කොහොමද හැමෝටම, මෙදා සැරේ අත ගැහැව්වේ වර්තමානයේ අපි මුහුණ දීලා ඉන්න තත්වය ගැන කියවෙන ජාතියේම අතුරු කතාවකට. මේ නමින්ම ලියවුණු නවකතාවක් ඇසුරින් නිර්මාණය වෙච්ච මේ කතාවේ තියෙන්නෙ සීසන් එකක් විතරයි. එහෙම නම් විශේෂයෙන්ම වැම්පයර්ල ආශ්‍රිත කතාවලට කැමති අයට මේක බලන්න ආරාධනා කරන ගමන් මුලික විස්තරය දිහාවට හැරෙ…

කොහොමද හැමෝටම, මෙදා සැරේ අත ගැහැව්වේ වර්තමානයේ අපි මුහුණ දීලා ඉන්න තත්වය ගැන කියවෙන ජාතියේම අතුරු කතාවකට. මේ නමින්ම ලියවුණු නවකතාවක් ඇසුරින් නිර්මාණය වෙච්ච මේ කතාවේ තියෙන්නෙ සීසන් එකක් විතරයි. එහෙම නම් විශේෂයෙන්ම වැම්පයර්ල ආශ්‍රිත කතාවලට කැමති අයට මේක බලන්න ආරාධනා කරන ගමන් මුලික විස්තරය දිහාවට හැරෙමු අපි.
” 2005වසරේදී චීනය මුලික කරගෙන ලෝක ව්‍යාප්ත වෛරසයක් පැතිරෙනවා H5N1 කියල. හැමෝම ඕක හදුන්වන්නේ කුරුළු උණ විධියට. මොකද මේක පැතිරුනේ කුකුළන් සහ අනෙකුත් පක්ෂීන් හරහා නිසා. ඒත් මේක මිනිසාටත් වැළදෙන, මරණ පවා සිදුවුණ, කොරෝනා වගේම ලෝකයම වෙලාගත්ත, දැඩි ආර්ථික අර්බුධ රැසක් ඇතිකරපු වසංගතයක් වුණා මේකත්. මේකටත් මුල් කාලිනව බෙහෙතක් තිබ්බේ නැහැ. 2007 වසරේදී ඇමරිකානුවන් විසින් තමයි මේකට එන්නතක් නිපදවන්නේ. ඉතිං ඔය වසංගතය චීනෙන් ආරම්භ වෙලා ලෝකයටම ව්‍යාප්ත වේගෙන යන අතරෙ ඇමරිකානුවන් විසින් ඒ සඳහා අසාමාන්‍යය අන්දමේ එන්නතක් නිපදවීමේ උත්සාහයක යෙදෙන කතාවක් තමයි අද මම අරගෙන ආව කතා මාලාවට පසුබිම් වෙන්නෙ.”
ජස්ටින් ක්‍රොනින් කියන ගත් කතුවරයා මේ ඇසුරින් 2010 වසරේදී “ද පැසේජ්” නමින් නිර්මානාත්මක නව කතාවක් ලියනවා. එයාගේ වැඩේ සාර්ථක වෙච්ච නිසාම, එහි දෙවැන්න “ද ටුවෙල්” සහ තෙවැන්න “ද සිටි ඔෆ් මිරර්ස්” ලෙසින් තුන්-ඈදුතු නවකතාවක් ලෙසින් ඉදිරියට ගෙන යනවා . ඔය නවකතා තුන ගැන අපේ සුපිරි විද්‍යා ප්‍රබන්ධ අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච මැට් රීව්ස්ට හිත යනවා. ෆොක්ස් ආයතනය විසින් ජස්ටින් ක්‍රොනින්ට ඩොලර් මිලියන 1.75ක මුදලක් ගෙවලා මේ කතාවෙ රුපවාහිනි අයිතිය ලබාගන්නව. ඊට පස්සෙ මැට් රිව්ස් ඒ වගේම තවත් වැඩකාරයෙක් වෙච්ච රිඩ්ලි ස්කොට් එක්ක එකතු වෙලා මේ ඇසුරින් රුපවාහිනී කතා මාලාවක් ඒ නමින්ම නිෂ්පාදනය කරනවා.
ඒ මුලික දේවල් වලින් පස්සෙ විවිධ සිදුවීම් නිසා වසර කිහිපයක් තිස්සෙම, මෙහි කතා රචකයින් සහ අධ්‍යක්ෂකවරුන් මාරු වීම හේතුවෙන් ඇදි ඇදී තිබුන කතාව 2019 වසරේ ජනවාරි 14 වැනිදා පළමු වතාවට රුපවාහිනියේ විකාශනය වෙනවා. එතැන් පටන් එපිසෝඩ් 10ක් පුරාවට ලෝක ව්‍යාප්ත වෛරසයකට එරෙහිව ප්‍රතිකාරයක සහ වැම්පයරයන් අතර සම්බන්ධය මොකක්ද කියල ඔයාලට බලාගන්න අද ඉඳලා ඉඩ ලැබෙනවා. මෙහි තවත් විස්තර එක්ක දෙවැනි කොටසින් හමුවෙමු. ජයෙන් ජය!
Director: Jason Ensler, Marcos Siega
Writers: Liz Heldens, C.A. Johnson
IMDB Ratings : 7.7
Air Date: 14 January 2019
“ඒක ඉක්මනින්ම සිද්දවුණා
මිනිත්තු 32කින් එක ලෝකයක් මියගිහින්, තවත් ලෝකයක් ඉපදෙනවා.”
~ The Passage ~
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,758 downloadsDownload The.Passage.S01E01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
14 comments
indika75
vinod
Puluwan nm warrior season 2 ekt sub denna
Gayana Thathsara
Chilling Advantures Of Sabrina Season 4 එකට සබ් එකත් දෙන්නකො
Anonymous
Warrior season 2 sub plz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
nisa
hammo balgenma hitapu akak...thnqq brpther
Nishi
3℅ season 04 eketh sub dennakoo
Nilush Angana
Sub ekata thanx
Shan
Thanks vima.digatama denno..❤️❤️❤️
UDARA DAMITH
23103230
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
සුපිරියක් වගේ,බොහෝම ස්තුතියි උපසිරැසි නිර්මාණයට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The Passage [S01 : E01] Sinhala Subtitles | මාරක වෛරසයක් සහ වැම්පයර් එන්නතක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/the-passage-tv-show-3.jpg)

thanks..