Watch Trailer

Lucifer [S04 : E05] Sinhala Subtitles | කාර් හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක්, ලුසිෆර් කතා මාලාවෙ පස්වෙනි කොසටත් එක්කයි ඔයාල එකතුවෙලා ඉන්නෙ. කාලෙකට පස්සෙ ඔන්න බයිස්කෝප් එකට සබ් එකක් අරන් ආවා. මේක කියන්න කලින් මට මේ එපිය කරහං කියල දුන්න අපේ පසිඳු සහෝදරයාව ඉස්සෙල්ලම මතක් කරනවා. ඒත් එක්කම වැඩේ කරගෙන යද්දි පොඩ්ඩක් කරදර කරන්නත් සිද්ධ උනා. මොකද මං මේ ටීවී සීරිස් එක කලින්…

සුභ දවසක්, ලුසිෆර් කතා මාලාවෙ පස්වෙනි කොසටත් එක්කයි ඔයාල එකතුවෙලා ඉන්නෙ. කාලෙකට පස්සෙ ඔන්න බයිස්කෝප් එකට සබ් එකක් අරන් ආවා. මේක කියන්න කලින් මට මේ එපිය කරහං කියල දුන්න අපේ පසිඳු සහෝදරයාව ඉස්සෙල්ලම මතක් කරනවා. ඒත් එක්කම වැඩේ කරගෙන යද්දි පොඩ්ඩක් කරදර කරන්නත් සිද්ධ උනා. මොකද මං මේ ටීවී සීරිස් එක කලින් බලල නැති හින්ද. ඔයාල මේක බලද්දි සෙට් වෙච්ච වචන සෙට් එකෙන් පිට වචන මොනවහරි තියනවානම් මං සමාවෙන්න කියල කියනවා. ඒ වගේම ‍මේකට ලිපියක් ලියල දෙන්න කියල කිව්වම බෑ නොකියා ගත්ත අපේ චානක අයියව (චානක ඉඳුනිල්) විශේෂයෙන් මතක් කරනවා. කාටත් තියන බෝරිං ‍වැඩේනෙ ඔය ලිපි ලියන එක. ඉතින් ඒ ඔක්කොටම ස්තූති කරන ගමන් වැඩි අටුවා ටිකා නැතුව කතාවට බහින්නම්.

පසු ගිය කොටසෙන් ඔයාල දකින්න ඇති, පාබ්ලෝගෙ ඝාතකය හොයාගෙන යන වැඩේදි, ලුසිෆර් සහ ක්ලෝවි අමනාප වෙලයි ඉන්නෙ. ඉතින් වැඩේ ලේසි වෙන්නෙ නැහැ. ඔය අතර ලුසිෆර්ට එයාගෙ පරණ යලුවෙක් මුන ගැහෙනව. ඊව්. ඔව් එයාම තමයි (ඇඩම් සහ ඊව්.) අවුරුදු දහස් ගානකට පස්සෙ ලුසිෆර්ට ඊව්ව මුන ගැහෙනව බාර් එකකදි. ඉතින් දෙන්න කතාබහ කරගෙන ලුසිෆර් ඊව්ව ඇරවන්න වාහනයක් ගෙන්නනව. වාහනේ ඉන්න ඩ්‍රයිවර් ලුසිෆර්ට වෙඩි තියනව. ඔන්න ඊට පස්සෙ තමයි දැනගන්නෙ ඊව් පාබ්ලෝගෙ ඝාතන සිද්ධියෙ සාක්ෂිකාරියක් කියල. පාබ්ලෝ තමයි ඊව්ව ගෙනත් ඇරලල තියෙන්නෙ, එයාගෙ ගුවන් යානෙන්ම. ඔය අතරෙදි අර වටින කියන නෙක්ලස් එක ඊව් දැකල තියනව. ඔය අතරෙ පීට් එයාගෙ සහකාරියක් යොදවගෙන නෙක්ලස් එක හොරකම් කරනව. අවසානෙට ඔයාල දකින්න ඇති ඇත්තම ඝාතකය වෙන කවුරුත් නෙවෙයි පාබ්ලෝගෙ සඟය ටොබී ගෝල්ඩන්මයි කියල.

අද කතාවෙන් පොඩ්ඩක් මතක් කරගෙනම යන්නම්, ඩෙරෙක් ලී කියන පුද්ගලයව එයාගෙ ගෙදරදිම ඝාතනයට ලක්වෙලා, ඉතින් ක්ලෝවිට තමයි රාජකාරිය බාර වෙන්නෙ. හරිම අභිරහස් විදිහට තමයි මරණෙ සිද්දවෙලා තියෙන්නෙ. කිසිම හොරකමක් සිද්ද වෙලත් නැහැ. මැසේජ් එකකින් හොයාගන්න පුලුවන් වෙනව මෙයාගෙ මරණෙ මෙයාගෙ කාර් එකට සම්බන්ධයි කියල. ඒකෙ සඳහන් වෙනව උත්සවයක් ගැන. පරණ කාර් එකතු කරන අයගෙ එකමුතුවක් වගේ. ඉතින් මෙතනට යන්න පරණ කාර් එපැයි. ක්ලෝවි දන්නව පරණ කාර් එකක් තියෙන්නෙ කාගෙ ගාවද කියල. වෙන කවුරුත් නෙවෙයි ලුසිෆර්. ඔන්න මේ කොටසෙදිත් මෙයාල එකතුවෙලා අභිරහසක් විසඳන්නයි ලෑස්තිය. ඉතින් ඉතිරිය ඔයාලට බලන්න ඉඩ ඇරල මම කතාව විස්තර කරන එක නවත්තන්නම්.

අද කතාවෙ නම : Expire Erect
අධ්‍යක්ෂනය : Viet Nguyen
රචනය : Neil Gaiman
මෙම කොටසට අදාල IMDb අගය : 9.4යි.

තවත් සබ් එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

19,752 downloadsDownload Lucifer-S04-E05.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

19,752 downloadsDownload Subtitles38 KB

29 comments

  1. suneth

    Ela. thawa Episode 5 ithuru. e tikath daamu. jaya vewaa..!!!

  2. podda

    thanks saho!!!!!

  3. dx12

    Thanks bro

  4. Kasun A.

    උපසිරැසිය සඳහා ස්තූතියි! ජය!

  5. Hasinth

    Thanks

  6. Stranger

    thnkas

  7. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  9. Amilaprasad814

    Sub එකට ස්තුතියි සහෝ ....... ඉතුරු ටිකත් දාමු ඉක්මනටම

  10. Ayesh Prashan

    Thank You

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Jessica Jones Season 3 එකටත් සබ් අරන් එමු ඉක්මනටම....
    Marvel/Netflix වල අවසානය..

  12. ManuVimuthinee

    Good job ✌️

  13. චානක ඉඳුනිල්

    නියමයි! සුපිරි සහෝ.

  14. Dushan Tharuka

    Thanks bro

  15. Dhanu Dicaprio

    supergirl eke subtitles denne naththe ai kawurth. eka bageta nawaththala dalane.??????

  16. suranuwan

    thanks bro...

  17. madushgamagee

    Great job

  18. Shehan Pramuditha

    Thanks bro

  19. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  20. Ara N Madhu

    Wachana nee kiyanna... umbalata pin.... Baagena hitiya wishwaasen meka dei kiyala....

  21. TharakaWAS

    Thanks for sub...!!!

  22. Lakshan

    Thanks Bro.

  23. MAALnath

    Thanks ......................good luck ...................

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  26. Milinda Sadaruwan

    Thank you bro

  27. Sajithlakshan

    thanks ...................

  28. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  29. Lucifer

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.