Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E04] Sinhala Subtitles | කසායස්ගේ පරම පවිත්‍ර චේතනාව.. [සිංහල උපසිරසි සමඟ]

ජෙමා මේ වෙනකොටත් කසායස්ගෙ සේවිකාවක් වෙලා ඉවරයි. හැබැයි කවුරුත් දන්නෙ නැ ජෙමා කොහෙද ඉන්නෙ කියන්නෙ. ඉතින් ෆිල් ඇතුලු කට්ටියගෙ උත්සහය වෙන්නෙ ජෙමාව හොයාගන්න එක වගේම වර්ජල්ගෙ කාමරෙන් හොයා ගත්ත පොත ගැන අධ්‍යයන කරන එක. වර්ජල් ගොඩක් වෙලාවට ට්‍රෝලර් එකේ හිටපු නිසා ෆිල් උප්පර වැට්ටියක් දාලා ටෙස් මාර්ගයෙන් මේ…

ජෙමා මේ වෙනකොටත් කසායස්ගෙ සේවිකාවක් වෙලා ඉවරයි. හැබැයි කවුරුත් දන්නෙ නැ ජෙමා කොහෙද ඉන්නෙ කියන්නෙ. ඉතින් ෆිල් ඇතුලු කට්ටියගෙ උත්සහය වෙන්නෙ ජෙමාව හොයාගන්න එක වගේම වර්ජල්ගෙ කාමරෙන් හොයා ගත්ත පොත ගැන අධ්‍යයන කරන එක. වර්ජල් ගොඩක් වෙලාවට ට්‍රෝලර් එකේ හිටපු නිසා ෆිල් උප්පර වැට්ටියක් දාලා ටෙස් මාර්ගයෙන් මේ සහා මැක් එක්කලා ට්‍රෝලර් එකෙන් එළියට යනවා. මොකද ඒ හොයා ගත්ත පොතේ සදහන් වෙලා තියෙන්නෙ අභ්‍යවකාශයෙ තියෙන පාශානයක් තියන තැන පිළිබඳව.

ඔය අතර වාරෙ තමයි ඩේසි යෝ-යෝ ව හොයන් එන්නෙ. ඉතින් ඩේසි යෝ-යෝ මාර්ගයෙන් ග්‍රිල් ගෙන් ස්ක්‍රොල් එක හොරකම් කර ගන්නවා. ඒ සිමන්ස්ව හොයන්න යන්න උදව්වක් කර ගන්න. හැබැයි මේ වැඩේට මුල ඉදන්ම ඩීක්ගෙ වැඩි කැමැත්තක් තිබුනෙ නැ. ඉතිං මෙයා එපා කියද්දි තමා ඩේසි යන්න ලෑස්තිය. එපා කියන්න හේතුව, ඩීක් කියන විදිහට නම් ක්වෙක් තමා පෘථිවිය විනාශ කරලා තියෙන්නෙ. ඒ නිසා ක්වෙක්ව මෙයාලා හදුන්වන්නෙ “ලෝකයන් විනාශ කරන්නා” කියන නමින්. ඉතිං ඩේසි මෙතනත් විනාශ කරලා දායි කියන බයට තමා මෙහෙම යන්න නොදි තියා ගන්න දගලන්නෙ. කොහොමත් ඩේසි මුල ඉදන්ම කියපු දේ අහපු කෙනෙක් නෙවේනෙ. ඉතිං කැලේ මාරු වුනා කියලා කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැ.

ෆිල් ඇතුලු කට්ටිය ගමන යන්න සූදානම් වුනත් ග්‍රිල්ගෙ සගයා වෙච්ච සෙව් මේ ගමනට එකතු වෙනවා, ඒ ග්‍රිල්ට අපේ නියෝජිතයො ගැන ඇතිවුන සැකය නිසාවෙන්. කොහොම හරි මෙයාලා පාෂාණ එකතු කරන මුවාවෙන් ආපු වැඩේ කරගෙන යනවා. එතනදි තමා ටෙස් වර්ජල් හැමතිස්සෙම ලග තියන් උන්නු ලෝක ගෝලෙ අරන් කියවන්න ගන්නෙ. කෝල්සන් මේක අරන් ඇරලා බලනකොට ඇතුලෙන් හම්බවෙන්නෙ නැතිවුන යතුරක්. හොයලා බලද්දි තමා මෙයාලට සම්ප්‍රේෂණ පද්ධතියක් හම්බ්වෙන්නෙ. ඒකෙන් ඇහෙන්න ගන්නවා කට්ටියක් මෙයාට කතා කරනවා. මේ තමයි දැන ගන්නෙ ඒක එන්නෙ පෘථිවිය මතුපිට ඉදන් කියලා. කෙසේ වෙතත් අන්තිමේදි මේක සෙව්ට අහුවෙනවා. ඔය කාරනෙන් ගැලවෙන්න කරපු දෙයක් නිසා සෙව්ට මරණය වැලද ගන්න වුනාද කියන කාරණේ තාම හරියට කියන්න අමාරුයි.

ඩේසි කොහොමින් කොහොම හරි ජෙමාව හොයන් ගියත් අන්තිමේ කසායස්ට අහුවෙනවා. එහෙම කරන්නෙ ඩීක්. ඩීක් තමා ඩේසිව අල්ලලා දෙන්නෙ. හැබැයි එතනදි එයා කියනවා, “මම සෙල්ලම් කරන්නෙ දිග ක්‍රීඩාවක්” කියලා. ඒ කියන්නෙ මෙයාට මොකක් හරි සැලැස්මක් තියෙනවා.

ඔයාලට පුළුවන් වුනානෙ ගිය වතාවෙ බලා ගන්න කසායස් ඇත්තටම මෙතන මොනවද කරගෙන යන්නෙ කියලා. ඔව් මෙයා ඉන්හියුමන්ලව වෙන්දේසි කිරීමක් තමයි කරගෙන යන්නෙ. ඉතිං දැන් තේරෙණවනෙ ඩේසිට මොනවද යන්නෙ කියලා. අපි ඒක මේ කොටසින් බලමු.

ෆිල් ඇතුලු කට්ටිය හොයාගත්ත සම්ප්‍රේෂණ උපකරණයෙන් මෙයාලා අන්තිමේ දැනගන්නවා පෘථිවිය මතුපිට කට්ටියක් තාම ජීවත් වෙනව කියලත් එයාලා ශීල්ඩ් එක මෙහෙ ඉන්න බව දන්න විත්තියත් වගේම ශීල්ඩ් එක මෙහෙට එන්න හේතුවත් දන්න විත්තිය. ඔයාලා දකින්න ඇති අපිට තුන්වෙනි කොටසෙන් තමයි දකින්න ලැබුනෙ 4 වෙනි කතා සමයෙ අපි අන්තිමට දැකපු දර්ශනය.

ඉතින් අද මොනා වෙයිද කියලා ඔයාලම බලා ගන්න. පොඩි දෙයක් කියන්නම්, අද අන්තිමට කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට කෙනෙක් එනවා. ඒ කවුද කියලා වගේම තවත් බොහෝ දේවල් අද බලාගන්න පුළුවන්. කියන්න දෙයක් නෑ පෙර කතා මාලාවල් වලට වඩා මෙවර කතා මාලාව ඉහල තත්වයෙන් යනවා. කොටින්ම කියතොත් Agents.of.S.H.I.E.L.D කතාව එන්න එන්නම පට්ට වීගෙන එනවා. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

#Hail Marvel.

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,451 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S05E04.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

5,451 downloadsDownload Subtitles29 KB

43 comments

  1. Kawi Jayasinghe

    tnx mchoo

  2. tharindu

    thx ban......... s05e03 sub hoya ganna na ne ban

  3. Subhash pushpakumara

    Thxs

  4. Cmj

    Thanks bro

  5. dilan wimalasiri

    thanks bro

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sanjeewa Malith

    Thanx brother

  8. losaka

    Thank u

  9. macrocomlk

    thank you brother sub ekaata

  10. Lasa

    Bohoma sthuthi sahooo

  11. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  12. Maleesha

    Tnq appa

  13. Chamil Mihiran

    Sub ekat thanx saho

  14. lahiru sandaruwan

    thank you so much brother

  15. Prasad

    thanx mchan sjub ekta

  16. විදුෂාන් සජිත්

    හරිම සතුටුයි සහෝ අපේ ඉල්ලීම අහක දාපු නැති එකට. පරණ දේවල් අමතක කරලා අලුත් අවුරුද්ද සතුටින් පටන් ගමු. ජය වේවා.!! උපසිරැසියටත් බොහොම ස්තුතියි,.. ලැබුවා වූ නත්තල සහ ලබන්නාවූ නව වසර සුභම සුභ වේවා…!!

  17. Viraj Harsha

    Thanks elama digatama sub demu..

  18. udara damith

    ජෙමගේ
    කොල්ලවත්ඩ එන්නේ

  19. w.rumesh asanka

    Thanks bro

  20. GihanRangana

    ammo meka balanna natuwa pissu wage hitiye.thnks sahooo.eng sub dagena baluwa dn ayet meka dagena balanwa

  21. Thusitha Suminda

    බලං හිටියේ මේක දෙනකම්. එල..

  22. sanath indika

    thx roo

  23. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට ඊලඟ එකත් පුලුවන් ඉක්මනට දෙන්න මේ එපියට වඩා 5වෙනි එපිය පට්ට පිස්සු හැදෙනව ඒකටනම්
    සිරාවටම එන්න එන්නම කතාව පට්ටම වෙනව 6වෙනි එපිය එනකන් ඉවසිල්ල නැතුව ඉන්නෙ

    මේ බන් මගේ ඩේසිගෙන් ඈට්ත්වෙලා හිටහන් හරිද

  24. thanula

    thnks admin set ekatama.sub ekatath thnks,digatama demu.jayawewa

  25. Kasun A.

    sabata thuthi sahodaraya.jaya!

  26. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  27. sakun pinto

    thanks..!!

  28. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..! සිරාවට කතාවනම් සුපිරි දැන්.

  29. Nuwan277

    Ela Ela Bro... Good Luck

  30. Udayanga Sampath

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  31. SUNITH

    Thanx Machan...............Good job........!!

  32. Salinda Wijayabandara

    Thanks mcn sub ekata godak.... jayama wewa.....

  33. madushali

    godak sthuthi

  34. Mohamed Ashan

    thanks bro sub ekata

  35. Barfi

    thanks bn

  36. Maxx Dula

    thanks wewa

  37. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!

  38. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaaa

  39. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූතියි……………………….

  40. hiru_tharu

    niyamaaai.. bro.. thanks..

  41. Amadoru

    Thanks bro

  42. Sajithlakshan

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.