ඔන්න එහෙනම් 6 වෙනි එපිය අරන් ආවා.මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා.මේක බාර අරන් හිටියේ මන් නෙවෙයි, බාර ගත්ත අයියත් බිසී.එයාට මේක කරන්න බැරි නිසාත් සීසන් එක ඉක්මනට දෙන්න ඕනේ නිසත් මන් බාරගත්තා.පුලුවන් ඉක්මනට ඔන්න ගෙනාවා.ඉතින් පසුගිය කොටස බලන්න ඇති නෙහ්.අපේ චමෝද් මල්ලි (C.R.ජයලත්) තාම සබ කරල තිබ්බේ. මාරම විකා…

ඔන්න එහෙනම් 6 වෙනි එපිය අරන් ආවා.මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා.මේක බාර අරන් හිටියේ මන් නෙවෙයි, බාර ගත්ත අයියත් බිසී.එයාට මේක කරන්න බැරි නිසාත් සීසන් එක ඉක්මනට දෙන්න ඕනේ නිසත් මන් බාරගත්තා.පුලුවන් ඉක්මනට ඔන්න ගෙනාවා.ඉතින් පසුගිය කොටස බලන්න ඇති නෙහ්.අපේ චමෝද් මල්ලි (C.R.ජයලත්) තාම සබ කරල තිබ්බේ. මාරම විකාරයක් නේද වුණේ? ඒක ලස්සන එපියක්.ඒවගේම තවත් ලස්සන සිද්දි තියෙන වැඩියෙන්ම කිව්වොත් ලස්සනම නෑ…පොඩ්ඩක් වැඩිහිටියන්ට පමණක් බලන්න් ඕනේ එකක් තමයි මේ එපිය.නිරුවත්ව ඉන්න කොටස් ටිකක් තියෙන නිසාම මේක 18+ දෙන එක හොදයි.😂 හරි එහෙනම් එපියේ වෙන්නේ මොනවද කියල බලමු.
එපිය පටන්ගන්නෙම ලුසිෆර්ගේ තැනේ පොඩි ඕර්ජි පාර්ටියක් (Orgy- අසංවර ලෙස හැසිරෙන) දාලා තියෙනවා මේස් එද්දිම දකිනවා.මේස්ට මල පයිනවා එයාව කපලා පාටි දැම්මට.😂.කොහොමහරි මන් කලින් කිව්වා වගේම වැඩිහිටියන්ට පමණක් බලන්න පුලුවන් සීන් තියෙන නිසා ලුසිෆර්ගේ නරක වැඩ ගොඩක් බලාගන්න පුලුවන්.ලුසිෆර් විනොදයට ගොඩක් බර වෙන්න ගන්නකොට එයාට ටිකෙන් ටික ක්ලෝයි, රාජකාරිය, එයා යක්ෂයෙක් කියන කාරණා ටික අමතක වෙනවා.ලින්ඩගේ බඩ ඇවිල්ලා දරුවා හම්බවෙන නිසා.තව එක වැදගත් දෙයක් වෙනවා.රෙමීල් හෙවත් රෙමී කියල චරිතයක් කතාවට එනවා.රෙමී කියන්නේ ලුසිෆර්ගෙත් ඇමනඩීල්ගෙත් සහෝදරිය.ඇය එන්නේ දරුවගේ අම්මා මරලා දරුවව අරන් යන්න.එයා හිතන්නේ මුලදී ලුසිෆර් තමයි දරුවගේ තාත්තා කියල.ඒත් ඇමනඩීල් පස්සේ කියනවා “මමයි තාත්තා…මම මගේ දරුවටත් ලින්ඩත් කරදරයක් වෙන්න දෙන්නේ නෑ” කියල.

– ලුසිෆර්ගේ හා ඇමනඩීල්ගේ සහෝදරිය රෙමීල් –
වෙනදා වගේම අපරාධයක ක්‍රියාවක් කතාවේ තියෙන කොට ඒ අපරාධයට හේතු වුණු පුද්ගලයා ලුසිෆර්ගේ ඉස්සරහ එයාගේ රාජකාරියේ ඉන්නේ හිතවත් කාන්තාවක් මරලා දාලා පැනලා යනවා.ලුසිෆර්ට අමතක වෙලා තිබුණේ එයා යක්ෂයා කියල…ඒත් ඒක ආයෙමත් එයාට මතක් කරන්න උදව් වෙනවා ඊව්.ඊව් ඇහුවා “ඔයා ඇත්තටම කවුද කියල..?” එතකොට ලුසිෆර් “මම තමයි යක්ෂයා..!” කියන ලස්සන දෙබසත් එක්කම තමයි අර මිනීමරුවත් මරලා කතාව ඉවර වෙන්නේ. ඔන්න ඔහොම කතා ටිකක් තමයි ලුසිෆර් හතරවෙනි කතා මාලාවේ හයවෙනි එපියෙන් වෙන්නේ.ලස්සන කතාවක් ඉවර වෙද්දී තවත් ලස්සන කතාවක් ඊළගට එන්න ඉන්නේ.කතාවේ කුතුහලය ඇති කරන්න මම පොඩියට Hint එකක් දෙන්නම් ඔයාලගේ හිට සුව පිණිස.😋
ගිහින් එන්නම් එහෙනම් ආයෙත් දවසක ලස්සන කතාවකින් හම්බවෙමු..!
බුදුසරණයි..! දෙවිපිහිටයි..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
18,645 downloadsDownload Lucifer-S04-E06.zip37 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
23 comments
Kasun A.
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Stranger
thanks
Hasinth
Thanks
Dush_S
Thanks brother!!
suneth
Elama.. kathawa dan supiri. anith tikatath sub demu. jaya vewaa..!!!
Ayesh Prashan
Thank You
TharakaWAS
Thanks for sub....!!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව එපි 4යි....
Jessica Jones Season 3 එකටත් සබ් දෙමු...Ara N Madhu
Hungaak aasawen balan hitiye meka set wena kam..man umbalage fb page ekata messageuth kalaa...reply thibune nethi unama tika awul unath, den meka dekkama e okkoma amathaka unaa....thanks ban okkotama...
Lakshan
Thanks Bro.
suranuwan
thanks bro..
Shehan Pramuditha
Thanks bro
MAALnath
Thanks .................good luck
..........thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Milinda Sadaruwan
Thank you bro
Sajithlakshan
thanks .................
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank you
Lucifer
Thank you
Advertisement
![Lucifer [S04 : E06] Sinhala Subtitles | ලුසිෆර්ගේ නරක වැඩ නම් තවත් ඉවසන්න බෑ..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Lucifer-S4-1.jpg)



උපසිරැසිය ලබා දීම වෙනුවෙන්
ඔබට ස්තූතියි! ජය!