මම මේ කොටස් පිළිබදව සාරාංශයක් දෙන්නේ නැහැ. මොකද සමහර අය මේ කොටස බලල ඇති. සමහර අය බලන්න උනන්දුවෙන් ඇති. ඒ නිසා මම මේ කොටස ගැන විසතර කියනවට වඩා මේ කථා මාලාව ගැන අදහසක් මුලින්ම ඔය හැමෝටම දෙන්න කැමතියි. ඔයාලට මතක ඇති ඇවටාර්ලා පටන් ගත්තේ කොහොමද කියල. ඒ වොන් කියල මනුෂ්‍යයෙක් රාවා කියන ආත්මය සමග ආත්ම […]

මම මේ කොටස් පිළිබදව සාරාංශයක් දෙන්නේ නැහැ. මොකද සමහර අය මේ කොටස බලල ඇති. සමහර අය බලන්න උනන්දුවෙන් ඇති. ඒ නිසා මම මේ කොටස ගැන විසතර කියනවට වඩා මේ කථා මාලාව ගැන අදහසක් මුලින්ම ඔය හැමෝටම දෙන්න කැමතියි. ඔයාලට මතක ඇති ඇවටාර්ලා පටන් ගත්තේ කොහොමද කියල. ඒ වොන් කියල මනුෂ්‍යයෙක් රාවා කියන ආත්මය සමග ආත්ම ලෝකයේදී එකතු වෙලා. ඒත් එයා නියමම ඇවටාර් නොවෙන බව මම මෙතනදී කියන්න ඕන. උපතින්ම රාවා සහ මනුෂ්‍ය ආත්මය බද්ධ වීමකිනුයි පිරිසිදු ඇවටාර් කෙනෙක් බිහි වෙන්නේ. මම කියන්න හදන්නේ ඒ පළමු කෙනා ගැන.
වොන් කියන්නේ බන්ධකයෙක් නොවන (non-Bender) කෙනෙක්. ඔහුට මුල්නිම ලැබුණේ අග්නි බන්ධන හැකියාව. ඊට පස්සෙ රාවා ගේ හමුවීමත් සමග ටිකෙන් ටික බල සියල්ල ලැබුණේ. එයා මිය ගියාට පස්සෙ තමා මේ බන්ධක චක්‍රය ඇරඹෙන්නේ. මුලින්ම ඇතිවන පිරිසුදු ඇවටාර් තමයි නුබියා කියන්නේ. මෙයා පූජකයෙක් (අග්නි බන්ථක ගෙන් පසු උපත ලබන වා බන්ධක) කියලා කියන්න පුළුවන්. මොකද ඈන්ග් පවා ජුජකයන්ගෙන් පැවත ගෙන එන කෙනෙක් නේ. නුබියා කියන්නේ පිරිමි කෙනෙක්. මේ ඇවටාර් චක්‍රයේ විශේෂත්වයක් තියෙනවා. යම් ඇවටාර් කෙනෙක් මිය ගියාම එයා චක්‍රයේ ඊළගට තියෙන ජාතියේ (භූමිය, අග්නිය, වාතය, ජලය) විරුද්ධ ලිංගිකයෙක් වෙලා ඉපදෙනවා. උදාහරණයකට ගත්තොත් වා බන්ධක ඈන්ග්ව (පිරිමි), එයා ඊළගට ඉපදුණේ කෝර්රා (ගැහැණු) කියලා ජල බන්ධකයෙක් විදිහට. අන්න ඒ විදිහටයි චක්‍රය දිගටම යන්නේ.
නුබියාගෙන් පටන් ගත්ත ඇවටාර් වරු ඇවටාර් චක්‍රය පිළිවෙලින් එක් එක් ජාති වල විරුද්ධ ලිංගිකයන් විදිහට ෂියා, ඩෙල්, යුරිකෝ, කස්, මහිනා, හිරෙෂ්, උමකුමිකෝ, ලියෝ, කුආයි, ආලියා, ඔෂිරෝ….යොංග්චෙන්,කුරුක්,කියෝෂි, රෝකූ, ඈන්ග් යනාදී විදිහට ඇවටාර් වරු 209 කින් පසුවයි කෝර්රා උපත ලබන්නේ. ඒකියන්නේ 210 වෙනි ඇවටාර්. ඔයාලටමතක ඇති කෝර්රා ගේ කථා මාලාවේ දෙවන වෙළුමේ ඌනලාක් රාවා කෝර්රා ගේ සිරුරෙන් එළියට ඇදල පසුගිය ඇවටාර් වරු එක්ක කෝර්රාට තිබ්බ සම්බන්ධකම් නැතිකළා. ඒත් හැමෝටම ප්‍රශ්නයක් ඇති ඊළග ඇවටාර් කවුරු වේවිද කියලා. ඇත්තම කිව්වොත් එහෙම කෙනෙක් ගැන තවමත් සදහනක් නැහැ. මොකද මේක හදන ඪීමාටීනෝ කියන්නේ මේක හදන්න ගොඩක් මහන්සි උණා කියලා. නමුත් ඇවටාර් කොහොමහරි යළි සම්බන්තාවය හරි ගස්ස ගත්තොත් ඉදිරියට ඇවටාර් කෙනෙක් ඉදියි කියල සමහරු මතත් පල කරනවා. ඒත් මට කියන්න තියෙන්නේ තවම යළි ඇවටාර් කෙනෙක් ගැන කිසිම තැනක සදහනක් නැහැ කියලා.
එහෙත් ඇවටාර් කෙනෙක් නිර්මාණය උණොත් ඒ භූමි බන්ධක පිරිමි කෙනෙක් කියල පොඩි ඉගියක් දුන්න හැකි මේ ඇවටාර් චක්‍රයට අනුව. කොහොම උණත් මේ කතාව අපි ජීවත් වෙන වර්තමාන කාලය අබියස පසුබිම් කරගෙනයි නිර්මාණය කරල තියෙන්නේ. ඒ නිසා මෙයා අන්තිම ඇවටාර් වෙන්නත් පුළුවනි. මොකද අපේ කාලයේ ඇවටාර් කෙනෙක් ඉදිවී කියල හිතන්න බෑනේ. අනික කථාවක පසුබිමට ඒක ගැලපෙන්නේ නෑ. තාක්ෂණය දියුණු උණහම කවුරුවත් ඇවටාර් කෙනෙක් බලාපොරොත්තු වේවිද…
අන්තර්ජාල වාර්තාවන් වලට අනුව කෝර්රා අන්තිම ඇවටාර් කියල ඔප්පු වෙන ඉගි කීපයක්ම තියෙනවා. මහලු ටෆ්, සූකෝ, කටාරා කියන අය හමුවෙනවා. ඒවගේම ඈන්ග සහ සො(ක්)කා මිය ගිහින්. ටෆ් ගෙ ළමයි. එයාලගේ තාත්තලා. සූකෝගේ දුව වර්තමාන අග්නි බන්ථක නායිකා ඉසූමී. ඈන්ග් ගෙයි කටාරාගෙයි දරුවෝ. මුණුපුරෝ, මේ ඔක්කොමලම. කෝර්රා ගේ පසුගිය ඇවටාර් වරුන් එක්ක තියෙන සබදතා නැතිවෙනවා. මේ සියල්ලටත් වඩා තව තියෙනවා.
අන්තිම වශයෙන් මේ වෙළුමේ ඉන්න විලන්, ඒ කියන්නේ දුෂ්ටයා ගැහැණු කෙනෙක්. ඒක විශේෂයි. වාර්තා වලට අනුව මේ හදන ටීම් එක පිරිමි තුන්දෙනෙක්ටම ප්‍රධාන හතුරන් විදිහට උපත දුන්නට පස්සේ. හතරවෙනි වෙළුමේදී වෙනසක් කරන්න ඕන කියල හිතලයි කුවීරා කියන ගැහැණු චරිතයට උපත දීලා තියෙන්නේ. ඔබට මතක ඇති තෙවනි වෙළුමේ අවසාන කොටස් දෙක තුනෙනුයි එයාව එළියට එන්න ගත්තේ. මොකද නිර්මාණය කරන අය හතුරෙක් ගැන හිතද්දී මේ වගේ කෙනෙක්ම හොදයි කියලා හිතන්න ඇති. කොහොම නමුත්. අන්ත්මට මොකද වෙන්නෙ කියල බලන්න.
ගොඩක් රසවත් කතාවක්. මම මුලදී සිහින දැක්කා මේක සබ් කරන්න. අද මම මේක සබ් කළා. සම්පූර්ණ සීසන් හතරම නොඋණත්. මම මේක මුලින්ම බලද්දී බයිස්කෝප් සිංහල ආයතනයට සම්බන්ධ වෙලාවත් නැහැ. නමුත් මම හැමදාම බයිස්කෝප් එකත් එක්ක හිටියා. ඒ නිසාම මට අශාවක් ඇතිඋණා සබ් කරන්න. ඔයාලට මතක ඇති මගේ මුල්ම සබ මම දුන්නේ 2014 සැප්තැම්බර් මාසයේ දවසක මැක්ෆී ආයා කියන මූවී එකට. ඊට පස්සේ මගේ ප්‍රතිපත්ති වලින් බැහැර නොවී විවිධ මූවී කළාට පස්සේ තමයි මම මේක භාර ගත්තේ.
හතරවෙනි සීසන් එක කරන්න අරං දෙවනි කොටස ඉවර කල සැණින් මට විවේචන ගලාගෙන ආවා. බොරු කියන්න ඕන නෑ මම ටිකක් බය උණා. මොකද මම ගොඩක් ඉංග්‍රීසි දන්න කෙනෙක් නෙවෙයි. මට මේක අතහරින්නත් හිතුණා. ඒ තරමටම ලොකු විවේචනයක් තිබුණා. ඒත් මට බයිස්කෝප් සිංහල ඇඩ්මින්වරු ලොකු ශක්තියක් උණා. විශේෂයෙන්ම රොයිලි සහෝ ගැන මේ වෙලාවෙදි මතක් කරන්නම ඕන. මම මෙච්චර දුර මේ සීසන් එක ඉදිරියට ගෙනාවේ එයාල නිසයි. මට මේ සීසන් එක කරන්න දුන්නට මම එයාලට ගොඩාක් ස්තූතිවන්න වෙනවා. මට ගොඩක් යාළුවෝ බයිස්කෝප් එකෙන් හමුඋනා. විවේචන කරපු අය එක්ක මගේ තරහක් නෑ. අපි ඔක්කොම යාළුවෝ. ව්වේචන තිබ්බ නිසා මම ඊළග සබ හොදට කරනවා කියල හිතුවා. මම හිතනවා තරමක් දුරට මම ඒහෙම කළා කියලා. වැරදි අඩුපාඩු ඇති. ඒ ගැන අවසන් වරට මම ඔබගෙන් සමාව ඉල්ලනවා. එහෙනං අපි නැවත ඉක්මනින්ම හමුවෙමු. ඔයාලට ජයෙන් ජයම වේවා.
bf1f55e6abd92ec305f3f8f7e2e1203435871e00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,398 downloadsDownload T.L.o.K.S04E12E13.baiscopelk.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
45 comments
Achintha Rajaka
asiri
pattaaa
Kulanjana Maduranga
niayamai…Great work & Lot of thanks DHEEPTHA saho..sub walata..digatama sub demu.jaya wewa......
shehan
niyamai saho
das07
Thank you very much….keep it up
ගයන බුද්ධිම
යාළුවා.........ඔයාට පොඩි වැරදීම් කීපයක් වෙලා තියනවා......ඇවටර් කෙනෙක් මැරුණට පස්සේ අනිවාර්යයෙන්ම විරුද්ද ලින්ගිකයෙක් වෙන්නේ නැ (රොකු සහ ආන්ග් )................තව කෝරා ට නැති වෙන්නේ පරණ ඇවටර් ලගේ මතකය විතරයි...................ඇවටර් චක්‍රය බිද වැටෙන්න නම් ඒ ඇවටර් ඇවටර් සමාධියේදී මිය යන්න ඕනි......කෝරා ට වෙන්නේ රාවා නැතිවෙන එක විතරයි.......(මේක ඇවටර් සයිට් එකේ පැහැදිලිවම තියනවා- http://avatar.wikia.com/wiki/Avatar_Wiki )තව මේක හදපු Michael Dante DiMartino හා Bryan Konietzko කියල තියෙන්නේ මේක හදන්න ගොඩක් මහන්සි වුනා කියල විතරයි....................තව කතාවක් තියනවා.................ඒ කට්ටිය එක තැනකදී කියල තියනවා ඊලග ඇවටර් බා-සින්-සේ වල තොරින් කියල කොලු ගැටයෙක් කියලා .....Avatar: The Last Airbender(2007) ඇවිදින් අවුරුදු 5කට පස්සෙයි The Legend of Korra(2012) ආවේ.........ඒ නිසා ඊලග ඇවටර් කතාව තව අවුරුදු 5-6කින් එයි කියල හිතන්න පුළුවන්......(ෂුවර් නැ හරියටම).........කොහොම උනත් බොහොම ස්තුතියි දීප්ත සහෝ දිගටම (හා ඉක්මනටම) සබ දුන්නට...................එල ඇ :)
madushanka
සමහරු කියන්නේ මේ කථාවේ පොඩි ළමයින්ට නොගැලපෙන සිදුවීම් තිබුණ නිසා කාටුන් එකක් විදිහට තවත් කථාමාලාවක්හදන්න nick එකේ බලාපොරොත්තුවක් නැති බවයි.
Ruchira
මෙච්චර කාලයක් දිගටම sub 1 දුන්නට බොහෝම ස්තුතියි සහෝ...............
හරිම ආසාවෙන් බලපු කතාවක්,අපරාදේ මේක ඉවරවෙච්ච එක...........dasun
thanks bro!!!!!!!!!
Asel
Niyami machan
S01 pattan gatha dawas wala tibea podi podi aul antimawedi nathatama natiwela tiba :D
Digatama Mewade karamu machan
Jaya Wewa!!!Eranda
එනකන් උන්නේ machan
kavinda
බොහොම ස්තුතියි සහො
Saluwa
බොහොම ස්තූතියි!
ඇවටර් චක්‍රයේ ලිංගභේද රටාවක් තියෙන්න විදිහක් නෑ මචං,
මොකද ඇවටර් ඈන්ග්ට කලින් හිටපු අග්නි වංශික ඇවටර් රෝකු පිරිමි කෙනෙක්.madushanka
Thanks for sub Bro. We are waiting for new TV Series......... :-):-):-):-)
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jamson
උඹ වැඩේ තිතට කලා මල්ලි .. දිගටම කරගෙන පලයන් .. සබ් වලට ගොඩක් ඉස්තුතියි ..ජය
සචිත උදාර
බොහොම ස්තුතියි සහෝ. සිංහල සබ් දෙන්න කලින් ගොඩක් කොටස් බලපු නිසා හැම කොටසටම කමෙන්ට් කරන්න බැරිඋනා,
ඒත් සබ් එක්ක බලපු කොටස් ටිකේ සබ් සුපිරියටම තිබුනා. තවත් ඇවටාර් කෙනෙක් පහළ වේවා කියලා හිතමු නේ.Umesh
very well done bro.. I was enjoyed the season very much.... Great work and keep it up.....
pamuditha
thank U වේවා !
සහෝ මේක නොච්චර ආසාවෙන් බලනවද කියනවනං net 1ට දාපුගමන් බාගෙන බලනවා sub දෙනකන් වත් ඉන්නේ නෑ (sub එක්ක පස්සේ බලනව) ඒකයි පහුගිය කොටස් වල comments නැත්තේ.
madushanka@; සහෝ හැම anime/manga එකක්ම හදන්නේ පොඩි ලමයින්ට නෙමෙයි
මේ දන් බලල ඉවර උන At attack on titans (IMDB 9)ඒ වගේ එකක්.tharindu
thanks sahooo........................
sajeevi
thanks a lot.
mama godak asawen balapu ekak meka.“චූටී මල්ලි”
දුක් වෙන්න එපා බන්
වැරදි හදන් ඉස්සරහටත් සබ් දෙමු
එලස්
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. දැන් මේකත් ඉවර එකේ තව එකක් පටන් ගමුද? ජය෴෴ :P :P
dheeptha thushara
මේකට තව දෙයක් එකතු කරන්න ඕන. ගලයන බුද්ධිම සහෝ කිව්වා වගේ මම ලියපු විස්තරේ මේ විදිහෙ වෙනසක් කරන්න මම කැමතියි. අග්නි ජාතික පිරිමි කෙනෙක් ඉපදුනොත් ඣලග වායු බන්ධකයාත් අනිවා පිරිමියෙක්. අග්නි ජාතික ඒක ගැහැණු අයට ඒකෙ බලපෑමක් නැහැ. කලින් දුන්න ලින්ක් එක බැලුවම ඔයාලට ඒක තේරේවි. එච්චරයි වෙනසකට තියෙන්නේ.
kamal hasitha
ඔන්න අන්තිම කොටසත් බැලුව.
දැන් තමා උඩ තිබ්බ විස්තරය කියෙව්වේ.
ඒ විස්තරේන් ගොඩක් දේවල් දැනගත්ත.
හැබැයි මමනම් කියන්නේ අයේ nick එකෙන් avatar එකක් හැදුවොත් හදන්නේ අතීතෙට ගිහිල්ල.
ඒ කියන්නේ roku ටත් කලින් ආත්ම වලින් එකක්.
මොකද දැන් හුගක් කට්ටිය කැමති අතීත සිදුවීම් වලටනේ. :-)dheeptha thushara
අන්න ඒක ඇත්ත. අග්නි බන්ධක ගෑනු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි නම් පට්ට
kamal hasitha
මම මාරම අසාවෙන් බලපු cartoon එකක් මේක.
ඉවරවෙනකන්ම එකදිගටම sub දීපු එකට ගොඩක් ස්තුතියි.කතා දෙකක් නෑ sub වල ගුණාත්මක බවනම් උපරිමයි.
හැම කොටසක්ම ආපු ගමන්ම දෙන්න කරපු මහන්සියට ස්තුති කරන්න වචන නෑ මචන්.අපි වෙනුවෙන් වුන මහන්සියට නැවතත් ස්තුතියි.
kamal hasitha
හැබැයි තව දෙයක් Michael Dante DiMartino, NICK එකෙන් අවසර ඉල්ලලා තියෙනවා suko ගේ නැතිවුන අම්මා හොයාගෙන යන avatar Aang, suko, sokka ඇතුළු team එකේ වීර චාරිකාව ගැන පැය එක හමාරක anime movie එකක් කරන්න.
හැබැයි ඒ ඉල්ලීම nick එකෙන් ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට අලුත් avatar කෙනෙක් ඉන්න වෙනත් cartoon එකක් කරන්න කියල කියලා. එකේ ප්‍රතිපලයක් තම korra.
Michael Dante DiMartino මේකට අකමැත්තෙන් තම කැමති වෙලා තියෙන්නේ.
කොහොම වුනත් එයා movie කරන්න හිතපු විදිහට Avatar: The Last Airbender – The Search කියල Aang ඇතුළු පිරිස ඉන්න comic එකක් කරා.කතාව පුදුම ලස්සනයි,
මේ කතාවේ මේකේ කොටස් 3ක් තියෙනවා අනිවා කියවන්න. ( "Comic rack" software එක තමා හොදම මේ වැඩේට, computer එකටත් වැඩ android වලටත් වැඩ.)තව Avatar: The Last Airbender – The Promise කියල comic එකකුත් මේගොල්ලෝ කරලා තියෙනවා.
එකත් කොටස් 3ක් තියෙනවා.
එක තමා පලවෙනි series එක.
මෙවට මම comic කීවට ඇත්තටම මේවා graphics novels.
සමහර විට ඔයා දැනටමත් මේවා කියවල ඉවරද දන්නෙත් නෑ. :-)
හැබැයි කියවල නැත්නම් අනිවා කියවන්න.අයෙත් මම කියමින් හිටපු තැනට අවොත් ,
සමහර විට nick එකෙන් ප්‍රතික්ශේප වුන movie එකට අවසර දෙන්නත් ඉඩ තියෙනවා.
එතකොට අපිට ඒකත් දීප්ත තුෂාර සහෝගේ sub එක්ක බැලිය හැකි. ;-)kamal hasitha
හැබැයි තව දෙයක් Michael Dante DiMartino, NICK එකෙන් අවසර ඉල්ලලා තියෙනවා suko ගේ නැතිවුන අම්මා හොයාගෙන යන avatar Aang, suko, sokka ඇතුළු team එකේ වීර චාරිකාව ගැන පැය එක හමාරක anime movie එකක් කරන්න.
හැබැයි ඒ ඉල්ලීම nick එකෙන් ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට අලුත් avatar කෙනෙක් ඉන්න වෙනත් cartoon එකක් කරන්න කියල කියලා. එකේ ප්‍රතිපලයක් තම avatar korra.
Michael Dante DiMartino මේකට අකමැත්තෙන් තම කැමති වෙලා තියෙන්නේ.
කොහොම වුනත් එයා movie කරන්න හිතපු විදිහට Avatar: The Last Airbender – The Search කියල Aang ඇතුළු පිරිස ඉන්න comic එකක් කරා.මෙන්න ටොර්රෙන්ට් link එක : http://torcache.net/torrent/566FA928A024FDDBEE4742B927A2D87…
කතාව පුදුම ලස්සනයි,
මේ කතාවේ මේකේ කොටස් 3ක් තියෙනවා අනිවා කියවන්න. ( "Comic rack" software එක තමා හොදම මේ වැඩේට, computer එකටත් වැඩ android වලටත් වැඩ.)තව Avatar: The Last Airbender – The Promise කියල comic එකකුත් මේගොල්ලෝ කරලා තියෙනවා.
එකත් කොටස් 3ක් තියෙනවා.
එක තමා පලවෙනි series එක.
මෙවට මම comic කීවට ඇත්තටම මේවා graphics novels.
සමහර විට ඔයා දැනටමත් මේවා කියවල ඉවරද දන්නෙත් නෑ. :-)
හැබැයි කියවල නැත්නම් අනිවා කියවන්න.අයෙත් මම කියමින් හිටපු තැනට අවොත් ,
සමහර විට nick එකෙන් ප්‍රතික්ශේප වුන movie එකට අවසර දෙන්නත් ඉඩ තියෙනවා.
එතකොට අපිට ඒකත් දීප්ත තුෂාර සහෝගේ sub එක්ක බැලිය හැකි. ;-)dheeptha thushara
හුගාක් ස්තූතියි ලින්ක් එකට. මම මේක හොය හොය හිටියේ. අනිවා සබ් දෙනවා කොහොම හරි අර කියපු මූවී එකට
punsisi jaye
Sirawata sukoge ammata mokdda une
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියටම යමු...
ජයෙන් ජයම වේවා…!!!madushanka
Thanks bro. That is the end of legend of korra, but don't stop your service to sri lankans
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
janith
thanks sub walata mhn. attack on titans tv series ekta sinhala sub ona. godak kattiya balai sinhala sub dammoth.
Ishan Madusha
ස්තුතියි සහෝ සබ් වලට.මේවගේ සුපිරි japanese anime series වන
Cowboy Bebop,Code Geass,Fullmetal Alchemist: Brotherhood
Tokyo Ghoul සබ් දෙන්න.ජය වේවා!Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
assassin111
මේකෙ එපි 12 යි 13යි වෙන් කරගන්න බෑනෙ..එකට කන්බයින්ඩ් වෙල එක srt ෆයිල් එකක් විඩියට තියෙන්නෙ
Givindu_Dilsha
ow ban godak sub eemai man english daagena balanne
:C
Stranger
thanks
YasasPerera
The Legend of Korra Season 01 eke idan me awasanaya dakwama sub denna mahansi una hema sahodarayektama mage hadawathinma sthuthi karawa. e wagema baiscopelk adminlatath bohoma sthuthi..
sisina
avatar roku ta passe aawe aang ne
aang pirimi kekek naa
oye kiyana widihata wirudhdha lingikayek newei ne rokuta passe aweAchinthaka
Thank you very much for subtitles
Hasiya KG
මුලු කතාංගය පුරාවට උපිසිරැසි ගේන්න මහන්සි වුන සියලු දෙනාටම බොහොම ස්තූතියි... ඒ වගේම බයිස්කෝප් ඇතුලු සියලුම සහෝදර සහෝදරියන්ට මේ වගේ වැඩ කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... සෙට් එකටම ජය වේවා... බුදු සරණයි...❤️
Advertisement

Thanks A lot Brother................Thank you very much....keep it up........gd luck