Watch Trailer

The Dragon Prince [S06 : E01 & E02] Sinhala Subtitles | සත්‍යයේ මාවත. [සිංහල උපසිරසි]

The Dragon Prince [S06 : E01 & E02] Sinhala Subtitles පසුගිය ජූලි 26වෙනිදා විකාශය වීම ඇරඹුනු The Dragon Prince 6වෙනි කතා සමයටයි මේ උපසිරසි ලබාදෙන්නෙ. ඒ වගේම කියන්න ඕනේ කතාවෙ Phase 2හි අවසානයත් මේ 6වෙනි කතා සමයෙන් සනිටුහන් වෙනවා කියල. ඉතින් ඊළඟට එන 7වෙනි කතා සමයෙන් The Dragon Prince අවසන් වීමට නියමි…

The Dragon Prince Season 06 Sinhala Subtitles

The Dragon Prince Sinhala Subtitles

පසුගිය ජූලි 26වෙනිදා විකාශය වීම ඇරඹුනු The Dragon Prince 6වෙනි කතා සමයටයි මේ උපසිරසි ලබාදෙන්නෙ. ඒ වගේම කියන්න ඕනේ කතාවෙ Phase 2හි අවසානයත් මේ 6වෙනි කතා සමයෙන් සනිටුහන් වෙනවා කියල. ඉතින් ඊළඟට එන 7වෙනි කතා සමයෙන් The Dragon Prince අවසන් වීමට නියමිතයි. ඒ ගැන අපි කරුණු කාරණා පසුවට කතා කරමු. බලන්නෙ ඉතාමත් සීමිත පිරිසක් කියල දන්නවා. ඒත් ඒ බලන හැමෝම මේ කතාවෙ රහ කොහොමද කියල දන්නවනෙ… ඒ හොඳටම ප්‍රමාණවත්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සීසන් එකනම් කලින් සීසන් එක්ක බලනකොට සෑහෙන හොඳ මට්ටමකට තියෙනවා කියල. ඒ කියන්නෙ කලින් ඒවා නරකයි කියල නෙමෙයි. මේ 6වෙනි සීසන් එකනම් සෑහෙන ඩාක් විදිහට, සීරියස් විදිහට ගලාගෙන ගියා කියල තමයි මට නම් තේරුණේ. බලාගෙන යනකොට ඒකේ ඇත්ත නැත්ත ඔයාලටත් තේරෙයි. හොඳයි. කලින් කතාව කෙටියෙන් සාරාංශ කිරීමක් කරගෙන එහෙනම් අලුත් සීසන් එකට ආරම්භයක් අපි අරගමු.

The Dragon Prince Season 06 Sinhala Subtitles

රෙක්ස් ඉග්නියස් සතුව තිබුණු, ඇරවෝස්ගෙ මායාමය සිරකුටියට මඟ පෙන්වන සිතියම ලබාගන්න ක්ලෝඩියා විරෙන් ටෙරී තුන්දෙනාට හැකියාව ලැබුණනෙ. මෙතනින් පස්සෙ ඊළඟ විකල්පය විදිහට තමයි ඒස්‍රන් මකර රැජිනගෙ සහයෝගය සමඟ ඩොමිනා ප්‍රොෆන්ඩිස්ව මුණගැහෙන්න යන්නෙ. ඩොමිනා ඇරවෝස්ගෙ සිරකුටියෙ ස්වාභාවය ගැන ඒස්‍රන්ට හෙළිකළා මතක ඇති ඔයාලට. මේ අතර කැලම් රෙයිලා ලක්ස් ඕරියාවෙ අර පුස්තකාලය තුළින් ස්ටාර්ටච් එල්ෆ්වරයෙකුගෙ සදාකාලික ජීවිතය අවසන් කරන්න පුලුවන් ආයුධයක් ගැන තොරතුරු හොයාගන්නවා. ඒ තමයි නෝවාබ්ලේඩ් එක. ඉතින් මේ කියන ආයුධයයි ඒ වගේම අතිශය දුර්ලභ ක්වේසාර් ඩයමන්ඩ්ස් ලබාගන්නයි, කැලම් දැන් හිතාගෙන ඉන්නෙ උතුරු මුහුදෙ ස්ටාර්ස්ක්‍රේපර් වෙතට යන්න.

ලක්ස් ඕරියාවෙ සිදුවීමට පසුව කැලම් රෙයිලා ඒස්‍රන් සොරෙන් ඇතුළු පිරිස ඊළඟට ගියේ ඇරවෝස්ගෙ සිරකුටිය නිර්මාණය කරපු මායාකාරිය සොයාගෙන. අකීයූ නම් වුණු ඇය කාස්ටවුට් මුහුදෙ මැද තමයි සිරකුටිය තියෙන්නෙ කියල මේ කට්ටියට කියනවනෙ. ඉතින් හුරුපුරුදු පැරණි චරිතයක් වුණු විලාස්ගෙ සහය ඇතිවයි මේ කට්ටිය කාස්ටවුට් මුහුදට ගියේ. මතක ඇති ෆිනග්‍රින් කියන එකා දීපූ කරදර ගොඩත්… කොහොමින් හරි ඔන්න ඇරවෝස් ගෙ සිරකුටිය හොයාගන්න මෙයාලා සමත් උනා. ඉතින් ඕක තමයි කලින් කතා සමයෙ උනේ.

ඉතින් මේ අතර තුර විරෙන් ඔහු ජීවත්වෙලා ඉන්න අවසන් දවසටත් ඇවිල්ලා. ඉතින් විරෙන් දැන් මියයයිද? ඇරවෝස් ඔහුව බේරගනීද? කැලම් ඇතුළු පිරිස හොයාගත්තු ඇරවෝස්ගෙ සිරකුටියට දැන් මොකද වෙන්නෙ. 6වෙනි සීසන් එක බලලම එහෙනම් පිළිතුරු හොයාගමුකෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

708 downloadsDownload The-Dragon-Prince-S06-E01-E02-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles

708 downloadsDownload Subtitles27 KB

3 comments

  1. Adeesha Udukumbura

    Thank you

  2. Dulara

    Thanx saho sub ekata

  3. Dasun

    සුපිරි...ආසාවෙන් බලන් උන්නේ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.