කොහොමද ඉතින් කස්ටියටම. ඔන්න මම කාටර් කතා මාලාවේ අවසාන කොටස අරගෙන ආවා. මේ පාර ආපු වෙළුම ආවේ කොටස් දහයකින්. ඒ වගේම මේ පාර ලොස් ඇන්ජලිස් වල සිදුවීම් මුල් කරගෙන කතාව ගොඩ නැගිලා තිබුනා,ඒ වගේම Zero matter කියන දේ තමයි කතාවේ මුලික අවධානය අරගෙන තිබුනේ. අපි එහෙනම් කතාව මුල ඉදන් ආපු විදිය ගැන පොඩ්ඩක් බලමු. ඩ…

කොහොමද ඉතින් කස්ටියටම. ඔන්න මම කාටර් කතා මාලාවේ අවසාන කොටස අරගෙන ආවා. මේ පාර ආපු වෙළුම ආවේ කොටස් දහයකින්. ඒ වගේම මේ පාර ලොස් ඇන්ජලිස් වල සිදුවීම් මුල් කරගෙන කතාව ගොඩ නැගිලා තිබුනා,ඒ වගේම Zero matter කියන දේ තමයි කතාවේ මුලික අවධානය අරගෙන තිබුනේ. අපි එහෙනම් කතාව මුල ඉදන් ආපු විදිය ගැන පොඩ්ඩක් බලමු.
ඩොටී අන්ඩර්වුඩ් බැංකුවක් මංකොල්ල කන්න එද්දී අල්ලගන්නවා. ඒ වගේම ජැක් තොම්සන් ලොක්කා එයාගේ තරහ පිට කරන්නත් එක්කම පෙගී කාටර් ව ය්නවනවා ලොස් ඇන්ජලිස් වලට. ජාවිස් සහ ස්ටාර්ක් යන දෙන්නම ඉන්නේ එහේ. ඉතින් කාටර් ලොස් ඇන්ජලිස් වලට එන්නේ සුසා ලොක්ක යටතේ වැඩ කරන්න. ඒ වගේම ලොස්ඇන්ජලීස් වලදී ප්‍රධාන වශයෙන් කතා කරන්න උනේ isodyne energy කියන සමගම සහ එකේ ඉන්න සාමාජිකයන් එහෙම නැත්නම් එකේ අයිතිකාරයන් ගැන. මම ඔයාලට මුලින්ම කිවුවා ඒ ආයතනය තිබුනට මේ දෙවන වෙළුමේ ප්‍රධාන චරිතයක් වෙන කෙනෙක් ඉන්නවා කියලා. කස්ටිය ඒ කවුද කියලා දැනගන්න ඇතිනේ. ඒ තමයි විට්නි ෆොරෙස්ට්. ප්‍රසිද්ධ චිත්‍රපට තරුව. ඒ වගේම එයා බුද්ධිමත් කෙනෙක් කියලත් කතාව අපුර්ම කිවුවා. හැබැයි එයාගේ බුද්ධිය යොදාගන්න හදන්නේ නම් ලෝකේ පෙරලන්න තමයි.
කොහොමහරි ලොස්ඇන්ජලීස් වලට එන පෙගී කාටර් ට හොයන්න ලැබෙන්නේ මිදුණු අයිස් ඇතුලේ ඉන්න කාන්තාවක් ගැන. ඒ කෙනා isodyne enegy එකේ වැඩ කරනවා කියලා දැනගත්තහම ඒක ගැන හොයන යන පෙගී කාටර් ඇතුළු පිරිසට ඩොක්ටර් විල්ස්ක් මුණ ගැසෙනවා. ඒ වගේම SSR එක ඇතුලේ ඉදගෙන හොර වැඩ කරන පොලිස් කාරයෙක් ගැනත් හොයාගන්නවා. ඒ වගේම Zero Matter එක වැඩ කරන හැටි බලාගන්න රුප පෙලකුත් තිබුනා. කොහොමහරි Zero Marrer ටික අරගන්න ඕනේ කියලා පෙගී කාටර් තීරණය කරල ඩොක්ටර් විල්ක්ස් එක්ක isodyne energy එක ඇතුලට යනවා. එතනදී හිතපු නැති විදයට විට්නි ෆොරෙස්ට් ආවා වගේම zero matter ටික කුටියෙන් ඉවත් වෙලා යනවා. ඒකෙන් වෙන්නේ ඒවා විට්නි ෆොරෙස්ට් ට ආසාදනය වීම සහ ඩොක්ටර් විල්ක්ස් අතුරුදහන් වීම.
ඒ වගේම ඩොටී අන්ඩර්වුඩ් හොයාගෙන ආපු ටයි පින් එක ගැන හොවාර්ඩ් දන්නා දෙයක් කියනවා සහ එයා ඒ හරහා ඇරෙන සංගමයට ඇතුල් වෙන්න අවස්ථාවක අරගන්නවා. ඒ හරහා පෙගී ඒක අතිලේ තියෙන රහස් කීපයක් අනාවරණය කරගන්නවා. විට්නි ෆොරෙස්ට් තමන්ට ලැබුණු දේ එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒ වගේම පෙගී මරන්න කෙනෙක් එවනවා. ඒත් එයට සාර්ථක වෙන්න ලැබෙන්නේ නෑ. අතුරුදහන් වෙලා හිටපු ඩොක්ටර් විල්ක්ස් ආපහු එනවා. හැබැයි එයා අල්ලන්න බැරි කෙනෙක් බවට පත්වෙලා. ඒ නිසා එකට උදව් කරන්න හොවාර්ඩ් මහන්සි ගන්නවා.
ඊට පස්සේ කලින් පෙගී ව මරන්න ආපු මිස්ට හන්ට් ව පෙගී සහ ජාවිස් අල්ලගන්නවා. එයාගෙන් වැදගත් තොරතුරු රැසක් දැනගන්නවා වගේම එයාගේ ජීවිතේට උණු දේ කස්ටියට රහසක් වෙනවා. ඒ වගේම ජේන් ස්කොට් ගේ මිනිය තියෙන්නේ කොතනද කියලා ඩොක්ටර් විල්ක්ස් දැනගන්නවා. ඒ තැනට ගියපු පෙගී සහ ජාවිස් යන දෙන්නට දැනගන්න ලැබෙනවා මිස් විට්නි ෆොරෙස්ට් පරමාණු බෝම්බයක් හදන්න උත්සාහ කරනවා කියලා. ඒක වලක්වන්න පෙගී ඇතුළු පිරිස උත්සාහ ගන්නවා වගේම ඒක ඉවර වෙන්නේ පෙගී ට අනතුරක් වෙලා. ඩොක්ටර් විල්ක්ස් සැරෙන් සැරේ මතු වේවි යන නිසා එයා තීරණය කරනවා ස්ථිර කුටීරයක් හදන්න. එකට zero matter ටික ගන්න යන්න කෙනෙක් ඕනේ නිසා පෙගී කාටර්, ඩොටී ව ඒ සදහා යොදාගන්නවා. ඩොටී ඒ ටික ගත්තත් අන්තිමේදී විට්නි ෆොරෙස්ට් ගේ අත් අඩංගුවට පත් වෙනවා. තමන්ට තියෙන බල තණ්හාව නිසා තමන්ගේ ස්වාමියා මරන්න උනත් විටිනි ෆොරෙස්ට් පසු බහින්නේ නෑ.
ඩොටී ව බේරගන්න පෙගී සහ ජාවිස් යන අතරේ විට්නි ඇවිත් ඩොක්ටර් විල්ක්ස් ව අරගෙන යනවා. ඒ යන්නේ මිසිස් ජාවිස් ට වෙඩි තියල. ඩොක්ටර් විල්ක්ස් බේරගන්න පෙගී බොරු යුරේනියම ටිකක් දෙනවා. හැබැයි ඒක විට්නි දැනගන්නවා. හැබැයි ඒ වෙලාවේ ඩොක්ටර් විල්ක්ස් අනිත් පැත්තට හැරිලා පෙගී කාටර් ගෙන් යුරේනියම් තියෙන තැන දැනගන්නවා. ඒ ටික අරගෙන පරමාණු බෝම්බය පුපුරවන ඩොක්ටර් විල්ක්ස් සහ විට්නි ෆොරෙස්ට් දෙන්නාගෙන් ඩොක්ටර් විල්ක්ස් ට විතරයි zero matter ලැබෙන්නේ. ඒ නිසා එයාගෙන් ඒ ටික ගන්න විට්නි ෆොරෙස්ට් උත්සාහ කරනවා. ඒ වගේම විට්නි ගේ අත් අඩංගුවට පත් උණු පෙගී සහ ජාවිස් දෙන්නා ඒකෙන් පැනගන්නවා. මේ අතරේදි පෙගී ගේ පැත්තට ජැක් තොම්සන් එනවා. ඒ වගේම එයා හදන්නේ සේරම හතුරෝ ටික මරල දාන්න. ඒ වැඩේ කරන්න යන එයාට හරහට හිටින්නේ පෙගී කාටර් සහ සුසා. ඒ වගේම ඩොක්ටර් විල්ක්ස් ට දරාගන්න බැරිව zero matter ටික පිපිරිලා යනවා. ඔන්න ඔය ටික තමයි මේ වෙනකන් කොටස් වල උනේ. කොහොමහරි දැන් අපි අවසාන කොටසට ඇවිත් ඉන්නේ.
ඒ වගේම මේ කාටර් දෙවෙනි වෙළුම සම්බන්ධ වෙන්නේ Doctor Strange කියන ෆිලුමට. ඒක 2016 නොවැම්බර් 16 එනවා. එහෙනම් අවසාන කොටස බලන්න යාලුවනේ. අවසානය කුමක් වෙයි ද? අද නම් මම කොටස ගැන විස්තරක් කරන්නේ නෑ. ඔයාලටම බලාගන්න කියලා ආරාධනය කරනවා. දිගටම අපත් සමග රැදී සිටින්න. ජයවේවා….!!!
131 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න
3D3BD62E358E34D1706159172153BCA1D553DB2C243 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න
75CDA3EC4DFC7BFDBF2A4410D8A1418FF4599190 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,244 downloadsDownload Marvels-Agent-Carter-S02-E10.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Season All Episodes Next Episode>>
Subtitles by
දසන් බුද්ධික
Subtitles
16 comments
tharindu madushanka
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
asantha
thanks
#.RMC
sub ekata thanx
season 3 kawadada enne............Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
kavinda
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!De Zee
suppa machn
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ysa
තෑන්ක්ස් තෑන්ක්ස් තෑන්ක්ස් මචන්.....ජය වේවා෴
Imila Umeshan Amarasinghe
෴෴ මචං... ඔක්කොම සබ් ටික ගත්තා...
ඒ්ත් කමෙන්ට් කලේ මේකට විතරයි... තරහා ගන්න ඒපා...අපි වෙනුවෙන් කරන සේවයට තව තවත් දෙෙර්්‍ය ශක්තිය ලැබේවා........
බොහොම ස්තූතියි දසන් ෴෴
tharudu sagara
මචං… ඔක්කොම සබ් ටික ගත්තා…
ඒ්ත් කමෙන්ට් කලේ මේකට විතරයි… තරහා ගන්න ඒපා…අපි වෙනුවෙන් කරන සේවයට තව තවත් දෙෙර්්‍ය ශක්තිය ලැබේවා……..
බොහොම ස්තූතියි දසන්
Udara Damith Dissanayaka
උපසිරසියට බොහොම ස්තූතියි..............
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි...................ජයවේවා..........!!!!!!!!!!!!!!!!!!!
Charinda
thanks for the sub bro
Pasindu ukwatta
thnks for the whole sesson sub
Advertisement

THANKS THANKS