Watch Trailer

Panchayat [S03 : E02] Sinhala Subtitles | අළුත් ගෙයක් ලබෙයිද? [සිංහල උපසිරසි]

Panchayat S03 Sinhala Subtitles ආයුබෝවන්, බොහෝ දෙනා ඉතා ආදරෙන් වැළඳ ගත්ත පන්චායට් රූපවාහිණී කතා මාලාවෙ තෙවැන්න එනකල් ඇඟිළි ගැන ගැන හිටපු අපේ රසික හිතවතුන්ට මැයි 28 එලි දැක්වුන ඒක ඊයෙ ඉඳන් අපි දෙන්න පටන් ගත්තා. ඒකෙ දෙවන කොටස මම අද ගෙන එනවා. ඊයෙ පළවෙනි කොටස කලින් කතා බලපු අයගෙ මතකය අළුත් වෙන්න ඇති. ම…

Panchayat S03 Sinhala Subtitles

ආයුබෝවන්, බොහෝ දෙනා ඉතා ආදරෙන් වැළඳ ගත්ත පන්චායට් රූපවාහිණී කතා මාලාවෙ තෙවැන්න එනකල් ඇඟිළි ගැන ගැන හිටපු අපේ රසික හිතවතුන්ට මැයි 28 එලි දැක්වුන ඒක ඊයෙ ඉඳන් අපි දෙන්න පටන් ගත්තා. ඒකෙ දෙවන කොටස මම අද ගෙන එනවා. ඊයෙ පළවෙනි කොටස කලින් කතා බලපු අයගෙ මතකය අළුත් වෙන්න ඇති.

මුල් කතා මාලා දෙක බලපු අයට කතාව කියන්න ඕනෙ නෑනේ. නොබලපු අය (මම වගේ) අපේ ටෙලිග්‍රෑම් සයිට් එකෙන් උපසිරැසි සහිතවම බා ගන්න. කෙටියෙන්ම කියනව නම් පංචායට් ඒ කියන්නෙ ගම් සභාවක ලේකම් පදවියක් ලබපු තරුණයෙක් ඉතා දුෂ්කර පුලේරා කියන ගමට ගිහින් එහිදි හමු වෙන අපූරු චරිත සමූහයක් සමග තම රැකියාව කර ගෙන යන්න දරන උත්සාහය තමයි කතා මාලාවට පාදක වෙන්නෙ.

2020 අප්‍රේල් මාසෙ මෙහි පළමු කතා මාලාව ඇමේසන් ප්‍රයිම් හරහා නිකුත් උනා, අතිශය ජනපිය වූ මේ කතා මාලාවෙ දෙවැන්න 2022 මැයි වලත් 2024 මැයි වල තෙවැන්නත් නිකුත් වෙනවා.2020 Filmfare OTT Awards වලදී හොඳම කොමඩි කතාමාලාව, හොඳම නළුවා (කොමඩි), හොඳම සහාය නළුවා හා නිළිය (කොමඩි) යන සම්මානද 2023 International Film Festival of Indiaහිදි හොඳම වෙබ් කතා මාලාව ලෙස මෙහි දෙවන කොටසත් සම්මාන ලබනවා.

දීපක් කුමාර් මිශ්රා අධ්‍යක්ෂණය කරන මෙහි ජිතේන්ද්‍ර කුමාර් (අභිශේක්-ලේකම්) රඝුභීර් යදව් (ඩුබේ-ප්‍රධාන් ජී), නීනා ගුප්තා (මන්ජු දේවි-සභාපතිනි) ෆයිසාල් මලික් (ප්‍රලාඩ්) චන්දන් රෝයි(විවේක්) පන්කජ් ජා (මන්ත්‍රී) සහ සන්විකා(රින්කි) මෙහි ප්‍රධාම චරිත රඟපානවා.

ප්පේළමු කොටස පටන් ගන්නෙ ලේකම් තුමාට ස්ථාන මාරුවක් ලැබිල මන්ත්‍රීගෙ හෙංචයියෙක් වෙන අළුත් ලේකම් වැඩ භාර ගන්න ඒමත් සමග. වැඩේ පිටි පස්සෙ ඉන්නෙ කවුද කියල කාට කාටත් තේරෙනවනේ. එහෙත් සභාපති ඇතුළු පිරිසට ඒක හොඳ දෙයක් නෙමෙයි. ඔන්න සභාපතිනිය පෙරමුණ ගන්නවා මේ ස්ථාන මාරුව අවලංගු කරන්න. කොහොම උනත් අළුත් ලේකම් මුහුණ දෙන සිදුවීම් පෙලක් අවසානයේ පරණ ලේකම්ගෙ ස්ථාන මාරුව අවලංගු වෙනවා. අභිශේක්ගෙ ඔළුවෙ තියෙන්නෙම මේ රස්සාව දාල ගිහින් හොඳ පඩියක් තියෙන රස්සාවක් හොයා ගන්න එක. ඒ සඳහා ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඒත් ඔහුට පුලේරාව එක්ක තියෙන ආත්මීය බැඳීම ලිහා ගන්න බෑ. හදවතේ කොනක චූටි ඉඩක් වෙන් වෙලා තියෙනවා පුලේරාවට.ඉතින් ඔහු නැවතත් පුලේරාවට ඇවිත් වැඩ භාර ගන්නවා. එතැන් සිට නරඹමු.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Panchayat S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,345 downloadsDownload Panchayat-S03E02.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Panchayat S03 Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,345 downloadsDownload Subtitles15 KB

3 comments

  1. Anonymous

    බොහොම ස්තූතියි බන්දුල සහෝ... මේක දෙනකල් මග බලන් ඉන්නෙ.. ඔබලාට ජය..

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.