අද කතාවේ නම “Malleus Maleficarum” කියන්නේ ලතින් භාෂාවෙන් 1486 දී Heinrich Kramer නම් ජර්මන් ජාතිකයා අතින් ලියවුන යක්දෙස්සියන් සම්භන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය දැක්වෙන පොතක්. තරුණ ගැනු කෙනෙක්ගේ දත් ටික එක පාරටම ගැලවිලා වැටෙන්න ගන්නවා. එතනින් නවතින්නේ නෑ.. මේ ගැනු කෙනා මැරෙනවා. මේ මොකද්ද…
අද කතාවේ නම “Malleus Maleficarum” කියන්නේ ලතින් භාෂාවෙන් 1486 දී Heinrich Kramer නම් ජර්මන් ජාතිකයා අතින් ලියවුන යක්දෙස්සියන් සම්භන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය දැක්වෙන පොතක්. තරුණ ගැනු කෙනෙක්ගේ දත් ටික එක පාරටම ගැලවිලා වැටෙන්න ගන්නවා. එතනින් නවතින්නේ නෑ.. මේ ගැනු කෙනා මැරෙනවා. මේ මොකද්ද කියලා හොයන්න අයියා මලෝ දෙන්නත් එනවා. ඒත් මේ දෙන්නා හොයාගෙන එන රූබි සෑම්ට, මේ ටවුම හරිම භයානක බවත්, වහාම ජීවිතේ බේරාගෙන පැනලා යන්න කියලත් කියනවා. ඉතින් මොකද්ද මේ තරං භයානක දේ මේ ටවුමේ තියෙන? අර ගෑනු කෙනාට එහෙම නස්පැත්තියක් වුනේ මොකද? රුබිගේ කීම අහලා අයියා මලෝ දෙන්නා යන්න යයිද? නැත්නං මොකක් කරයිද? මේ ප්‍රශ්නවලට උත්තර කථාව බලලා දැනගමු.අද කතාවේදී රූබි බොහොම නරක ආරංචියක් එලි කරනවා ඩීන්ට….මේ කථාව පලවෙනි වතාවට බලන අයෙගෙන් අහන්න ප්‍රශ්නෙකුත් තියෙනවා මං ලග… ඔයාලා හිතන විදිහට රූබි මොකද මෙච්චර හොද? … 😉
දැනුමට:
අද කතාවේ පලවෙනි වතාවට යක්දෙස්සිය නැත්නම් විච් (witch) කියන සංකල්පය හදුන්වලා දෙනවා. කෙටියෙන්ම පැහැදිලි කලොත් මොවුන් මන්තර ගුරුකම්කාරියන්. මන්තර ගුරුකම් භාවිතයෙන් හොද දේවල් වගේම නරක දේවලුත් මොවුන් කරනවා.බොහෝ අවස්ථාවල කාන්තා පාර්ශවේ අය තමයි යක්දෙස්සියන් වෙන්නේ. ඒත් එකේ තේරුම පිරිමි අය නෑ කියන එක නෙමේ.
මේ කතන්දර යුරෝපයේ එක් අදුරු යුගයකට අයිති මිත්‍යා විශ්වාසයි. ඒ කාලේ යුරෝපයේ ක්‍රිස්තියානි රටවල මිනිසුන් යක්දෙස්සියන්ට දැක්වුයේ පුදුම බියක් සහ විරෝධයක්. ඔවුන් හිතුවේ යක්දෙස්සියන් යක්ෂයා නැත්නම් සාතන්ගේ උදව්වෙන් මන්තර ගුරුකම්, හූනියම් ආදිය කරනවාය කියලයි. ඔවුන්ට දුන්න දඩුවම තමයි පණ පිටින් ප්‍රසිද්ධියේ පුළුස්සා මරා දැමීම. හැම යුරෝපිය රටකම වගේ මෙය නීති ගත කරලා තිබුණ. වරින් වර රට පුරා යක්දෙස්සියන් සොයා පුළුස්සා දැමීම (Witch-hunt) හැම රටකම වගේ කෙරුනා. යක්දෙස්සියන් අදුනා ගැනීමට භාවිතා කලේ ඉතාම මෝඩ ක්‍රම වේදයි. මේ නින්දා සහගත වැඩේ නිසා ජීවිතෙන් වන්දි ගෙවපු අහිංසක ගැහැනුන් ගණන අති විශාලයි. බොහෝ විට පල්ලියේ සහ ප්‍රභූවරුන්ගේ තරහට ලක්වූවන්, ශාක සාරයෙන් බෙහෙත් කරන වෙද ගැහැනුන්, මානසික රෝගීන් ආදී විවිධ කාන්තාවන් මේ චෝදනාවට ලක්වෙලා පණපිටින් ගින්නට බිලිවුණා. මනුෂ්‍ය ශිෂ්ඨාචාරයටම කළු පැල්ලමක් එක් කල මේ අවාසනාවන්ත යුගය අවසන් වුනේ 18 වෙනි ශතවර්ශේදියි. අද කතාවේදී යක්දෙස්සියන් පුච්චන්නේ නැති වුනත්, ඒ කාලේ මිත්‍යා විශ්වාස පදනම් කරගෙන තමයි කථාව හදලා තියෙන්නේ. හූනියම් ගැන නං මං හිතන්නේ අපේ රටේ ඈයොන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. සුප(ර්)නැචුරල් කට්ටිය මෙහෙට ආවනං, අනුන්ට වින කරන එක ගැන කෙල පැමිණි අපේ කට්ටියගෙන් හූනියම් ගැන තවටිකක් හොදට ඉගෙනගෙන යන්න තිබුණා…
ප. ලි.
මං හරියටම දන්නේ නෑ නිවැරදි සිංහල වචනය “යක්දෙස්සිය”මද කියලා. කොහොම වුනත්, යක්දෙස්සිය සහ විච් යන පද දෙකම අවස්ථාවේ හැටියට වරින්වර උපසැරසිවල යොදාගෙන තියෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
4,382 downloadsDownload Supernatural-.-S03E09.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
31 comments
හර්ෂ ලහිරු
Kushen
Thanks Saho.........Thawa 7y :) a tikath ikmanatama demu
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා මචෝ සබට තුති ජයම වේවා
keep rocking ...:) =DAyesh
SUPERNATURAL nam ithin "SUPER" thamai. thank you
shani
thanks
D.chamara
aneee machoo ethuro tikatha ekkamanata denna balagena ennawa thanka jaya....
සම්පත්
එලකිරි සහො බොහොම ස්තුතියි
RexHill
ඔන්න ගත්තා මචෝ සබට තුති ජයම වේවා
keep rocking …:) =DDulan
තෑන්ක්ස් ... :)
dinidu madushanka
ela ela saho jaya wewa
Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
katha kolla
niwadu paduwe mewa denwata ubata bohoma pin me kale balan natiwa exam asse blanna giyama itin.. toin ne... ela thanku machoo
supundilshan
maara deemakne denne hariyata wedi thiyanawa wage ela ela
“චූටී මල්ලි”
නියමා........යි MDG
සබට තුති
ඔබට ජය..Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Isuru
ela sahoo..ithuru tikath ikmanata demu
R.Dilshan
Digatama sub denawata Thanks bro.
RexHill
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුතිරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kosala
ස්තූතියි සහෝ
gayan
.මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
thanks for sub bro....
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
sasi kumara
Tnx bro
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.
Rumesh Asanka
thank you
SahanAruna
thanks
Lahiru
Thanks
Lahiru Lakshan
thanks...
Advertisement
![Supernatural [S03 : E09] – Sinhala Subtitles | යක්දෙස්සියන්ට යුක්තිය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-2.jpg)
එලකිරි සහො බොහොම ස්තුතියි :D :D ජය