පෙර කොටසින්… ස්ක්විඩ් ගේම් 3 වන සීසන් එකේ පළමු කොටස පටන් ගත්තේ කැරලි ගහපු ක්‍රීඩකයන් සොල්දාදුවන් විසින් වටලන තැනින්. 145 ක්‍රීඩකයා මැරෙනවා. නෝ-එල් 246 ක්‍රීඩකයා හෙවත් ක්යුන්-සුක් බේරගන්නේ උදරයට වෙඩි තියලා. ත්‍රිකෝණාකාර සොල්දාදුවා හිතනවා කෙල්ල අවයව ජාවාරම් කණ්ඩායමට එකතු වෙලා කියලා. ඒ නිසා මිනිහා 246…

පෙර කොටසින්…
ස්ක්විඩ් ගේම් 3 වන සීසන් එකේ පළමු කොටස පටන් ගත්තේ කැරලි ගහපු ක්‍රීඩකයන් සොල්දාදුවන් විසින් වටලන තැනින්. 145 ක්‍රීඩකයා මැරෙනවා. නෝ-එල් 246 ක්‍රීඩකයා හෙවත් ක්යුන්-සුක් බේරගන්නේ උදරයට වෙඩි තියලා. ත්‍රිකෝණාකාර සොල්දාදුවා හිතනවා කෙල්ල අවයව ජාවාරම් කණ්ඩායමට එකතු වෙලා කියලා. ඒ නිසා මිනිහා 246ගේ මිනී පෙට්ටිය ලකුණු කරනවා.
බෝට්ටුවේදී කුලී හමුදාව අතුරුදහන් වුණු ඩ්‍රෝන් ක්‍රියාකරු හොව්වා. කැප්ටන් පාර්ක් කිව්වේ මිනිහා බීලා මුහුදට වැටෙන්න ඇති කියලා. වූ-සොක් නම් මේ කතාව විශ්වාස කරන පාටයි.
ගි-හුන් ක්‍රීඩාගාරය ඇතුලේ තමන්ගේ මිතුරන් මැද්දේ ඇහැරෙනවා. ඡන්දේ පටන් ගන්න කලින් මිනිහා එතන ලොකු කලබගෑනියක් ඇති කෙරුවා, ඇයි තමන් තාම ජීවතුන් අතර ඉන්නේ කියලා දැනගන්න ඕනේ කියලා. ගේම් එකේ ප්‍රධානියාගේ ජයග්‍රහණය පිළිගන්න මිනිහට සිද්ධ වෙනවා.
ඊට පස්සේ දකින්න ලැබුනා ඉන්-හෝ (ගේම් එකේ ප්‍රධානියා) බීලා ගි-හුන් දිහා බලන් ඉන්නවා. මිනිහා කැප්ටන් පාර්ක්ට කියනවා ක්‍රීඩා ටික ඉවර වෙනකන් කුලී හමුදාව දූපතෙන් දුරස් කරලා තියන්න කියලා. මොකක් හරි අවුලක් වුණොත් ජුන්-හෝ ඇතුළු හැමෝම මරන්න කියලත් නියෝග කරනවා. ඊට පස්සේ VIPලා එන නිසා කැරැල්ලෙන් හානි වුන ගේම් එකේ තැන් හදන්න කියලා තමන්ගේ නිලධාරියෙකුට අණ දෙනවා.
ඡන්දේ ආයෙත් පටන් ගත්තා. හැබැයි ගි-හුන් තමන්ගේ වාරය අත්හරිනවා. හැමදාම වගේ නිල් කණ්ඩායම රතු කණ්ඩායමට දොස් කියමින් ඉන්නවා. කාටවත් පුදුමයක් නැතුව සෙල්ලම දිගටම යනවා. 100 ක්‍රීඩකයා හිතන්නේ මේ කැරැල්ල ගි-හුන්ගේ උපායක් කියලා, ක්‍රීඩකයන් මරලා තෑගි මුදල වැඩි කරගන්න කරපු. ශාමන් කියනවා ගි-හුන්ට කවදාවත් මැරුණු මිතුරන්ගේ ආත්ම වලින් ගැළවීමක් ලැබෙන්නේ නෑ කියලා. ඒකෙන් තමයි මිනිහා ආයෙත් පියවි සිහියට ඇවිත් ශාමන්ගේ බෙල්ල තදින් මිරිකන්න ඉන්නේ, පස්සේ උදව්වට කට්ටිය ඇවිත් ගැනිව බේරගන්නවා.
ඒ අතරේ, නෝ-එල් අවයව කපලා ගන්න කාමරේට එනවා 246 තරඟකරුව කපන්න කලින්. කෙල්ල හැමෝටම තුවක්කුව පෙන්නලා තර්ජනය කරනවා, කට්ටිය කෙල්ලට වෙඩි තියනවා. කෙල්ල සොල්දාදුවන්ව මරනවා. සිරුරු කපන හාදයා තමන්ව මරන්න එපා කියලා කෙල්ලගෙන් අයදිනවා. කෙල්ල මිනිහට 246ව බේරගන්න කියලා අණ කරනවා.
ක්‍රීඩකයෝ කෑම කන අතරේ, මින්-සු 124 තරඟකරු තානොස්ගේ පෙති බොන හැටි බලාගෙන ඉන්නවා. ම්යුන්-ගි තමන්ගේ කෑම ළමයෙක් ලැබෙන්න ඉන්න ජුන්-හීට දෙනවා. දේ-හෝ හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්නවා. ගීම්-ජා, යොන්-සික් සහ හ්යුන්-ජු ගි-හුන් ගැන බලනවා. හ්යුන්-ජු සමාව ඉල්ලනවා අසාර්ථක කැරැල්ල ගැන. හැබැයි යොන්-සික් දේ-හෝට දොස් කියනවා, මිනිහගේ පාවාදීම ගි-හුන්ට හෙළි කරමින්. කට්ටිය ගියාට පස්සේ, ගි-හුන් හැරිලා දේ-හෝ කෑම කන දිහා රවාගෙන බලාන් ඉන්නවා.
කුලී හමුදාව වරායක නවතිනවා. වූ-සොක් ජුන්-හෝට බොන්න ගේනවා. දෙන්නා තනියෙන් ඉන්න වෙලාවේ වූ-සොක් කියනවා ඩ්‍රෝන් ක්‍රියාකරු බෝට්ටුවෙන් වැටෙද්දි කැප්ටන් පාර්ක්ගේ අතේ ඉස්කුරුප්පු නියනක් තිබ්බා කියලා, මේකේ මොකක්දෝ අවුලක් තියෙනවා කියලා. නමුත් ජුන්-හෝ සැක කරන්න සූදානම් නෑ තමන්ව බේරපු, අවුරුදු ගානක් දූපත් හෙවීමේ මෙහෙයුම ගැන විනෝද වුණු මිනිහා තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරයි කියලා. ඒ වෙනුවට මිනිහා වූ-සොක්ට දොස් කියනවා ඩ්‍රෝන් ක්‍රියාකරු එක්ක බීපු එක ගැන.
ක්‍රීඩාගාරය ඇතුලේ, ගි-හුන් තාමත් දේ-හෝ දිහා රවාගෙන බලාගෙන ඉන්නවා. අන්තිමට දේ-හෝ ඒක දැකලා අසහනයට පත් වෙනවා. VIPලා එනවා, හතරවෙනි සෙල්ලම හඳුන්වා දෙනවා. ක්‍රීඩකයන්ව එළියට එක්කන් යද්දි, මැරුණු කැරලිකරුවන්ව එල්ලලා තියෙනවා හැමෝම දකිනවා. දේ-හෝ ජුන්-බේගේ මළ සිරුර දැකලා බය වෙනවා, ඊට පස්සේ ගි-හුන් කේන්ති ගිය බැල්මකින් ඉන්නවත් දකින්න ලැබුණා.
අවයව කපලා ගන්න කාමරේදී, මිනී කපන හාදයා 246 තරඟකරුට මැහුම් දානවා. නමුත් මිනිහගේ ලේ ගොඩක් ගිහින්. නෝ-එල් මිනී කපන හාදයට කියනවා තමන්ගේ ලේ අරගන්න කියලා. කෙල්ල මෙතනදි තුවක්කුව මිනී කපන හාදයා දිහාවට තියාගෙන ඉන්නවා.
සෙල්ලමට ගියාම, ඒක හැංගිමුත්තං. ක්‍රීඩකයන්ව අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදනවා. නිල් කණ්ඩායම හැංගෙනවා, ඕනම දොරක් අරින්න පුළුවන් යතුරක් හම්බ වෙනවා, හැබැයි ආයේ අඟුළු දාන්න බෑ. රතු කණ්ඩායමට පිහියක් හම්බ වෙනවා, නිල් කණ්ඩායමේ අය හොයලා මරන්න ඕනේ. බැරි වුණොත් ඒ අයව මරනවා. සෙල්ලම පටන් ගන්න කලින්, කැමති කෙනෙක් එක්ක කණ්ඩායම මාරු කරගන්න පාව මෙතන අවස්ථාවක් ලැබෙනවා.
නිල් කණ්ඩායමේ ඉන්නවා යොන්-සික්, හ්යුන්-ජු, ම්යුන්-ගි, දේ-හෝ, ශාමන් සහ 100 ක්‍රීඩකයා. රතු කණ්ඩායමේ ඉන්නවා ගීම්-ජා, ජුන්-හී, ගි-හුන්, මින්-සු සහ 124 තරඟකරු.
ඒ අතරේ, කුලී හමුදාව අලුත් ඩ්‍රෝන් ක්‍රියාකරුවෙක් ගේනවා. තමන් හොඳ මිනිහා බව පෙන්නන්න කැප්ටන් පාර්ක් හැමෝටම ජීවිත ආරක්ෂක ජැකට් අඳින්න කියනවා. වූ-සොක් මේ ගමන නොයා ඉන්න තීරණයක් ගන්නවා. ඒ කැප්ටන් පාර්ක් ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන නිසා. ජුන්-හෝ හිතන්නේ ඒක කාලය නාස්ති කිරීමක් කියලා, කැප්ටන් පාර්ක් නම් පුදුම වෙනවා වූ-සොක් මේ ගමනට නෑවිදින් ඉන්න බව දැකලා.
පළවෙනි සෙල්ලමට කලින් කණ්ඩායම් දෙක එකිනෙකාට රණ්ඩු කරගන්නවා. 124 තරඟකරු මින්-සුට කරදර කරනවා, සේ-මි මැරෙද්දි හැංගිලා හිටපු බව දැනගත්තට පස්සේ. 100 තරඟකරු මාරු වෙන්න හදනවා හැබැයි කවුරුත් කැමති නෑ. ශාමන් කියනවා තමන් දන්නවා හොඳම හැංගෙන තැන් කියලා. ම්යුන්-ගි ජුන්-හී එක්ක මාරු වෙන්න හදනවා, කෙල්ලට කාවවත් මරන්න බෑ කියලා කියමින්. මුලින් කෙල්ලට මේකට අවුල් යනවා. කොල්ලා තව කියනවා කෙල්ලව බේරගන්න හැමෝම වුණත් මරන්නත් ලෑස්තියි කියලා, එතකොට කෙල්ල මාරු වෙන්න එකඟ වෙනවා.
ඊළඟට, යොන්-සික් තමන්ගේ අම්මා එක්ක මාරු වෙනවා තමන් මිනීමරුවෙක් නෙවෙයි කියලා. ඒත් ගීම්-ජා මතක් කරනවා තමන් ගුටිකාපු තමන්ගේ සැමියාට වඩා කල් ජීවත් වුණා කියලා. මේ වයස ගැනිගේ කොණ්ඩේ භයානක කටුවකුත් තියනවා ගැනි වයස වුණත් ලේසියෙන් කාටවත් පරාද වෙන්නේ නෑ, මාර හිත හයියක් තියෙන්නේ.
දේ-හෝට කාත් එක්කවත් මාරු වෙන්න බැරි වෙනවා, මිනිහා හැමෝටම බොරු හිස් පොරොන්දු දෙන නිසා. ගි-හුන් දිගටම මිනිහා දිහා රවාගෙන බලාගෙන ඉන්නවා, මේක දැකලම එපාවෙලා දේ-හෝ ගි-හුන්ව මුහුණට මුහුණ හම්බ වෙනවා. මිනිහා කියනවා අසාර්ථක කැරැල්ල තමන්ගේ වරද නෙවෙයි, ගි-හුන්ගේ වරද කියලා. තුවක්කු අතැතිව ඉන්න ආරක්ෂකයෙට සිද්ධ වෙනවා මිනිහව ගි-හුන්ගෙන් ඈත් කරන්න, ගි-හුන් නිහඬවම බලන් ඉන්නවා.
සෙල්ලම අන්තිමට පටන් ගන්නවා. නිල් කණ්ඩායමට මිනිත්තු 2ක් තියෙනවා හැංගෙන්න. තරඟකරු අංක 100 හැමෝටම කියනවා හැංගෙන්නේ නැතුව පිටවීමේ දොර හොයමු කියලා. ජුන්-හී, ගීම්-ජා සහ හ්යුන්-ජු එකතු වෙනවා ජුන්-හීට ළමයෙක් ලැබෙන්න ඉන්න අමාරු නිසා.
පිටත ඉඳන් බලාගෙන ඉන්න 124 තරඟකරු ම්යුන්-ගිට කියනවා නිල් කණ්ඩායම අහුනොවී ඉන්න දැඩි සටනක් දෙයි, ඒ නිසා අපි එකතු වෙමු කියලා. එක් කෙනෙක් මරලා ඊට පස්සේ තමන්ගේ ළමයෙක් ලැබෙන්න ඉන්න පෙම්වතිය ජුන්-හීව ආරක්ෂා කරන්න ඕනේ නිසා, ම්යුන්-ගි එකඟ වෙනවා. ස්ක්විඩ් ගේම් 3 වන සීසන් එකේ 1 වන කොටස අවසානයේ, මිනිත්තු 2 ඉවර වෙනවා. රතු කණ්ඩායම ක්‍රීඩා පිටියට ඇතුළු වෙද්දි, ගි-හුන් කියනවා “ඒක උඹේ වරද” කියලා.
ඉතින් මේ එපිය ගැන මට හිතෙන්නේ මෙහෙමයි,
ස්ක්විඩ් ගේම් 3 වන සීසන් එකේ පළමු කොටස නියමටම පටන් අරන් තියෙන්නේ. හැමදාම වගේ හිත් කම්පා කරවන තත්වයන්, ගැටුම්, මානසික ක්‍රීඩා, මරණීය තරඟ සහ කණ්ඩායම් හැදීම් තියෙනවා. හැම දර්ශනයකම කවුද පාවා දෙන්නේ, කාවද පාවා දෙන්නේ කියලා හිතාගන්න බැරි තරම්. චරිත හැම වෙලේම අනතුරු සීමාවේ ඉන්නේ. මේ හැමදේම දකින අපි ඊළඟට මොකද වෙන්නේ කවුද මැරෙන්නේ කියලා කුතුහලයෙන්ම තමයි කොයිවෙලාවෙත් ඉන්න වැටෙන්නේ.
පහුගිය සීසන් එකේ ජුන්-හෝගේ මෙළෝ තේරුමක් නැති කතාවට දැන් හොඳ හැරවුමක් ලැබිලා. වූ-සොක් කැප්ටන් පාර්ක් ගැන සැක මතු කරනවා, පාර්ක් වූ-සොක්ව පහත් කරලා කතා කරන්න හදනවා, ජුන්-හෝට මේ දෙන්නගෙන් කාව විශ්වාස කරන්නද කියන තීරණයක් ගන්න වෙනවා. නෝ-එල්ගේ කතාවත් උපරිම උණුසුම් අවස්ථාවට එනවා, කෙල්ල අන්තිමේදී ක්‍රියාත්මක වෙලා 246 තරඟකරු හෙවත් ක්යුන්-සුක්ගේ පණ බේරගැනීමෙන් තමන්ගේ ඇත්ත ස්වරූපය හෙළි කරනවා.
මේ කොටසේ සම්පූර්ණ සෙල්ලමක් අපිට දකින්න නැති වුණත්, ඒකට පෙර සූදානමත් සෑහෙන රස වින්දනීයයි. හැබැයි මට පෞද්ගලිකවම හිතනවා ගී-හුන් නම් මහ කම්මැලිකාර චරිතයක් දැන් වෙලා කියලා. එක තැන බලාගෙන ඔහේ ඉන්නවා. මීට කලින් සීසන් එකේදි අම්මාව පාවා දුන්න යොන්-සික්ට දැන් ඒක නිවැරදි කරලා අම්මාව බේරගන්න අවස්ථාවක් ලැබෙනවා. පහුගිය සීසන් එකේදී ම්යුන්-ගි ජුන්-හීව ආරක්ෂා කරන්න හැදුවත් කෙල්ල ඒක ප්‍රතික්ෂේප කළා. නමුත් මේ පාර කෙල්ල තමන්ගේ ජීවිතේ කොල්ලා අතට භාර දෙනවා. ඒත් මේ කොල්ලා කණ්ඩායම් ගැහෙන්නේ මත්ද්‍රව්‍ය ගන්න තරඟකරු අංක 124 කියන මිනීමරු උන්මත්තක පිස්සා එක්කයි, මේක නිවැරදි තීරණයක්ද?
ඒත් මේකේ හොඳම හරිය තමයි දේ-හෝ සහ ගි-හුන් අතර ආරවුල. පහුගිය සීසන් එකේදී දේ-හෝ පසුබැස්සේ ඇයි කියන එක තාම පැහැදිලි නෑ. ඒ මිනිහා නිකන්ම බයගුල්ලෙක් නිසාද, නැත්නම් වෙඩි හුවමාරුවෙන් ලැබුණු මානසික කම්පනය වගේ වෙන දෙයක් නිසාද? ගි-හුන් දිගටම මිනිහා දිහා බලන් ඉන්න හැටි දකිනකොට මට නම් ටිකක් හිනාත් යනවා. ඊළඟ කොටසේ තියන මේ හැංගිමුත්තක් සෙල්ලම රසවත් වෙයි, විශේෂයෙන්ම ගි-හුන් “ඒ උඹෙයි වරද” කියලා අදහස් කළේ ගේම් එකේ ප්‍රධානියට නැතුව දේ-හෝට නම්, කොල්ලට දෙවෙනි එපිසෝඩ් එකේදි බඩු බනිස් තමයි.
ඊළඟ කොටස තව පැය කිහිපයක් ඇතුළත ලබා දෙනවා.
රැදිලා ඉන්න බයිස්කෝප් සිංහලෙන් සමඟ !!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
7,507 downloadsDownload Squid-Game-S03E02.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
7 comments
Anonymous
Sandaru Nimsara
Thanks❤️
Buddhika laKMal
තෑන්ක්ස් මචෝ උපසිරැසියට
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
THISANGA
maruwt thibba maru
thnksThisara Prabhath Senarathne
Thanks bro
Sahan Gayantha
Thanks a lot Shehan saho sub ekata
Advertisement



Thanks brother meccara ikmanata denawta