Watch Trailer

The Dragon Prince [S03 : E01 & E02] Sinhala Subtitles | කිරුළෙහි බර..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ටිකක් ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ තුන්වැනි කතා සමය. ඉතිං බලාපොරොත්තු වුණා වගේම මේ කතා සමය සෑහෙන උද්වේගකරයි. අවසාන කතාංගය දක්වාම ඒ උද්වේගජනක බව නොනැසී පවතිනව. එහෙමනම් මතක් කරගමු කෙටියෙන් පසුගිය කතා සමයන් වල මොනවද වුණේ කියල. මනුෂ්‍යයන් අන්ධකාර…

ආයුබෝවන්..!

ඉතිං ඔන්න ටිකක් ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ තුන්වැනි කතා සමය. ඉතිං බලාපොරොත්තු වුණා වගේම මේ කතා සමය සෑහෙන උද්වේගකරයි. අවසාන කතාංගය දක්වාම ඒ උද්වේගජනක බව නොනැසී පවතිනව. එහෙමනම් මතක් කරගමු කෙටියෙන් පසුගිය කතා සමයන් වල මොනවද වුණේ කියල.

මනුෂ්‍යයන් අන්ධකාර මායාවන්ගේ බලය උකහා ගන්න කලින් ක්ෂේඩියාව සශ්‍රීක තනි භූමියක්ව පැවතුණා. හැබැයි අන්ධකාර බලය මනුෂ්‍යත්වය ගිල ගත්තට පස්සෙ, ක්ෂේඩියාව මායා ප්‍රදේශය සහ මනුෂ්‍ය ප්‍රදේශය කියල කොටස් දෙකකට වෙන් වුණා. මේ සීමාව ආරක්ෂා කළේ, “තන්ඩර්” කියල හඳුන්වපු මකර රජෙක්. කොහොමහරි මනුෂ්‍ය වර්ගයාට දුර්භික්ෂ සමයක් උදා වෙලා ඔවුන්ට සිද්ධ වෙනව ක්ෂේඩියාවට ඇතුළු වෙලා බල මූලාශ්‍රයක් හොරකම් කරන්න. මේ ක්‍රියාදාමය සිදු වෙන අතරෙ කටෝලිස් රාජ්‍යයේ හැරෝ රජුගේ බිරිඳ, සරායා රැජිණ මකර ප්‍රහාරයෙන් මිය යනව. මීට පස්සෙ තමයි, විරන් කියන අඳුරු මායාකරුගේ සහය ඇතිව හැරෝ රජු තන්ඩර් නැත්තං “ඇවිසැන්ඩියම්” කියන මකර රජු මරා දාන්නෙ. මේ ක්‍රියාවලියෙන් නතර නොවුණු විරන් මකර රජුගේ උරුම්කරු මකර කුමරුගේ බිත්තරය තමන්ගෙ භාරයට ගන්නව. ඔන්න ඔතනින් තමයි මේ කතා මාලාවට පදනම සැකසෙන්නෙ.

ඉතිං මකර රජුගේ මරණය නිසා, ක්ෂේඩියාවෙන් මූන්ශැඩෝ එල්ෆ් ඝාතක පිරිසක් එවනව හැරෝ රජු ඇතුළු රාජකීයයන් මරල දාන්න. රුනාන් කියන එල්ෆ් ඝාතකයාගේ නායකත්වය ඇතුව, රෙයිලා ඇතුළු පිරිස කටෝලිස් රාජ්‍යයට එනව. හැබැයි රෙයිලා කරන වැරැද්දක් නිසා රුනාන් ඇතුළු පිරිසට ජීවිතය අහිමි වෙනව. හැබැයි රෙයිලා බේරෙනව. ඒකට හේතුව හැරෝ රජුගේ පුත් කුමාරවරු වෙන එස්‍රන් සහ කැලම් සතුව මකර බිත්තරය තිබීම. කොහොමහරි එතනින් එහාට වෙන්නෙ, කැලම්, එස්‍රන් සහ රෙයිලා මකර බිත්තරය රැගෙන ආපහු ක්ෂේඩියාවට එන එක. මේ ගමන හරිම දුෂ්කර වෙනව. අතරමගදී මේ කට්ටිය අතින් මකර කුමරුගේ බිත්තරය අයිස් පොකුණකට වැටෙනව. ඒකෙන් මකර කුමරු මිය යමින් ඉන්න අතරෙ, කැලම්, ක්ලෝඩියාගෙන් උදුරගෙන ආපු ආදිතම පාෂාණයක බලය පාවිච්චි කරල මකර කුමරුට උපත දෙනව. ඔහු නමින් “ඇසමොන්ඩියස්” නැත්තං “සිම්.” කොහොමහරි සිම් අරගෙන කට්ටිය ක්ෂේඩියාවට එන අතරෙ, විරන්.. හැරෝ රජු මරල කටෝලිස් වල බලය අල්ලගන්නව. මේ නිසා ක්ෂේඩියාවට යන්න ගියපු එස්‍රන්ට රාජ්‍යයේ බලය නැවත ස්ථාවර කරන්න කටෝලිස් රාජ්‍යයට එන්න වෙනව. ඔන්න එතන ඉඳල තමයි දැන් කතාව දිහ හැරෙන්නෙ.

අද කොටස් තුළින්..

ඉතිං ක්ෂේඩියාවට යන්න ගියපු එස්‍රන්ට ආපහු කටෝලිස් වලට ඇවිල්ල රජෙක් විදියට ඉතා දුෂ්කර කාර්යයක් ඉෂ්ට කරන්න වෙනව. ළමා රජෙක් විදියට ඔහුට මේ කිරුළ බර වැඩියි. නමුත් ඔහු ඉතාම ශක්තිමත් විදියට මේ කිරුළෙහි බර දරාගෙන යද්දි තමයි නියෝලැන්ඩියාවේ කේසෆ් කුමරු ඇවිල්ල, කටෝලිස් රාජ්‍යයේ උදව් ඉල්ලන්නෙ ක්ෂේඩියාවට එරෙහිව යුධ වදින්න ඕනෙ කියල. ඉතිං මෙන්න මේ සිදුවීම එස්‍රන්ගෙ කිරුළ එක්ක ලොකු බලපෑමක් කරනව. මේ අතරෙ ක්ෂේඩියාවට යමින් ඉන්න කැලම් සහ රෙයිලා ක්ෂේඩියා සීමාවේ ඉන්න මකර ආරක්ෂකයෙකුගෙන් සෑහෙන අකරතැබ්බ වලට මූණ දෙනව. ඉතිං එහෙනම් මෙතන ඉඳල බලන්න කිරුළක බර දරාගෙන ළමා රජෙක් කටෝලිස් වගේ රාජ්‍යයක් පාලනය කරන්නෙ කොහොමද, කැලම් සහ රෙයිලා ක්ෂේඩියාවට ඇතුළු වෙන්න උත්සාහ කරන එක සාර්ථක වේවි ද කියල. මතක් කරන්න ඕනෙ මේ ආරම්භයක් විතරයි. අවසාන කොටස තුළ තමයි මුළු කතාවෙම ජීවය රැඳිල තියෙන්නෙ. එහෙනම් අවසාන කතාංගය දක්වා එක හුස්මට බලන්න පටි තද කරගෙන ලෑස්ති වෙන්න. ඊලඟ කොටස් දෙකෙන් ඉතාම ඉක්මනින් නැවත හමුවෙමු. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,832 downloadsDownload The-Dragon-Prince-S03-E01-E02.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,832 downloadsDownload Subtitles25 KB

13 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :)

  4. rockz2020

    අම්මෝහ් පරක්කුයි පරක්කුයි හොඳටෝම පරක්කුයි හෙහ් හෙහ් හේ ;)
    ඒ වුනාට ඉතින් බයිස්කෝප් උදයංගමනේ මේක සුපිරියටම දෙන්නේ ✌ ;)
    කලින් season එක ඉවරවුන විදිහට මේක එනකන්මයි හිටියේ.
    තද තද ඔක්කොම ඕනේ උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)
    The Dark Crystal: Age of Resistance (2019)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

  5. Dilanka Maduwantha

    Thanks Bro...

  6. subodha

    Thanks

  7. V.T.Piyumal

    thanks bro...!

  8. Gathsara Umesh

    බොහෝම ස්තූතියි සහෝදරයා...
    දිගටම කරම්මෝ.........

  9. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  10. Hiran Eranda

    thanks for sub

  11. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Mahesh Rajapaksha

    Thanks frnd....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.