ඉතින් යාලුවනේ අපේ රොයිලි අයියා උපසිරැසි දීපු Band of Brothers tv series එක ගැන හැමෝම දන්නවනේ. ඉතින් මම මේ සබ් කරපු The Pacific කියන එකත් ඒකෙම කොටසක්. Band of Brothers එකෙන් කතා කරන්නේ යුරෝපය ආක්‍රමණය කරන්න යන පැරෂුට් භටයෝ සේනාංකයක් ගැනනේ. මේකෙන් කතා කරන්නේ පැසිෆික් සාගරයේ යුද මෙහෙයුම් වලට යන මැරීන්…

ඉතින් යාලුවනේ අපේ රොයිලි අයියා උපසිරැසි දීපු Band of Brothers tv series එක ගැන හැමෝම දන්නවනේ. ඉතින් මම මේ සබ් කරපු The Pacific කියන එකත් ඒකෙම කොටසක්. Band of Brothers එකෙන් කතා කරන්නේ යුරෝපය ආක්‍රමණය කරන්න යන පැරෂුට් භටයෝ සේනාංකයක් ගැනනේ. මේකෙන් කතා කරන්නේ පැසිෆික් සාගරයේ යුද මෙහෙයුම් වලට යන මැරීන් සේනාංක ගැනයි. Band of Brothers වගේම මේකත් ඇත්ත කතාවක්. මේ කතාව තුල ඔබට හමුවන “ඉයුජින් ස්ලෙජ්”, යන මැරීන් භටයා ලියපු U.S. Marines: With the Old Breed: At Peleliu and Okinawa යන පොතත් “රොබෙර්ට් ලෙකී” යන මැරීන් භටයා ලියපු Helmet for My Pillow නම් පොතත් තමයි මේ කතාවට පාදක වෙන්නේ.ඒ වගේම මේ කතාවෙන් විස්තර කරන්නේ දෙවෙනි ලෝක යුද්ධයට සහභාගි වුන මැරීන් බළකාය සිදු කල ප්‍රසිද්ධ යුද මෙහෙහෙයුම් කිහිපයක්. ග්වාඩකැනල් සටන, ග්ලෝස්ටර් තුඩුවේ සටන, පෙලෙලූ දූපත් තුල සිදු වූ සටන, ඔකිනාවා සහ ඉයෝ ජිවෝ වලට සිදු වූ සටන් ගැන විස්තර ගොඩක් මේ කතාව බලන කොට ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙයි. ඒ වගේම මේක හදල තියෙන්නේත් Band of Brothers හදපු කට්ටියම තමයි. ඒ කියන්නේ Steven Spielberg, Tom Hanks, සහ Gary Goetzman කියන තුන් දෙනා.මේ කතාව ගැන කිව්වොත් මේක හදන්න ෆිල්ම් හදනවට වඩා සෑහෙන්න මහන්සි වෙලා තියනවා.මේක හදන්න ඇස්තමේන්තු ගත කරල තියන මුලු මුදල ඩොලර් මිලියන 100ක් ඒත් අන්තිමට බලන කොට මේකට වැය වෙලා තියන මුලු මුදල ඩොලර් මිලියන 200 ත් පැනල. ඒකෙන්ම තේරෙනවනේ මේ කොටස් 10ක් තියන කතාව හදන්න දරල තියන මහන්සිය. මේ කතාව තමයි ලෝකෙන්ම වැඩිම මුදලක් වියදම් කරල හදපු එක tv series එක.ඒ වගේම මේක හදන කොට මේක නිසාම රැකියා අවස්ථා 4000 ක් පමණ ඇති වෙලා තියනවලු.
ඉතින් මේකේ පළවෙනි කතාව ගැන කිව්වොත් ඒකෙදි විස්තර කරන්නේ මැරීන් භටයන් ග්වාඩකැනල් දූපත් වලට ගොඩ බැසීම ගැනයි. 1941 දෙසැම්බර් 7 වන දින පර්ල් වරායට එල්ල වුන ප්‍රහාරය ගැන හැමෝම අහල ඇතිනේ. ඒ දවසෙම සහ ඊට පසු දින ජපානය එක විට සිදු කල තවත් ආක්‍රමණ කිහිපයක් තිබිලා තියනවා. ග්වාඩකැනල් කියන්නේ එලෙස ජපනුන් ආක්‍රමණය කල තවත් දූපතක්. ඉතින් මේ දූපතේ ජපන්නු ගුවන් තොටුපලක් ඉදි කරනවා. මෙයාලගේ අරමුණ වෙන්නේ එතන ඉදන් ඇමරිකාවට සැපයුම් ගෙනයන නැව් මාර්ග වලට පහර දෙන එක. ඒක වටහ ගන්න ඇමරිකාවේ හමුදාව මැරීන් සේනාංකයක් මේ දූපත ආක්‍රමණය කරන්න යවනවා. මේ මැරීන් සේනාංකය දූපතට ගොඩ බැස්සට පස්සේ ජපන් නාවික හමුදාව ඇමරිකානු නාවික හමුදාවට දරුණු පහර දීමක් සිදු කරනවා. මේ නිසා ඇමරිකාවේ නාවික හමුදාවට මැරීන් භටයන් තනි කරලා විවෘත මුහුදට පසු බහින්න වෙනවා. ඒ වගේම මැරීන් භටයන්ට නාවික හමුදාව නැති නිසා උණ්ඩ, වෛද්‍ය උපකරණ ඇතුලු සැපයුම් ගොඩක් අහිමි වෙනවා. ඉතින් මැරීන් සේනාංකයට වෙන්නේ මොකක්ද කියන එක මේ කතාව බලලම දැන ගන්න. 🙂
ඒ වගේම මේ කතාවට ගොඩක් උදව් කලේ විකියා අයියයි. ඇත්තම කියනවනම් ටොරන්ට් ලින්ක් එකේ ඉදලා ඉංග්‍රීසි සබ් ෆයිල් එක දක්වා හැම දේම හොයලා දුන්නේ විකියා අයියයි. අනික මම මෙහෙම කතාවක් තියනවද කියලවත් දැනගෙන හිටියේ නැහැ 😛 . ඉතින් ඒක නිසා විකිය අයියට ගොඩක් ස්තුතියි. ඒ වගේම තවත් දෙයක් කියන්න තියනවා. මේක බලන්න කැමති කට්ටිය බය නැතුව මේක බාගන්න. මොකද මම මේකේ කතා 10 ම සබ් කරලා ඉවරයි. ඒ නිසා දැන් ඔයාලට තියෙන්නේ මේක බලන එක විතරයි. 😀

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV/BR පිටපත් සඳහා අදාළ වේ.
17,587 downloadsDownload The.Pacific-BR-E01.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
94 comments
gaya
දනුක
පට්ට සහෝ වැඩේ කතා සේරම ඉවරයක් කරලම දුන්න එක එල...ජයම වේවා
ccnp
Thanks :D
Eranda
සුප්‍රි මචන් සුප්‍රි........පුලුවන් නම් ඊලග එපිසෝඩ් වලටත් 500-600MB torrent එකක් දෙන්න හොදේ...
uda
විශිෂ්ටයි සහෝ. මෙන්න මේ වැඩවල වටිනාකම ඉවරයක් නෑ, අවුරුදු 100ක් ගියත්!
අද බලලා හෙට අමතක කරල දාන එකකට වඩා ජීවිතේ තියෙනකම් මතක හිටින මෙහෙව් එකක් ගෙනාවට ඔයාට බොහොම තුති. රොයිලිගෙ අඩිපාරේ යන ගමන් වැදගත් වැඩකට මුල පිරුවට අනේක වාරයක් තුති.අපේ ලෝක ඉතිහාසය හදාරන උදවියට, මේ ලෝකේ ගැන තොරතුරු පිපාසයෙන් පෙළෙන උදවියට මේකේ වටිනාකම කියල නිමකරන්ඩ බැරි වෙයි. (මමත් කරන්ඩ ගත්තු එක ඉක්මනට ඉවරයක් කරන්ඩ ඕනෑ කම්මැලි නැතුව ;)) එහෙමනම් ජයම වේවා!
elakiri
එලනේ මේකත් දුන්න එක නම් පට්ට හොදේ මේ කතා දෙකම ලෝකේ හොදම ඒවා ...
lasidu
මේ කතාව තමයි ලෝකෙන්ම වැඩිම මුදලක් වියදම් කරල හදපු එක tv series එක.ඒ වගේම මේක හදන කොට මේක නිසාම රැකියා අවස්ථා 4000 ක් පමණ ඇති වෙලා තියනවලු.
පිස්සු හැදෙනවා මචං ලොවෙත් නෑ නේ ........
බොහොම පින්
was
කතා 10 ම සබ් දාලා ගේමට එන්ටර් උන එක පට්ට මචං :)
quik
Thanks lot
kalinga
මෙන්න කතා ආයේ ලොවෙත් නෑ මචං බෑන්ඩ් ඔෆ් එක වගේම ඇති..තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා ,,,
Isuru
ela ela macho
tharanga
මේක පට්ටම පට්ට කතා සෙට් එක..මේ වගේ එකක් නොබැලුව දෑස් කුමටද :) බොහොම පින් අත් වේවා සහෝ..තවත් හොද ෆිල්ම්ස් මේ වගේ කතා ඉස්සරහට අරගෙන එන්න
shani
thanks
dedunu- yatalamatta,
Thanks bro..
lasanatha!!!!!!
maxxxa machan
vee
කට්ටියම බලන්න මේක පට්ටම කතාව :) තැන්ක්ස්
waruna
niyamama wadak good luck
upali
maxxa macho :D
chamila
මේකේ කතා 10 ම සබ් කරලා ඉවරයි. ඒ නිසා දැන් ඔයාලට තියෙන්නේ මේක බලන එක විතරයි. Ela kollekne...
wall e
ජය වේවා සහෝ ඔයා නියම වැඩකට අත ගහලා තියෙන්නේ ,,,
කැළුම්
නියමයි සහෝ 10 ම ඉවර කරලා දීලා වැඩේ පටන් ගත්ත එක,,,අනිවා බලනවා
geeth
Thanksssssss
“චූටී මල්ලි”
ela ela saho aniwa balanna one
නලින්
ස්තුතියි පුබුදු.
නියම ටිවි සිරියස් එකක් වෙග්..
ඔන්න මමත් ගන්නවාජය ෙව්වා..
rusuru | රුසිරු
ජය වේවා පට්ටම තමා
musfir
Thanks :)
chethiya
පිස්සු හැදිලා ආයේ පිස්සු හැදෙනවා මා කොල්ලෝ ලංකාවේ ඉන්නේ ජයෙන් ජයම වේ ස්තුතියි කරන්න වචනත් නෑ
Ruwan
Thnxs macn............... :D
අමීර
Thanks....
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍sanju lakshan
thanks patta kathawak
Sameera
මේ 548 MB ගොනුවේ කොටස් 10 ම තියන්වද ?
බොහොම ස්තුතියි සබ් වලට කාලෙකට කලින් පලමු කොටස බාගෙන බැලුවා සුපිරි නිර්මාණයක්..Thushan
175MB කොපි එකේ සබ් එක අවුල් යනවනේ කිව්වට පස්සේ යන්නේ.
ඇයි දන්නේ නෑ නේද?katha kolla
පට්ටයි හොදෙ මන් දැන් මෙක බාන්න දානවා.....
උබට ජය කොල්ලො.............:Dසාරංග ලියනගම
නියමයි...
මම බලපු පට්ටම ටී.වී.සීරිස් එක. ගොඩක් ස්තූතියි මේකට සබ් දැම්මට.හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත (maxy)
මැක්සා වැඩක් සහෝ,
බෑන්ඩ් ඔෆ් බ්‍රදර් එකත් එලම තමයි,
අනිවා මේකත් එහෙමම එකක් වෙයි...
තැන්ක්ස් සහෝ.....Praba
Maru mamath banawa
රාම් රාජ්
thank you
yasindu
පට්ට tv series එකක් මචන්.
ඊලඟ episode එක එනකන් ඉවසිල්ලක් නෑ.NOAH
paharak wage penne
onna math banawoooo...
balalama kiyannam pattada kiyalaaa :)Dina
ade patta thanx ban.. uba set ekatama dala iwara nisa elatama baluwaki.. meka mama download karalamai thibbe.. dan nam baiscope eka yaluwao tika pattama patta
mudiya / මුදියා
පට්ට මචං පුබුදු.අපේ සයිට් එකෙන් කොහොමත් දෙන්නෙ ඉතිං සුපිරිම ඒව තමයි.පොඩිම කොපිය බානව ඔන්න.ජයවේවා.බොහෝ...............ම ස්තූතියි...!
Uraj Deemantha
මේක අදනේ මට සෙට් උනේ..... :) කතා සෙට් එකම එච්චර ලොකුත් නෑ..... :D බාන්න ඕනා..... :)
sanju lakshan
thanks
buddika
වැඩේ එළකිරි මචන්
සරදියල්
thx machoo.
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ මේ කතාමාලවට සිංහල උපසිරැසි දාන්න ගත්තු එක ගැන. මෙන්න බාන්න දැම්මා . :P :P
Lokka
Thanks Machan..!
kavindu malinga
aiye ubala karana me wadenam niyamai.godak unta prayojanayak thiyanawa.ape lankawe kollo tikak mehema wada karaddi apita godak sathutui
chana
මාත් ගත්තා සහොදරයා, කියන්න වචන නැහැ.. ගොඩක් පින්... මේ කරන වැඩෙට අනෙක වාරයක් පින්..
Advertisement

maxxa ne man illuwa aka deela :)