“අනේ මල්ලි, ප්ලීස්.. අදට විතරක්…”හැන්දෑවේ හයර් ටික බලාගන්න කියලා අක්කා පෙරැත්ත කරනවා. ඔය මොනා කිව්වත් මට බෑ. හැන්දෑවට මට පාටියක්. ඒත් අක්කගේ බ්ලැක්මේල් කිරිල්ලත් එක්ක මං අසරණ වුණා. හයර් ටික ඉවර කරලා පාටියට යන්න හිතන් මං කැබ් එකත් අරන් පාරට බැස්සේ. එකක් ඉවර වෙද්දි තව එකක්.. ඔහොම තව එකක්.. තව එකක්..…

“අනේ මල්ලි, ප්ලීස්.. අදට විතරක්…”හැන්දෑවේ හයර් ටික බලාගන්න කියලා අක්කා පෙරැත්ත කරනවා. ඔය මොනා කිව්වත් මට බෑ. හැන්දෑවට මට පාටියක්. ඒත් අක්කගේ බ්ලැක්මේල් කිරිල්ලත් එක්ක මං අසරණ වුණා. හයර් ටික ඉවර කරලා පාටියට යන්න හිතන් මං කැබ් එකත් අරන් පාරට බැස්සේ. එකක් ඉවර වෙද්දි තව එකක්.. ඔහොම තව එකක්.. තව එකක්.. හයර් එක පිට එක.. දන්නෙම නැතිව රෑ වෙනවා.. අන්තිමේදී පාටියට යන්න හදද්දිම කැබ් එකට නගිනවා කෙල්ලෙක්.. “අනේ මිස් දැන් නම් හයර් යන්නේ නෑ.” ඒත් මොන.. මට හයර් එක යන්නම වෙනවා.. කෙල්ල මහ ගණන්කාරියක්.. මට තරහත් එක්ක.. අද ගැලවෙන්න හම්බෙන්නෑ වගේ. එතනින් මෙතනට.. මෙතනින් අතනට.. පාටිය මට හීනයක් වෙනවා.. හිත හදාගන්න ගමන් ඉන්න මට, කෙල්ල කතා කරන්න ගන්නවා. කලින් තිබ්බ ගණන්කාරකම් දැන් නැහැ. ටිකකින් අපි ගොඩක් ෆිට් වෙනවා. මං එයාව ගෙනිහින් ගෙදරට ඇරලනවා. එයා මට ගේ ඇතුලට එන්න කිව්වා. මං ගියා. ගෙදර වෙන කවුරුත්ම හිටියේ නෑ. ඉතින් අපි ෂොට්ස් දෙක තුනක් දාගෙන සතුටු සාමිචියේ යෙදෙනවා. ෂොට්ස් ගාන එන්න එන්නම වැඩි වෙනවා අපි දන්නෙවත් නැතුව. එතනින් එහා ගොඩක් දේවල් සිද්ධ වෙන්න ගන්නවා. අපි දන්නෙවත් නැති ලොකු දුරක් අපි යන්න ගන්නවා. ගොඩ වෙලාවක් ගිහින්. මට එක සැරේටම ඇහැරෙනවා. යහනේ අනිත් පැත්තේ ඇය ඉන්නවා. යන්න හිතාගෙන ලෑස්ති වෙලා මං ඇයට කතා කරනවා. කිසි හෙලවීමක් නෑ. මං පොඩ්ඩක් බ්ලැන්කට් එක එහාට කරා. මං දැක්කේ ලේ වලින් නෑවුණු ඇගේ සිරුර.. එයාව මරලා. එයාව කපලා කපලා දාලා මරලා…
හොඳ ඉන්දියන් කතාමාලා රස විඳින අයට Criminal Justice කියන්නේ නුපුරුදු නමක් නෙමේ වෙන්නැති. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.1ක දැවැන්ත අගයක් වාර්තා කරමින් කාගේ කාගේත් ප්‍රසාදයට පාත්‍ර වුණු තවත් අපූරු කතාමාලාවක් තමා මේ. ඉතින් බයිස්කෝප් වෙනුවෙන් අපේ පුබුදු ප්‍රසන්න සහෝදරයා මේ සම්පුර්ණ කතාමාලාවටම සිංහල උපසිරැසි දායකත්වය දැක්වූවා. ඒ සහෝදරයාවත් ස්තුතිපූර්වකව සිහිපත් කරන ගමන් මේ කියන්න යන්නේ Criminal Justice අලුත් පියවර ගැන. කොටස් 10කින් යුක්ත කලින් කතාමාලාවේ පැහැදිලි අවසානයත් එක්ක, තවත් කතාසමයක් ගැන බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. නමුත් මේ දෙසැම්බර් මස 24 වෙනිදා Criminal Justice තවත් කතා සමයක් එලි දැක්වුණා. ඇත්තටම මේක දෙවන කතාසමයක් නෙමේ, Spin off එකක් කියලා තමා අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ කලින් කතාසමය නොබලපු කෙනෙක්ට කිසිම බාධාවක් නැතුව මේ කතාසමය නරඹන්න පුළුවන්. පළමු කතාමාලාවේ ඉඳපු ප්‍රධාන චරිත කිහිපයක් දකින්න ලැබෙන එකට අමතරව වෙන සම්බන්ධයක් නම් අපිට මේ දෙක අතර තියෙනවා කියලා පේන්න නැහැ.
Disney HotStar වෙතින් එලිදැක්වුණු මේ කතාමාලාව දැනට ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 9.2ක දැවැන්ත අගයක් වාර්තා කරලා තියෙන්නේ පළමු කතා මාලාවට කිසිම විදිහට දෙවැනි නොවන බව පෙන්නමින්. රංගනයෙන් කීර්ති කුල්හාරි, ජිෂු සෙන්ගුප්තා එක්ක කලින් කතන්දරේදි අපි හමුවට ආපු පංකජ් ත්‍රිපාටි, අනුප්‍රියා ගොඑන්කා, මිටා වෂිශ්ට් දායකත්වය දක්වනවා. කලින් වගේ කොටස් 10 නම් නෙමේ කොටස් 8ක් තමා කතාමාලාවටම තියෙන්නේ. එහෙනම් කුතුහලයෙන් පිරුණු සමයකට ආරාධනා කරමින් මං සමුගන්නවා. දෙවන කොටස සමඟින් හම්බවෙමු.
ගොඩ කාලෙකට පස්සේ එයාලා එකට කෑම කෑවේ..
ඒ රාත්‍රිය සන්සුන්.. නිසංසලයි..
බැලු බැල්මටම චන්ද්‍රා පවුලේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ
රීහා හිටියේ නේචර් ෂෝ එකේ අන්තිම කොටස බල බල
මධ්‍යම රාත්‍රියට ආසන්නයි..
නිහඬතාවය මැද්දෙන්,
ඇයට ඇහෙනවා කවුදෝ කෙඳිරි ගාන හඬක්..
ඒත් එක්කම අඳුරු ඡායාවක් කාමරය පහු කරන් ගියා
රාත්‍රිය තවදුරටත් සන්සුන් වුණේ නෑ.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
4,247 downloadsDownload CJ-BCD-S01-E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
19 comments
ගයාන් ගමගේ
tharidu16
okkoma dunnata passema balanawa. waiting inna ba macho
Anonymous
Supiri wadak
Ikmanata ithuruwath deela damu bro
Me dwaswala blnna ekak nthiwa hityesachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
thanks to sub
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Madumal
පංකජ් අයියගේ අලුත් එකක් නේහ්,
සබට තුති වේවා මයුර අයියේ ❤️nuwan
upasirasiyata thank you.. kohenda series tika baganne?'
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි මල්ලි.
tharidu16
okkoma gatta. speed dunnata thanks okkotama
Prasheen
machan me wisthare thiyena series ekata newei sub dila thiyenne. episode 8 series ekata. me uda dala thiyena wisthare thiyena series eke episode 10k thiyenawa. dekema nama criminal justice
Chandima Prasad
Thanks Sub Ekata..
lakshan
thanks ..........................
sahangayantha
thanks a lot sub ekata
vihaga
ben10 heros united eke sinhala sub eka dennako
viraj
thanks...........
nilanka1212
thanks.....
Advertisement
![Criminal Justice: Behind Closed Doors [S01 : E01] Sinhala Subtitles | වැසුණු දොරටුවට එහා…!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/CJBCD-1.1.jpg)


බොහෝම ස්තූතියි මයුරයාණෙනි සබට!
Merry Christmas!