Watch Trailer

The X-Files [S08 : E16] – Sinhala Subtitle | මිනී වළෙන් නැගිටපු හාදයා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ආරම්භ වුනේ මෝල්ඩර්ගෙ අවමංගල්‍යයෙන්, අවසන් වුනේ මෝල්ඩර්ගෙ පුනරාගමනයෙන්. මෝල්ඩර්ගේ අවමංගල්‍යය උත්සවේ වෙලාවේ ස්කලී ඇඩුවේ මෝල්ඩර් හොයපු සත්‍යය එයාට කවදාවත් හොයාගන්න බැරි වුනා කියලයි. ස්කලී හිත හදන් වැඩට ආවා. මෝල්ඩර්ගේ කේස් එක විසඳුන නිසා කර්ෂ්, ඩොගට්ට උසස් වීමක් දුන්නා. ඒත් ඩොගට් ඒක භාර නොග…

පසුගිය කොටස ආරම්භ වුනේ මෝල්ඩර්ගෙ අවමංගල්‍යයෙන්, අවසන් වුනේ මෝල්ඩර්ගෙ පුනරාගමනයෙන්. මෝල්ඩර්ගේ අවමංගල්‍යය උත්සවේ වෙලාවේ ස්කලී ඇඩුවේ මෝල්ඩර් හොයපු සත්‍යය එයාට කවදාවත් හොයාගන්න බැරි වුනා කියලයි. ස්කලී හිත හදන් වැඩට ආවා. මෝල්ඩර්ගේ කේස් එක විසඳුන නිසා කර්ෂ්, ඩොගට්ට උසස් වීමක් දුන්නා. ඒත් ඩොගට් ඒක භාර නොගෙන X ෆයිල්ස් එකේම ඉන්න තීරණේ කරා. ඔය අතරේ මුහුදේ පාවෙමින් තිබුන මිනියක් මරණ පරීක්ෂණයට යොමු කරා. මරණ පරීක්ෂක බලා ඉද්දිම මිනියට පණ ආවා. බැලින්නම් ඒ බිලී මයිල්ස්. මෝල්ඩර්ව පැහැර ගත්ත දවස් වලම පැහැර ගත්ත තවත් කෙනෙක්. මැරිලා කිව්වට බිලීට පණ ආවා. එතකොට මෝල්ඩර්? ඉතින් ස්කිනර්ට සාධාරණ සැකයක් ඇති වුනා මෝල්ඩර්වත් වළ දැම්මෙ පණ පිටින්ද කියලා. මහ රෑ ඩොගට්ටත් කතා කරන් මෝල්ඩර්ගෙ මිනිය ගොඩ ගත්තා. මිනී පෙට්ටිය විවෘත කරා.

මෝල්ඩර් පෙට්ටියෙන් නැගිට්ටෙ නෑ. හැබැයි මෝල්ඩර්ගෙ මිනිය ගොඩ ගත්තා කියනා ආරංචිය ස්කලීගෙ කණට යන්න වැඩි වෙලා ගියෙ නෑ. වෛද්‍යවරු කෝකටත් කියලා මෝල්ඩර්ගෙ “දිරා යන ශරීරේ” යන්ත්‍ර වලට සම්බන්ධ කරා. ඔය අතරේ බිලී හැව ඇරලා සනීප වුනා. බිලී දැක්කම ස්කලීට තේරුනා මිය ගිහින් හිටපු කෙනෙක්ට ආයෙ පණ ආවත් මේ තරම් සෞඛ්‍ය සම්පන්නව ඉන්න බැරි විත්තිය. මේ අතරේ ක්‍රයිචෙක් ඇවිත් ස්කිනර්ට බලපෑම් කරලා එන්නතක් ගැන කිව්වා, ඒකෙන් මෝල්ඩර් ව බේරගන්න පුලුවන් කියලා. ඒත් ඒ වෙනුවෙන් ස්කලීගෙ දරුවා ඉපදෙන්න ඉඩ තියන්නෙපා කියලා ඔහු කිව්වා. ඊලඟට හිරේ ඉන්න ආගමික කල්ලි නායකයා මුණ ගැහුන ඩොගට්ට ඔහු කිව්වා පිටසක්වලයෝ මිනිස්සුන්ව ගෙනැත් දැම්මට පස්සෙ එයාලා සනීප වෙන්නෙ පිටසක්වලයො විදියට කියලා. ඒක පිටසක්වලයො ලෝකෙ අල්ල ගන්න කරන සැලැස්මක් කියලා. ස්කිනර් කියපු එන්නත නොදුන්නොත් මෝල්ඩර්ට වෙන්නෙත් පිටසක්වලයෙක් වෙන්න කියලා ස්කලී දැන ගත්තා.ඩොගට්, ක්‍රයිචෙක්ගෙ පස්සෙන් ගිහින් එන්නත ගන්න හැදුවත් හරි ගියේ නෑ. ඒත් මෝල්ඩර්ව මරන්න හිතන් ස්කිනර්, මෝල්ඩර්ව යන්ත්‍ර වලින් ගැලෙව්ව වෙලාවේ මෝල්ඩර්ව ආක්‍රමණය කරමින් හිටපු වෛරසය විනාශ වෙලා, පරණ මෝල්ඩර්ව නැවතත් ජීවත් කරවන්න පුලුවන් වුනා.

ලිපිය : හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.

2,469 downloadsDownload X-Files-S08e16-510200440-1.zip117 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,469 downloadsDownload Subtitles117 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    thanks

  3. chandima

    thanks yalu

  4. Sanjeewa Sandaruwan

    එල සහෝ සුපිරී

  5. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    8, 9 සීසන් දෙකම දෙන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.