Watch Trailer

The X Files [S07 : E21] Sinhala Subtitles | පහනේ භූතයා [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ ගිල්මෝ කියන්නේ බඩු ගබඩා සංකීර්ණයක අයිතිකාරයෙක්. ඇන්සන් කියන්නේ ඒකෙ වැඩකරන සේවකයෙක්. මේ සේවකයාගේ වැඩ කිරීම ඉක්මන් නැති නිසා මේ ගබඩාව අයිති ගිල්මෝ මහත්මයා මේ ඇන්සන්ට හොඳටම බැනලා යනවා. ගිල්මෝ මහත්මය කියනවා එයා ආපහු එතනට එනකොට ඔක්කොම පිරිසිදු කරලා තියෙන්න ඕනේ කියලා. පස්සේ ටික වෙලාවකින් එයා…

෴ අද කොටස ෴

ගිල්මෝ කියන්නේ බඩු ගබඩා සංකීර්ණයක අයිතිකාරයෙක්. ඇන්සන් කියන්නේ ඒකෙ වැඩකරන සේවකයෙක්. මේ සේවකයාගේ වැඩ කිරීම ඉක්මන් නැති නිසා මේ ගබඩාව අයිති ගිල්මෝ මහත්මයා මේ ඇන්සන්ට හොඳටම බැනලා යනවා. ගිල්මෝ මහත්මය කියනවා එයා ආපහු එතනට එනකොට ඔක්කොම පිරිසිදු කරලා තියෙන්න ඕනේ කියලා. පස්සේ ටික වෙලාවකින් එයා එතනට ඇවිත් බලද්දී ඒක සුද්ද කරලත් නැහැ. එතන හිටපු ඇන්සනුත් නැහැ. මෙයා ටික වෙලාවක් මෙතන ඉද්දි එකපාරටම මෙයාගේ කටේ තොල් දෙක එකට අලවෙනවා. හරියටම කිව්වොත් මේ කෙනාගේ කටක් තිබ්බේ නැහැ වගේ දැන් පේන්නේ.

ඉතින් වෙනදා වගේම ස්කලීයි මොල්ඩරුයි මේ ගැන විමර්ශනය කරන්න ඇන්සන් ස්ටොක්ස් ජීවත්වෙන ගෙදරට යනවා. එහෙට යද්දී එයාලා දකින්නේ ගොඩබිම තියෙන බෝට්ටුවක්. පස්සේ මේ දෙන්න ගිහින් ඇන්සන්ගේ සහෝදරයාගෙන් අහනවා ඇන්සන් ඉන්න තැන. එයා දන්නේ නා කියපු නිසා මෙයාලා දෙන්නා යනවා ඒ සිද්ධිය වුනු ගබඩා සංකීර්ණයට. එතැනදී තිබිලා පින්තූරයක් හම්බවෙනවා. ඒ පින්තුරේ අවුරුදු ගණනක් පැරණි එකක්. ඒ පින්තූරේ ඉන්න ගැහැණු කෙනෙක් අර ඇන්සන්ගේ ගෙදර හිටපු ගැහැණු කෙනාමයි කියලා මෝල්ඩර් කියනවා.

“එහෙම වෙන්න පුලුවන්ද? මිනිහෙක් අවුරුදු 500 ගානක් ජීවත්වෙන්න පුලුවන්ද?” සිද්දවුනේ මොකක්ද කියලා හරියටම දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.

෴ කොටසේ විස්තරය ෴

කතාව : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : වින්ස් ගිලිගන්
IMDB දර්ශක අගය : 8.6
විකාශය වූ දිනය : 2000 මැයි 14

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
ජෙන් ( පහනේ භූතයා ) – පෝලා සොර්ජ්
ලෙස්ලී ස්ටෝක්ස් – විල් සැසෝ
ඇන්සන් ස්ටෝක්ස් – කෙවින් වයිසර්

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,680 downloadsDownload The.X-Files.S07E21.Baiscopelk.com_.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,680 downloadsDownload Subtitles24 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. සේරම seasonවලට සබ් දෙන්න බ්‍රෝ X Files tv series එකේ..
    ජය වේවා.!

  4. suranuwan

    thanks bro...

  5. Navanjanaishan

    Thanks !!!

  6. Pramukmili

    thanxx bro.....

  7. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  8. mckrishan

    meke anith ewa ko bn

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.