Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E17] | මාරාන්තික හැරවුමක්…[සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු විදියටම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 17 වෙනි කතාංගයත් අරගෙන. මේ කොටස විකාශය වුනේ ලංකාවේ වෙලාවෙන් අද උදෑසන 6.00ට. හැමදාම වගේ අපේ වාසල සහෝ දවල් 12 වෙනකොට මට ඊට අදාල ඉංග්‍රීසි උපසිරස ලබා දුන්නා. කාලා බීලා 1.30 ඒ වැඩේ පටන් ගත්තා. 7.30 වෙනකොට යන්තම් ඉවර ක…

Marvels Agents of S H I E L D
සුපුරුදු විදියටම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 17 වෙනි කතාංගයත් අරගෙන. මේ කොටස විකාශය වුනේ ලංකාවේ වෙලාවෙන් අද උදෑසන 6.00ට. හැමදාම වගේ අපේ වාසල සහෝ දවල් 12 වෙනකොට මට ඊට අදාල ඉංග්‍රීසි උපසිරස ලබා දුන්නා. කාලා බීලා 1.30 ඒ වැඩේ පටන් ගත්තා. 7.30 වෙනකොට යන්තම් ඉවර කරගත්තා. ඇත්තටම මට ඕන වුනා හැකි උපරිම ඉක්මනට මේ සැරේ උපසිරස ලබාදෙන්න. මොකද අද කොටසින් ෂීල්ඩ් කතා මාලාවේ ලොකු වෙනසක් වෙනවා. ඒක ෂීල්ඩ් කතා මාලාවට විතරක් නෙවෙයි ඇවෙන්ජර්ස් ප්‍රමුඛ මාවර්ල් ලෝකයටම බලපානවා කිව්වොත් මම නිවැරදියි.

අද කතාංගය ඇත්තටම මාවර්ල් චිත්‍රපටියක් වගේ. මාරයි.. මාරාන්තික හැරවුමකට ෂීල්ඩ් කතාව ලක්වෙන්නේ, දැන් තිරගත වන Captain America: The Winter Soldier හි සිදුවන සිදුවීම් පාදක කරගෙන. ඒ වගේම මෙතෙක් ෂීල්ඩ් කතා මාලාව පුරා ඉදිරියට රැගෙන ආපු දිවැස් ඇත්තා පිළිබඳ සත්‍යය අද කතාවෙන් හෙලි වෙනවා. ඒත් මට නම් ඒක තාමත් සැකයි. ඔයාලට අද කොටස ගැන හොඳ විස්තරයක් අරගෙන එන්න ඕන නිසාම මට කණගාටුවෙන් වුනත් කැප්ටන් ඇමෙරිකා දෙවන චිත්‍රපටියේ කැමරා කොපියක් බලන්න සිද්ද වුනා. නමුත් මම මේ වෙලාවේ චිත්‍රටියේ සිදුවීම් ගැන කියන්න යන්නේ නැහැ. ඒත් කැප්ටන් ඇමරිකා පළමු චිත්‍රපටියෙන් අපට හමුවුන හයිඩ්‍රා බලකාය දෙවන ලෝක යුද්ධ සමයේ විනාශ වී ෂීල්ඩ් බලකාය ගොඩ නැගුනු බව තමයි මාවර්ල් කොමික් ඉතිහාසය කියාපාන්නේ. නමුත් කාටත් හොරා ෂීල්ඩ් තුළම මේ හයිඩ්‍රා සංවිධානය ගොඩ නැංවිලා තියෙනවා. මම හැමෝටම ආරාධනා කරනවා පුළුවන් ඉක්මනටම කැප්ටන් ඇමෙරිකා දෙවන චිත්‍රපටිය නරඹන්න කියලා. හොද කොපියක් ආපු ගමන්ම ලඟදීම අපේ බයිස්කෝප් අඩවියෙන් ඔයාලට ඒක ලබාගන්න පුළුවන් වෙයි.

අද මම පසුගිය සතියේ වුනු දේවල්වත් මේ සතියේ අද කොටසේ වුන දේවල්වත් කියන්නේ නැහැ. මොකද අද කොටසේ කුතුහලය මුළුමනින්ම ඔයාලා විඳින්න ඕන නිසා. ඒත් ඔයාලට වැදගත් වෙන තොරතුරු ටිකක් කියන්නම්. පසුගිය කොටසේදී අපට හමුවුනා පරීක්ෂක සිට්වෙල්. එයාට හදිසියේම ට්‍රිස්කෙලියන් වල මධ්‍යස්ථානයට කැඳවුමක් ලැබිලා යනවා. එයා යන්නේ මොකටද ගිහින් මොනවාද කරන්නේ කියන දේ කැප්ටන් ඇමෙරිකා දෙවන චිත්‍රපටියෙන් ඔයාලට නරඹන්න පුළුවන් වෙයි. ඒ වගේම නැවත පිබිදුනු හයිඩ්‍රා සංවිධානය ෂීල්ඩ් කතා මාලාව උඩු යටිකුරු කරනවා. ගියවර කොටසේදී පරීක්ෂක ගැරෙට් ස්කයිට පවසනවා, හැරවුමක් ගැන. ඉහල නිලධාරින් අතර සිදුවන. ඒක නම් මාරයි. ඒක අද ඔයාලට තේරෙයි.

ලබන සතියේ ඒ කියන්නේ අප්‍රේල් 15 වැනිදා ෂිල්ඩ් කතා මාලාව ABC නාලිකාවෙන් පැය දෙකක් විකාශනය වෙනවා. අපේ රටේ වෙලාවෙන් ගත්තොත් අප්‍රේල් 16 වෙනිදා උදේ 6 ඉදන් 7 වෙනක් අද කොටසේ නැවත විකාශයකුත් 7 ඉදන් 8 වෙනකන් 18 වෙනි කොටසත් ලෙසට. ඔවුන් එහෙම කරන්නේ කැප්ටන් ඇමරිකා චිත්‍රපටියෙන් පසු ෂීල්ඩ් කතා මාලාව වෙනස්වන අන්දම ප්‍රේක්ෂකයින්ට මැනවින් පසක් කරලීම උදෙසා. ඒ වගේම තව සුභ ආරංචියක් මම කියන්නම්. ලබන සතියේ කොටසත් එක්ක පළමු සීසන් එකේ අවසාන කොටස දක්වා එක දිගට සතියෙන් සතිය කොටස් 5 ක් විකාශනය වෙන්න නියමිතයි. ඒ කියන්නේ මට වැඩ වැඩි වෙනවා. කමක් නෑ ඔයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම මම ගේමේ ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ගියවර ලිපියට යාළුවන්ගෙන් හොඳ අදහස් පලවෙලා තිබුනා. ඇත්තටම අගය කරන්න ඕනේ මම වගේම ඔයාලත් මේ කතාව එක්ක එකතු වෙලා ඉන්න එක ගැන. අමාරුවෙන් හදපු උපසිරස එහෙනම් ඔයාල බාගෙනම රසවිඳින්න. මම යනවා එහෙනම්. ආ යන්න කලින් මම Captain America: The Winter Soldier චිත්‍රපටියේදී එක ඇසක් වහගෙන ඉන්න අපේ අධ්‍යක්ෂ ෆියුරි විසින් කියපු දෙයක් යටින් දාගෙනම යන්නම්. ඔහු මේ වචන ටික කියන්නේ හයිඩ්‍රා සංවිධානයේ ප්‍රහාරයෙන් පස්සේ. එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක්..! ජයම වේවා…! එලස්ස්ස්…!

“Keep Both Eyes Open”. – Agent Nick Fury

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න cc34bc34fd0d9a2cb81a12ebcede12f7024da2a0 210 MB කොපිය මෙතනින් බාගන්න 247457df0d399166855f79dd7cf0e7efdf513d3c 820 MB කොපිය මෙතනින් බාගන්න 46caf345a8a42c8504576171a8dec759f629f316 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,338 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01_E17.zip142 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

5,338 downloadsDownload Subtitles142 KB

63 comments

  1. irshaad

    පට්ට episode එක ඕයි...
    ඉක්මනට දුන්නට තැන්කු...

    1. irshaad

      හුටා මම එක....

    2. යශෝධ

      පට්ට කියන්නේ මචන්.. අයේ සුප්පා.. එලස්ස්... thanx for the comment

  2. gihan

    pattta pata pata..niyamai

  3. Savidu

    thanks bro....

  4. හර්ෂ ලහිරු

    සුපිරි මචෝ කොල්ලා මාර විදිහට දියුණු වෙලානේ :D
    බොහොම ස්තුතියි සහො :P :P ජය

  5. ගයාන් රූකාන්ත (ජෝනා)

    උබනම් දෙයියෙක් නේ මචෝ ආපු ගමන් දිලානේ
    ඊයේ අරකත් බලන්න උනා කිවා නේද අද සබ දෙන්න
    සබට තුති මචෝ ඔන්න ගත්තා ....ජය වේවා
    දැන් ඉතින් බ්‍රේක් එකකුත් නැති නිසා දිගටම බලන්න
    පුළුවන් වෙයි නේද ,....ආයෙමත් පාරක් සබට තුති.

  6. vinod

    thankxx machoo!!!!!!!!!!! ikmanatama dammata iye dapu eka adama dalaa! gd luk!!!!!!!! browwww!!!!!!

  7. CyberJayn

    ෆට්ට කොල්ලෙක්නේ

  8. tharana

    maxxxxxaaa..........

  9. Ayesh

    sub ekata thank you

  10. Dhanushka

    Thankssssssssssssss

  11. KproX

    සුපිරි වේගයක්නේ, දීල තියෙන විස්තරේ හැටියට මට මේක බානකම්වත් ඉවසිල්ලක් නෑ බලන්න.

  12. chamath

    මාරු වැඩක් bro.sub එක දෙන්නත් ඉස්සල්ලා tv එක බැව. ඔය පැය ටිකත් බලාගෙන ඉන්න බැරුව.අන්තිමට ලොකු මහන්සියකින් පස්සේ sub එක ඇවිත් තියෙන්නේ. thanx පට්ට උනන්දුවකින් පට්ට විදිහට දෙන එක ගැන.

  13. gayan

    ela kiri machan nice work keep it up

  14. Kanishka

    menna apith gaththooooooooooooo thanx bro (Y)

  15. Rockers

    pattay kollo pattay kalin comment danna bari wunata tharaha wenna epa dan katawa patta me wage wegen denna.

  16. Sam

    thanks sahooo.......

  17. Anton

    Thank you!

  18. Sujith

    Thanx bro!! :)

  19. නලින්

    ස්තුතියි යශෝ..

    මෙක දෙනකම් බලන් උන්නේ

    ජය වේවා!

  20. shani

    thanks

  21. ashoka

    thanks machan.danma banawa

  22. tharusha

    mcn game of thrones patan aran season 4 .mam episode 1 baluwa meke dan nadda?

    1. යශෝධ

      සයිට් එකේ සහෝ කෙනෙක් ලගදීම ඒකට සබ් දෙයි සහෝ..
      මාත් මේ ඒක දෙනකම් බලන් ඉන්නේ.. එලස්ස්ස්...

  23. Amanda

    Ela macho..thankz a lot...yasho...

  24. Saman Prasad ( Black Panther )

    ela ela saho....

  25. Shan Vimukthi

    අප්පටහුඩු නොබලා උන්නු ටිකේ හරි හරි දේවල් වෙලා නොවැ
    මෙන්න ගන්නවා මෙන්න ගන්නවා
    සබට බොහොම තුති
    ජයෙන් ජය කොල්ලෝ : lol :

    1. යශෝධ

      මම ඒත් බැලුවා කොල්ලා දැන් මේක බලන එක නවත්තලාවත්ද කියලා...
      එලස්ස්ස් විමෝ...
      ජයම වේවා...! ;-)

    2. Shan Vimukthi

      අපොයි නෑ බන් සෑහෙන වෙනස් වෙලානේ දැන් කතාව
      එල එල බන්
      ඉවරයක් වෙනකම්ම යමු
      ජයෙන් ජය :D

  26. widuranga

    thanx bro

  27. VisH

    තෑන්ක්ස් මචං : ) (y)

  28. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  29. Sasindu

    uba nam god kenek bn thanx ikmanata dunnata

  30. nalaka

    thanks bro..

  31. silent $

    elazzzz..............thanx bro!!!!!!!!!!!!!!!!!

  32. sam

    ane 120 mb copya ganna bane,, mehema enawane "this URL has been disabled."

  33. sam

    help me broo

  34. sam

    link1 wada karanne nahane

    1. යශෝධ

      torrent hash eka google eke search karala try karahan kollo..

  35. dilshan

    ස්තුතියි

  36. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ආරංචි වුනා මේ කොටස සෑහෙන පෙරලීමක් තියෙන කොටසක් කියලා. ඒත් ඔන්න අදයි බාන්නේ. සිරාවට බලනකම් ඉවසිල්ලක් නෑ. ජය෴෴ :P :P

  37. sudeera

    අපි වෙන්වෙන් වෙන මහන්සියට ගොඩක් පින් සහෝ මන් මේ මාර අමාරුවෙන් හිටියේ එනකන් මාත් දැනන් හිටියා Captain America: The Winter Soldier ැකට මෙක ගොඩක් සම්බන්දයි කියලා දැන් බලනවා මාත්. ඔනි දෙකට ඔයාට සපොට් එකට අපි ඉන්නවා සහෝ මාත් ඉන්න බැරි කමට මාත් ආපු ගමන් බාගෙන බැලුවා දැන් සබ් එකත් එක්ක ආය බලනවා මරේ මරු

  38. dasun disanayaka

    thanks

  39. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……

  40. Nilanka

    නියමයි මචන් තැන්ක්ස් සබ් එක ඉක්මණට දුන්නට. ජය වේවා!!!!!!!!!!!!!!

  41. Shamal

    තැන්ක්ස් මචන් තෑන්ක් යූ

  42. me

    Thanks

  43. tinush

    120mb &amp; 820mb dekama wada na machanla

    1. යශෝධ

      hash eka google search karala try karanna saho..

  44. sasi

    thanks denakan hitiye

  45. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  46. Sithira

    wow meka niyamai. tanx sub walata. eelaga ekath ikmanta dennooo...............

  47. දසන් බුද්ධික

    නියමයි සහෝ............ ජයවේවා............... ගොඩක් ස්තුතියි උපසිරසියට.................

  48. Nilanka

    Thanx 4 all mcn.Episode 18 awith mcn.ikmanata dapanko

  49. Reshen

    machan patta ah ane ikmanata 18th diyanko bng supiri ah

  50. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.