සැහෙන කාලෙකට පස්සේ නැවත උපසිරසිකරණයට බැස්සා, බැස්ස කිව්වට බහින්න උනා ඉතිං, වොකින් ඩේඩ් එකෙන් සමුගන්නවා කියල හයවෙනි කතා සමයේ අන්තිම එපියේදී කිවත් තවම කරුමේ ගෙවිලා ඉවර නැද්ද මන්දා 😛 කැරකිලා කැරකිලා කොටි වලිගෙ මටම ආව, කොහොම උනත් අදින් පස්සේ මට සබ් එක දෙන්න නම් සැහෙන රෑ වෙයි, ගෙදර එනකොට රෑ වෙන නිසා, සම…

සැහෙන කාලෙකට පස්සේ නැවත උපසිරසිකරණයට බැස්සා, බැස්ස කිව්වට බහින්න උනා ඉතිං, වොකින් ඩේඩ් එකෙන් සමුගන්නවා කියල හයවෙනි කතා සමයේ අන්තිම එපියේදී කිවත් තවම කරුමේ ගෙවිලා ඉවර නැද්ද මන්දා 😛 කැරකිලා කැරකිලා කොටි වලිගෙ මටම ආව, කොහොම උනත් අදින් පස්සේ මට සබ් එක දෙන්න නම් සැහෙන රෑ වෙයි, ගෙදර එනකොට රෑ වෙන නිසා, සමාවෙන්න ඕන ඒ වෙන පමාවට, එහෙමනම් පුරුදු විදියට පසුවිපරමක් කරල ඉමු මුලින් 😀
පළමු කතා සමය
රික් කියන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමක් හේතුවෙන් රෝහල්ගතවන ඔහුට සිහිය එනවිට මුළු ලෝකෙම අවුඅල් ගොඩක් බවට පත්වෙලා. හැම තැනම කුණුවෙලා ගිය මළමිනී, ලෝකෙම එකම විකාරයක් වෙලා. මෙයාගේ පවුලේ අයට වෙච්ච දෙයක් හොයාගන්න නැහැ ඉතින් ඔහොම ඉන්නකොට වෙන්නේ මොනවද කියල ටික ටික මෙයට වැටහෙන්න ගන්නවා, එයා නගරෙට එනකොට ග්ලෙන් විසින් රික්ව බේරාගන්නවා, එතනදී තමයි මේ කල්ලියේ කතාව පටන්ගන්නේ මර්ල් සහ ඩැරල් යන සොහොයුරන් දෙන්නවත් මෙතැනදී තමයි කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම එතැනදී රික්ට ටහ්මන්ගේ පවුලේ අයව මුණගැහෙනවා රික්ගේ මිතුරා ෂේන් විසින් එයාගේ පවුලේ අයව ආරක්ෂිත තැනකට අරන් ගිහිල්ලා. රික්ගේ බිරිඳ සහ ෂේන් අතර පටලැවිල්ලක් සිද්දවෙනවා. සිදුවීම් දාමයකට පසුව පලවෙනි කතා සමය නිමවෙන්නේ ඉන්න හිටින තැනක් හොයාගෙන අන්තිමටම CDC කියල පරීක්ෂණාගාරෙකට යනව මේකෙන් බේරෙන්න විදියක් හොයාගෙන එතැනදී බලාපොරොත්තු වෙච්ච දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් අත්විදගන්න කණ්ඩායම නැවතත් පාරට වැටෙනවා එතනින් පළමු කතා සමය නිමවෙනවා.
දෙවැනි කතා සමය
දෙවැන්නහි සිද්දවන්නේ සොෆියාව නමැති පුංචි කෙල්ලව අතුරුදහන් වීම සහ මැගී බෙත් ඇතුළු කණ්ඩායම හමුවීම සිද්දවෙන්නේ මෙහිදී තමයි. රික් ඩැරල් ඇතුළු කණ්ඩායම හර්ෂල්ගේ ගොවිපලේ ඉන්නකොට සිද්දවෙන සිදුවීම් දාමය තමා මේකෙදි දිගහැරෙන්නේ ඒ වගේම ලෝරිට ලම් හම්බවෙන්න ඉන්න බව දැනගන්න ලැබීම සහ දරුවාගේ පියා කවුද කියන ගැටලුවත් ෂේන්ගේ මිත්‍ර-ද්‍රෝහීකමත් කතා සමයෙහිම ඉදිරියට ගෙන ආ සොෆියගේ ඉරණම අවසාන කෙලෙස සිදුවේද යන්න ප්‍රේක්ෂකයා හට දැනගන්නට සලස්වමින් ඒ වගේම අවසානයේ විශාල ඇවිදින මලමිනී රැළක්ම ගොවිපළ වෙත ඇදී එනවා ඔයාලා දකින්න ඇති. ඒ රැළ එන්නේ ගොවිපලේ නිවස පැත්තට බව තේරුම්ගන්නා රික්, කාල් සමඟ ධාන්‍ය ගබඩාව වෙත යනවා සැඟවෙන්න. නමුත් නිවස වෙත යන ඒ රැළ වැළැක්විය යුතු නිසාත් ධාන්‍ය ගබඩාව වෙත එන ඇවිදින්නන් විනාශ කිරීම උදෙසාත් රික් විසින් ධාන්‍ය ගබඩාවට ගිනි තබනවා. ඒ අතර නිවසේ සිටි අනෙක් පිරිස උපරිම උත්සාහයක් දරනවා ඇවිදින මල මිනී රැළ ගොවිපළෙන් පන්නා දමන්න. ඉතින් අයෙමත් කට්ටියත් එක්ක පාරට වැටෙනව.
තෙවැනි සහ සිව්වැනි කතා සමයන්
තෙවැන්න සහ සිව්වැන්න වෙන්නේ කණ්ඩායමට සිරගෙයක් හමුවීම, හිරගෙයක් කියනකොට දන්නවනේ ඉතින් ආරක්ෂාව උපරිමයි ඇතුල්වීම පිටවීම අසීරුයි, මේ වගේ ව්‍යසනයකදී ආරක්ෂිතම තැන තමා සිරගෙයක් කියන්නේ ඉතින් කට්ටිය දැන් එතන තමන්ගේ වාසස්ථානය කරගෙන අවාසනාවන්ත සිදුවීමකින් පසුව උනත් රික් සහ ලෝරිගේ දෙවන දරුවා මෙලොව එලිය දකිනවා, ඒ වගේම පහුගිය කොටස්වල නොසිටි මිෂෝන් නැමති චරිතය මිත්‍ර පක්ෂයටත් එකතුවන අතර ගවනර් නමින් හදුන්වගන්න තැනැත්තෙක් සතුරු පාර්ශවයක් ලෙසින් ඉස්මතුවෙනවා. ගවනර් සතුව ජනපදයක් ඇති අතර රික්ගේ කණ්ඩායම සමග ඇතිවන ගැටුමකින් අනතුරව ගවනර් පාරට වැටෙනවා.. තමන් විහින්ම කරගත්තු විනාශයක් හැටියට තමා ඒක කියන්න තියෙන්නේ ඉතින්. ඊට පසුව සිවුවන කතා සමයේ සිරගෙයෙහි සිටින කණ්ඩායමට නව රෝගයකට මෙන්ම ගවනර්ගේ පුනරාගමනයට මුහුණදීමට සිදුවනවා, කරදර මදිවට තවත් කරදර පැමිණෙන අතර ගවනර්ගේ ප්‍රහාරයකින් සිරගෙයහ බිඳවැටෙන අතර නැවත කට්ටිය පාරට වැටෙනවා, නිකම් නෙමේ කණ්ඩායමේ කට්ටිය සී සීකඩ විසිරිලා ගිහින්.. අන්තිමේදී දුම්රිය පර්යන්තයක් වෙත කට්ටියම ලඟාවෙන්ව ඒ වගේම මිට පිලියමක් සොයාගතහැකි ඉයුජින් නමැති විද්‍යාඥයා තවත් දෙන්නෙක් එක්ක මෙයාලගේ කණ්ඩායමට එකතුවෙනව. ඒ වගේම දැන් කට්ටිය ඉන්නේ කොච්චි පෙට්ටියක, දුම්රිය පර්යන්තයේ ඉන්න අය අභිරහස් දෙයක් සිදුකරන බවට සාක්ෂි ඉදිරිපත් කරමින් තමයි හතරවෙනි කතා සමය නිම උනේ.
පස්වැනි කතා සමය
පස්වැනි කතා සමය ආරම්භ වෙන්නේ විසිරුණු කණ්ඩායම නැවත එක්කාසුවිමෙන්, ඊට පස්සේ කරදර රැසකට මුහුනදෙන කට්ටියට අලුත් ක්ෂේම භූමියක් හමුවෙනවා, ඒ තවත් සමාජයක්, ගිණි පෙලෙල්ලෙන් බැට කාපු රික් ඇතුළු පිරිස කණාමැදිරි එළියටත් බයයි මේ වෙද්දී, ඉතිං රික් ඇතුළු පිරිස තමන් දැන් රැඳිලා ඉන්න නව ජනාවාසය ගැන හොඳ අධ්‍යනයක් කරනව, මේ වගේ දරුණු කාලයකදී මේ ජනපදයේ පාලනය කරන උදවිය තම පාලනය කරගෙන යන ආකාර වැරදි බව රික් ඇතුළු පිරිසට තේරුම් යනව, බොහොම නිසලව ගාලාගෙන ආපු කතාව අන්තිමේදී උණුසුම් වෙන්න පටන් ගන්නවා, ඒ කොහොමද කියල බලපු පිරිස දන්නව.
හයවෙනි කතා සමය
මේ කතා සමය ආරම්භ උනේ ඇවිදින්නෝ පිරිලා ඉන්න ගල් වලක් අසලින්, බාධක දාල අවහිර කරලා තිබ්බත් වැඩේ හරියන්නේ නෑ කියල රික් ඇතුළු පිරිස තේරුම් ගන්නවා, උන් කෙලින්ම අවොත් එන්නේ ජනාවාසය පැත්තට කියලත් හොඳටම පැහැදිලියි, ඉතිං කට්ටිය ඒ ව්‍යසනය වලක්වන්න යමක් කරනවා, ඒ අතරවාරයේ ජනාවාසයට ඇලෙක්සැනඩ්රියාවට W අකුර නළලේ සටහන් කරගත්ත පිරිසකගේ ප්‍රහාරයක් එල්ලවෙනවා, ඒ වගේම රිකට සමීප කිහිප දෙනෙක් මියයනවා, ඒ සොම්බි රංචුවක් ජනාවාසයට කඩා වැදීම නිසාවෙන්. ඉතිං ඔය දේවල් නිසා අන්තිමේදී ජීසස් කියල කියාගත්ත හාදයෙක් නිසාවෙන් හිල්ටොප් කියල තවත් ජනාවාසයක් රික්ලට හමුවෙනවා, අද වෙන හැම දේම පටන් ගන්නේ ඔන්න ඔය සිදුවීමෙන්, දකින්න ඇතිනේ අන්තිමටම ස්ක්‍රීන් එකට ලේ පාරක් විසි වෙනවා, බලමු අද භයානක තත්වය මොකක්ද කියල එහෙමනම්…. ග්ලේන් ද? ඩැරල් ද? මැගිද?
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,946 downloadsDownload The-Walking-Dead-7x01-The-Day-Will-Come-When-You-Wont-Be.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/vima-1651511.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
61 comments
kawesha dissanayaka
Hope
Ado... Adenawa bn.
Thanks hode.udeesha bandara
patta broo
Sajeevi
Thanks
Hope
# Hash - 087ade3fd3d3be9b386c7d4963e6f8e8cdd80f97
Sachith
Uba raththaran, kiyanna wachana ne..
Samith
thnxx bro..
Malshan Hasaranga
adooooooooo uba nm deiyak nemei dewalayak
thannnnnnxxxxxxxxxxxx bn sub ekata :D
ummaaaaaaaakaNchana krishaN
Tnx Brow...
Rachila Disan Fernando
enakan agili gana gana unne thnx wewaaa
SUN VIDEO
thanks
Kasun Widusha
thannnnnnxxxxxxxxxxxx bn sub ekata
yash
Thank so much... enakan hitiye
නුවන් මානගේ
elama saho.. enakal blagna htye
kenansj
Thanks Thanks machn
Sisila Prasad
එළම බං.
උපසිරසියට බොහොම ස්තුතියි.
එනකන් බලාගෙන ඉඳපු කතාවක්.
දිගටම කරගෙන යමු එහෙනම්.
ජයවේවා!!!shady
ambooo thanks
thisal
මෙච්චර ඉක්මනට උබ සබ් එක දෙයි කියලා හිතුවෙ නෑඩො ආපු ගමන් eng සබ එක්ක බෑලුවා එපා උනා ග්ලෙන් එබ්‍ර්හම් දෙන්නම ඉවරයි හොදම උන් :( tnx sub ektt
Wgk Chathuranga
ela sahoo thankzz
Kanapita
Thanks Bro...!
Devinda
affata,,,,,, ty bro... gdk pin....
Tharuth Chiranthana
Thanks for the sub bro.
Sanath Indika
THX BROO
NIRO
thnx vima....
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
මේකට සබ් එක දෙනකම් බලාගෙන හිටියෙ
~~~ ජය වේවා ~~~Kalum Gunasekara
බොහොම ස්තුතියි විමා සහෝ උපසිරැසියට. නොබලපු කෙනෙක්ට උනත් මේ ලිපිය බලලා කතාව තේරුම් ගන්න පුලුවන්.
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි වීමා සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Pradeep M Gamlath
මග බලාගෙන හිටියෙ ෆට්ට තැන්ක්ස් බ්‍රෝ...***
janaka kalu
උපසිරසියට බොහොම ස්තුතියි.
එනකන් බලාගෙන ඉඳපු කතාවක්සුපුන් බුද්ධික
නියමයි සහෝ..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
ඉවසිම කියන දේ එපා වෙන්නම ප්‍රගුණ කරපු කතාවක්..
දිගටම කරගෙන යමු..ජය වේවා !!
Ashan
thnks mchn... Jaya wewa! :)
Kasun Lakshan
Ikmanatama suba dunnata godaaaaaaaaaaaak sthuthi
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sameera
unu unuwema
thanks machaaaaaaaaan
Rasheen Mansil
thanks vima ayya,,,godak kal balagena hitapu ekak,,niyamai.
Devil
Apo meh ehenam wena ekekta diyan bn sub danna, uba late wenwa nam
Snake RaJ
හම්මේ ඉතින් කොච්චර කාලයක් නම් හිටියද..
හැබැයි දුක නොහිතපු කෙනෙක් අද එපියෙන් මැරෙන එක තමා :(
කොහොම වුනත් උපසිරැසියට ගොඩාක්ක්ක්ක්ක්ක් ස්තූතී <3
රෑ වුනාට කමක් නෑ සුපිරියට උපසිරැසිය දෙන්න..
ජය වේවා සහෝ! :Djaniya
thanks mcn sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PalHora.com
elakiri supiriki
Sadis M. Kulatunge
thankuuuuu...
yumal
Thankzz bro!!!
Ruwan
Thanks..you are doing a great job
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.ස්තුතියි සබ් එකට
dulitha hashan
tnx tnx machooo.. sub eka danakammai hitiyeee
Manoj
නියමයි සහෝ.ස්තුතියි
ජය වේවාDK
Bohoma isthuthi saho. oyala amruwen parakku wela hari sub dena nisa thamai api asawen tv series films balanne.
Anu
Thank you, bro....
Shavi
Mechchara ikmanata sub eka dammata thanks bro......... 23 venidane release une..... elazzzzzzzzz
harsha
මොනවා කරන්නද සහෝ කරුම කියන ඒවා මකලා ඉවර කරන්න බෑ ගෙවෙනකම්ම ඉන්න ඕන. තව කොටස් 15යී නේ (කියන තරම් වැඩේ ලේසි නෑ කියලා දන්නවා )ඒ ටිකත් කරලා දාමු දවස් කීප්යක් පරක්කු උනත් කමක් නෑ ඉවර වෙනතුරුම ඉන්න හරිය. ස්තූතියි ජයවේවා
Advertisement

ado thanks bn