Watch Trailer

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 09] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

හබෙක් තේරුම් ගන්නවා ශින් සභාපතිතුමා අර්ධ දෙවියෙක් කියලා වගේම දේව ද්වාරය ළඟ තිබිලා හම්බවුන ගල් කැබැල්ලේ තිබුණු ලේ අයිතිත් එයාටමයි කියලා. ශින් සභාපතිතුමා යූන් සු ආව හම්බවෙලා එයාගෙ අතීතය ගැන කියනවා. ශින් පොඩිකාලෙ ගුහාවක හිරවෙලා හිටිය බවත්, පස්සෙ එක දවසක රෑක එතනින් පැනලා ආව බවත්. ඒත් එයා අර්ධ දෙවියෙක්…

 

හබෙක් තේරුම් ගන්නවා ශින් සභාපතිතුමා අර්ධ දෙවියෙක් කියලා වගේම දේව ද්වාරය ළඟ තිබිලා හම්බවුන ගල් කැබැල්ලේ තිබුණු ලේ අයිතිත් එයාටමයි කියලා.

ශින් සභාපතිතුමා යූන් සු ආව හම්බවෙලා එයාගෙ අතීතය ගැන කියනවා. ශින් පොඩිකාලෙ ගුහාවක හිරවෙලා හිටිය බවත්, පස්සෙ එක දවසක රෑක එතනින් පැනලා ආව බවත්. ඒත් එයා අර්ධ දෙවියෙක් බවවත්, දේව අධිරාජ්‍යයෙන් ආව කෙනෙක් බවවත් යූන් සු ආට කියන්නෙ නෑ. ඒ අනුව ශින් අර්ධ දෙවියෙක් විදියට දේව අධිරාජ්‍යයෙන් පැන්නුවම දේව ද්වාරය ළගින් මිනිස් ලෝකයට එනවා. ගුහාවෙ හිරවෙලා හිටපු ශින් මේ නුපුරුදු ලෝකය දැකලා හොඳටම බය වෙලා දුවන්න පටන් ගන්නවා. පස්සෙ මනුස්සයෙක් ඇවිත් ශින්ව බේරගන්නවා.

හබෙක් ශින් සභාපතිතුමාව හම්බවෙන්න එයාගෙ ගෙවත්තට ගිහින් සභාපතිතුමාගෙ පපුවෙ තියෙන සළකුණක් පරීක්ෂා කරලා බලනවා. ඒ සළකුණ දැන් අතුරුදහන් වෙලා ඉන්න ආරක්ෂක දෙවි ජූ ඩොන්ග්ගෙ කියලා හබෙක් අඳුනගන්නවා. ශින් සභාපතිතුමා ජූ ඩොන්ග්ට කරදරයක් කරන්න ඇති කියලා හිතාගෙන හබෙක් සභාපතිතුමාට තර්ජනය කරනවා. ඒ වගේම බී රියොම් හා සභාපතිතුමා අතර දේව ද්වාරය ළඟදී සටනකුත් ඇතිවෙනවා.

යූන් සු ආ හබෙක් ගැන හිතලා අත්සන් කරපු ඉඩම් ගිවිසුම අවලංගු කරන්න හිතාගෙන ශින් සභාපතිතුමාව හම්බවෙනවා. ඉඩම් ගිවිසුම අවලංගු කිරීමට නිදහසට කාරණාව විදියට යූන් සු ආ කියන්නෙ ඉඩමේ තිබිලා කොරියානු දිවියන්ගෙ මලපල හමුවීම. ඒත් ශින් සභාපතිතුමා පස්සෙ දැනගන්නවා යූන් සු ආ ඉඩම් ගිවිසුම අවලංගු කලේ හබෙක් නිසා කියලා. ඒ වගේම ඒ ගැන යූන් සු ආගෙන් ප්‍රශ්න කරනවා.

ඔන්න ඉතිං හබෙක් හොය හොයා හිටපු ඛණ්ඩාංක අපූරු තැනක තිබිලා හබෙක්ට හම්බවෙනවා. ඒ අනුව අතුරුදහන් වෙලා හිටපු ජූ ඩොන්ග්ව හොයාගන්න හබෙක්ට හැකියාව ලැබෙනවා. නමුත් ජූ ඩොන්ග්ගෙ මතකය නැතිවෙලා ගිහින් නිසා දේව පාශාණ ගැන මොනවත් තොරතුරක් එයාගෙන් ගන්න බැරිවෙනවා.

තමන් යූන් සු ආව ලබාගන්න බවත්, හබෙක්ට ආපහු දේව අධිරාජ්‍යයට යන්න කියලත් ශින් සභාපතිතුමා හබෙක්ට කියනවා. ඉතිං මේ ගැටළු කොහොම විසදේවිද?

10 කොටසෙන් ඒවට උත්තරත් අරන් එන්නම්…….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,400 downloadsDownload The-Bride-of-Habaek-EP-09.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,400 downloadsDownload Subtitles30 KB

16 comments

  1. Nawosandu

    Thank youuuuuu suduuu❤️

  2. geeganagamage

    සුපිරි මේක මම බලපු සුපිරිම කොරියන් ටිවි සිරියස් එකක් . බොහොම ස්තුතියි

  3. sasala

    thanks akke sub ekata

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. nuwan milinda

    සුපිරි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. rawidu

    Digatama me wage korean drama Walata sub denn loku udwwk. thankssssssssssssss.

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. slkkssd

    10 kooooooo ???????????????????

  10. slkkssd

    10th dennako........

  11. manori

    ane ithuru kotas tikath ikmanata danna...

  12. slkkssd

    10 mokadda wenne.... iwasillak nathoooo....iwasillak naha balana thura...

  13. saddikadulanjana

    ithuru tikath ikmanata danna balanna plz dapan machan

  14. Sanjeewa2010

    thnxxxxxxxxxxxxxxx

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.