පොඩි දෙයක් කියලම ලිපිය පටන් ගන්නම්, ගිය සතියෙ දාලා තිබුන කමෙන්ට් එකක් ගැන තමා ඉතිං, බැනලා නම් නෙවෙයි.නිකං හින්ට් එකට වගේ කියාන ගිහින් තිබුනා “උපසිරැසිය ටිකක් කලින් දුන්නොත් මොනා හරි වෙයි බලාගෙන” කියලා.ඔව් ගිය සතියෙ සුළු ප්‍රමාදයක් වුනා. ඒත් හොදට බැලුවනම් පෙනෙයි මට ඒ උපසිරැසියටත් තරු 5 ඇඩ්මින්ලා දීල…

පොඩි දෙයක් කියලම ලිපිය පටන් ගන්නම්, ගිය සතියෙ දාලා තිබුන කමෙන්ට් එකක් ගැන තමා ඉතිං, බැනලා නම් නෙවෙයි.නිකං හින්ට් එකට වගේ කියාන ගිහින් තිබුනා “උපසිරැසිය ටිකක් කලින් දුන්නොත් මොනා හරි වෙයි බලාගෙන” කියලා.ඔව් ගිය සතියෙ සුළු ප්‍රමාදයක් වුනා. ඒත් හොදට බැලුවනම් පෙනෙයි මට ඒ උපසිරැසියටත් තරු 5 ඇඩ්මින්ලා දීලා තිබුනු වග.ඒ කියන්නෙ උපසිරැසිය පල කරන්න තමා වෙලා ගියෙ. ඒකට හේතුව උනේ ලිපිය සම්බන්ධව වෙච්ච අකරතැබ්බයක්. නැත්තංමම උපසිරැසිය කොපිය ආව දවසෙම රෑ වෙද්දි එවලා තිබුනෙ. හැබැයි ඔය කමෙන්ට් එක දාලා තිබුන කෙනා මීට කලින් කවදාවත්කමෙන්ට් දාපු කෙනෙක් නෙවෙයි. මට විතරක් නෙවෙ අපේ තවත් උපසිරැසි කරුවන්ට ටිකක් පමා වුනාම බනින්න කට්ටියපුරුදු වෙලා ඉන්නවා. පොඩ්ඩක් හිතන්න මම ඇතුළු ගොඩක් උපසිරැසි කරන අය තාම ඉගෙන ගන්න අය. තවත් අය රැකියා කරන අය. ඉතිං ඒඅස්සෙ තමා මේ වැඩේ කරන්නෙ. අනික අපි ඔයාලගෙන් සල්ලි අරන් මේ වැඩේ කරනව 1නෙවෙයි. ඉතිං දවසක් හමාරක්පරක්කු වුනා කියලා බැනලා කමෙන්ට් කරනකොට ඔය මං කියපුවා ගැන පොඩ්ඩක් හිතලා එහෙම කරන්න.
ඔන්න කලින් සතියෙ පොරොන්දු වුනා වගේම මේ ලෑස්ති වෙන්නෙ කතාවෙ ඉන්නෙ චරිතයක් පිළිබඳව පුංචි විස්තරයක් දෙන්න. මේ වතාවෙ ඔයාලට මං ආසම කෙනෙක් ගැන තමා කියන්න හදන්නෙ. ඔහොම කියනකොට ඉතිංහැමෝම දන්නවා.. ඔව් ඔව් ක්‍රිස්ටල් ගැන තමා, හරි සීදේවි කෙල්ල නේ.
ක්‍රිස්ටල්ගෙ හරි නම වෙන්නෙ Crystallia Amaquelin. Quelin සහා Ambur යන දෙපලගෙ දෙවනි දරුවා තමයි ක්‍රිස්ටල් කියන්නෙ. පළවෙනියා තමා මෙඩූසා. ඒ කියන්නෙ මෙඩූසා තමා ක්‍රිස්ටල්ගෙ අක්කා. ඕක ඉතිං දැං නොදන්නකෙනෙක් නෑනෙ. අනික් හැම ඉන්හියුමන් කෙනෙක්ම වගේ මෙයත් පොඩි කාලෙදි තමා ටෙරිජන් වලට නිරාවරණ වෙලා තියෙන්නෙ. පවර්ස් ගැන පස්සෙ කියන්නම්.
කට්ටිය දන්නවා ඇතිනෙ ගොඩක් ඉන්හියුමන්ලව නිම වුනේ Fantastic Four වෙනුවෙන්. ඉතිං ක්‍රිස්ටලුත් එහෙම තමා ඔයාලට මතක ඇති නෙ Fantastic Four ඉන්න ගිනි ගන්න හාදයා Johnny Storm, අන්න එයාගෙ පෙම්වතිය තමා ක්‍රිස්ටල් කියන්නෙ. හැබැයි ඕක වැඩි කාලයක් තිබුන සම්බන්ධයක් නෙවෙ. මොකද ඔය දෙන්නා අතරට Quicksilver එනවා. කොහොම වුනත් මේ දෙන්නා අතර සටනක් වෙලා තමා මේ සම්බන්ධය ඉවර වෙන්නෙ. අන්තිමේ කොහොම හරි Quicksilver ක්‍රිස්ටල්ව විවාහ කරගන්නවා. විවාහයෙන් පස්සෙ මේ දෙන්නට දාව දරුවෙක් පවා ඉපදෙනවා. එයාගෙනම තමා ලූනා. යම් යම් හේතු කාරණා නිසා මේ දෙන්නගෙ විවාහ ජීවිතය දෙදරා යනවා. අන්තිමේ දෙන්නා වෙන් වෙනවා.දැං කොහොමද අහන්න එපා. මොකද ඒක කියන්න ගියොත් ලොකු හෑල්ලක් කියන්න වෙනවා. තව කට්ටිය ඇදිලාඑනවා. ඒ නිසා ඔය ටික දැන ගත්තාම ඇති. 
ක්‍රිස්ටල්ට තියෙන හැකියාවන් පිළිබඳව කතා කලොත්, ක්‍රිස්ටල්ට හැකියාව තියෙනවා ස්භාදහමේ මූලික අංග හතර විදිහට සැලකෙන ගින්දර, ජලව, පොළොව, සහා සුලග පාලනය කරන්න. ඔක්සිජන් පාලනය කිරීම මගින් ගිනි අවුලුවන්න නිවන්න වගේම වැසි ඇති කිරීම පවා කිරීමෙ හැකියාව මෙයාට තියෙනවා. ඒ වගේම තමයි ක්‍රිස්ටල්ට පාලනය කරන්නපුළුවන් උපරිම ජල පරිමාව ඝන අඩි 2000ක් (ගැලුම් 15,000 පමණ.) පමණ වෙනවා. ඔහොමයි කියලා මෙයාට ගංගාවකජල ගලාගෙන යන පාර වෙනස් කරන්න බෑ. තව කියවනවනම් මෙයාට පුළුවන් පොලොවෙ තියෙන ගල්, යකඩ, ග්‍රැනයිට්,වගේ පාෂාණ වගේම රිච්ටර් පරිමාණයේ 6.7 තරම් භූ කම්පනයක් වුනත් ඇති කරන්න පුළුවන්. ටොර්නේඩෝ, කුණාටුවගේ දරුණු ඝනයේ දේවල් කරන්න පවා මෙයාට හැකියාව පවතිනවා. තව තියෙනවා මෙයාට කරන්න පුළුවන් දේවල්.ඔකෝම කියන්න බෑ, කෙසේ වෙතත් ක්‍රිස්ටල් කියන්නෙත් ඉන්හියුමන්ලා අතරෙ ඉන්න දරුණු ඝනයෙ ඉන්හියුමන් කෙනෙක්. හැබැයි කතාව තුල අපිට ලොකූ දෙයක් බලා ගන්න හැකිවුනේ නෑ. ආයෙ කොහොමත් බලා ගන්න වෙන්නෙත් නැ.

ක්‍රිස්ටල්ගෙ ඇදුම නිර්මාණය කරලා තියෙන්නෙ ඉන්හියුමන් විද්‍යාඥයෙක්, ඒක නිමවලා තියෙන්නෙ උෂ්ණත්වයට,සිසිලට වගේම ගින්දරට ඔරොත්තු දෙන විදිහට. හැබැයි හදලා තියෙන්නෙ මොනවයින්ද කියලා දන්නෙ නැ.
ක්‍රිස්ටල් පිළිබඳව කතා කරද්දි නොකියම බැරි කෙනෙක් තමා ලොක්ජෝ කියන්නෙ. මොකද මේ දෙන්නම හැම තිස්සෙමඉන්නෙ එකට. දැං ඉතිං ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නෙ තමා ලොක්ජෝ කියන්නෙ මනුස්සයෙක්ද එහෙම නැත්තං බල්ලෙක්ද කියලා. මෙහෙමයි ඇත්තම කියනවනම් ඒ පිළිබදව නිවැරදිව සදහන් වෙන්නෙ නැ.(එක්කො මට හොයා ගන්නබැරිවෙලා) කොහොම වුනත් comicvine වල කියවෙන විදිහට නම් බුල්ඩෝග් වර්ගයට අයත් බල්ලෙක් තමයි ටෙරිජන් වලටනිරාවරණ කරලා තියෙන්නෙ. මෙයා එතකොට ඉන්හියුමන් බල්ලෙක්. ඇත්තටම එහෙම වෙන්න ලොකු ඉඩක් තියෙනවා.මොකද හැමෝම මෙයාට සලකන්නෙ සුරතලෙක්ට වගේ ඒ නිසා මනුස්සයෙක් ටෙරිජන් ක්‍රියාවලියෙන් පස්සෙ ජානවිකෘතියෙන් බල්ලෙක් වුනා කියන්න අමාරුයි. කොහොම වෙතත් ඒක අභිරහසක්. මොනා වුනත් මෙයා රාජකීය පවුලෙවිශ්වසනීයම සමාජිකයෙක් වෙනවා. ඒ නිසාම ලොක්ජෝට ලොකු තැනක් ඇට්ලැන් වල වගේම ඉන්හියුමන්ලා අතරත් ලැබිලා තියෙනවා.
(
අපි දැන් බලමු මෙයාට තියෙන හැකියාවන් මොනවද කියලා.
ටෙලිපෝටර්වීමට ඇති හැකියාව:
====================
ටෙලිපෝටර් වීම කියන ආයෙ මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කට්ටිය හොදටම දන්නවා. ඒ වගේම තමයි ලොක්ජෝට ටෙලිපෝටර් වෙන්න වගේම එයත් එක්ක තවත් අය කැමති තැනකට අරන් යන්න හැකියාව තියෙනවා. ඕක ඔයාලා දන්න දේ නෙ. තව කාරණයක් තමයි ලොක්ජෝට මාන අතරෙ වුනත් ටෙලිපෝටර් වීමෙ හැකියාව තියෙනවා.
සුපිරි ශක්තිය:
========
අපි හිතමුකො සාමාන්‍ය බල්ලෙක් ලොක්ජෝගෙ සයිස් එකට හැදුනා කියලා, ඒ වුනත් ඊටත් වඩා ලොක්ජෝගෙ ශක්තිය වැඩියි.තව දෙයක් තමයි මෙයාට හැකියාව තියෙනවා ටොන් 90 බරක් එයාගෙ හකු පාවිච්චි කරලා රදවගෙන ඉන්න. ඒ වගේම තමා මෙයාගෙ දත්, සාමාන්‍ය බල්ලෙක් මස් කට්ටක් හරි යම් කාබනික ද්‍රවයක් වගේ හපනකොට ලොක්ජෝට හැකිආය තියෙනවාලෝහ හෝ ගල් වගේම අකාබනික ද්‍රව්‍ය ඒ විදිහටම හපන්න.
සුපිරි ඉව:
=====
ලොක්ජෝට හැකියාව තියෙනවා මෙයා දන්න කියන අයව එයාලගෙ ගඳ සුවඳ විතරක් පාවිච්චි කරලා මොන ලෝකෙ හිටියත් හොයාගන්න.තව දෙයක් තමයි ලොක්ජෝ සැලකිල්ලක් දක්වන කෙනෙක් අනතුරක වැටිලා නම් එයාට ඒක දැන ගැනීමෙ සීමිත හැකියාවකුත් පවතිනවා. මේ හැකියාව ලුහු බැදීමක් විදිහටත් පාවිච්චි කරනවා. ඔය හැකියාව නම් අයිති වෙන්නෙ සංවේදනය කියන ගොඩට.හරි ඉතිං ඔය තමා කතාවෙ ප්‍රධාන වශයෙන් අපිට හමුවෙච්ච චරිත ටික. තව අය ඉන්නවා, ඒත් ඉතිං හැමෝම පිළිබඳව කියන්නලැබෙන්නෙ නෑ. හේතුව ඔයාලා මේ වෙනකොටත් දන්නවා.
හරි සුපුරුදු පරිදි පහුගිය කොටස ටිකක් විතර මතක් කරන්නම්.ඕරාන් සහා එයාගෙ සගයො ටික බ්ලැක් බෝල්ට් ඇතුලු පිරිසෙන් මිදිලා පැනලා යන තැනින් තමා පසුගිය කොටස ආරම්භ වුනේ.හැබැයි වැඩි දුරක් යන්න මත්තෙන් මේ අයව කොටු කරගන්න බ්ලැක් බෝල්ට් ඇතුලු පිරිසට හැකියාව ලැබෙනවා. එතනදි තමා දැනගන්න ලැබෙන්නෙ මැක්සිමස් ඩෙක්ලන් එක්ක වැඩ කරන්න හේතුව වගේම බ්ලැක් බෝල්ට්ට එරෙහිව කැරැල්ලක් පටන් ගන්න හේතුවත්. කෙසේ නමුත් මේ වන විටත් රාජකීය පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් අහිමි වී හමාර වී තිබුනා.
මැක්සිමස් කියන්නෙ බොහොම කපටි වගේම මොලේ පාවිච්චි කරන කෙනෙක්. ඒ නිසා මෙයා ඇට්ලැන් වල ඉන්න කැරලි කාරයො හොයන්න ගන්නවා. ඒ වෙලාවෙ තමයි ක්‍රිස්ටල් එතනට එන්නෙ මැක්සිමස් රාජකීය පවුල මරන්න යවපු අයවත් අරගෙන. ඒ වෙන
දෙයක් නිසා නෙවෙයි, මැක්සිමස් එක්ක සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන්. සාකච්ඡාව යාමට ප්‍රථමව බ්ලැක් බෝල්ට් කට්ටිය එක්කගෙන තවත්එක් තැනකට යනවා. ඒ තමා මුහුද කිට්ටුවට. එතනදි තමා හැමෝම දැනගන්නෙ මැරුනයි කියලා හිතන් උන්නු ට්‍රයිට්න් ජීවත් වෙන විත්තිය.
මේ සියළු දෙනාම එක්කගෙන බ්ලැක් බෝල්ට් ඇට්ලැන් වල කවුරුත් නොදැන හිටපු බංකරේකට හැමදෙනාවම ගෙනියනවා. හැබැයි ඉතිං මෙඩූසා මේ පිළිබඳව තරහි ඉන්නෙ එයාට මේ කිසි දෙයක් ගැන නොකිව්ව එකට. කෙසේ වෙතත් බ්ලැක් බෝල්ට් සූදානම් වෙන්නෙ යුද්ධයකට. ඊට මත්තෙන් අර සාකච්ඡාව පැවැත්වෙනවා. එතනදිත් මැක්සිමස් බ්ලැක් බෝල්ට්ව අන්දලා ඩොක්ටර් ඩෙක්ලන්ව මැක්සිමස් අරගන්නවා. එතනින් වෙච්ච දේත් එක්ක පැරදුනු ලීලාවෙන් ඔවුන් පිටව යනවා. ඩෙක්ලන්ගෙ පරීක්ෂණ පරික්ෂා කලකර්නාක් ගොර්ගාන්ට නැවත පන අරගන්න බ්ලැක් බෝල්ට්ගෙන් අවසර ඉල්ලනවා. නමුත් ඒකට අවසර නොබෙන තැන හොර රහසින්මඕරාන්ගෙ උදව් ඇතුව ගොර්ගාන් හට නැවත පන දෙන්න කර්නාක් දෙවරක් නොහිතා පෙළබෙනවා. ඒත් අවාසනාවක ඒක හරි ගියෙ නෑ.
ඉතිං මැක්සිමස්ට ඉන්හියුමන් කෙනෙක් වෙන්න අවශ්‍ය හැම දේම තියෙන මොහොතෙ එයා ඒ වැඩේ සාර්ථකකරගන්න පැමිනුනත් එතනදි ගොර්ගාන් එක් කූටීරයක ඉන්නවා දකිනවාත් එක්කම ඇට්ලැන් වල එක පාරටම භූ කම්පනයක් ඇති වෙන්න ගන්නවා.ඒ පිළිබඳව හොයන්න යන මැක්සිමස් අන්තිමේ ට්‍රයිටන්ගෙ පහරදීමක් බැට කාලා බ්ලැක් බෝල්ට් ලග තමා නතර වෙන්නෙ. ඒ මොනා උනත් බ්ලැක් බෝල්ට්ට මැක්සිමස්ව මරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මොකද මැක්සිමස් මැරුවොත් ඇට්ලැන් ආවරණය වෙලා තියෙන ගෝලාර්ධය විනාශ වෙන විදිහට මැක්සිමස් යම් උපායක් යොදා ඇති නිසා. කොහොමද මිනිහගෙ සූත්තරේ නේ. ඔය ගැටුම් අතරින් අපි මැරුනයි කියලා හිතපු ගොර්ගාන් ටෙරිජන් කුටියෙන් එළියට පැමිණෙනවා. ඔන්න ඔතනින් තමා පහුගිය සතියෙ කතාව ඉවර වුනේ. අද කොටස ගැන කියන්නෙ අදහසක් නම් නෑ. ඒත් අද ඔයාලට බ්ලැක් බෝල්ට්ගෙ කටහඩ අහන්න ලැබෙනවා.
හරි ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ආයෙ මෙ කතාවෙ දෙවනි සීසන් එකක් බලාපොරොත්තුවෙන්න එපා කියලා තමයි. මොකද මං ඔයාලට මුල් ලිපි කිහිපයෙ මේ කතාව ෆේල් වෙන්න හේතු පැහැදිලි කරලා දුන්නා. මටත් අවසාන වෙනකොට තේරුම්ගිය දේ තමා මේක මීට වඩා හොදට කරන්න තිබ්බා කියන දේ. මොකද අපි දැක්ක බොහෝමයක් චරිත වලට කතාව තුල හානි කරලා තිබුනා. මේ විදිහට ඉදිරි සීසන් එක්කට නොගිහින් මෙතනින් නතර වුන එක එක අතකට හොදයි. මට ඉතිං දුකයි සතුටයි දෙක තියේ,මාවල් රසිකයෙක් විදිහට පොඩි දුකක් තියෙනවා කැන්සල් වුන එකට, ඒ වගේම උපසිරැසි කරුවෙක් විදිහට අති මහත් සතුටක් තියෙනවාකතාව කැන්සල් වුන එකට. මොකෝ ආයෙ මේක එන්නෙ නෑ කියන්නෙ මං මේකෙන් නිදහස් කියන එක. හරි එහෙමනම් සම්පූර්ණ කතාවටම පමාවකින් තොරව තරු 5 ටම උපසිරැසිය දීලා තියෙනවා. එහෙනම් Marvels.Agents.of.S.H.I.E.L.D පස්වන කතා සමය තුලින් හමුවෙනබලාපොරොත්තුව ඇතිව (ඊට ප්‍රථමවද හමුවිය හැක) මම සමු ගන්නවා. අවසාන වතාවට කමෙන්ටුවකින් සංග්‍රහ කරන්න අමතක කරන්න එපා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,927 downloadsDownload Inhumans.S01E08.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
43 comments
kasun
nishanthaks
super
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Chämàrá Sâmpáth
එහෙනම් ඒකත් අහවර වුනා. මුලදි මමත් ටිකක් කතාවට අදිමදි කලාට හයවෙනි කොටසදි නම් මට මාරම විදිහට කතාව හිතට ඇල්ලුවා ඈ..
ඔව් බං තවත් සීසන් එකකට නොයා නතර වුන එක හොදයි. එහෙම ගියා නම් ස්කොට්ගේ ප්ලෑන් වලින්ම තවත් කතාවට හානි වෙන්න තිබුනා.
සබ් ටිකත් වෙලාවට දීලත් තිබුනා..
එහෙනම් මෙන්න සබ ගන්නෝ.
Runaways එකත් දෙමු නෙහ්
ජය!!කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...ජය වේවා!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sandun
S.w.a.t. ekatath sub demuko..
Malinda
kawuda kiyanne wedak ne kiyala. mata nam ela.
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Subhash pushpakumara
Mishala wada pramayak mada sub dena oba samata pin..
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
D.Chamara
bohoma sthuthi sahooo
Lucky Dhananjaya
thanx for the sub
Ravindu Rukshan
Thx
Milan
Thnx sahoo sub ekta...
Heshan
Thanks
Udara Damith B/K
upasirasata ස්තිතියි දිගටම දුන්නට
මන් නම් කැමතියි වෙන කවුරු හරි මේක සීසන් දෙක adදියක්ෂණය කරනවානම්
කරුමේ \සීසන් දෙකක් එන්නේ නෑ නෙ .....
ශිල්ඩ් එකෙන් මුණගැහෙමු
(ඔය එකක් එක්කෙනා කියන ඒවා ගණන් ගන්ඩ එපා )Chandima
niyamai thaz...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..කතා සමය අවසාන වෙනකම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං. ඒ වගේම කතාව චරිත ටික පැහැදිල කරලා දුන්න ලිපි ටිකත් ගොඩක් වටිනවා. අර කියුවත් වගේ තව සීසන් එකක් එන්නේ නැති එකනම් හොදයි. මීට වඩා සෑහෙන්න හොදට හදන්න තිබ්බ කතාවක් තමයි ටිකක් අවුල් කරගෙන තියෙන්නේ.. තවත් උපසිරැසියකින් හමුවෙමු සහෝ..බුදුසරණයි..ජය වේවා!
(තව දෙයක්. ඔය එක එක ගොන් හරක් කියන ඒවා සත 5ට ගනන් ගන්න එපා බන්. සහයෝගයක් දෙන මිනිස්සු 10ක් හිටියොත් 100ක්ම ඉන්නේ මොකක්හරි ඇදයක් හොයන එවුන් තමයි)Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
හිතපු තරම් හොද නැ කතාව...
එත් අවුලකුත් නැ.Kasun
බොහොම ස්තුතියි සහෝ......
Dulan randika
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..කතා සමය අවසාන වෙනකම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං. ඒ වගේම කතාව චරිත ටික පැහැදිල කරලා දුන්න ලිපි ටිකත් ගොඩක් වටිනවා.
HESH
elama sub dunnata thanks
sam
thanks
piyumal sanjeewa
බොහෝම ස්තුතියි.
රවින්
Thanks for the sub
Akram
elaela thnx bn owata salenna epa
Tharaka Lahiru
Tnq mcn
Viraj tharuka
Thanks bro sub akata!!!
Asela
ela machan.. thank you for everything...
Sandun
Subata godaaaak thanks saho... aluthen ena runaways ekatath sub denna kiyala kiyanawa.... Obata JAYA...
Lakshan Thennakoon
sub eka baganda bene
kZara
elm
Sandheep
ස්තුති සහො.. ගොඩක් මහන්සි වෙලා තියෙනව
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
elama. thanks bro
SANRIDER
athuthy saho sub walata....jayaweewa...1
lrlakmal
tnx for sub
Supun M. Hettigoda
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..Nadeesha rox alahakoon
Tnx bro Subata
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි
Anonymous
Thanks for all subs
Advertisement

Very tnx