නොදී ඉන්න හිතාගෙනම හිටියත් පස්සේ මේක දීලා දාන්න ඕන කියලා හිතුන නිසා ඔන්න ආයෙමත් වතාවක් Mr.Robot තෙවැනි කතාසමයත් අරගෙන මුණගැහෙන්න ආවා. වෙච්ච ප්‍රමාදයට සමාවෙන්න ඕන. කියන්නා වාගේ මේක ඇත්තටම නොදී ඉන්නමයි හිටියේ. ඒත් මේකේ තවත් කතාවකට රිනිව් වෙලා තියෙන නිසා අපරාදේ කියලා හිතුනා. ලිපියේ පල් හෑලි ලියන්න නම්…

නොදී ඉන්න හිතාගෙනම හිටියත් පස්සේ මේක දීලා දාන්න ඕන කියලා හිතුන නිසා ඔන්න ආයෙමත් වතාවක් Mr.Robot තෙවැනි කතාසමයත් අරගෙන මුණගැහෙන්න ආවා. වෙච්ච ප්‍රමාදයට සමාවෙන්න ඕන. කියන්නා වාගේ මේක ඇත්තටම නොදී ඉන්නමයි හිටියේ. ඒත් මේකේ තවත් කතාවකට රිනිව් වෙලා තියෙන නිසා අපරාදේ කියලා හිතුනා. ලිපියේ පල් හෑලි ලියන්න නම් බලාපොරොත්තුවක් නැහැ මොකද දැන් කතාව ඉවර වෙලත් මාස ගානක් වෙනවා. ඒ නිසා සමහර අය බලලත් ඇති. ඒත් කතාව ඇතුලේ සමහර වචන තියෙනවා සිංහලට හැරෙව්වත් නුහුරු ගතියක් එන. එහෙම ඒවා පුලුවන් තරම් කතාව ඇතුලෙම තනි තේරුම් දාලා ඇති. ඒ වගේ වචන අහු වෙන වෙලාවට ලිපියේ සම්පුර්ණයෙන් තේරෙන විදිහට පැහැදිලි කරන්නම්.කලින් සීසන් එකේදී මතක ඇතිනේ එලියට් ටයිරෙල් වෙලික් එක්ක වැඩ කරන්න තීරණය කලා. ඒවගේම තමයි ඩාර්ලීන්ට එයාගේ පෙම්වතාවට නැති උනා රෙස්ටුරන්ට් එකට ඇතිවුණු වෙඩි තැබීම වෙලාවේදී. ඒත් එක්කම ඩාර්ලීන්ව FBI එකටත් අහු වෙලා ඉන්නේ. එලියට්ට ඕන වුණේ බැක්ඩොර් එක නොහොත් තොරතුරු වලට පිවිසෙන එක නවත්තලා දාන්න.
මොකක්ද මේ Backdoor කියන්නේ?
හිතන්නකෝ සතුරු කදවුරක් තියෙනවා ඒ කදවුර වටාම ආරක්ෂාවට හතුරන්යොදවලා තියෙන්නේ. ඒ වගේ වෙලාවකට කෙලින්ම ගිහින් පහර දෙනවට වඩා ලේසි නැද්ද ඒ කදවුරේ පිටුපස්ස පැත්තේ ඉදන් ටිකක් දුරට වෙන්න කාණු පද්දතියක් එහෙම තියෙද්දී?! එතකොට ලේසියෙන්ම ඒ කාණු පද්දතිය හරහා ගිහින් කදවුර ඇතුලටම කිසිම කරදරයක් නැතුව යන්න පුලුවන්. ස්ට්‍රයික් බැක් බලපු අයට නම් තේරෙනවා ඇති. ඒත් මෙතන මේ කතාවේදී Backdoor එකක් කියන්නේ පරිඝනක පද්ද්තියක සාමාන්‍යයෙන් කේතනය කරපු දත්ත වලට පිවිසෙන්න තියෙන විදිහ නැතුව ඒ ක්‍රමය මගහැරලා ගිහින් දත්ත වලට පිවිසෙන්න තියෙන විදිහක්. අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැනේ එහෙම යන එක නීත්‍යානුකූල නැහැ කියලා. හැබැයි මෙහෙමයි සමහර ඇප්ලිකේෂන් වගේම පරිඝනක පද්ධති නිර්මාණකරුවන් මෙහෙම බැක්ඩොර් එකක් නිර්මාණය කරලා බලාපොරොත්තු වෙන්නේ හදිසියේ දෝෂයක් මතු උනාම ඒවා නිරාකරණය කරන්න. නමුත් අනවසරෙන් මේ ක්‍රමය හරහා දත්ත ඩැැහැ ගන්න හැකර්ලා නම් මේක පාවිච්චි කරන්නේ ලොකු වාසියක් හැටියට. එහෙනම් ඉතින් බැක්ඩොර් ගැන අදහසක් එන්න ඇති කියලා විශ්වාස කරනවා. මං මෙතැන් ඉදන් Backdoor වෙනුවට “බැක්ඩොර්” කියලා පාවිච්චි කරන්න වෙන තැන් වලදී පාවිච්චි කරනවා.
ඊලග කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මං සමුගන්නවා. බයවෙන්න එපා. දවස් ගණන් යන්නේ නැහැ. දවසට එක කොටස ගානෙ නොනවතින ආස්වාදයෙන් තුන්වෙනි කතාසමය ඔයාලට බලාගන්න ලැබෙයි. විශේෂයෙන්ම මේ වතාවේ උපසිරැසි ගැන්වීමට අචින්තත් එකතු වෙලා ඉන්නේ. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,293 downloadsDownload Mr.-Robot-S03-E01.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
16 comments
menaka787
Ravindu Rukshan
Thx
Gathsara Umesh
කෝම හරි ඇදගෙන යමු අයියේ..මේක දෙනකල් ඉදියේ..
බොහෝම ස්තූතියි ❤️dx12
Machan tv series ekta sub dena eka lasi wadk newi.
E patan gathe tv show eka ewara karna ekati lasi wadk newi.
Me wage maga nathra karapu tv series ekta sub dena eka gana kiynna wachana Na bro.meka loku deyak bn apita.pahu wela dena tv show walata comment, download karana gana adu athi bn.eth me wage wada ekka api hamadma innwa bn. mokoda meka apita loku deyak.
Pluwnnam me wage maga nathra una superi tv shows baiscope eke thiynwa bro ewa ganth hithala balnna.ewta sub dena eka loku deyak.
Oya ada patan gatha wade gana kiynna wachana Na bro.
Thank you very much!
Good luck machan.!kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Azraz23
Loku deyak oya mekata sub dunne , thnx bro , god bless you
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Pasindu7365
hamme.godak kal balan hitiya mekata.pattama thanks aa
Vijitha Rathna (විජ්ජ)
Ela
charuni
tns
Mahesh ruwan
thanks machn godk kal balana hitiye mekata sub eka denakan
nagmadushanka
appata thnx hen kal baln hitya sub denkan.thnkx mcn.
Sudheera Kasun
amboo atiyaantan...
Sub denakan Download karan blan hitiye. Thanks machn..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
namaljayathunga
බොහොම ස්තුති.. සිංහල සබ් තිබ්බත් තෙරෙන්නෙ නැති එකේ සිංහල සබ් නැතුව කෝම බලන්නද? :) Friends TV Series එකෙ සබ් දෙන්න පුලුවන් කවුරු හරි ඉන්නවද? ස්තුතියි අයෙත්
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Advertisement
![Mr. Robot [S03 : E01] Sinhala Subtitles | අදුරේ ගෙවන ජිවිත [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/MR.ROBOT-Season-4.jpg)

ela ela thanks for sub