Watch Trailer

The Gifted [S02 : E14] Sinhala Subtitles | අනික් ජීවීත බේරගන්න නම්, තවත් ජීවිත කැප කරන්න වෙනවා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ ගිෆ්ටඩ් කතාමාලාවේ තවත් කොටසක් මමම අරන් ආවා. අද තියෙන ආදරවන්තයින්ගේ දිනයට ජයට ජයේ ලැස්ති වෙච්ච ලහිරුට වෙලාවක් නැහැ කිව්ව නිසා මේ කොටස කරන්න සිද්දවුනා. 🤭🤭 සති දෙකක විරාමයක් අරන් ආයෙමත් කතාව පටන් ගත්ත නිසා කලින් කොටසේ වෙච්ච දෙවල් ටිකක් කෙටියෙන් මතක් කරන් ඉමු. ගිය සතියේ ක…

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ ගිෆ්ටඩ් කතාමාලාවේ තවත් කොටසක් මමම අරන් ආවා. අද තියෙන ආදරවන්තයින්ගේ දිනයට ජයට ජයේ ලැස්ති වෙච්ච ලහිරුට වෙලාවක් නැහැ කිව්ව නිසා මේ කොටස කරන්න සිද්දවුනා. 🤭🤭 සති දෙකක විරාමයක් අරන් ආයෙමත් කතාව පටන් ගත්ත නිසා කලින් කොටසේ වෙච්ච දෙවල් ටිකක් කෙටියෙන් මතක් කරන් ඉමු.

ගිය සතියේ කොටස පටන් ගත්තෙත් සුපුරුදු පරිදි පෙර මතකයන්වල සිදුවීමකින්. කුනුකානු පහල විපරීතයන්ගේ සැබෑ ස්වරුපය පෙන්නන් ඉන්න විපරීතයන්ගේ නායකයා ලියෝ ආදරේ කරපු පෑම් කියන කෙනා මේ අයගෙන් කෙනෙක්ව පාවා දීලා ලොකු අකරතැබ්බයක්සි ද්දවෙලා තියෙනවා. මේ නිසා තමයි මේ ලියෝ එහෙමත් නැත්තම් දැන් “අර්ග්” කියන විපරිත නාමයනේ හදුන්වන කෙනා මිනිස්සුන්ව විශ්වාස කරන්න මැලි කමක් දක්වන්නේ. දන්නවනේ මේ අය කෑම බීම එහෙම හොරකම් කරලා තමයි ජීවත් වෙන්නේ කියලා. ඒ විදිහට හොරකම් කරන්න ගියපු වෙලාවක එතැනදී ග්ලොව්ට වෙඩි වැදිලා හුගක් අමාරු වෙනවා. මේ අයගේ පොලව යට තියෙන තැනට අරගෙන ආවත් එතන හිටිය ඩොක්ටර්ට ග්ලොව්ව සනීප කරගන්න හැකියාව තිබුනේ නැහැ. අර්ග් ඕනෑවට වඩා පරිස්සම් වෙන නිසාම රෝහලකට අරන් යනවට කැමති වුනෙත් නැහැ. ඉතින් ක්ලැරිස් හොරෙන්ම වගේ ගිහින් කේට්වයි, මාකෝස්වයි උදව්වට එක්කන් ඇවිත් ග්ලොව්ව කොහොම හරි සනීප කලා. හැබැයි ඕන කරන බඩු වගයක් අරගන්න කේට්, අර්ග් වගේම ක්ලැරිස් තුන්දෙනා ක්ලිනික් එකට ගියපු වෙලාවේ පියුරිෆර්ලා ඇවිත් පහර දෙන්න ගත්ත නිසා වැඩේ ටිකක් අමාරු වුනා.

මේ අතරේ අර පරම්පරාගත වොන් ස්ට්‍රාකර්ලාගේ මියුසික් පෙට්ටිය නිසා විකාර වෙලා හිටිය ලෝරන්ට බලය වැඩිකම විතරක් නෙවේ පොඩ්ඩක් නින්ද ගියත් නිතරම වගේ තමන්ගේ මල්ලි, ඇන්ඩි ගැන හින දකින නිසා හිතේ කරදරෙන් හිටියෙ. මතකනේ ඇන්ඩි ෆ්‍රොස්ට් සහෝදරියන්ගේ කීම නිසා ලෝරන්ගේ හිත ඇතුලට රිංගලා එයාවත් ඉනර් සර්කල් එකට ගන්න කැමති වුනා. මේ දේ වෙන්නේ ලෝරන්ට නින්ද ගියපු වෙලාවක ඇන්ඩි එයාගේ හිත ඇතුලට රිංගලා. හීනය ඇතුලින් නම් ෆ්‍රොස්ට් සහෝදරියන්ට හැකියාව ලැබිලා තිබුනා ලෝරන්ව නම්මාගන්න. තමන් ඉනර් සර්කල් එකට සම්බන්ධ වෙන්නේ නැහැ කිව්වත් එයා කාටත් හොරා ගෙදරින් ගිහින් තිබුනා. එයාව නතර කරන එක කරන්න වුනේ රීඩ්ට වගේම ජෝන්ට. මේ දෙන්නා ලොකු උත්සහයක් දරලා ලෝරන්ව නතර කරපු නිසා එයා ඉනර් සර්කල් එකට සම්බන්ධ වෙන්න ගියපු එක නතර කරගත්තා.

මේ අතරේ ඉනර් සර්කල් එක ඇතුලේ වෙන දේවල් හොයන පොලාරිස්ට ලොකු කරදරයක වැටෙන්න වුනා එයා අර ඉනර් සර්කල් එකටඅලුතින් සම්බන්ධ වුනු අයගෙන් මැක්ස්ගේ කාමරේට රිංගලා රීවා පොලාරිස්ට නොකියන ඒත් මේ අලුත් අයට කියලා ඒ අය ලවා කරවගන්න රීවාගේ සැලසුම් මොනාද කියලා දැනගන්න ගිහින්. එක තැනකදී දැනගන්න ලැබුනා රීවා රජයේ ගොඩනැගිලි සෑහෙන ප්‍රමානයක් පුපුරවලා දාන්න සැලසුම් කරනවා කියලා. මැක්ස්ට දිගින් දිගටම පොලාරිස් ගැන සැක කරපු නිසා එයාට ඒක ප්‍රශ්නයක් වෙලා තිබුනේ. මේ නිසාමයි එයා මාකෝස්ට කිව්වේ මැක්ස්ව ඉවරයක් කරන්න වෙනවා කියලා. මැක්ස්ව මරන්නද, නැත්තම් වෙන මොකක් හරි අරමුණින් එයාව හොයන් ගියපු වෙලාවේ දෙන්නට දෙන්නා හම්බෙනවා. මාකෝස්ට වෙඩිත් වදිනවා. මැක්ස් හිටිය කාර් එකත් ගිනි ගන්නවා මාකෝස්ගේ ආලෝක පහරවල් වලින්. එතනින් පස්සේ වෙච්ච දේ අද කොටස තුලින් දැකගන්න ලැබේවි.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,337 downloadsDownload The-Gifted-S02-E14.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

3,337 downloadsDownload Subtitles63 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. adMark

    Thanks

  3. Thilina Jayarathna

    ara Z nation aluth season ekta kauruth sub denne nadda bn ,

  4. Imeshamadu

    Thenks bro

  5. Mr.pamz

    Thanks bro

  6. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  7. darshana100

    thanks yalu jaya wewa

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කතා මාලාවක්...
    දිගටම සබ් දෙමු...

  9. Kulanjana Maduranga

    subata thanks

  10. Ayesh Prashan

    Thank You

  11. podda

    subata thanks

  12. melinda

    thank you

  13. priyan99

    thanks subata saho

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..............!

  16. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  17. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  18. MAALnath

    Thanks ..................good luck .................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.