Watch Trailer

The Mentalist [S03 : E14] | සාක්ෂිකරු [සිංහල උපසිරසි සමඟ]

මනෝවේදියාගේ කතා මාලාවේ තෙවැනි සමයේ 14වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි මම අදත් ඔයාලා හමුවට පැමිණෙන්නේ. කතාව ආරම්භයේම වෑන් පෙල්ට් විසින් සාක්ෂිකරුවෙකු ආරක්ෂා කරන්න යනවා. ඒ නිවසේ ඩිජෝර්ජ් නමින් මහත්මයෙකු සහ ට්‍රීනා නම් ඔහුගේ දුවණිය තමයි ජීවත් වෙන්නේ. ඩිජෝර්ජ් විසින් උසාවියේ සාක්ෂියක් දෙන්න තියෙනවා කුඩ…

මනෝවේදියාගේ කතා මාලාවේ තෙවැනි සමයේ 14වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි මම අදත් ඔයාලා හමුවට පැමිණෙන්නේ. කතාව ආරම්භයේම වෑන් පෙල්ට් විසින් සාක්ෂිකරුවෙකු ආරක්ෂා කරන්න යනවා. ඒ නිවසේ ඩිජෝර්ජ් නමින් මහත්මයෙකු සහ ට්‍රීනා නම් ඔහුගේ දුවණිය තමයි ජීවත් වෙන්නේ. ඩිජෝර්ජ් විසින් උසාවියේ සාක්ෂියක් දෙන්න තියෙනවා කුඩු විකුණන එසෙක්ස් කියලා මනුස්සයෙකුට එරෙහිව. මේක නිසාවෙන් ඔහුගේ කෙනෙක් මොහුව මරන්න ආවොත් කියලා පොලිසියෙන් ආරක්ෂාවට යොදලා ඉන්නවා. ඒ අතරේ වෑන් පෙල්ට්ට අකරතැබ්බයක් වෙනවා. ඒ හේතුවෙන් ඩිජෝර්ජ් මහත්මයාව කවුරුන් හෝ විසින් ඝාතනය කරලා තියෙන බව දකින්න ලැබෙනවා.

මේ සිදුවීමෙන් පසුව එසෙක්ස් කියන මනුස්සයා තමයි ප්‍රධාන සැකකරුවා විදියට ගැනෙන්නේ. නමුත් ඔහුව කිසිම විදියකින් ඒ කාරණාවට සම්බන්ධ කරගන්න සාක්ෂි ලැබෙන්නේ නෑ. මේ විමර්ශන අතරතුර වෑන් පෙල්ට් නිවැරදිව රාජකාරිය කළේ නෑ කියලා, ඇයට චෝදනා එල්ල වෙනවා. හැම සිදුවීමක් අතරතුරම ජේන් විසින් උපායක් අනුගමනය කරලා මිනීමරුවා අල්ලගන්නවා. ඒත් කතාව අන්තිමේදී අරුම පුදුම කතාවක් තමයි ජේන් විසින් ලිස්බන්ට කියන්නේ. ඒත් මේ කතාව අහපු ගමන්ම ලිස්බන්ට හොඳටම තරහා යනවා. ඒත් ලිස්බන් විසින් අන්තිමටම ඇයගේ පොලිස් ජීවිතේ බොහොම සොඳුරු වැඩක් කරනවා.

ඉතිං අපි බලමු මිනීමරුවා කවුද කියලා. ඒ වගේම අන්තිමට ජේන් විසින් ලිස්බන්ට හෙළි කරන, අරුම පුදුම කාරණාව මොකක්ද කියලා. තවත් දවසකින් මීළඟ උපසිරැසියත් අරගෙන මම බයිස්කෝප් වලින්ම මතුවෙන්නම් කියන ගමන් අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!! __/\\__

The Mentalist (2008) on IMDb

 

 

172 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,091 downloadsDownload The.Mentalist.S03E14.zip130 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,091 downloadsDownload Subtitles130 KB

15 comments

  1. dA

    thnkZ bro,

  2. Sach

    සබට තුති ප්‍රණීත් සහෝ !!!!

  3. sajeevi

    thanks

  4. “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය........

  5. Ashan

    Patta Jaya wewa

  6. kalana

    thanks saho...!

  7. prabhath

    thanks ela

  8. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ප්‍රණිත්..
    ජයවේවා...
    තෑන්ක්ස්

  9. udaya

    ane bro dexter tv show ekatath sub dumuda..dexter maxxa

  10. udaya

    ane bro dexter tv show ekatath sub demuda..dexter maxxa

  11. Kulanjana Maduranga

    Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.