Watch Trailer

The Pillars of the Earth [E01] | පූජනීය කිසිත් නොමැත..[සිංහල උපසිරැසි සමඟ]

අද මේ මුණ ගැහෙන්න එන්නේ තවත් කතා මාලාවක් අරගෙන. මේක කොටස් අටකින් සමන්විත කතා මාලාවක්. මේ ගැන කියනවා නම් මෙන්න මේ වගේ කරුණු කාරණා ටිකක් ඔයාලට කියන්න පුළුවන්. 1989 වසරේදී Ken Follett අතින් මෙනමින්ම ලියවුනු කෘතියක් පාදක කොටගනිමින් 2010 වසරේදී ඩොලර් මිලියන 40ක වියදමින් නිපදවී Starz නාලිකාවේ විකාශනය ආරම…

The Pillars of the Earth (2010) 1

අද මේ මුණ ගැහෙන්න එන්නේ තවත් කතා මාලාවක් අරගෙන. මේක කොටස් අටකින් සමන්විත කතා මාලාවක්. මේ ගැන කියනවා නම් මෙන්න මේ වගේ කරුණු කාරණා ටිකක් ඔයාලට කියන්න පුළුවන්. 1989 වසරේදී Ken Follett අතින් මෙනමින්ම ලියවුනු කෘතියක් පාදක කොටගනිමින් 2010 වසරේදී ඩොලර් මිලියන 40ක වියදමින් නිපදවී Starz නාලිකාවේ විකාශනය ආරම්භ කල මෙය, කොටස් අටකින් අවසන් වන රුපවාහිනී කතා මාලාවක් (Mini Series).

IMDb වෙබ් අඩවියේ 8.2ක් වැනි ඉහළතම අගයක් රඳවාගන්න සමත්වන මෙය 68 වැනි  Golden Globe සම්මාන උළෙලේ සම්මාන තුනක් වෙනුවෙන් නිර්දේශ වී හොදම නළුවා වෙනුවෙන් වූ සම්මානය මෙහි රංගනයෙන් දායක වන Ian McShane (Pirates of the Caribbean: On Stranger Tides හි Blackbeard)  නිර්දේශ වී තිබෙනවා. හංගේරියාවේ සහ ඔස්ට්‍රියාවේ අලංකාරවත් පසුතල භාවිත කරමින් විචිත්‍රවත් ලෙස නිමවා ඇති මෙහි කොටස් අට පුරා මිනිත්තු 428ක ධාවන කාලයකින් යුක්ත වේ. පළමු සහ දෙවැනි කොටස් දෙක එක විට විකාශය වූ අතර හත්වන සහ අටවන කොටස් දෙකඩ එලෙස එක විට විකාශනය විය. මෙහි අධ්‍යක්ෂක වරයා වන විසින්  Prison Break, Under the Dome, Falling Skies, The Last Ship, වැනි කතා මාලා සදහාද Catch Me If You Can (2002), Saving Private Ryan (1998) වැනි සිනමාපට සඳහාද අධ්‍යක්ෂණයෙන් සහය අධ්‍යක්ෂණයෙන් නිෂ්පාදනයෙන් මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී රංගනයෙන්ද දායකත්වය දක්වා ඇති අයෙකි. ඒ වගේම මෙහි තවත් ජනප්‍රිය නළු නිලියන් කීප දෙනෙක් රංගනයෙන් දායක වෙනවා.  Hayley Atwell මෙයා ගැන නොදැන ඉන්න විදිහක් නැහැ කැප්ටන් ඇමෙරිකා පළමු චිත්‍රපටය බැලුවා නම්. ඒ වගේම Donald Sutherland නොදැන ඉන්න විදිහක් නැහැ හන්ගර් ගේම්ස් චිත්‍රපට නැරඹුවා නම්. එහෙනම්  හිතනවා කතාව ගැන වටපිටාව සකස් උනා මේ ඇති කියලා.

මේ කතාව ආරම්භය සනිටුහන් වෙන්නේ එක් නෞකා මුහුදුබත් වීමක් සමඟ. ඒ නැව තරමක් සුවිශේෂී එකක්. මොකද එංගලන්ත ඔටුන්න හිමි කුමාරයා මේ නැවේ ගමන් කරලා තියෙනවා. ඉතින් මේ වෙන අනතුරෙන් එංගලන්ත කිරුළට අවධානමක් ඇති වෙනවා. මේ සිද්ධිය තමා මේ කතාවේ ආරම්භය. එහෙනම් ඔන්න පළමු කොටස ඔබට බාරයි. එහෙනම් දෙවැන්න සමඟ ඉක්මණින් මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

The Pillars of the Earth (2010) on IMDb

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

1,715 downloadsDownload The-Pillars-of-the-Earth-E01.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                            All Episodes                        Next Episode>>     

Subtitles

1,715 downloadsDownload Subtitles28 KB

21 comments

  1. notisamanalaya

    kalekin man eka.. thanks sahooo

  2. නලින් පෙරේරා

    එළ නේ හසන්ත අයියා! සුපිරිම එකක් නෙව ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!

  3. වරුණ රංගජිත් (වරූ)

    niayamai aiiya niyamai'
    banna hitai
    jaya

  4. sajeevi

    thanks

  5. Ashan ravihansa

    hasantha ayya kalkata passe vadak patan aran vage ela sub ekata godak thankz

  6. චන්දිම අමරසිංහ

    නියමයි සුපිරි කතාවක්නේ සහෝ තුති සුභපැතුම්. දෙවැනි කොටස එනකන් බලන් ඉන්නවා ....!

  7. Sisira Hegoda

    Thanks.

  8. යශෝධ

    කොහොම හරි මේක බලන්න නම් වෙලාව හොයාගන්නම වෙනවා.. මෙන්න බානවා එහෙනම්, හසන්ත අයියේ. බොහෝම ස්තූතියි උපසිරසට.... ජයම වේවා. එලස්ස්ස්.........

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Kulanjana Maduranga

    ela ela HASANTHA aiya aluth 1k ne....bagena balamu.thanks HASANTHA aiye sub 1ta....ohoma yn.jaya wewa..............

  11. “චූටී මල්ලි”

    අනේ හසෝ පොඩි
    උදව්වක් කරහන් මයෙ දෙයියා
    ස්පාටකස් එකෙ එපි වල සබ් ට්ක
    brrip කොපියටත් අප්ඩේට් කරන්න
    මේකත් හොදා වගෙ
    සබට තුති
    ඔබට ජය......

  12. Amil

    සුපිරිම එකක් නෙව ගෙනැල්ලා තියෙන්නේ හසන්ත අයියේ...

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි හසන්ත සහෝ.. :-P
    හොද කතාව්ක් වගෙ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම දුන්නට පස්සෙම බලන්න ගන්නම්. ජය෴෴ :P :P

  15. danushka sampath

    Nice upload
    Thanks bro

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. [Prash]

    Thnx mcnn

  18. Ravin

    Thanks for the sub

  19. Anonymous

    sthuthiy

  20. Anonymous

    Thanks a lot for sub.
    Now released this book in Sinhala language. පොළොව රඳන තැන is the name of it.

  21. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.