වසරක් පාසා ඇරෝවර්ස් එක මඟින් සිද්ධ කරනු ලබන ක්‍රොස්ඕවර් එක පසු සතියක දී විකාශය සිද්ධ වුනා. පිටසක්වල ආක්‍රමණයක් පාදක කරගනිමින් විකාශය වුන පසුගිය ක්‍රොස්ඕවර් එකට හාත්පසින්ම වෙනස් ආකාරයේ ක්‍රොස්ඕවර් එකක් අපට මෙවර දැක ගැනීමට හැකියාව ලැබුනා. ඒ වෙනත් පෘතුවියක පිරිසක් අපගේ පෘථිවිය ආක්‍රමණය කිරීමත්,එයට අපග…

වසරක් පාසා ඇරෝවර්ස් එක මඟින් සිද්ධ කරනු ලබන ක්‍රොස්ඕවර් එක පසු සතියක දී විකාශය සිද්ධ වුනා. පිටසක්වල ආක්‍රමණයක් පාදක කරගනිමින් විකාශය වුන පසුගිය ක්‍රොස්ඕවර් එකට හාත්පසින්ම වෙනස් ආකාරයේ ක්‍රොස්ඕවර් එකක් අපට මෙවර දැක ගැනීමට හැකියාව ලැබුනා. ඒ වෙනත් පෘතුවියක පිරිසක් අපගේ පෘථිවිය ආක්‍රමණය කිරීමත්,එයට අපගේ පෘථිවියෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරයත්ය. එසේනම් මේ සුදානම Crisis on Earth-X ක්‍රොස්ඕවර් එකෙහි කෙටි සමාලෝචනයක් ගෙන ඒමටයි.
අර්ත් එක්ස්,එහෙම නැත්තන් නාසි ලෝකය, නාසිවරුන් දෙවන ලෝක යුද්ධය ජය ගැනීම නිසාවෙන් මේ ලෝකය නාසිවරුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. එබැවින් මේ ලෝකයේ සුපිරි වීරයන් පවා නාසිවරුන් බවට හැරෙනවා. මේ ලෝකය පාලනය කරනු ලබන්නේ නාසි ඔලිවර් ක්වින්, නැත්තම් ඩාර්ක් ආචර් විසිනුයි. ඔහුගේ බිරිඳ ඕවර්ගර්ල් නොහොත් නාසි කාරායි. අධික විකිරණවලට නිරාවරණය වීම නිසා නාසි කාරා කෙමෙන් කෙමෙන් මරණයට ලඟා වෙනවා.තව දුරටත් බොහෝ කලක් ජිවත් වීමට අවැසිනම් ඇයට ගැලපෙන හදවතක් අවශ්‍ය වෙනවා. මේ අවස්ථවේ දී තමා රිවර්ස්ෆ්ලෑෂ් මේ ලෝකයට පැමිණෙන්නේ. ඔහුගේ මඟ පෙන්වීමෙන් අර්ත් 01,නැත්තම් අපේ ලෝකයට පැමිණ සුපර්ගර්ල්ගේ හදවත් රැගෙන යෑමයි නාසිවරුන්ගේ අභිප්‍රාය වෙන්නේ.
බැරි ඇලන් හා අයිරිස් වෙස්ට්ගේ විවාහ මංගල්‍යය සුදානම් කරමින් ඒ සඳහා කාරා, ඇලෙක්ස්, ඔලිවර්,ෆෙලිසිටි, සාරා,මාර්ටින්,ජැක්ස්, මික් රෝරි යන පිරිසට අරාධනා කරනවා. ආරාධනාව පිළිගන්නා පිරිස විවාහ මංගල්‍යය සඳහා සහභාගී වී ඒ කටයුතු සිද්ධ කරමින් සිටින අවස්ථාවේ නාසි ප්‍රහාරය එල්ල වෙන අතර මෙහි දී නාසින්ගේ ප්‍රොමිතියස් ග්‍රහණය කර ගැනීමට ඇලෙක්ස් හා සාරා සමත් වෙනවා. අනතුරුව නාසීන් සිටිනා තැන සොයා එතනට පහර දීමෙන් ඔලිවර්, සාරා, කාරා, ඇලෙක්ස්, ජැක්ස්, මාර්ටින්, රෝරි යන පිරිස ඔවුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. මරණයට කැප කල ඔවුන් සමග නාසි ලොවේ තරුණයෙක් වූ රේ ද මරණයට පත් කරන අවස්ථාවේ නාසි ලොවේ ලියෝ ස්නාර්ට් විසින් ඔවුන් බේරාගෙන ඔවුන්ගේ නායකයා අවසරයෙන් අර්ත් 01 සඳහා පැමිණීමට ඇති විවරය ඇරගෙන මේ ලෝකයට පැමිණියත් නාසි ලොවේ දී වෙඩි පහරකට ලක් වූ මාර්ටින් මිය පරලොව යනවා. කෙසේ මුත් අවසානයේ සුපිරි වීරයන් සියලු දෙනා පාහේ එකතු වූ නාසීන් පරදවා ලෝකය බේරා ගන්නා අතර බැරි ඇලන් හා අයිරිස් වෙස්ට් මෙන්ම ඔලිවර් ක්වින් හා ෆෙලිසිටි ස්මෝක් ද විවාහයට පත් වෙනවා.
සාරාංශ වශයෙන් විස්තර කළහොත් ඉහත කී අයුරින් ගලා ගිය මෙවර ක්‍රොස්ඕවර් එක දිහා නැවත වරක් හැරී බැලීමට අවශ්‍යය වනවා. මුලින්ම අර්ත් X හා අර්ත් 01 සංසන්දනය කළහොත් අඳුරු වර්ණයකින්, හා ශබ්ධයක් මගින් අර්ත් X යනු කෙතරම් භයානක ලෝකයක් යන්නද, ගාඩියන්ගේ මරණයෙන් නාසිවරුන්ගේ ලෝකයේ සුපිරි වීරයන්ට කිසිම ඉඩක් නොමැති බවද පෙන්නුම් කරනවා. එමෙන්ම යමෙක් නාසිවරුන්ට විරුද්ධ වන්නේ ද ඔවුන් සිරකරුවන් බවට හෝ මරණයට පත් කිරීම නාසි නිතිය බව මාව පිළිඹිබු කරනවා. මේ අතර වාරයේ අර්ත් 01 හට ආලෝකය සහිත පසුබිමක් භාවිත කරමින් මෙය ආලෝකමත් ලෝකයක් බව පෙන්නුම් කිරීමට උත්සහා දරා තිබෙනවා.
පසු ගිය Invasion ක්‍රොස්ඕවර් එක හා සැසඳීමේ දී මේ අවස්ථාවේ දී සුපර්ගර්ල් කතා මාලාව සඳහා අවස්ථාවක් ලබා දීම වැදගත්. මන්ද පසු ගිය ක්‍රෝඕවර් එකේ දී සුපර්ගර්ල් කතා මාලාවේ අවසන් විනාඩි කිහිපයේ දී තමා බැරි හා සිස්කෝ ඉස්මතු වුනේ. එතෙක් කතා මාලාව හුදකලාව ගලා යෑමකුයි සිද්ධ වුනේ. සුපර්ගර්ල් කතාව එක ආරම්භයේ සිටම ඒ ඒ චරිතයේ වර්තමාන පසුබිම ගැනත්, විවාහ ආරධානාව සඳහා ඔවුන් ප්‍රතිචාර දැක්වූ අයුරුත් දක්නට ලැබුනා. අවසානයේ සියල්ලෝ එක්කව විවාහයට සහභාගී වීමෙන් අනතුරුව සිනහ මුසු මුහුණින් යෙදෙන සංවාද, සාරා-ඇලෙක්ස් පලහිලව්ව මෙන්ම ඔලිවර් -ෆෙලිසිටි සංවාදය ආදී සිද්ධීන් තුලින් ඒ ඒ චරිතයට ආවේනික ලක්ෂණ රාශියක් දක්නට ලැබුනා. සිනහව, වේදනාව, පසුතැවීම, අප්‍රසාදය ආදී ලක්ෂණවලින් යුක්තව සියල්ලෝ විවාහ කටයුත්තට සහභාගී වී ඒ කටයුත්ත සිද්ධ වෙමින් යන අවස්ථවේ නාසි ප්‍රහාරය දියත් වෙනවා.සමාන වශයෙන් දෙපාර්ශවයම සටන් කිරීමක් සිද්ධ වෙන අතර අවසානයේ නාසීන් පසු බැසීමත්, නාසි ප්‍රොමිතියස් ග්‍රහණය කර ගැනීමත් සැලකීමේ දී පළමු සටන අර්ත් 01 ජයග්‍රහණය කරනවා. එමෙන්ම මෙවර පැමිණි සතුරා පෙරට වඩා බලවත් බව පෙන්නුම් කරන්නේ දෙපාර්ශයේම සිටිනා පිරිස සමාන වන නිසායි.
ක්‍රොස්ඕවර් එකේ දෙවන කොටස ගලා යන්නේ ඇරෝ කතා මාලාව සමගයි.මෙම කොටසේ ප්‍රශ්නාර්ත් කිහිපයක් යොදන්න සිද්ධ වෙනවා.
01.නාසිවරුන්ට අවශ්‍යය කාරා (සුපර්ගර්ල්) ගේ හදවතයි. එසේනම් ඔවුන් මේ ලෝකයට පහර දුන්නේ මන්ද?
02.කාරා අර්ත් 01 සඳහා ගිය බව ඔවුන් දැන ගත්තේ කෙසේද?
03.සියල්ල දත් ජැක්ස් අර්ත් 01ට වඩා තිබෙන බව නොදන්නේ මන්ද?
04.ඔලිවර් හට ක්‍රිප්ටෝනයිට් හමුවුයේ කෙසේද?
මේ ප්‍රශ්න ටිකනම් මටත් විසඳගන්න බැරි වුනා.ඒ වගේම වරින් වර රිවස් ෆ්ලෑෂ් මතු කිරීම, මරණයට පත් කරවීම හුදෙක්ම විහිළුවක් වෙලා හමාරයි. ඒ නිසා ඒගැන කතා නොකර ඉමු. විශේෂම කාරණය වනුයේ පසු ගිය ඇරෝ කතා මාලාවේ දී අපට අවශ්‍යව තිබුන දෙයක් වෙනත් අයුරකින් මේ ක්‍රොස්ඕවර් එකේ දී ලැබීමයි. ඔව්. ප්‍රොමිතියස් ලෙස ටොමි මර්ලින් සිටීමයි. නමුත් අවාසනාවකට වගේ ඔහු මිය නොගියානම් ඉදිරියේ දී ප්‍රයෝජනයකට ගන්න තිබුනා යැයි මම හිතනවා.
ක්‍රොස්ඕවර් එකෙහි තෙවන කොටස ගලා යන්නේ ෆ්ලෑෂ් කතාව හරහායි. පෙරාතුරු ඇරෝ කොටසින් සිද්ධ වුන සටනින් අතරතුර, මැටෙලෝගේ ප්‍රහාරයෙන් පසුව සියල්ලෝ සිර කාරයන් බවට හැරෙනවා. එමෙන්ම කාරා හැර අනිත් පිරිස නාසි ලෝකයට යවා කාරා හදවත ගැලවීම සඳහා ස්ටාර් ලැබ් එකට ගෙන එනවා. මෙම කොටසේ දී ෆෙලිසිටි හා අයිරිස්හට ලොකු තැනක් ලබා දී තිබීමක් දක්නට ලැබෙනවා. සුපිරි බලයක් නැතත් ඔවුන්ට ද මෙවන් අවස්තාවක උදව් කිරීමේ හැකියාවක් තිබෙන බව පෙන්නුවා. එමෙන්ම චරිත අතර ඇති බැඳියාව පෙන්වීම වැනි, ඔවුනොවුන් අතර අවබෝධය වැනි දේ දියුණු වීමක් දක්නට ලැබුනා. විශේෂවශයෙන්ම නාසීන් හටත් වෙව්රයිඩර් එකක් ඇති බව මෙහි දී පෙන්නුම් කළා. (ඔව් ඉතින් ගිඩියන්ටත් ගහ ගන්න කවුරුහරි ඉන්න එපැයි.) අවසාන වශයෙන් ද්වාරය විවෘත කිරීමට ගොස් මාටින් වෙඩි වැදිමකට ලක් වුනා.
ක්‍රොස්ඕවර් එකෙහි අවසාන කොටස ගලා ගියේ L.O.T සමගයි. ඉතිරි ලෙජන්ඩ්ලා (රේ පාමර්,නැතානියල්,සාරි හා අමායා) සටනට අවතීර්ණ වන්නේත් මේ කොටසේ දීයි. එමෙන්ම පටන් ගත්ත මඟුල, අවමඟුලක් වී, නැවත එය ද්විමඟුලකින් අවසන් වන්නේත් මේ කොටසේ දීයි. කෙසේමුත් නාසි ලෝකයේ දී වෙඩි කෑ ස්ටයින්, සිස්කෝ දුන්.. ගිඩියන් නැවත සැකසු දියරය බී තම ජෛවත්වය ජැක්ස්ගෙන් වෙන් කොට මරණයට පත් වෙනවා. කතා මාලාව ආරම්භයේ සිට කොටස් 51ක් සඳහා රංගන දායකත්වය දැක්වූ Victor Garber ඒත් සමගම කතා මාලාවෙන් සමු ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඉදිරියේ දී ෆයර්ස්ටෝම් කෙනෙක් දකින්නට ලැබේවිද නැද්ද යන්න ස්ථිරවම කිව නොහැකියි. ඒ වගේම මික් හා ස්නාර්ට් හමුවනම් වෙනදා වගේම හාස්‍යජනක දෙයක් වුනා. කාටවත් ණයත් නැති, භයත් නැති මේ ඩබල එකට සෙට් උනාම ආතල්ම තමා ඉතින්. ඒ වගේම වෙනදා වගේම අනුකම්පා හිතෙන බැරි කෙනෙක් වගේම අනුකම්පා රහිත ඇරෝ කෙනෙක් ඉස්මතු වුනා. ඒ රිවස් ෆ්ලෑෂ් හට යන්න දීමෙන් හා නාසි ඔලිවර් හට ඊතලයක් බැස්සවීමෙනුයි. කෙසේ හෝ සතුරා පරාජය කොට සියල්ලෝ විසිර ගිය පසු ක්‍රොස්ඕවර් එක පුරා දක්නට නොලැබුන ජෝන් ඩිග්ල්ගේ මැදිහත් වීමෙන් බැරි ඇලන් හා අයිරිස් වෙස්ට් අතර විවාහය සිද්ධ වෙනවා. ඒ වගේම ඔලිසිටි රසිකයන්ටත් සතුට උපදවමින් ඔලිවර් හා ෆෙලිසිටි අතර විවාහයත් එවිටම සිද්ධ කරනු ලැබුවා.
සමස්ථයක් වශයෙන් ගත් කළ මෙවර ක්‍රොස්ඕවර් එක යනතාක් දුරට සාර්ථක වුනා යැයි මම හිතනවා. fun හා action යන කාරනා දෙකට අමතරව බැඳීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මෙහි දී යොමු වී තිබුනා. එමෙන්ම දේශපාලනික වශයෙන් අදහසක් ඉදිරි පත් කිරීමට ද CW විසින් මේ ක්‍රොස්ඕවර් එක යොදා ගනු ලැබුවා. මිට අමතරව මේ ක්‍රොස්ඕවර් එක පුරා සිදු වූ සිද්ධිධාමය අනුව ඉදිරියේ දී ඇතැම් කතාවල විවිධ වෙනස්කම් දක්නට ලැබේවි යැයි උපකල්පනය කළ හැකියි.විශේෂයෙන්ම L.O.T කතා මාලාවේ. එමෙන්ම ඍණ පැත්ත ගැන කතා කිරීමේ දී වෙනදා මෙන්ම CGI දුර්වලතාවක් දක්නට ලැබෙනවා.එමෙන්ම සිද්ධීන් අතර ඇති වේගවත් බව නිසා රසාස්වාදයට ඇතැම් අවස්ථාවල බාධාවක් එල්ල නොවුනාත් නොවේ. සමස්තයක් වශයෙන් මෙවර ක්‍රොස් ඕවර් එක සාර්ථක වුවා යයි මා සිතනවා.
එසේනම් මේ තමා මේ කතා සමයේ මිඩ් සීසන් ෆිනාලේ එක.නැවත කතා මාලාවේ ආගමනය සිද්ධ වෙන්නේ 2018 පෙබරවාරි 12 වන සඳුදා දිනයේ දී. අපේ වේලාවෙන් නම් අඟහරුවාදා.කතා මාලාව විකාශය වෙන දවස වෙනස් වීමක් වෙලා තියෙන නිසා උපසිරස ලබා දෙන දිනයත් වෙනස් වෙන්න පුළුවන්. එසේනම් නැවත එළෙඹෙන වසරෙන් මුණ ගැසෙන තුරු හැමෝටම සුභ නත්තලක් හා අලුත් අවුරුද්දක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,195 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E09.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
74 comments
KUsh
Chanuka lakmal
Enakan balan hitiye thanks sub ekata
KAVINDA GAMAGE
බොහෝම ස්තතියි අයෙමත් ට්වි සිරියස් ලැබෙයි කියලා හිතුවේ නැහැ මේ ටීවී සීරියස් නැතුව පිස්සුවෙන් වගේ හිටියේ ඔබලා මේ කරන්නේ වචනයෙන් කියන්න බැරි ලොකු සේවයක් . අපියි හැමදාම ඔබලා එක්ක ඉන්නවා .
Lahiru Rasadun
ජයවේවා
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ආයෙත් ටී.වී සිරිස් ටිකට සබ් දෙන්න පටන් ගත්ත එකනම් ලොකු සතුටක්. ආයේ කියන්න වචන නෑ. අලුත් වැඩේ ගැනත් සතුටුයි. මං කලින් එකවුන්ට් එකක් හදලා තිබුනා. දැන් ගොඩ කාලෙකට කලින්. ඒකෙන් තමයි හැමදාම කමෙන්ට් කලේ. ඒත් දැන් ඒ අකවුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ. පාස්වර්ඩ් එක වෙනස් කරන්න කියලා මේල් එක දුන්නට මේල එක එන්නෙත් නෑ. කවුරුහරි ඇඩ්මින් කෙනෙක් මේක දැක්කොත් පොඩ්ඩක් කියනවද ඒ ඇයි කියලා. මොකද මට දැන් ඒ ඊ මේල් එකෙන් වෙන සයිට් එකේ තව එකවුන්ට් එකක් හදන්නත් බෑ. ලොකු උදවුවක් මේක ගැන පොඩ්ඩක් බැලුවොත්.
විමා
ඔයාට ඒ එකවුන්ට් එකෙන් ලොග් වෙන්න ඕන නම්
ඒ ඊමේල් එක බයිස්කෝප් මේල් එකට එවන්න සහෝ
ඊට පස්සේ අපේ මේල් එක හරහා ඔයාට පාස්වර්ඩ් එකක් එවයි ඒකෙන් ලොග් වෙන්න පුළුවන් ඊට පස්සේ
Silva
Tnx
naughty
thanx aiye sub ekata........... :*
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
saliya
Godaaak thnks aye sub dunnta kiyana wachana ne
ඉසුරු සම්පත් සිරිසේන
Thankz සහෝ..
Dj UsHaN
Bohoma sthuthi yaluwe sub ekata digatama karanna sakthiya labewaaa :-*
Soori
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට...
බාගත්තා. ලිපියත් එල....!Subhash pushpakumara
Ftt
D.Chamara
bohoma sthuthi sahooo jaya. degatama karagena yamooo
Chanky
Thnx mchn
lahiru sandaruwan
thank you so much aiye.. oyala aith tv serious walata sub denna tiranaya karapu eka tamai me nattale lebuna lkuma present eka
විදුෂාන් සජිත්
හරිම සතුටුයි සහෝ අපේ ඉල්ලීම අහක දාපු නැති එකට. පරණ දේවල් අමතක කරලා අලුත් අවුරුද්ද සතුටින් පටන් ගමු. ජය වේවා.!! උපසිරැසියටත් බොහොම ස්තුතියි,.. ලැබුවා වූ නත්තල සහ ලබන්නාවූ නව වසර සුභම සුභ වේවා…
Udara Damith B/K
සුපිරියි
ආයි මේවා දෙන එකනම් එල ම තමයි
අර ප්‍රශ්නැ වගයක් තිබුණා නෙ ඒවාට
uaththaraya මේ lot කට්ටිය හරි බැරි මාමා හරි
කාලය හරහා යන සිද්දියක කේස් එකක් වෙන්ඩ බැරිද
අර කලින් ඩිගල් සීයාගේ කෙල්ල
කොල්ලෙක් උනේ
.ඒවගේ සීන් එකක් වෙනද ඇති කියලා මට හිතෙන්නේ
අනාගතේ වෙන සිද්දියක්udara damith
නියමයි
Rajitha
Thanks machan.......jayawewa.....>>!
Nilupul Madukapriya Perera
thanks bro
Lakshitha
සේරට අයිත් පණ දුන්න, ලෝරල්ව වෙන ලෝකෙකින් ඇදල ගත්තා, Reverse Flash ආපහු ආවා, මොනවා කරලත් ඩේමියන් ඩාර්ක්ව මරන්නත් බෑ...
එහෙනම් ඉතින් මැරිච්ච මාටින්වත් ඇදලා ගනි කොහෙන්හරි............Anuruddha Leo
එහෙම වෙන එකක් නෑ.චරිතය රඟපාන නළුවා කතාවෙන් සමුගත්තා.
thanula
sub ekata thnks,digatama demu.jayawewa
Chamara
Ublta godak thanks mchn aith sub denawata.
Heshara
Eseama wewa wagema sthuthi sub eka ayeth denawata
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Deshan
Thankz For sub....
sakun pinto
thanks..!!
Lushan
Subata godakma thanks bro...
Isuru Sky
Thanks a lot....jaya wewa....
Lakshan
Thanks Bro.
Tharaka lahiru
Tnx
podda
niyamai. thanks bro!!1
sasinduweerasinghe
thanks sahoo....
TDinusha
thankszzzzzzzzzzzzzzzzzzz
Thilinda Randeera
බොහෝම ස්තුතියි සහෝ. දිගටම සිංහල උපසිරැසි දෙන්න. ජය වේවා.
Viraj
fatta lipiyak.. sub ekata thanks saHO.. jaya wewa!!
Indunil kavindu
Thanx macho sub ekt
Ruwan Udaya Shantha
Thanx saho sabata....
MadRad0912
Thanx bro
Deshani
Thank You
Sampath Wasala
Thanks a lot...........
ish225a
thanx bro
Salinda Wijayabandara
Thanks mcn sub ekata godak.... jayama wewa.....
Vimukthi Munasingha
Sub Ekata Thanks saho...!!
Amino
thankz bro sub ekata
thisara 927645
tank bro
shammi1995
thanks bro
Mohamed Ashan
thanks bro sub ekata
sankha4024
උපසිරැසියට ස්තුතියි.
ජයවේවා…..
Advertisement




tnxxx sub ekata