පළවෙනියටම කියන්න ඕනේ, මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් හැමෝම වගේ මමත් කියනවා “මේක අඩුපාඩු එමටයි”,ඒක හින්දා ටිකක් කියවන්න අමාරු වෙයි. එත් මම පුළුවන් උපරිමයෙන් වැඩේ කළා. මට film එකකට උපසිරසියක් කරන්න කොහෙත්ම වුවමනාවක් තිබුනේ නෑ.මොකද බලන්න පුළුවන් හැම film එහෙකටම වගේ දැනටමත් උපසිරසි දීලා තියන නිස…
පළවෙනියටම කියන්න ඕනේ, මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් හැමෝම වගේ මමත් කියනවා “මේක අඩුපාඩු එමටයි”,ඒක හින්දා ටිකක් කියවන්න අමාරු වෙයි. එත් මම පුළුවන් උපරිමයෙන් වැඩේ කළා. මට film එකකට උපසිරසියක් කරන්න කොහෙත්ම වුවමනාවක් තිබුනේ නෑ.මොකද බලන්න පුළුවන් හැම film එහෙකටම වගේ දැනටමත් උපසිරසි දීලා තියන නිසා. ඒක ඇත්තටම අගය කල යුතු දෙයක්. එත් මම Baiscopeඅඩවියේ Anime වලට උපසිරසි තියෙන බවක් නම් දැක්කේ නෑ. ඉතින් මට හිතුනා කවුරුත් වැඩි උනන්දුවක් දක්වන්නේ නැති Genre එහෙකට උපසිරසියක් කරලා බලන්න.
අපේ ලංකාවේ “Anime” කියන Entertaining medium එකට එතරම් ප්‍රසිද්ධියක් නැහැ.නමුත් මේ Anime වල ඉතාමත් රසවිදිය හැකි කතාවන් අන්තර්ගත වෙනවා.බොහොමයක් දෙනෙකුගේ වරදවා වටහා ගැනීමක් වන්නේ Anime යනු ජපානයේ හදන Cartoon වර්ගයක් යන කරුණ.Cartoon තියෙන්නේ කුඩා දරුවන්ගේ රස වින්දනයට කියන මතය උඩ Anime වලටද එතරම් උනන්දුවක් නොදැක්වීමට බොහෝ දෙනෙකු පෙලබෙනවා.නමුත් Anime වල ඇත්ත තත්වය හාත්පස වෙනස්.මේවා බොහොමයක් නිෂ්පාදනය කරන්නේ තරුණයන් හා වැඩිහිටියන් ඉලක්ක කරගෙන වැඩිහිටි තේමා පාදක කරගෙනයි. ඇත්තම කියනවනම් බොහොමයක් ඇනිමි වලට දෙන Age ratings දෙන්නේ 17+ කියලයි. ඉතින් Anime යනු කුඩා ළමයින්ට වෙන්වූ කතාවන්ය කියා මගහරින්න හිතන්න එපා.මමත් මුලදී හිතන් හිටියේ Anime කියන්නේ හරිම බොලද ලාමක විදියේ කාර්ටූන් වර්ගයක් කියලා. එත් දැන් මම Hardcore Anime Fan කෙනක්.ඉතින් මම කියන්නේ ඔයාලත් try එකක් දීල බලන්න.
මේ මන් උපසිරසි දුන්න කතාව විකාශය වුනේ 2014 අවුරුද්දේ. මේකේ සම්පූරණ කොටස් ගණන කොටස් 12 යි, එක කොටසකට විනාඩි 24 ක ධාවන කාලයක් තියෙනවා. පැය හතර හමාරෙන් සීරිස් එකම ඉවර කරන්න පුළුවන්. මේක YuuKamiyaකියන කෙනාගේ Light novel එකක් පාදක කරගෙන කරපු Animation එකක්.කතාව ගෙතෙන්නෙ Soraකියන වැඩිමහල් සහෝදරයා සහ Shiroකියන පුංචි සහෝදරිය වටාය.මොවුන් ඇත්ත ලෝකය වැඩකට නැති දෙයක් කියන දැඩි මතයේ ඉන්නේ. ඒ නිසා මෙයාලා වටිනවා කියලා හිතන එකම දෙය වෙලා තියෙන්නේ Game සෙල්ලම් කිරීමයි.ඒ හින්ද මොවුන් දෙදෙනා Game සදහා ඉතාමත් ඇබ්බැහි වූවන්. ඉතින් මෙයාලා සෙල්ලම් කරන හැම game එහෙකින්ම අනිවාර්යයෙන්ම පළමු තැන ලබා ගන්නවා.මෙහෙම දින ගෙවෙන අතරේදී එක් දිනක් මොවුන්ට නොදන්නා ලිපිනයකින් E-mail එකක් එනවා online චේස් තරගයකට ආරාධනා කරලා. මේ තරම් දක්ෂ දෙදෙනා ඒ චෙස් තරගය එතරම් ලේසි වුනේ නෑ.මොකද එයාලා දන්නේ නැති වුනාට එහා පැත්තේ හිටියේ දෙවියෙක්.ඉතින් තරගය දිනුව නිසා මෙයාලට දිව්‍යමය වරමක් ලැබෙනවා මේ වැඩකට නැති ලෝකේ අත ඇරලා game ලෝකෙක නැවත ඉපදීමට. ඔය විදියට තමයි කතාව පටන් ගන්නේ. මන් හිතනවා මේ සිනොප්සිය ඇති වෙයි කියලා.
අවසාන වශයෙනුත් කියනවා, මේක මගේ පලවෙනි Sub job එක, ඉතින් පලවෙනි දෙවෙනි කොටස් වල ටිකක් අකුරු එහෙමෙහෙ වෙලා තියෙයි, එත් අන්තිම කොටස් වෙද්දී කොලිටි හොද වෙනවා කියලා ඔයාලටම තේරෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,760 downloadsDownload No-Game-No-Life-2014-EP-0102.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
23 comments
SAJA
SAJA
godak aya sub nati hinda ekla blnnh
Sudesh
මේක නම් නියම වැඩක්. මංග සීරීස් සුපිරි ඒව තියෙනව. ඒත් සබ් නැති නිසා බලන්න කම්මැලී. දිගටම මේවට සබ් දෙන්න බ්‍රෝ. ස්තූතියි ඔයාට..
Uvindu
mamth ehma thama saho!!!
supirima anime eka tma DEATHNOTE.Ishanka
Elz bro
Ishan
tnx මචන් sub එකට ...
මචන් පුලුවන්නම් ThunderCats series එකටත් sub දෙන්නකෝ
Ishan
tnx මචන් sub එකට ... මචන් පුලුවන්නම් ThunderCats series එකටත් sub දෙන්නකෝ
kasun weerashingha
සුපිරි මචන් වැඩේ නම්. Sub නැති නිසා බැලුවෙ නැහැ.
පුලුවන්නම් big bang theory එකටත් sub දෙන්න බලන්න sub නැති නිසා දන්න හුගක් අය බලන්නෙ නැහැ.ඉෂාන් මදුෂ
නියමයි.සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
මෙහෙම තමයි වෙන්න ඕන.baiscopelk වෙනුවෙන් කල පළමු anime series එක.
අද ඉදලා සහෝට පින්සිද්ද වෙන්න ආසාවෙන් anime බලන්න පුලුවන්
පට්ටම සතුටුයි ඔයා site එක වෙනුවෙන් අලුත්ම වෙනසක් ඇති කලාට.
ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න.
ජයෙන් ජයම වේවා!podda
thanks bro!!! sub denna animation serious ekak thoragattha eka patta. digatama mewage ewata sub dennaa...
Fullmetal ALchemist BrotherHood, death note, Teen Titans mewatath puluwannam sub denna try karannaKAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
natsu
Thankz bro sub ekata. Puluwannam fairy tail ekata sub karanwada plzz .. l love fairy tail.
Hasini
finally, ANIME thankz for the sub. anime series ekakata sub denakam balagena hitiye. puluwannam Black Butler anime ekata sub karanna
Lakpriya Gurugamage
නියමයි කොල්ලෝ, දිගටම කරගෙන යන්න. ඔබට ජයින් ජයම වීවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
chanu mikhail
adooo.... maru dn anime series walatath sub dila
elama...
math otaku kenek thama
jaya weva...digatama me wage ewata sub demu....
kasun
Patta saho mewa thama oni
Sithila Samarasinghe
kaalekata passe balapu pattama kathawak......
meke sinhala sub dunnata bohoma sthuthiyi.
thawath me wage japan anime walata sub denna shakthiya dayiriya labewa.MSMalka
no game no life zero movie ekata th sub denna barida
re zero ekatath sub oneStranger
thanks
tep
sub download karanna be.403 Forbidden erorr eka wtenawa
Advertisement
![No Game, No Life [2014] [EP 01:02] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/o-Game-No-Life-S1.jpg)



sold art online eke sub krnnko