Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E21] with Sinhala Subtitles | එයිඩා පිස්සු නටයි, ඔහු යලි පැමිණෙයි. [සිංහල උපසිරසි සමඟ]

ඩේසි වගේම සිමන්ස් ෆ්රේම්වර්ක් එකට සම්බන්ධ වෙලා දින දහයක් ගත වන තැන යෝ යෝ ඇතුලු ජෙට් එකේ ඉන්න අයට මුහුණ දීමට සිද්ද වෙන ලොකුම ගැටලුව වෙන්නෙ ජෙට් එකේ ඉන්ධන ඉවර වීගෙන එන එක. මොකද ඉතින් මේ දෙන්නා ෆ්රේම්වර්ක් එකට ප්ලග් වෙලා ඉන්න නිසා යානයෙන් විශාල බලයක් ඒකට උරා ගන්නවා. ඉතින් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න යෝ […]

ඩේසි වගේම සිමන්ස් ෆ්රේම්වර්ක් එකට සම්බන්ධ වෙලා දින දහයක් ගත වන තැන යෝ යෝ ඇතුලු ජෙට් එකේ ඉන්න අයට මුහුණ දීමට සිද්ද වෙන ලොකුම ගැටලුව වෙන්නෙ ජෙට් එකේ ඉන්ධන ඉවර වීගෙන එන එක. මොකද ඉතින් මේ දෙන්නා ෆ්රේම්වර්ක් එකට ප්ලග් වෙලා ඉන්න නිසා යානයෙන් විශාල බලයක් ඒකට උරා ගන්නවා. ඉතින් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න යෝ යෝ ඇතුළු කණ්ඩායම අනවශ්‍ය සියළුම දේවල් නතර කරලා. අවසායෙ නතර කරන්න ඉතුරු වෙන්නෙ නොපෙනි යන එක විතරයි. ඒක ඉවත් කලා කියන්නෙ අයිවනෝව්ගෙ යානා වලට ශීල්ඩ් ජෙට් එක හොයා ගන්න මහ අමාරුවක් වෙන්නෙ නෑ. ඉතින් බලය ඉතුරු කර ගන්න අවශ්‍ය නිසාවෙන් ඒ වැඩෙත් කරනවා. මොකද ඉතින් යානය ගොඩ බලා ඉන්ධන පුරව ගන්න කියලා එකක් යැයි. කොහෙ කොහෙ LMD ඉදියිද කවුද දන්නෙ. යානය ගොඩ බස්සන එක ලොකු අවධානමක් නිසා තමයි යෝ යෝ යානය නොපෙනි යන එක නතර කරන්න තීරණය කරන්නෙ.

සිමන්ස් සහා ට්‍රිප් දෙන්නා ආපහු කදවුරට එනකොට ඩේසිත් ඇවිත්. ඉතින් ඩේසිට ට්‍රිප් දැකලා ලොකු සතුටක් ඇති වෙනවා. ඇයි කියලා කියන්න ඕනමද? මොකද ට්‍රිප් සැබෑ ලෝකෙ මිය ගිය කෙනෙක්. මතකනෙ කෑලි වලටම කැඩුනා. ඉතින් සිමන්ස් හොයා ගත්ත දේ ඩේසිට කියනවා. ඒ තමයි එයිඩා එයාව සැබෑ මනුස්සයෙක් කර ගන්න යනවයි කියන කාරණේ. ඒ වගේම ඩේසිට රැඩ්ක්ලිෆ්ගෙන් බැක් ඩෝ(ර්) එකට යන කණ්ඩාංක ලැබුන කතාවත් කියනවා. මේ අයට තියෙන ලොකුම ගැටලුව වෙන්නෙ නියෝජිත මේ සහා මැක්ව එක්ක යන එක. මොකද මේ දෙන්නා සැබෑ ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. විශේෂයෙන්ම මැක්, මනුස්සයා ඉන්නෙ එයාගෙ දුව එක්ක. ඉතින් කෝල්සන් උත්සහ කරනවා මේට පැහැදිලි කරන්න. අන්තිමට අහ ගන්න වෙන්නෙ ගිහින් බෙහෙත් ගන්න කියන කතාව. ඩේසි මැක් එක්ක කතා කරලා මෙහෙයුමකට කියලා එයාව කැමති කරගන්නවා. තවත් තියෙන ප්‍රශ්නයක් තමා ෆිට්ස් ව අරන් යන එක. ඩේසි කියන්නෙ එයාව ගන්න පස්සෙ විදිහක් හොයා ගමු කියලා. ඒත් ෆිට්ස් ව දාලා යන්න සිමන්ස් හිත හදා ගන්නෙ කොහොමද?

එයිඩා මිනිස්සුන්ව ෆ්රේම්වර්ක් එක ඇතුලෙ කලබලයක් නැතුව තියාගන්න එයාලට තියෙන ලොකුම පසු තැවීම ඉවත් කලානෙ. මැක් ගෙ නම් දුව. මේ ගෙ අර පොඩි එකාව මරන සීන් එක. ඔය වගේ ඒවා. ඉතින් ෆිට්ස්ගෙ මොකක්ද මෙයා වෙනස් කලේ. ෆිට්ස්ගෙ වෙනස් කරලා තියෙන්නෙ එයාගෙ තාත්තාව එයාට කිට්ටු කරන එක. මොකද සැබෑ ලෝකෙ ෆිට්ස්ගෙ පියා ෆ්ට්ස්ගෙ වටිනාකම තේරුම් නොගත්ත, බේබදු මනුස්සයෙක්. මේ දෙන්නා වැඩිය කිට්ටු දෙන්නෙක් නෙවෙයි. ඒක තමා එයිඩා මෙහෙදි වෙනස් කරලා දෙන්නා එකතු කරලා තියෙන්නෙ. සිමන්ස්, මේ එක්ක කතා කරන අතර වාරයෙ තමා ඇලිස්ටර් ෆිස්ට් ගැන කියවෙන්නෙ. ඒ කියන්නෙ ෆිට්ස්ගෙ තාත්තා ගැන. සිමන්ස් මිනිහව හොයන් ගිහින් මේක බේරුමක් කරගන්න උත්සහ කලත් නතර වෙන්නෙ මනුස්සයා මැරුම් කාලා. ඉතින් මේ සිදුවීම නිසා ෆිට්ස් සිමන්ස් එක්ක ලොකු තරහක් ඇති කරගන්නවා.

ෆිට්ස් රැඩ්ක්ලිෆ් එක්ක කතා කරලා දැනගන්න හදනවා ඩේසි ඇතුළු පිරිස කොහාටද යන්න හදන්නෙ කියලා. ඒත් මිනිහා නෙවෙයි කියන්නෙ. ඉතින් ෆිට්ස් මේව දැනගන්න ඕන නිසා රැඩ්ක්ලිෆ්ට ආපහු උපදින්න පුළුවන් කියන කාරණේ කියනවා.ඉතින් මැරුණ කෙනෙක් ආපහු ඉපදෙන්න අවස්ථාවක් ලැබුනොත් ඒක නොගෙන ඉදියිද? ඉතින් රැඩ්ක්ලිෆ් ඩේසි යන තැන කියනවා. ඇත්තටම මාත් හිතුවෙ මිනිහා ආපහු සැරයක් ආපහු ඉපදෙන්න ඕන නිසා මේක කිව්වා කියලා. අන්තිමේ බැලින්නම් ෆිට්ස් ව බේරගන්න තමා මේ දේ කියලා තියෙන්නෙ.

කොහොමහරි කට්ටියම අන්තිමේ බැක් ඩෝ(ර්) එක හොයාගෙන එනවා. එන්නෙ යකඩ උණු කරන තැනකට. රැඩ්ක්ලිෆ් කිව්ව තැන නෙවෙයි. බැලින්නම් එයිඩා හැමදෙයක්ම වෙනස් කරලා. ඩේසිගෙ බලය පාවිච්චි කරලා කොහොමහරි දොර හොයා ගන්නවා. කෝල්සන් අපායට වුනත් කලින් යන්න ඕන කියන කතාව සනාත කරමින් යන්න හදනකොට මිනිහට වෙඩි තියනවා. කොහොමහරි කෝල්සන් තමයි එතනින් මුලින්ම පැන ගන්නෙ. ඒ වෙලාවෙ තමා මැක් දැන ගන්නෙ මේ සේරම බොරුවක් කියලා.රැඩ්ක්ලිෆ්ගෙ උදව් එක්ක කොහොමහරි ෆිට්ස්වත් ආපහු සැබෑ ලෝකෙට යවනවා. සේරම ගියාට පස්සෙ ඩේසි සහා මැක් විතරයි ඉතුරු වෙන්නෙ. මැක් ආපහු යන එක ප්‍රතික්ෂේප කරන්නෙ සැබෑ ලෝකෙ එයාගෙ දුව ජීවතුන් අතර නෑ කියන එක දැනගත්තාමයි. අන්තිමට ඩේසිත් එතනින් පැන ගන්නවා. මේ වෙනකොට ඩේසි ඇතුළු පිරිස ඉන්න යානයට පහර දෙනවා.

සැබෑ ලෝකෙට ආවත් ෆ්ට්ස් එයා ෆ්රේම්වර්ක් එකේ කරපුවා ගැන සෑහෙන්න පසු තැවෙන්න ගන්නවා. ඒ අතරෙ තමයි එයිඩා සැබෑ මනුස්සයෙක් බවට පත්වෙලා ඉවර වෙන්නෙ. ඔන්න දැන් නම් එයිඩා නොකියා ඔෆීලියා කිව්වැකි. කොහොමහරි ඔෆීලියා ෆිට්ස්ව නම්ම ගන්නවා. කෝල්සන් දැනගෙන එයිඩගෙනුත් දැන් අනික් අයගෙන් වගේම ලේ ගලනවා කියලා මේට කියනවා වෙඩි තියන්න කියන්න කියලා. ඒත් ෆිට්ස් නිසා ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් එයිඩා ෆිට්ස් එක්ක එතෛන් පැන ගන්නවා. පැන ගන්නවා කිව්වට එතනින් ටෙලිපෝටර් වෙනවා. දැන් තේරෙනවා නෙ එයිඩා නිකන්ම මනුස්සයෙක් බවට පත්වෙලා විතරක් නෙවෙයි, එයාට මොකක්හරි බලයකුත් තියෙනවා.

හරි අද කොටස ගැන කියන්න ඕන නෑ. කොහොමත් බලන එකනෙ. උපසිරැසියෙ වැරදි අඩු පාඩු තිබුනොත් සමාවෙන්න ඕන මොකද මම හොදටම අසනීපෙන් ඉන්නෙ. ඒ අස්සෙ තමයි මේක කොටලා ගෙනවෙ. ඉතින් අඩුපාඩු තිබ්බොත් ගනන් නොගෙන බලන්න. අනික් දේ තමයි කතාවෙ අවසානයට ඇවිඋත් තියෙන්නෙ. ඒත් ඉතින් කට්ටියගෙන් ලොකුවට කියලා සහයක් නෑනෙ. ඇයි ඒ. මටත් එපා වෙනවා. අන්තිම වෙනකොට ලොකු සහයෝගයක් ලැබෙන්න ඕන. එහෙනම් අවසන් කොටසින් ලබන සතියෙ හමුවෙමු.

Hail Hydra

 

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV (x264/x265) පිටපත් සඳහා වලංගු වේ.

1,028 downloadsDownload Marvels-Agents-of-SHILD-S04E21.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,028 downloadsDownload Subtitles30 KB

37 comments

  1. Gihan Iddamalgoda

    thanks 4 sub.

  2. Randeepa

    Thnx bro sub ekat

  3. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!

  4. dilruk

    sub ekta thanx mcn

  5. Fitz

    Elam a…………

  6. Rasindu V. Perera

    හම්මෝ…එනකන් හිටියේ…
    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ගෝස්ට් රයිඩර්!!!

  7. විමා

    සබට බොහොම තුති ලහිරු
    කතාව ගින්දර වෙනවා ආයේ
    ඔන්න සීසන් 5ත් එනවලු

  8. krishan Gayantha

    Thanks saho

  9. chathuranga madushan

    උපසිරසියට ස්තූතියි සහෝ..ඉක්මනට සුව වෙන්න පතනව..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  11. Viraj tharuka

    Thanks bro sub denawata!!ikamanata hoda wenna!!jaya wewa!!!

  12. චින්තක

    මල්ලියේ සුපිරිනේ බන්. එනකම් මග බලන් හිටියේ .තැන්ක්ස් කොල්ලෝ

  13. Kasun

    බොහොම ස්තූතියි සහෝ……

  14. CHAMALKA

    Very very thanks bro !!!!!!!!!!! SUBA VESAK WEWA!

  15. Shadow

    tnx & get well soon ….

  16. නිලංක

    බොහොම ස්තූතියි මචං…ඉස්ස්ර්හට යමු.සුබ පැතුම්

  17. D.Chamara

    bohoma sthuthi sahoooo

  18. PDROX

    tanx bn

  19. waruna chameera

    Thanks for sub

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Ajith Priyantha

    sub akata jaya wawa

  22. Hiruna Prabodha

    godak sthuthie saho

  23. Nirodha uthpala

    Hambe elama bro obata jaya bn digatama demu

  24. Kasun Widusha

    Tnx mcn

  25. lahiru ruchiran

    thank you bro

  26. lahiru ruchiran

    thank you bro
    elama

  27. ishan

    Thanks for sub ……..

  28. Chamara

    tnx machan

  29. prabodhaya nirmana

    tnx broooooooooooooooo

  30. Shiel.pissa

    elama thnx machan digatama dipan

  31. Sudheera Kasun

    thanks machoo… Get well soon…!

  32. Ravindu Rukshan

    thx

  33. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝ

  34. lakshan

    බොහොම තුති සහෝ

  35. Udara Damith B/K

    Hail Hydra...........

  36. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට......................................

  37. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.