Watch Trailer

Under the Bridge [E01] Sinhala Subtitles | හිත් පිත් නැති සිසු සිසුවියන් [සිංහල උපසිරසි සමඟ]

Under the Bridge Mini Series Sinhala Subtitles කැනඩාවේ අතිශය සුන්දර සාමකාමී වටපිටාවක පිහිටා තිබෙන වැන්කූවර් දූපත් හී 1997 නොවැම්බර් මස 14 දින වයස අවුරුදු 14ක ඉන්දීය සම්භවයක් සහිත පාසල් සිසුවියකට අත් වූ අතිශය ඛේදනීය සත්‍ය කතාවක් ගැනයි මේ දිගහැරුම. රීනා වර්ක් ඝාතනය පිළිබඳ නිර්මණය කර තිබෙන මෙම රූපවාහි…

Under the Bridge Mini Series Sinhala SubtitlesUnder the Bridge Mini Series Sinhala Subtitles

කැනඩාවේ අතිශය සුන්දර සාමකාමී වටපිටාවක පිහිටා තිබෙන වැන්කූවර් දූපත් හී 1997 නොවැම්බර් මස 14 දින වයස අවුරුදු 14ක ඉන්දීය සම්භවයක් සහිත පාසල් සිසුවියකට අත් වූ අතිශය ඛේදනීය සත්‍ය කතාවක් ගැනයි මේ දිගහැරුම.

රීනා වර්ක් ඝාතනය පිළිබඳ නිර්මණය කර තිබෙන මෙම රූපවාහිනි කතා මාලාවෙන් ඔබට මෙම ඛේදවාචකයට දායක වූ සමාජ සාධක පිළිබඳ පුළුල් අයුරින් අවබෝධයක් ලබාගත හැක.
මෙවැනි සත්‍ය අපරාධ කතා වලට ප්‍රිය කරන ඔබ මේ රූපවාහිනී කතා මාලාව ඔබ නැරඹිය යුතුමයි.

රීනා වර්ක් දුඹුරු සමක් සහිත තරමක් ධනවත් පවුලක ගැහැණු ළමයෙක්. මෙයාගේ පවුලේ උදවිය වඩා හොඳ ජීවිතයක් ගත කිරීම සඳහා මීට අවුරුදු ගණනාවකට කලිනුයි කැනඩාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ. රීනාට මල්ලියි නංගීයි විදියට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. අම්මා තාත්තා වැදගත් උදවිය, ආගමික ඇදහිලි වලට තරමක් බර. මේ දෙන්නම රීනාට හරිම ආදරෙයි. මේ කොහොමවුනත් රීනාට නම් තමන්ගේ අම්මා තාත්තා ගැන ඒ තරම් පැහැදීමක් ආදරයක් නෑ. රීනා හරිම මුරණ්ඩුයි තමන්ගේ දෙමාපියෝ කියන වචනයක් කනකට ගන්නේ නෑ. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ රීනාගේ මේ නරක වයස සහ මෙයාගේ අම්මා තාත්තා මෙයාට පණවන සමහරක් නීති රීති නිසයි. රීනාගේ පාසල් ජීවිතේ හරිම ක‍ටුක එකක්. මෙයාට කිසිම යාළුවෙක් නෑ. මේ හේතුව නිසා වැඩි හරියක්ම තනිවෙලා තනිකඩව හුදකලාව තමයි මෙයාට ඉන්න සිද්දවෙන්නේ. මගේ පෞද්ගලික අදහසට අනූව මම හිතනවා මෙයාගේ ජාතිය, හමේ වර්ණය නිසා හැමෝම මෙයා දිහා වර්ගවාදී විදියට බලන්න ඇත්තේ, ඒකයි මෙයා කොච්චර උත්සහා කෙරුවත් යාළුවෝ නොහිටියේ. මෙහෙම ඉද්දි දවසක් රීනාට මුණ ගැහෙනවා තඹ කොණ්ඩේ සුදු හම තියන ලස්සන බෝනික්කෙක් වගේ කෙල්ලෙක්ව. මෙයත් රීනාගේ වයසෙමයි. ඔන්න රීනාට එදා එයාගේ ජීවිතේ හොයමින් හිටපු පළවෙනි යාළුවව මුණ ගැහෙනවා. රීනාට මෙහෙම යාළුවෙක් හම්බවුන එක මහමෙරක් වගේ වුණා. රීනා උපරිම උත්සහා කෙරුවා එයාගේ මේ යාළුවා හැසිරෙන සිතනපතන විදියට තමන්ගේ ජීවිතයත් හැඩගස්සව ගන්න. මෙන්න මෙතනදි තමයි රීනා ගොඩක්ම තමන්ගේ දෙමාපියන්ට මුරණ්ඩු කියන දේ නොහනා කෙනෙක් බවට පත්වෙන්න ගන්නේ, ඒ වගේම රීනාගේ සහ රීනාගේ පවුලේ ජීවිත වල අඳුරු කාලය එළඹීම උදාවෙන්නේ.

Under the Bridge Mini Series Sinhala Subtitles

තවත් මේ ගැන විස්තර කියලා ඔයාලගේ රසවින්ඳනයට බාධා කරන්න මම අදහස් කරන්නේ නෑ. සමාවෙන්න ඕනේ දැනටම මම ඔයාලව spoil කෙරුවා නම්. මේ අපරාධ සිදුවීම ගැන වැඩි විස්තරයක් මම මේ ලිපියෙන් අරන් ඇවිත් නෑ. වැඩි විස්තරේ මම අන්තිමේ කතාංගයේ ලිපියෙදි ඔයාලට අරගෙන එන්නම්. ඔයාලගෙන් මම පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි, මේ සිදුවීම ගැන Google කරලා විස්තර හොයන්න මුකුත්ම යන්න එපා. කෙළින්ම සීරිස් එක බළලා ඉවරවෙලා හොයන එකක් හොයන්න යන්න ගන්න. මොකද ඔයාලා ඉස්සරවෙලා විස්තර හෙව්වොත් වැඩේ මේක spoil වෙනවා. කුතුහලය කියන එක ඔයාලගේ බිංදුව වල නැතුවම යන්න යයි. එහෙම කරගන්න උවමනා නෑනේ.

එහෙනම් ඊළඟ Episode එකෙන් ඉක්මනින්ම හම්බවෙමු.

Under the Bridge Mini Series Sinhala Subtitles
Under the Bridge Mini Series Sinhala Subtitles

Under the Bridge Mini Series Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,271 downloadsDownload Under-the-Bridge-E01-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Under the Bridge Mini Series Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

1,271 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Buddhika laKMal

    වටිනා කාලය වැයකරලා සබක් ගෙනාවට ස්තූතියි ශෙහාන් සහෝ .............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.