ගිය සතියේ නම් කොහොම හරි කොටස් හතරක් දුන්නා. මේ සතියේ තව එක කොටසයි විකාශය වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දොළොස්වැනි කොටස. කලින් කොටස දුන්නම සමහරුන්ට කතාව නොතේරුන ස්වභායක් දකින්න ලැබුණා. ඒ නිසා තීරණය කලා ටිකක් දිගට ලිපිය ලියන්න. මමත් මේකේ එන එන කොටස් ඔක්කොම ඩවුන්ලෝඩ් කලාට තාම බැලුවේ නෑ. ඒ නිසා ඔයාලට දැනෙන…

ගිය සතියේ නම් කොහොම හරි කොටස් හතරක් දුන්නා. මේ සතියේ තව එක කොටසයි විකාශය වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දොළොස්වැනි කොටස. කලින් කොටස දුන්නම සමහරුන්ට කතාව නොතේරුන ස්වභායක් දකින්න ලැබුණා. ඒ නිසා තීරණය කලා ටිකක් දිගට ලිපිය ලියන්න. මමත් මේකේ එන එන කොටස් ඔක්කොම ඩවුන්ලෝඩ් කලාට තාම බැලුවේ නෑ. ඒ නිසා ඔයාලට දැනෙන කුතුලයමයි මටත් තාම දැනෙන්නේ.
රේ එයාගේ යාලුවා එක්ක එකතු වෙලා එලියට්ව ඉස්පිරිතාලෙ නතර කරලා බලනේම කුදලගෙන ඇවිත් රේගේ සයිට් එකේ වැඩේ කරගත්තානේ. නමුත් එලියට් කොහොමහරි රේ ගැන හැම හොර වැඩක්ම අල්ලලා දුන්නා. මේ නිසා සමහරක් අය එලියට් ගැන ආඩම්බර වුණා වගේම තරහින් හිටියේ. එහෙව් අයගෙන් කල්ලියක් ඇවිත් එලියට්ගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා ඒ අයට වෙච්ච පාඩුව නිසා. මෙයා දෙන්න බැරිව ගාණකට නොගත්ත නිසා එලියට් පල්ලියේ කණ්ඩායමට සහභාගී වෙලා යමින් ඉද්දි උන් කට්ටිය ඇවිල්ලා එලියට්ව දුෂණය කරන්න තමයි හැදුවේ ඒ අයගේ සල්ලි නොදුන්න නිසා. එලියට්ට ඒ කැත වැඩේ කරන්න යද්දී එලියට්ගේ කළු ජාතික යාලුවා ලියෝන් ඇවිත් ඒ හැමෝටම පිහියෙන් ඇනලා මරලා එලියට්ව බෙරගත්තා. නමුත් ඔයාලා දකින්නත් ඇති එලියට් වගේම එයාගේ යාලුවත් හිරේ ඉන්නවා. මං තාම කතා කරන්නේ හත්වැනි කොටස ගැන හොදේ.
හත්වැනි කොටසෙන් එක පාරටම අටවැනි කොටසට එද්දී වෙනමම දෙයක් පෙන්නුවේ. මුල් ටික පැහැදිලි ඇති කියලා විශ්වාස කරනවා. ඒ ටිකේ නම් පෙන්නුවේ ට්‍රෙන්ටන් හා මොබ්ලි හමුවුන ආකාරය. ඊටපස්සේ [වර්තමානය] කට්ටිය වට වෙලා ඉද්දි ඩාර්ලින් ඇහුවම මොකද වටවෙලා බලන්නේ කියලා කිව්වම දැක්කේ අර FBI එකේ දුරකථන වලින් පවත්වන්න යන රහස් සම්මේලනය ගැන. අන්න ඒකට මේ කට්ටිය හොරෙන් සවන් දීලා, ඒක රෙකෝඩ් කරලා FBI එකේ එකේ රෙදි ගැලවෙන විදිහේ වීඩියෝ එකක් හදලා අන්තර්ජාලයට මුදාහරිනවානේ. කෙටියෙන්ම කියනවනම් FBI එකේ අය කලේ හොර රහසේ මිලියන තුනක ජනතාවගේ දුරකථන ඇමතුම් වළට සවන් දීම, ඊමේල් කියවීම වැනි ගොඩක් ලොකු සෝදිසි කිරීමක් කරලා තියෙනවා, මේ අය එහෙම කරන්න ඇත්තේ ඩාර්ක් ආමි[අදුරු හමුදාව] අල්ලගන්න. නමුත් FBI එකේ ඇතැමුන් හිතන් ඉන්නේ fsociety එකමයි මේ හැමදේම කරන්නේ කියලත්. මේ අතරේ සූසන් එයාගේ ගෙදර එනවා. fsociety හැකින් කණ්ඩායමේ කවුරුවත් දැනගෙන හිටියෙත් නෑ ඇය ගෙදරට එනකන්ම. කොහොමහරි සූසන්ව ඩාර්ලින්ගේ අතින් මැරෙනවා. එයාව පුච්චලා දාන්නේ කට්ටිය හැකින් කරලා අන්තිමට දෘඩාංග කොටස් පුච්චන තැනට ගිහින්. මේ වැඩේ බැරි බැරි ගාතේ කරන්නෙත් ඩාර්ලීන් හා සිස්කෝ එක්ක එකතු වෙලා. මොකද ඩාර්ලීන් හොදාකාරවම කිව්වා ට්‍රෙන්ටන් හා මොබ්ලි දෙන්නට මේකෙන් ඈත් වෙලා ඉන්න කියලා. මේ දෙන්නත් හොදටම බයවෙලා හිටියේ. මොබ්ලිව FBI එකෙන් ඇවිත් කුදලගෙන ගිහින් ඩොම් ප්‍රශ්න කලා. අන්තිමේදී මොබ්ලි ට්‍රෙන්ටන්ට මැසේජ් කරලා කිව්වා එයාලා මුලින් හමුවුන තැනේදී හමුවෙන්න කියලා. නමුත් මොබ්ලි ආවේ නෑ. අන්තිම හරියේදී එක පාරටම දොර ඇරගෙන එන සද්දයක් ආවත් හරි පෙන්නුවේ නෑ ඒ ආවේ කවුද කියලා. 😀 .
එලියට්ගේ සිරගත ජිවිතයෙන් තමයි අද නවවැනි කොටස ආරම්භ වෙන්නේ. දැන් ලොකු ප්‍රශ්ණයක් ඇති ඔයාලට ඇයි එලියට් හිරේ ඉන්නේ කියල. මිනි මරපු නිසාද? නෑ. පළවෙනි සීසන් එක මතක් කරගත්තොත් හොදයි. එලියට් ශේරෝන් කියන ඩෑල් එකකගේ ගිණුම් හැක් කරලා තර්ජනය කරලා බල්ලවත් අරගත්තා. ඔව් ඔව් එලියට්ගේ මානසික චිකිත්සකවරියගේ සැමියා/පෙම්වතා. (ඕනේ එකක් කියාගන්න) ශේරෝන්නඩුව දාලා තියෙන්නේ මේ හැක් කිරීම සම්බන්ධව හා එයාගේ ඩොලර් 1,200 ක් වටිනා බල්ලව උස්සන් ගිය නිසා. අනවසරයෙන් පරිඝණක වළට ඇතුළු වීම, මුල්‍ය වංචා කියන්නේ හැකින් වළට හුදෙක්ම අදාළ දෙයක් නේ. මේ වගේ නොයෙක් කාරනා නිසයි එලියට්ව නඩුවක් වැටුනේ. නමුත් එලියට් තමන් විසින්ම පිලිගන්නවා තමා වරදකාරියි කියලා. මේ නිසා ඔහුට මාස දහඅටකට සිර දඩුවම් නියම කරනවා. හිරේ ගියාම එයා අදුරන ගොඩක් අයව හමුවෙනවා. එයාගේ අම්මා, රේ හා රේගේ යාලුවා. මේ හැමදේම බොරුවක්. මොකද දන්නවනේ එලියට් කියන්නේ මන්ද මානසික ඩයල් එකක් කියලා. එතකොට දැන් කෙනෙක් කියන්න පුලුවන් එයා හිරේදී තමයි ලියෝන් වගේම කට්ටියව අදුනගත්තේ කියලා. එහෙම වුනයි කියමුකෝ එතකොට කොහොමද එලියට් හිරෙන් නිදහස් වෙලා එළියට එද්දී ඩාර්ලින් ඇවිත් එයාව එක්ක යන්නේ?! එතකොට ඩාර්ලීන් කොහොමද මොබ්ලි හා ට්‍රෙන්ටන් ගැන සිද්දීන් එලියට්ට වර්තමානයේදී කියන්නේ. අතීතයේ හිරේ ගිහින් ලියෝන් වගේම කට්ටියව අදුරගත්තා නම් එතකොට අර බාස්කට් බෝල් සෙල්ලං කරන ඒවා බලන්න ගියපුවා බොරු සිද්දීන්ද? පොඩ්ඩක් හිතලා බලන්න හොදේ. මොළේ තියෙන්නේ වෙහෙසන්න. 😛 මාස දහඅට ගෙවෙන්න කලින් එයාට ඇප දීලා කවුදෝ කෙනෙක් බේරගන්නවා. ඒ කවුරු වෙන්න පුළුවන්ද? අදුරූ හමුදාවද? එහෙමත් නැත්තම් ටයිරල්ද? ට්‍රෙන්ටන් හා මොබ්ලි දෙන්නාගෙන් තාමත් පිළිතුරු නැති නිසා ඩාර්ලීන් ඉන්නේ හොදටම කලබල වෙලා. මේ දෙන්නත් ඒ පාර අතුරුදහන් වෙලාද? ඩාර්ලීන් එදා රූගත කරපු VHS ටේප් එක සූසන්ගේ ගෙදර දාලා ඇවිල්ලා. මේක ගන්න යන්නේ සිස්කෝ. VHS තැටිය නම් බිම තිබිලා හමුවෙනවා. නමුත් සිස්කෝට ඇහෙනවා අමුතු සද්දයක්. සූසන් මැරුණු ගෙදර නිසා එයත් හොදටම කලබල වෙලා ඉන්නේ. නමුත් එයා ඒ සද්දේ මොකද්ද කියලා බලන්න යනවා. ඩාර්ලින් ඉන්නේ සිස්කෝගේ ගෙදර. එලියටූත් යන්න ගිය නිසා එයත් ගෙදර තනිවෙලා. එයා ඉන්න තැනට කවුද ඇවිල්ලා දොරට තට්ටු කරනවා. නමුත් ඩාර්ලීන් නම් හුගක් කලබල වෙලා. ඒ කවුරු වෙන්න ඇතිද? ට්‍රෙන්ටන් හා මොබ්ලි දෙන්නද? නැත්තම් අදුරු හමුදාවද? දැන් එතකොට ඩාර්ලීන් හා සිස්කෝ දෙන්නට මොනා වෙයිද? මේ දෙන්නවත් අතුරුදහන් වෙයිද?

විශේෂයෙන්ම Mr.Robot බලන රසික රසිකාවියන්ට කියන්න යමක් තියෙනවා. අද දිනයේ[සදුදා] තිබුණු “Emmy award 2016 සම්මාන උළලේදි” ගොඩක් කතාමාලාවන්ට සම්මාන ලැබිලා තිබුණා වගේම සුළු පිරිසක් වුනත් ආදරය කරන මේ Mr.Robot කතාම්ලාවේ “Rami Malek[එලියට්]” Outstanding Lead Actor යන කැටගරියට අදාළ සම්මානයෙන් පිදුම් ලබා තියෙනවා. මං නම් කියන්නේ මෙයාට මේ සම්මානය අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනා. මොකද මේ කතාමලාව තුල කරන චරිතයට කරන සාධාරණත්වය නම් අගය නොකලොත් ලොකු අඩුවක්.
ගිහින් එන්නම්. හැකි විගස අනෙක් කොටසින් හමු වෙන්නම්.! හැමෝටම ජයෙන් ජය!
– This is what our revolution has been fighting for –
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E09.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
900 downloadsDownload Mr.-Robot-.02x09.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
18 comments
Kasun
praneeth madu
බොහොම ස්තුතියි
chandika
thank you.
Gathsara Umesh Kumara
අහ්හ්...අනිවා රෙන් සහෝ මේ නලුවටනම් සම්මන හම්බවෙන්න ඕනිඅම tතමා.අද ලිපියනම් ගොඩක් විස්තරාත්මක්ව පලකරල තියෙනවා..මම හිතෙනවා අපේ කට්ටිය මේකෙන් සමහර තේරු ගන්න්න බැරි උන හේවල් තේරුම් ගන්න පුලුවන් කියල..(මොකද මටත් අවුල් එච්ච්ක සීන් එක්ක අද චාමර සහෝ හරි ගැස්සුවා)..එහෙනම් ඊලග එපියෙන් හමුවෙමු....
මිතුල් ලක්ශිත
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….කවීන් ලහිරු
නියමයි.. නියමයි..
සබ් එකට ස්තූතියි..
**ජය**රයන් ද සිල්වා
ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴උදාර දිල්ශාන්
තෑන්ක්ස් සහෝ
8 ත් හැකි ඉක්මනට දාමුඩිලාන් හසිත
පට්ටම් සහෝ තෑන්ක්ස්
මේ කතාමලාව ඉවර කරලා දාමුmadushan
Thanks ,,,,,
Prabuddha Kulatunga
elama.anik elat ikmanta demu :D :D
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
කනිශ්ක ලක්මාල්
#ස්තූතියි සහෝ
" සිංහල උපසිරැසියට "Asiri
පැහැදිලි කිරීමටයි සබ් වලටයි බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
ස්තූතියි
umesh
sub ekata thanks .....
saho season 3 ekatath sub dennako ......
Advertisement

බොහොම ස්තුතියි සහෝ…