Watch Trailer

Twelve [S01 : E01] Sinhala Subtitles | යක්ෂ දඩයම [සිංහල උපසිරසි]

ප්‍රධාන නළු නිළියන්: මා දොං-සොක් (Ma Dong-seok), පාක් හ්‍යුං-සික් (Park Hyung-sik) කතා මාලාවේ වර්ගය: ක්‍රියාදාම, ෆැන්ටසි, අභිරහස් කතා සාරාංශය: නැගෙනහිර රාශි චක්‍රයේ සතුන් දොළොස් දෙනා සංකේතවත් කරන, මිනිස් වෙස් ගත් දේවදූතයන් දොළොස් දෙනෙකු වටා ගෙතුණු අතිශය උද්වේගකර කතා මාලාවක් වන Twelve කොරියානු ක්‍රි…

ප්‍රධාන නළු නිළියන්: මා දොං-සොක් (Ma Dong-seok), පාක් හ්‍යුං-සික් (Park Hyung-sik)

කතා මාලාවේ වර්ගය: ක්‍රියාදාම, ෆැන්ටසි, අභිරහස්

කතා සාරාංශය:

නැගෙනහිර රාශි චක්‍රයේ සතුන් දොළොස් දෙනා සංකේතවත් කරන, මිනිස් වෙස් ගත් දේවදූතයන් දොළොස් දෙනෙකු වටා ගෙතුණු අතිශය උද්වේගකර කතා මාලාවක් වන Twelve කොරියානු ක්‍රියාදාම ප්‍රියකරන රසිකයින් නැරඹිය යුතුම කතා මාලාවකි.

කලකට පෙර, බලවත් නපුරු ආත්මයක් පරාජය කර අපායේ දොරටුව තුල මුද්‍රා තැබීමට මෙම දේවදූතයන්ට හැකි විය. එම සටනෙන් පසු ඒ දේවදූතයන් මිනිසුන් අතර සාමාන්‍ය ජීවිත ගත කිරීමට තීරණය කළහ.

කෙසේ වෙතත්, වර්තමානයේදී එම මුද්‍රාව දුර්වල වී, “ඕග්වී” (O-gwi) නම් වූ දරුණු දුෂ්ට ආත්මය නැවතත් ලෝකයට පැමිනෙයි. පාක් හ්‍යුං-සික් විසින් මෙම චරිතයට පණ පොවනු ලබන අතර, එය ඔහුගේ ප්‍රථම දුෂ්ට චරිත නිරූපණයයි. 

වසර නවයකට පසු නැවතත් රූපවාහිනී කතා මාලාවකට දායක වන ප්‍රවීණ නළු මා දොං-සොක්, මෙම දේවදූත කණ්ඩායමේ නායකයා වන “තේසන්” (Tae-san) ගේ චරිතය නිරූපණය කරයි. ඔහු කොටි රාශිය නියෝජනය කරන අතර, ඔහුගේ අසීමිත ශක්තියෙන් යුතුව නැවත වරක් කණ්ඩායම එක්රැස් කර, මනුෂ්‍යත්වය විනාශ කිරීමට සැරසෙන “ඕ-ග්වී” සහ ඔහුගේ නපුරු සේනාවට එරෙහිව සටන් කිරීමට සැරසේ.

මිනිසුන් කෙරෙහි කලකිරී සිටින “තේසන්” හට, මෙම නව තර්ජනය හමුවේ නැවතත් තම වගකීම කරට ගැනීමට හැකිවේද.. දේවදූතයන් සහ නපුරු බලවේග අතර සිදුවන මෙම දරුණු සටනේ අවසානය කෙබදු වේදැයි දැනගන්න අද පටන් මාත් සමග මේ කතාමාලාව නරබන්න එකතුවෙන්න..

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,927 downloadsDownload Twelve-S01E01.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1Next BT1

Subtitles

2,927 downloadsDownload Subtitles21 KB

1 comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේ සීරිස්එකට සබ් දෙන්න පටං ගත්තට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.