Watch Trailer

The Girl from Oslo AKA Bortført [S01 : E01] Sinhala Subtitles | පැහැරගැනීම සහ ආරම්භය. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඉතින් හා හා පුරා කියල ටීවි සීරිස් එකකට අත ගැහුව. වෙනසකටත් එක්ක කියල වැඩේට බැස්සට ඉතින් ෆිලුමක් සබ් කරන තරම් ලේසි නෑ මේ වැඩේ L. මේ වගේ හොඳ ටෙලි නිර්මාණයකට බයිස්කෝප් එකේ සබ් එක නැති උනොත් අඩු පාඩුවක් වගේ දැනෙන නිසා ඔන්න ඔයාල වෙනුවෙන් කොහොමහරි මුළු සීරිස් එකම සබ් කරල ඉවර කරා. මේකෙ […]

ඔන්න එහෙනම් ඉතින් හා හා පුරා කියල ටීවි සීරිස් එකකට අත ගැහුව. වෙනසකටත් එක්ක කියල වැඩේට බැස්සට ඉතින් ෆිලුමක් සබ් කරන තරම් ලේසි නෑ මේ වැඩේ L. මේ වගේ හොඳ ටෙලි නිර්මාණයකට බයිස්කෝප් එකේ සබ් එක නැති උනොත් අඩු පාඩුවක් වගේ දැනෙන නිසා ඔන්න ඔයාල වෙනුවෙන් කොහොමහරි මුළු සීරිස් එකම සබ් කරල ඉවර කරා. මේකෙ එපි 10ක් තියනව. ඉතින් ඉදිරි දින වලදි මුළු කතාවෙම සබ් ටික ඔක්කොම බාගෙන මේක ඔයාලට බලන්න පුළුවන් වෙයි.

මේක ඊශ්‍රායල නිර්මාණයක්. ඒ වගේම මේක තමා ඊශ්‍රායල Netflix සුසංයෝගයෙන් කල එලි බහින පළවෙනිම නිර්මාණය. 2021 අප්‍රේල් 11 දින නිළ වශයෙන් Netflix නාලිකාව හරහා නිකුත් කරපු මේක, ඒ නිකුත් කරපු සතිය තුල වැඩිම නැරඹුම් වාර ප්‍රමාණය වාර්තා කරන්නත් සමත් උනා. ඒ වගේම රටවල් කීපයක මාස ගානක් තිස්සෙ Top Most Viewed ලිස්ට් එකේ උඩම 10 අතරෙ රැදී ඉන්නත් පුළුවන් උනා. Drama/Thriller කැටගරියෙන් කියල කිව්වත් action එහෙමත් නැතුවම නෙවෙයි. IMDB අගය 6.3/10ක් කරකවා ගත්ත මේක අධ්‍යක්ෂණය කරන අය රඟපාන අය එහෙම අපි දන්න කියන අය නෙවෙයි. ඒ නිසා මං ඒ ගැන කියන්න යන්නෙ නෑ හොඳේ. මේක නෝර්වේජියානු/ඊශ්‍රායල සුසංයෝගයක්. ඒ නිසා නළු නිලි සෙට් එකම ඒ රටවල් දෙකේ අය තමයි ඉන්නෙ. දන්න අය නෑ කියල බලන්නෙ නැතුව ඉන්න එපා. එහෙම උනොත් ඉතින් අපරාදෙ. තව දෙයක් කියන්න ඕනෙ. මේක ඊශ්‍රායල කතාවක් නිසා එයාලගෙ නම් ගම් එහෙම ටිකක් නුහුරුයි. ටිකක් බලන් යද්දි හරි යයි. අනික මං සබ් එක කරල තියෙන්නෙ English Dubbed කරපු කොපියට. ඒක බාගෙන බලන්න. ඊශ්‍රායල භාෂාවෙන්ම තියන කොපි එකක් මං සබ් කරන්න පටන් ගද්දිත් රිලීස් වෙලා තිබ්බෙ නෑ.

මේ කතාවට සම්බන්ද වෙන පාර්ශව හතරක් ඉන්නව. ඒ තමා ඊශ්‍රායලය, නොර්වේ, ISIS සංවිධානය සහ හමාස් සංවිධානය. ඉතින් මෙතනින් ISIS සංවිධානයයි හමාස් සංවිධානයයි ත්‍රස්තවාදී සංවිධාන කියල අපි හැමෝම දන්නවනෙ. ඒ වගේම ගාස තීරය වෙනුවෙන් ඊශ්‍රායලයි හමාස් සංවිධානයයි අතර ගැටුම් මේ වනවිටත් ඇවිලෙමින් තියනව. ISIS එකයි හමාස් එකයි කියන්නෙත් එකිනෙකට වෙනස් සංවිධාන දෙකක්. එයාලගෙ ආකල්ප වගේම අනිත් හැමදේම එකිනෙකට වෙනස්. මේ වෙනස්කම නිසා මේ දෙගොල්ලොන්ගේ කිසිම ඇයි හොඳයියක් නෑ. ඉතින් මෙන්න මේ පසුබිම පාදක කරගෙන තමා මේ කතාව ගොඩ නැගෙන්නේ. පියා බකේ නොර්වේ වල තරුණියක්. ඉතින් එයා තමන්ගෙ ඊශ්‍රායල යාලුවෝ දෙන්නෙක් බලන්න ඊශ්‍රායලයට එනව. ඒ එන්නෙ තමන්ගෙ අම්මට තාත්තටවත් කියන්නෙ නැතුව. ඉතින් නිවාඩුවක් ගත කරන්න කියල හිතන් ආවට පියාට හීනෙන් වත් හිතුවෙ නැති කරදරයකට මුහුණ දෙන්න වෙනව. ඒ තමයි ISIS සංවිධානය මෙයාව පැහැර ගන්නව. තනියම නෙවෙයි එයාගෙ යාළුවො දෙන්නත් එක්ක. ඉතින් ඒ ඇයි කියල පළවෙනි එපිය බලලම දැනගන්න.

ඒ වගේම මේක සබ් කරන්න ඉඩ දුන්න වගේම උපදෙස් දීල වැඩේ කරන්න උදව් කරපු චාමර සහෝට උදව් කරන ගමන් මෙතනින් නවතිනවා. දෙවැනි එපියෙන් හම්බෙමු එහෙනම්. පරිස්සමින් ඉන්නෝ..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,804 downloadsDownload The-Girl-from-Oslo-S01-E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

1,804 downloadsDownload Subtitles20 KB

7 comments

  1. Vino

    Reacher වගේ ටීවී සීරීස් එකකට සබ් දෙන්න

  2. Anonymous

    Thanks jayawewa.......!

  3. Zen Key

    Requests

    Love and Leashes (2022)
    Bheeshma (2020)

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Dan

    Thank You ...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.