Watch Trailer

The Walking Dead [S07 : E01] with Sinhala Subtitles | ඒ විහිලුව මාව මරන්න තරම් අවුල්ද රික්? [සිංහල උපසිරසි සමඟ]

සැහෙන කාලෙකට පස්සේ නැවත උපසිරසිකරණයට බැස්සා, බැස්ස කිව්වට බහින්න උනා ඉතිං, වොකින් ඩේඩ් එකෙන් සමුගන්නවා කියල හයවෙනි කතා සමයේ අන්තිම එපියේදී කිවත් තවම කරුමේ ගෙවිලා ඉවර නැද්ද මන්දා 😛 කැරකිලා කැරකිලා කොටි වලිගෙ මටම ආව, කොහොම උනත් අදින් පස්සේ මට සබ් එක දෙන්න නම් සැහෙන රෑ වෙයි, ගෙදර එනකොට රෑ වෙන නිසා, සම…

The Walking Dead S7-3

සැහෙන කාලෙකට පස්සේ නැවත උපසිරසිකරණයට බැස්සා, බැස්ස කිව්වට බහින්න උනා ඉතිං, වොකින් ඩේඩ් එකෙන් සමුගන්නවා කියල හයවෙනි කතා සමයේ අන්තිම එපියේදී කිවත් තවම කරුමේ ගෙවිලා ඉවර නැද්ද මන්දා 😛 කැරකිලා කැරකිලා කොටි වලිගෙ මටම ආව, කොහොම උනත් අදින් පස්සේ මට සබ් එක දෙන්න නම් සැහෙන රෑ වෙයි, ගෙදර එනකොට රෑ වෙන නිසා, සමාවෙන්න ඕන ඒ වෙන පමාවට, එහෙමනම් පුරුදු විදියට පසුවිපරමක් කරල ඉමු මුලින් 😀

පළමු කතා සමය 

රික් කියන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමක් හේතුවෙන් රෝහල්ගතවන ඔහුට සිහිය එනවිට මුළු ලෝකෙම අවුඅල් ගොඩක් බවට පත්වෙලා. හැම තැනම කුණුවෙලා ගිය මළමිනී, ලෝකෙම එකම විකාරයක් වෙලා. මෙයාගේ පවුලේ අයට වෙච්ච දෙයක් හොයාගන්න නැහැ ඉතින් ඔහොම ඉන්නකොට වෙන්නේ මොනවද කියල ටික ටික මෙයට වැටහෙන්න ගන්නවා, එයා නගරෙට එනකොට ග්ලෙන් විසින් රික්ව බේරාගන්නවා, එතනදී තමයි මේ කල්ලියේ කතාව පටන්ගන්නේ මර්ල් සහ ඩැරල් යන සොහොයුරන් දෙන්නවත් මෙතැනදී තමයි කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම එතැනදී රික්ට ටහ්මන්ගේ පවුලේ අයව මුණගැහෙනවා රික්ගේ මිතුරා ෂේන් විසින් එයාගේ පවුලේ අයව ආරක්‍ෂිත තැනකට අරන් ගිහිල්ලා. රික්ගේ බිරිඳ සහ ෂේන් අතර පටලැවිල්ලක් සිද්දවෙනවා. සිදුවීම් දාමයකට පසුව පලවෙනි කතා සමය නිමවෙන්නේ ඉන්න හිටින තැනක් හොයාගෙන අන්තිමටම CDC කියල පරීක්ෂණාගාරෙකට යනව මේකෙන් බේරෙන්න විදියක් හොයාගෙන එතැනදී බලාපොරොත්තු වෙච්ච දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් අත්විදගන්න කණ්ඩායම නැවතත් පාරට වැටෙනවා එතනින් පළමු කතා සමය නිමවෙනවා.

දෙවැනි කතා සමය

දෙවැන්නහි සිද්දවන්නේ සොෆියාව නමැති පුංචි කෙල්ලව අතුරුදහන් වීම සහ මැගී බෙත් ඇතුළු කණ්ඩායම හමුවීම සිද්දවෙන්නේ මෙහිදී තමයි. රික් ඩැරල් ඇතුළු කණ්ඩායම හර්ෂල්ගේ ගොවිපලේ ඉන්නකොට සිද්දවෙන සිදුවීම් දාමය තමා මේකෙදි දිගහැරෙන්නේ ඒ වගේම ලෝරිට ලම් හම්බවෙන්න ඉන්න බව දැනගන්න ලැබීම සහ දරුවාගේ පියා කවුද කියන ගැටලුවත් ෂේන්ගේ මිත්‍ර-ද්‍රෝහීකමත් කතා සමයෙහිම ඉදිරියට ගෙන ආ සොෆියගේ ඉරණම අවසාන කෙලෙස සිදුවේද යන්න ප්‍රේක්ෂකයා හට දැනගන්නට සලස්වමින් ඒ වගේම අවසානයේ විශාල ඇවිදින මලමිනී රැළක්ම ගොවිපළ වෙත ඇදී එනවා ඔයාලා දකින්න ඇති. ඒ රැළ එන්නේ ගොවිපලේ නිවස පැත්තට බව තේරුම්ගන්නා රික්, කාල් සමඟ ධාන්‍ය ගබඩාව වෙත යනවා සැඟවෙන්න. නමුත් නිවස වෙත යන ඒ රැළ වැළැක්විය යුතු නිසාත් ධාන්‍ය ගබඩාව වෙත එන ඇවිදින්නන් විනාශ කිරීම උදෙසාත් රික් විසින් ධාන්‍ය ගබඩාවට ගිනි තබනවා. ඒ අතර නිවසේ සිටි අනෙක් පිරිස උපරිම උත්සාහයක් දරනවා ඇවිදින මල මිනී රැළ ගොවිපළෙන් පන්නා දමන්න. ඉතින් අයෙමත් කට්ටියත් එක්ක පාරට වැටෙනව.

තෙවැනි සහ සිව්වැනි කතා සමයන්

තෙවැන්න සහ සිව්වැන්න වෙන්නේ කණ්ඩායමට සිරගෙයක් හමුවීම, හිරගෙයක් කියනකොට දන්නවනේ ඉතින් ආරක්ෂාව උපරිමයි ඇතුල්වීම පිටවීම අසීරුයි, මේ වගේ ව්‍යසනයකදී ආරක්ෂිතම තැන තමා සිරගෙයක් කියන්නේ ඉතින් කට්ටිය දැන් එතන තමන්ගේ වාසස්ථානය කරගෙන අවාසනාවන්ත සිදුවීමකින් පසුව උනත් රික් සහ ලෝරිගේ දෙවන දරුවා මෙලොව එලිය දකිනවා, ඒ වගේම පහුගිය කොටස්වල නොසිටි මිෂෝන් නැමති චරිතය මිත්‍ර පක්ෂයටත් එකතුවන අතර ගවනර් නමින් හදුන්වගන්න තැනැත්තෙක් සතුරු පාර්ශවයක් ලෙසින් ඉස්මතුවෙනවා. ගවනර් සතුව ජනපදයක් ඇති අතර රික්ගේ කණ්ඩායම සමග ඇතිවන ගැටුමකින් අනතුරව ගවනර් පාරට වැටෙනවා.. තමන් විහින්ම කරගත්තු විනාශයක් හැටියට තමා ඒක කියන්න තියෙන්නේ ඉතින්. ඊට පසුව සිවුවන කතා සමයේ සිරගෙයෙහි සිටින කණ්ඩායමට නව රෝගයකට මෙන්ම ගවනර්ගේ පුනරාගමනයට මුහුණදීමට සිදුවනවා, කරදර මදිවට තවත් කරදර පැමිණෙන අතර ගවනර්ගේ ප්‍රහාරයකින් සිරගෙයහ බිඳවැටෙන අතර නැවත කට්ටිය පාරට වැටෙනවා, නිකම් නෙමේ කණ්ඩායමේ කට්ටිය සී සීකඩ විසිරිලා ගිහින්.. අන්තිමේදී දුම්රිය පර්යන්තයක් වෙත කට්ටියම ලඟාවෙන්ව ඒ වගේම මිට පිලියමක් සොයාගතහැකි ඉයුජින් නමැති විද්‍යාඥයා තවත් දෙන්නෙක් එක්ක මෙයාලගේ කණ්ඩායමට එකතුවෙනව. ඒ වගේම දැන් කට්ටිය ඉන්නේ කොච්චි පෙට්ටියක, දුම්රිය පර්යන්තයේ ඉන්න අය අභිරහස් දෙයක් සිදුකරන බවට සාක්ෂි ඉදිරිපත් කරමින් තමයි හතරවෙනි කතා සමය නිම උනේ.

පස්වැනි කතා සමය

පස්වැනි කතා සමය ආරම්භ වෙන්නේ විසිරුණු කණ්ඩායම නැවත එක්කාසුවිමෙන්, ඊට පස්සේ කරදර රැසකට මුහුනදෙන කට්ටියට අලුත් ක්ෂේම භූමියක් හමුවෙනවා, ඒ තවත් සමාජයක්, ගිණි පෙලෙල්ලෙන් බැට කාපු රික් ඇතුළු පිරිස කණාමැදිරි එළියටත් බයයි මේ වෙද්දී, ඉතිං රික් ඇතුළු පිරිස තමන් දැන් රැඳිලා ඉන්න නව ජනාවාසය ගැන හොඳ අධ්‍යනයක් කරනව, මේ වගේ දරුණු කාලයකදී මේ ජනපදයේ පාලනය කරන උදවිය තම පාලනය කරගෙන යන ආකාර වැරදි බව රික් ඇතුළු පිරිසට තේරුම් යනව, බොහොම නිසලව ගාලාගෙන ආපු කතාව අන්තිමේදී උණුසුම් වෙන්න පටන් ගන්නවා, ඒ කොහොමද කියල බලපු පිරිස දන්නව.

හයවෙනි කතා සමය

මේ කතා සමය ආරම්භ උනේ ඇවිදින්නෝ පිරිලා ඉන්න ගල් වලක් අසලින්, බාධක දාල අවහිර කරලා තිබ්බත් වැඩේ හරියන්නේ නෑ කියල රික් ඇතුළු පිරිස තේරුම් ගන්නවා, උන් කෙලින්ම අවොත් එන්නේ ජනාවාසය පැත්තට කියලත් හොඳටම පැහැදිලියි, ඉතිං කට්ටිය ඒ ව්‍යසනය වලක්වන්න යමක් කරනවා, ඒ අතරවාරයේ ජනාවාසයට ඇලෙක්සැනඩ්‍රියාවට W අකුර නළලේ සටහන් කරගත්ත පිරිසකගේ ප්‍රහාරයක් එල්ලවෙනවා, ඒ වගේම රිකට සමීප කිහිප දෙනෙක් මියයනවා, ඒ සොම්බි රංචුවක් ජනාවාසයට කඩා වැදීම නිසාවෙන්. ඉතිං ඔය දේවල් නිසා අන්තිමේදී ජීසස් කියල කියාගත්ත හාදයෙක් නිසාවෙන් හිල්ටොප් කියල තවත් ජනාවාසයක් රික්ලට හමුවෙනවා, අද වෙන හැම දේම පටන් ගන්නේ ඔන්න ඔය සිදුවීමෙන්, දකින්න ඇතිනේ අන්තිමටම ස්ක්‍රීන් එකට ලේ පාරක් විසි වෙනවා, බලමු අද භයානක තත්වය මොකක්ද කියල එහෙමනම්…. ග්ලේන් ද? ඩැරල් ද? මැගිද?

 

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,946 downloadsDownload The-Walking-Dead-7x01-The-Day-Will-Come-When-You-Wont-Be.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/vima-1651511.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Season                        All Episodes                        Next Episodes >>

Subtitles

5,946 downloadsDownload Subtitles17 KB

61 comments

  1. kawesha dissanayaka

    ado thanks bn

  2. Hope

    Ado... Adenawa bn.
    Thanks hode.

  3. udeesha bandara

    patta broo

  4. Sajeevi

    Thanks

  5. Hope

    # Hash - 087ade3fd3d3be9b386c7d4963e6f8e8cdd80f97

  6. Sachith

    Uba raththaran, kiyanna wachana ne..

  7. Samith

    thnxx bro..

  8. Malshan Hasaranga

    adooooooooo uba nm deiyak nemei dewalayak
    thannnnnnxxxxxxxxxxxx bn sub ekata :D
    ummaaaaaaaa

  9. kaNchana krishaN

    Tnx Brow...

  10. Rachila Disan Fernando

    enakan agili gana gana unne thnx wewaaa

  11. SUN VIDEO

    thanks

  12. Kasun Widusha

    thannnnnnxxxxxxxxxxxx bn sub ekata

  13. yash

    Thank so much... enakan hitiye

  14. නුවන් මානගේ

    elama saho.. enakal blagna htye

  15. kenansj

    Thanks Thanks machn

  16. Sisila Prasad

    එළම බං.
    උපසිරසියට බොහොම ස්තුතියි.
    එනකන් බලාගෙන ඉඳපු කතාවක්.
    දිගටම කරගෙන යමු එහෙනම්.
    ජයවේවා!!!

  17. shady

    ambooo thanks

  18. thisal

    මෙච්චර ඉක්මනට උබ සබ් එක දෙයි කියලා හිතුවෙ නෑඩො ආපු ගමන් eng සබ එක්ක බෑලුවා එපා උනා ග්ලෙන් එබ්‍ර්හම් දෙන්නම ඉවරයි හොදම උන් :( tnx sub ektt

  19. Wgk Chathuranga

    ela sahoo thankzz

  20. Kanapita

    Thanks Bro...!

  21. Devinda

    affata,,,,,, ty bro... gdk pin....

  22. Tharuth Chiranthana

    Thanks for the sub bro.

  23. Sanath Indika

    THX BROO

  24. NIRO

    thnx vima....

  25. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    මේකට සබ් එක දෙනකම් බලාගෙන හිටියෙ
    ~~~ ජය වේවා ~~~

  26. Kalum Gunasekara

    බොහොම ස්තුතියි විමා සහෝ උපසිරැසියට. නොබලපු කෙනෙක්ට උනත් මේ ලිපිය බලලා කතාව තේරුම් ගන්න පුලුවන්.

  27. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි වීමා සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  28. Pradeep M Gamlath

    මග බලාගෙන හිටියෙ ෆට්ට තැන්ක්ස් බ්‍රෝ...***

  29. janaka kalu

    උපසිරසියට බොහොම ස්තුතියි.
    එනකන් බලාගෙන ඉඳපු කතාවක්

  30. සුපුන් බුද්ධික

    නියමයි සහෝ..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    ඉවසිම කියන දේ එපා වෙන්නම ප්‍රගුණ කරපු කතාවක්..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!

  31. Ashan

    thnks mchn... Jaya wewa! :)

  32. Kasun Lakshan

    Ikmanatama suba dunnata godaaaaaaaaaaaak sthuthi

  33. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. sameera

    unu unuwema

    thanks machaaaaaaaaan

  35. Rasheen Mansil

    thanks vima ayya,,,godak kal balagena hitapu ekak,,niyamai.

  36. Devil

    Apo meh ehenam wena ekekta diyan bn sub danna, uba late wenwa nam

  37. Snake RaJ

    හම්මේ ඉතින් කොච්චර කාලයක් නම් හිටියද..
    හැබැයි දුක නොහිතපු කෙනෙක් අද එපියෙන් මැරෙන එක තමා :(
    කොහොම වුනත් උපසිරැසියට ගොඩාක්ක්ක්ක්ක්ක් ස්තූතී &lt;3
    රෑ වුනාට කමක් නෑ සුපිරියට උපසිරැසිය දෙන්න..
    ජය වේවා සහෝ! :D

  38. janiya

    thanks mcn sub ekata

  39. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. PalHora.com

    elakiri supiriki

  41. Sadis M. Kulatunge

    thankuuuuu...

  42. yumal

    Thankzz bro!!!

  43. Ruwan

    Thanks..you are doing a great job

  44. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.ස්තුතියි සබ් එකට

  45. dulitha hashan

    tnx tnx machooo.. sub eka danakammai hitiyeee

  46. Manoj

    නියමයි සහෝ.ස්තුතියි
    ජය වේවා

  47. DK

    Bohoma isthuthi saho. oyala amruwen parakku wela hari sub dena nisa thamai api asawen tv series films balanne.

  48. Anu

    Thank you, bro....

  49. Shavi

    Mechchara ikmanata sub eka dammata thanks bro......... 23 venidane release une..... elazzzzzzzzz

  50. harsha

    මොනවා කරන්නද සහෝ කරුම කියන ඒවා මකලා ඉවර කරන්න බෑ ගෙවෙනකම්ම ඉන්න ඕන. තව කොටස් 15යී නේ (කියන තරම් වැඩේ ලේසි නෑ කියලා දන්නවා )ඒ ටිකත් කරලා දාමු දවස් කීප්යක් පරක්කු උනත් කමක් නෑ ඉවර වෙනතුරුම ඉන්න හරිය. ස්තූතියි ජයවේවා

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.