නි සමූහයේ වැදගත්ම අංශයක් බවට පත් වුණේ ජොබ්ස්’ට ඩිස්නි සමූහයේ අධ්‍යක්ෂක ධූරයක් පවා හිමි කර දෙමිනුයි. ඒ පික්සාර් චිත්‍රාගාරය. ජොබ්ස් නොවන්නට සජීවීකරන අපට හීනයක් වෙනවාට සැක නෑ.
ඉතින් මෙහෙම බලාගෙන බලාගෙන යද්දි මේ මිනිසා ගැන කියලා ඉවරයක් කරන්ඩ බෑ… මොකද ඔහු තමන්ගේ ජීවිතයේ ඇදවැටුණු හැමවිටකම වැටුණු තැනින් ගැම්ම අරං ගව්ගාණක පිම්මක් පැනපු කෙනෙක් වන නිසා, එනිසා මෙහෙම ඔහු ගැන කියනවාට වඩා හොඳයි ඔබටම බලාගන්ඩ අරින එක. මේක චරිතාපදානයක්නම් නොවෙයි. මේක ඔහු ගැන වන වාර්තාකථනයක්. ඔහුගේ මිතුරන්, සගයින්, නෑදෑයින්, දරුවන් පමණක් නොවෙයි ඔහුගේ නිර්මාණයන්ගේ අනුහස අත්විඳින වැසියන් පවා ඔහු ගැන දක්වන අදහසින් හැඩ වුණක්. ඉතින් අන්තිමේ කියන්ඩ තියෙන්නෙ මේක තරමක් පමා වෙලාහරි ඔබ’තට පත් කරන්නට හැකිවීම සතුටට කරුණක් වෙන බව තමයි. එහෙමනම් ලෝකය වෙනස් කළ, ලොකයට නව මගක් බිහි කළ මේ මහා විද්වතා ගැන තොරතුරු ටිකක් දැනකියාගනිමින් ඔහුගේ මෙහෙවරට කෘතවේදීවන්නට ඔබ සැමට මෙසේ ඇරයුම් කර සිටිනවා.
අවසාන වශයෙන් කිව යුතු එක් දෙයක් “ශ්රේෂ්ටයන්ගේ ආයුෂ කෙටිය” කියන කියමන සිහිපත් කරමින් ඔහු තව එක දශකයක් සිටියානම් මේ ලොව යළි වරක් උඩුයටිකුරු කරන හැටි අපට අත්විඳින්නට තිබුණා කියන එක සිහි කර දෙනවා.
තව දුරටත් Steve Jobs ගැන ලියු ලිපිය බයිස්කෝප් මංසලෙන් කියවන්න
ලිපිය : උදා සහෝගෙන්
360 MB කොපිය මෙතනින් බාගන්න 45414324e890f24b37b5a4b841eea88f13251613 830 MB කොපිය මෙතනින් බාගන්න 162cd80d19348780e11def83945b84f1ebbbfe6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,352 downloadsDownload igenius.how_.steve_.jobs_.changed.the_.world_.2011.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/charitha-vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සහ “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චරිත පොල්ගස්දෙණිය
Subtitles
63 comments
jana,
vee
Maxxa hode
isuru
supiri meyka nam agaya karanwa
amilatk
jayen jaya!!!
kalinga
අනගි වැඩක් සහෝලා අපි අහලා තිබුනට ෆෝන් පාවිච්චි කලාට මෙයා ගැන දන්නේ නැ නේ
සුපිරි
upali
ela wadak 1 kenma
yasas
patta machn
ositha
supirima supiri kiyanna deyak na
tharanga
හැමදාම ෆිල්ම් බලන එකේ ජිවිතයට ආදර්ශයක් ගන්න හැකි එකක් දෙන එක වටිනවා,
ganidu
තැන්ක්ස් වේවා!
us
supiri mata nam meyka mara wadagath
sds
gr8 work guys
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හප්පේ, ඔක්කොම දේවල් අහකට දාලා මේක බලන්න ඔලුව නිදහස් කර ගන්න ඕනේ...
නියම වැඩක් විමා සහ චරිත මචෝ....
මට විමා මේ ගැන කියල තිබ්බද කොහෙද...
ඒත් මම හිතුවේ මේකා විභාගේ නිසා මේක අත්හැරලා දාල වත් ද කියලා...
එහෙම වෙලා නැහැ....
චරියත් එක්ක එකතු වෙලා මේ ගහල තියෙන්නේ ගේම එලටම..
එහෙනම්, මේ වගේ ලොවක් වෙනස් කල මිනිසෙකු ගැන අපිට දැනගන්න ඉඩ සලස්වපු ඒක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා සහෝල දෙන්නටම...
ජය වේවා!!!!කිව්වා එහෙනම්...f_live
අනිවා බලන්න එපයි මේක නම්
f_live
ලිපියත් පට්ට හොදේ උදා සුපිරියටම ලියලා එකෙන්ම
#ChalinduDeshan (කිනා)
මචං ඇත්තටම මුලින්ම ස්තූති වන්ත වෙනවා මේ වගේ එකක් දුන්න එක ගැන. මොකද මේ වගේ එකකට සබ්ටයිටල් දෙන්නේ ගොඩක් අඩුවෙන්. කෙනෙක්ගේ චරිතාප්රධානයක්, එහෙමත් නැත්නම් ඩොකියුමන්ටරි එකක් එලියට ආවාම ඒකට සබ් ගොඩක් අය දාන්න කැමති වෙන්නෙ නෑ.
මේ සබ් එක දිහාට හැරුනොත්, මම මේක ගැන දැනගන්නේ මේ අවුරුද්දේ ජනවාරි අග හරියේ. ඉතිං මම ස්ටීව් ජොබ්ස්ට තියෙන ලැදියාවත් එක්ක, මම දන්නෙ නෑ ඒක මොකක්ද කියලා,! මම මේක බාගෙන බැලුවා. හැබැයි ඒ වෙද්දි එක ඉංග්‍රීසි සබ් එකක්වත් තිබුනෙ නෑ. තිබ්බේ ප්‍රංශ එකක්. ප්‍රංශ තේරෙනවනං මම අද මෙතනයැ :D
ඉතිං මම මේක බැලුවා. හැබැයි මේ වෙද්දිනම් මම ගාව මේක නෑ.
ආයෙත් පාරක් ස්තූති වන්ත වෙනවා දෙන්නටම මේ කරපු වැඩේට!
ජයවේවා!!“චූටී මල්ලි”
සුපිරි වැඩක් නොවැ කොරල තියෙන්නෙ ඩබල
එක්ක ෆිලිම් බලලා බලලා එපාවෙලා ඉන්නවෙලේ
වෙනසකටත් එක්ක කියාපු බඩුව
ජොබ්ස් ගැන හින්දා අනිවා බලනවා
ඔබලාට ජය........indika
niyama wedak,,,,..
thnx,.,.. :)ශාන් විමුක්ති [වීමා] 〠
ඇත්තටම මටත් වඩා මේකට උනන්දුවෙන් වෑඩ කලේ අපේ චරිත සහෝ
මට කරගන්න බැරිව හිරවෙලා ඉන්න මොහොතක මේ වගේ වටිනා කියන වෑඩක් ඉවර කරාට ඔයාට ගොඩක් ස්තූතියි චරිත සහෝ
ඒ වගේම උදා බරපතල වචන සහිත ලිපියේ වගකීම බාර අරන් ලස්සනට වචන ගැලපුවට ඔයාටත් බොහොම ස්තූතියි.
හැමෝම අරන් බලන්න ඔයල නොදන්නා දේ බොහෝමයක් දැනගන්න ලැබේවි
ජය වේවා!Ranil sampath
thanks
dushman
ජිවිතයට ආදර්ශයක් ගන්න හැකි එකක් දෙන එක වටිනවා,
uda
සහෝලා දෙන්නාටම ස්තුතියි මේ වගේ එකක් උපසිරැසි කිරීම ගැන. ඔන්න ජොබ්ස් ගැන කතා තව ඉවර නෑ මේ අවුරුද්දේ එන්ඩ තියෙනවා තව එකක් "Jobs" කියලා. ඒ හැරුණහම එන වසරේ විතර එන්නට නියමිත තවත් එකක් ගැනත් ආරංචි තියෙනවා. එහෙම වුණොත් අනිවා දෙන්නා බෙදාගෙන ඒ දෙකටත් සබ් දෙමු නෙහ්? :P
තුති සහ ජය! හරිම වැදගත් සහ වටිනවා...
zumo man
elazzz thnxzzz
shann
බොහොම පින් සහෝලා දෙන්නටම
akila
supiri
Panchi
patta film ekake wage thanx aiya
චරිත පොල්ගස්දෙනිය
අති විශිෂ්ට ලිපියක් .
මම මේ ප්‍රථම වතාවට තමා වාර්තා වැඩසටහනක පුර්විකාවක් මේ
තරම් සවිස්තරාත්මකව දැක්කේ.වාර්තා සලරුවේ අගය තවත් වැඩි වෙනවා
මේ ලිපියෙන්.උදා සහෝට ස්තුති වන්ත වෙනවා මේ ලිපිය ලියා දුන්නාට
ඒ වගේම අපේ වීමා සහෝ තමා මේ වැඩේ පටන්ගත්තේ ඔහු.
ඔහු මෙය ඇරබුවේ නැත්තම් මට නිකමටවත් මෙහෙම දෙයක් කරන්න හිතෙන්නෑ :D
ඒ නිසා මෙය නරබන හැමෝම ඔහුට ඒ ගවුරවය මේ උපසිරසියට සම්පුර්ණයෙන් ලබා
දෙන්න
~ජය වේවා බයිස්කෝප්~සමීර කරුණාරත්න
මේක මාර උපසිරැසක් ඒ හවසවල විමා මුහුණු පොතට ආව ගමන් විකියා අහන්නේ අර සබ් එක කොහොමද කියලා. ඔන්න ඉතින් විමාගේ විභාගේ නිසා චරිත අයියා අපුරූවට ඉවරයක් කරලා. බොහොම අගෙයි තව තව මේ වගේ ඒවා ගේන්න ශක්තිය ධෛර්යය පතනවා දෙන්නටම. විමාගේ විභාගෙටත් සුභ පතනවා.
ලිපිය ලියපු අපේ උදා කියල වැඩක් නෑ ලිපිය නම් හරිය. හැමදාම වගේ දැනුම පිටාර ගලනවා. බොහොම ස්තුතියි ඔබතුමාටත්.රෙහාන් චානක
නියමයි මචො මෙන්න බලනවනම් ෆිල්ම්.. සබ් එකට ස්තූති සහෝ
දිදුල Kd සිල්වා
අහ් මේක දැක්කෙ දැන්නෙ.. මැක්සා වැඩක් කරල තියෙන්නෙ මැක්සා කොල්ලො දෙන්නෙක් එකතු වෙලා.. වෙලාවක් ලැබුනම බාගෙන බලමුකො.. ජය වේවා෴
මිහාන්
බොහෝම ස්තූතියි, ජයවේවා!
නලින්
චරිත සහෝ හා විමාට ගෝඩක් පින්
මේවගේ අපේ කාලයේ බිහිඋන විද්වතෙක්ගේ චරිතාප්රධානයක් අපි වෙත ගෙනාවට
ඇත්තටම ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි චරිත හා ශාන් සහෝලා දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. මෙන්න බානවා. ජය෴෴ :P :P
isu
thanx ma thanx machan
සoජය
හැඳින් වීමත් නියමෙට කරල තියනව. එල. ඔන්න බාන්න දැම්ම. බොහොම ස්තූතියි මේවගෙ වටිනා documentry එකකට සබ් දුන්නට.
mudiya / මුදියා
චරිතයි වීමයි එකතු වෙලා කරල තියෙන්නෙ කොච්චර වටින වැඩක්ද.ඒකටම හරියනව උදාගෙ ලිපිය.ස්ටීව් ජොබ්ස් ගැන ගොඩාක් දේවල් මං දැන ගත්තෙ එයා මැරුනට පස්සෙ තමයි.ඒත් ඉතිං ගොඩාක් දේවල් කියන්නත් බෑ.මේ වගේ අයගේ කතා ඇහුවම මාරම හැඟීමක් දැනෙන්නෙ හිතට.ඇත්තටම ඒ හැඟීම් ගොඩාක් වෙලාවට උදව් වෙනව අපේ ජීවිතත් ගොඩ නගා ගන්න.
අපේ ආදරණීය සහෝදරවරු තුන්දෙනාම එකතු වෙලා මේ වගේ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්ගෙ කතාව සිංහලෙන්ම ගෙනාපු එකට ස්තූති කරන්න වචන නෑ.නියම වැඩක් කොල්ලනේ.ජයවේවා.බොහෝ.................................................ම ස්තූතියි...!Harsha Lahiru
පට්ට බුලට් දෙකක්නෙ ජයවේවා දෙන්නටම
isuru
meka balan nethuwa animation baluwath wedak ne ithin..
nuwan rajapaksha
k.l.a. k.i.r.i w.e.d.a.k ...............umbalata thanks karala therumak ne machanla......GOD BLESS.......
ඇspen
මෙවැනි ශේෂ්ට නිර්මාපකයෙන්ගැන කියවෙන ෆිල්ම් එකක් ලබා දුන්නට ඔබට ස්තුත්යි :)
ටොරන්ට් ලින්ක් එක මට වැඩ කලේ නැ..
මගේ කනෙක්ෂන් එකෙත් අවුලක් ටියනවමේ දවස වල එකද මන්ද..
අනිත් අයට 830 එක වැඩද කියල කියන්ඩ පුලුවන්නම්පොඩ්ඩා
superb
sura
niyamai machan.................
THARAKA
wow this is awasome..........thanks bro....
ravi70
bohoma thuthi
mindika
thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
sachith
Thanks machan
Nelson
Good Post Friend, Thanks!
නවීන් ලක්ෂිත
සුපිරියි මචං දෙන්නා එක්කම එකතුවෙලා කරපු වැඩේනම් ඔන්න බාගත වෙන්න දැම්මා ඉඩක් ලැබුණු වෙලාවක බලනවා
dev
bohoma stuti...
watina deyak.. .ශාන් විමුක්ති [වීමා] 〠
මේ වගේ දේකට දිරිගන්වල අදහස් දක්වපු හැම කෙනෙක්ටම උදා වෙනුවෙනුත්, චරිත පොල්ගස්දෙනිය සහෝ වෙනුවෙනුත් මම ස්තූතිය පලකරනව
සමාවෙන්න හැම කෙනෙක්ටම වෙන වෙනම ප්‍රතිචාර දක්වන්ට නොහැකිවීම පිලිබදව.
ඔබ සැමට ජය!
Advertisement

ade meyka nam maxxama akak watinawa